(විනීතා එම් ගමගේ)
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සිටිය යුතු නමුත් වසර 12 ක් තිස්සේ එහි සිටින්නේ එකම විශේෂඥ වෛද්‍යවරයකු පමණකැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ප‍්‍රධාන කාර්යාලයේ සිටින විශේෂඥ වෛද්‍යවරයා ඉකුත් වසර 05 ක කාලය තුළ විදේශ ගමන් 80 ක් ගොස් ඇති අතර ශාඛාවන්හි සේවය කරන කිසිදු විශේෂඥ වෛද්‍යවරයෙකුට එම කාලය තුළ විදේශ ගමන් හිමිව නැතැයි එම වෛද්‍යවරු පවසති.
මේ හේතුව මත තාක්ෂණික ඇගයුම් කමිටු ඇතුළු තීන්දු තීරණ ගන්නා බොහෝ ස්ථානවල දී ඒකාධිකාරි තත්ත්වයක් මතුවන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රුධිර පාරවිලයන කටයුතුවල දී තාක්ෂණය, උපකරණ හා සේවාවන් පිළිබඳව ඇගැයීම් කර නිිර්දේශ කරනු ලැබිය යුත්තේ මෙම ප‍්‍රධාන කාර්යාලයේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් විසිනි.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රට පුරා ඇති ශාඛා 107 ආවරණය වන පරිදි විශේෂඥ වෛද්‍යවරු 29 ක් සිටින අතර ප‍්‍රධාන කාර්යාලයේ පමණක් මෙසේ ඇබෑර්තු ඇතැයි පැවැසේ.
මේ පිළිබඳව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් ලංකාදීප කළ විමසුමක දී ඔහු සඳහන් කළේ ඇබෑර්තු ඇති බව සැබෑවක් බවය.
තමන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස පැමිණ ගතවී ඇත්තේ මාස 6 ක් වැනි සුළු කාලයක් බවත්, ආයතනයේ ඇති ඒකාධිකාරයන් මෙන්ම ආයතනයේ එහි ඇති යම් යම් තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ගෙන් ඉල්ලීමක් කළ බව ද හෙතෙම කියා සිටියේය.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එකම විශේෂඥ වෛද්‍යවරයා වැඩිපුර ඉන්නේ ගුවන් යානයේ
lanka Wednesday, 27 June 2018 12:10 PM
දැන් දොස්තරලා නෙවෙයි ඉන්නේ දොස්තර මාපිල්ලු...
SanathWednesday, 27 June 2018 02:56 PM
දොස්තරලා විතරක් නෙමෙයි. "එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියන්නේ ඔක්කොම එකයි කියලා අපි හැමදාම උදේට ගායනා කරන්නේ...
PA - RA Wednesday, 27 June 2018 02:24 PM
දින 23 න් 23 ට ගියේ ලේ ගේන්නද? ලේ දීලා එන්නද? කව්ද දන්නේ !