IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් මෙරට බලශක්තියට අත තියයි

(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන අවස්ථා සහ උපාය මාර්ගික බලශක්ති සම්බන්ධතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට වඩාත් ආකර්ෂණීය මෙන්ම ගැළපෙන ආයෝජන අවස්ථා උදාකිරීම සඳහා වන ව්‍යාපෘති හදුනාගෙන, නව සුදුසු ආයොජන වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෙරටට ආරාධනා කිරීම සහ වැඩපිළිවලක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වන විට පුනර්ජනනීය බලශක්තිය හා බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් සීග්‍ර සංවර්ධනයක් ලබා ඇති බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය. 



අදහස් (4)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් මෙරට බලශක්තියට අත තියයි

සරත් කුමාර Wednesday, 13 March 2024 10:39 AM

රටට ආයෝජනයක්, නව ව්‍යාපෘතියක් එන එකේ වරදක් නෑ. හැබැයි දේශීයව අයෝජන හවුල්කාරීත්වයක්වත් නැතුව රටේ අතිශය තීරණාත්මක අවශ්‍යතාවලට අදාල දේවල් ගෙඩිය පිටින්ම හරි කෑලි කරල හරි, අරක්ෂිත දැඩි නීතිරීති නොමැතිව දීගෙන ගිහිල්ල, එක්තරා වෙලාවක රටම දැනටත්වඩා බෙල්ල මුලින්ම හිරවෙන තැනකට මේ පාලකයො මේක ගෙනියන්ඩත් ඉඩ තියෙනව. අනෙක් අතට රට ඇතුලට බලපෑමක් කරන්ඩ අවශ්‍ය දිගුකාලීන සැලසුමක් ඇති ඕනම කෙනෙකුට කිසිම ගැටලුවකින් තොරව ආයෝජනයක් කර පින්නාගෙන රටට රිංගන්ඩත් පාරවල් දැන් හැදිල තියෙනව. තව පැත්තකින් ගත්තම, මේ දෙශපාලකයො ගසාකාපු සල්ලි, වෙන මිනිස්සුන්ගෙ කරපිටින් ආපහු අපිටම දෙනව (අපේ මාළු අපටම කවනව) වගේ දෙයක් වෙන්ඩත් පුළුවන්.

:       2       17

de silva Wednesday, 13 March 2024 11:26 AM

අද ව්‍යාපාර ලෝකයේ විදේශ දැනුම සහ මුදල් ආයෝජනය කරන ආයෝජකයින් නොමැතිව ඉදිරියට යන්න කිසිම රටකට බැහැ. නමුත් ගහන ඕනේම ගිවිසුමක් උපරිම අවුරුදු 5කට වලංගු විදිහට නීති සම්පාදනය කරන්න. අර අධානිට කළා වගේ විදුලි ඒකකය ඔහුගෙන් රුපියල් 50 බැගිනුත්, සුර්ය පැනල වහල මත සවිකළ දේශීය කුඩාපරිමාණ දේශීය නිෂ්පාදකයාගෙන් ඒකකය රුපියල් 16 බැගින් මිලදී ගැනීම වැනි අසාධාරණ වැඩ කරන්න එපා.. විදේශ ආයෝජකයාට සමාන මිලක් කුඩාපරිමාණ දේශීය නිෂ්පාදකයාට දෙන්න... සුර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන කොට හයිබ්‍රිඩ් ක්‍රමයට ඉඩ දීලා දේශීය නිෂ්පාදකයාගෙන් ඒකකය රුපියල් 18 බැගින් මිලදී අරන් එම ගෙවීම් දැන් කරනවා මෙන් වසර ගණන ප්‍රමාද නොකර මාස්පතා කරනවා නම්, සල්ලි තිබෙන බොහෝ දෙනෙක් මේක ආරම්භ කරාවී. එවැනි තත්වයකදී, වැඩිපුර ගෙවීම් කරලා විදුලිය අපට දෙන, විදේශ ආයෝජකයෝ අවශ්‍ය නැහැ...

:       0       8

Chandima Wednesday, 13 March 2024 02:47 PM

විදේශ ආයෝජකයින්ට අපේ බලශක්ති සැපයුම යටත් කරනවට වඩා, අපේ කලු සල්ලි කාරයින්ට, ඒවගේම අර බදු නොගෙවන කෝටිපතියන්ට සහනයක් දීලා ඔවුන් ලවා ආයෝජනය කළා නම් නරකද?

:       2       1

Athula Wednesday, 13 March 2024 11:47 PM

මෙයාට කවුද බලයක් දුන්නේ මේවා කරන්න..

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 65 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 5 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 380 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1333 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 427 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1260 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38581 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site