IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


එකම පවුලේ හයක් මැරූ අයිය මලෝත් පෝරකේට

වසර එකොළහකට පෙර ගොඩකවෙල බලවින්නේ දී එකම පවුලේ හයදෙනකු ඝාතනය කිරිම සම්බන්‍ධයෙන් අධිචෝදනා ලැබ සිටි හය දෙනාගෙන් හතරදෙනෙකු ඊට වරදකරු කළ    ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඔවුනට මරණිය දණ්ඩනය නියම කළේය. ඊට අමතරව බරපතල වැඩසහිත පස් අවුරුදු සිරද`ඩුවමක් බැගින් ද නියම විය. ගොඩකවෙල පල්ලෙබැද්ද බලවින්නේ පදිංචි කපුගෙදර කංකානම්ලාගේ රෝහාන් ජගත් නිස්සංක (44), කපුගෙදර කංකානමලාගේ ක‍්‍රිෂාන් ප‍්‍රියන්ත (37) නොහොත් චුට්ටා , ගමආරච්චිගේ මහසේන බණ්ඩාර සමරසේකර (30), රණසිංහ මුදියන්සේලාගේ ආනන්‍ද වසන්තකුමාර (36) නොහොත් ජයපාල නොහොත් සේපාල කළුවාට මරණ දඬුවම් නියම විය පළමු සහ දෙවැනි විත්තිකරුවෝ අයියා මලෝය. අධිකරණය මඟහැර සිටි නිස්සංක හා සමරසේකර අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති වෙත  විවෘත වරෙන්තුවක් ද නිකුත් කැරිණි. බ‍්‍රාහ්මණගේ දයාවංශ (46) සහ වික‍්‍රමආරච්චි මුහන්දිරම්ලාගේ උපුල් රණසිංහ (33) යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරණු ලැබූහ. ගොඩකවෙල බලවින්නේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයන් වු අබේසිංහ ආරච්චිල්ලාගේ පොඩිමහත්මයා (48), හෙට්ටිආරච්චිගේ රොස්ලින් (74), වස්තුහේවලාගේ සිරියාවතී (44), වස්තුහේවලාගේ දයානන්‍ද (38), අබේසිංහලාගේ ඉ`දුනිල් (19), අබේසිංහලාගේ  මධුරා සුරේනි (22) යන එකම පවුලේ මව, පියා, මස්සිනා, ආච්චි සහ දරුවන් 2001 අපේ‍්‍රල් 28 වැනි දින මරා දමන ලදැයි ඔවුහු වැරැදිකරුවෝ වූහ. අබේසිංහගේ චමින්ද (22) දිවි ගලවාගත් අතර ඔහු පැමිණිල්ලේ ඇසින් දුටු  එකම සාක්කිකරු විය. දැන් ඔහුගේ වසය අවුරුදු 33කි. පැමිණිල්ලේ මුළු සාක්කි ගණන 34කි.  පවුල් ආරවුලින් පසු නිවසින් පිටමංකර සිටි පළමු සහ දෙවැනි විත්තිකරුවන්ගේ මවට මියගිය අබේසිංහලාගේ පොඩිමහත්තයා අය ඔහුගේ නිවසේ රැකවරණ දීම මත තිබු වෛරයක් මෙම ඝාතනවලට හේතුව වු බව අධිකරණයේ දී අනාවරණය විය. පාවහන් දෙකක් ද පොලිස් නිල සුනඛ සහාය ද සැකකැරවන් අල්ලා ගැනීමට උපකාරි විය. පොලිස් පරීක්ෂක ආර්.පී සිරිවර්ධන ඒ චමින්ද



අදහස් (0)

එකම පවුලේ හයක් මැරූ අයිය මලෝත් පෝරකේට

සසිකා Thursday, 01 March 2012 09:32 PM

දඬුවම සාධාරණයි

:       0       0

අබුඩාබි කොල්ලා Thursday, 01 March 2012 09:33 PM

හොද තීරණයක්. අපි නීතියට ගරු කරනවා..

:       0       0

උපුල් Thursday, 01 March 2012 10:25 PM

මීට කලින් තමි මේ දඩුවම දෙන්න තිබුනේ. අවරුදු 11 බොහොම වැඩි.

:       0       0

අමරා අයිරාගනී Thursday, 01 March 2012 11:19 PM

ඉක්මණට එල්ලුම්ගහ ක්‍රියාත්මක කළොත් අපරාධ අඩුවෙයි..

:       0       0

නිශාන්ත Thursday, 01 March 2012 11:43 PM

ඇයි තවම මරණ දඩුවම දුන්නට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?

:       0       0

බියන්කා Friday, 02 March 2012 12:34 AM

පින්සිද්ධවෙයි. එල්ලුම් ගහ නැවත ගේන්න..

:       0       0

අලි ජේමිස් Friday, 02 March 2012 01:52 AM

මරණ දඩුවම විතරක් දීල මදි. එක ක්‍රියාත්මක කරන්නත් ඕන

:       0       0

ශ්‍රියා Friday, 02 March 2012 05:26 AM

අධිකරනය දේශපාලනීකරණය නොකිරීම සතුටක්..

:       0       0

එස් සමරසිංහ Friday, 02 March 2012 08:40 AM

මිනීමරුවන්ට සහ බාල අපරාධකාරයන්ට ඉක්මනටම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන..

:       0       0

සුගත් Friday, 02 March 2012 10:14 AM

අපරාධ අඩුවෙයි කියලද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ?

:       0       0

රොෂාන් කොඩිකාර Friday, 02 March 2012 11:52 AM

ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?

:       0       0

ප්‍රසන්න Friday, 02 March 2012 12:15 PM

කල් ගත්තා වැඩී...

:       0       0

රොෂාන් Friday, 02 March 2012 04:27 PM

දඩුවම් සාධාරණයි

:       0       0

SHAN SAUDI ARABIA Saturday, 03 March 2012 03:33 PM

ඉක්මණට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් අපරාධ අඩුවෙයි ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? පින්සිද්ධ වෙයි. එල්ලුම් ගහ නැවත ගේන්න..

:       0       0

ජානක වෙල්ලප්පුලි Monday, 05 March 2012 08:55 AM

තිරණය දෙවියන්ට භාරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 75 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 272 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 451 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 403 4

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 584 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 766 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site