(සිරාජ් හසීම්)
දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර විසදුම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම බවත් වෙනත් ආකාරයේ විසදුමක් කිසිදු අයුරින් පිළිනොගන්නා බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී ද පැවසූ බවත් ඒ මහතා කියයි.
“දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයේ දේශපාලන විසදුමක් බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකා රජය ලබන ජූනි මාසය අවසන් වන්නට පෙර යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරනු ඇතියි අපේක්ෂා කරනවා. නව ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම දේශපාලන වශයෙන් කතා බහට ලක් වී තියෙනවා.මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී බෞද්ධ ජනතාව පදිංචි වී නොසිටින සියයට සියයක්ම දෙමළ ජනතාව පමණක් ජීවත්වන උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ කොඩි දහස් ගණනක් ඔසවා තිබුණා.එක් පැත්තකින් දෙමළ ජනතාවගේ කටයුතු සම්බන්ධයෙන් කතා කරන රජය තවත් පසෙකින් දෙමළ ජාතිය වැනසීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව පෙනෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රීධරන් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ යාපනය මාධ්‍ය සමාජයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
එකම විසඳුම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම බව ඉන්දීය අගමැතිටත් කිව්වා - සිවඥානම් ශ්‍රීධරන්
nuwan Tuesday, 16 May 2017 02:28 PM
ලංකාව බෞද්ධ රටක් කියල තවම පිළිගන්න බැරි ආක්‍රමණ විදිහට ආපු කට්ටියක් ඉන්නවා.
rocky Wednesday, 17 May 2017 04:39 AM
අනේ නිකන් ඉන්න මහත්තයෝ. ඔය පළාත් දෙක එක කරපුවම ඔක්කොම ඉබේට විසඳෙනවද? අපුරු විසඳුමක්නේ! ඔය එන්නේ මොනාටද කියල අපිටත් තේරෙනවා!
කුමාර Wednesday, 17 May 2017 07:23 AM
බොරු වෙන්න ඇති .අපට නං එහෙම දෙයක් ඇහුනෙ නෑ .
Hafeel Wednesday, 17 May 2017 10:29 AM
විවිධ ජන කොටස් ජීවත්වන මේ උතුරු නැගෙනහිර පළාතේ මෙහෙම කරන්න පුලුවන්ද?
de silva berlin Thursday, 18 May 2017 08:13 AM
ඔය බහුභූත ඉන්දියාවේ මහා ආණ්ඩුවෙන් ඉල්ලුවට වැඩක් වෙන්නේ නැහැ , ඉන්දියාවේ මහා ආණ්ඩුව දන්නවා යම්කිසි විදිහකින් උතුරේ නැවත ද්‍රවිඩ ත්‍රස්තවාදයක් ඇති වුනොත් එක තමිල්නාඩුවට පැතිරිලා, තමිල්නාඩුව සිවිල් යුධමය තත්වයක් ඇතිවෙන බව, මේ ඔක්කටෝම වැරදි ලංකාවේ ආණ්ඩුවේ , රට බෙදන්න වාර්ගික ප්‍රශ්න ඇතිකරන්න ක්‍රියා කරන සහ ප්‍රකාශ කරන මිනිස්සුන්න්ට දඩුවම් කරන්න නීති හදල ක්‍රියාත්මක කලානම් මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා
Nandalal DE SILVA - France Saturday, 20 May 2017 03:39 PM
එහෙනම් ඉතින් මෝදි මහත්තයා ජනපතිතුමාටත්, අගමැතිතුමාටත් බල කරලා අණ කරනකම් මේ අය බලා ඉන්නවද ? ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරීය රාජ්‍යයක් බවත්, මෙරටේ මහජන ඡන්දෙන් තෝරාගත් ජනපතිවරයෙක් සහ රජයක් තිබෙන බව මේ අය නොදැන සිටියත් ඉන්දියාවේ මෝදි දන්නවා. එයාගේ රටේ විසඳන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් එයාගේ ඒ වැඩ අතපසු කරලා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න එනකම් මේ අය බලා ඉන්නවද?