IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


"එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් රකිනවා“

එක්සත් ජාතික පක්ෂය දිවිහිමියෙන් රැකගත යුතු බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසයි.

“ජනපති හා අගමැති එක්ව පිහිට වූ නිර්පාක්ෂික ආණ්ඩුවක අපි ඉන්නේ.විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කිසිම කෙනෙක්ගෙන් පළිඅරගෙන නැහැ.මම මෙහෙට ආවේ දේශපාලනය කරන්න නෙමේ.ජේ.ආර් ජයවර්ධන මහත්තයා පටන් ගත්ත රාජ්‍ය සේවකයින්ගේ වෘත්තිය සමිතිය හැටියට ඒ අයගේ අයිතිවාසිකම් ලබා දෙන්න අපි බැඳී ඉන්නවා“යැයි ඇය කීවාය.

විදේශ නියුක්ති කාර්යාංශයේ ජාතික සේවක සංගමයේ නිළවරණය හා උපහාර පිදීමේ උත්සවයකට සහභාගී වෙමින් ඇය මේ බව පැවසීය.

IMG_4759 copy IMG_4763 copy IMG_4962 copy IMG_4970 copy IMG_4986 copy



අදහස් (0)

"එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් රකිනවා“

මලික් Friday, 28 October 2016 02:57 AM

ඒක රැකුනේ නැත්නම් තමනුත් රැකෙන්නේ නැහැනේ ඉතින් (නි)

:       0       0

සුරාජ් Friday, 28 October 2016 03:01 AM

අපි යහපාලනයට ඡන්දය දුන්නේ හොරු, හරියට වැඩ කරන්නෙ නැති අය, සල්ලි කාබාසිනියා කළ අය, කොමිස් ගහන නිලධාරින් නළවන්න නෙමෙයි (නි)

:       0       0

විකී Friday, 28 October 2016 03:10 AM

පක්ෂය නැතිවුණොත් හැමදේම ඉවරනේ (නි)

:       0       0

හපුතන්ත්‍රී Friday, 28 October 2016 03:15 AM

ඕක ඇතුළේ අයට නම් ඉහළ වැටුප්, දීමනා, රට සවාරි, වාහන, ඉන්ධන, රියදුරන්, වාහන නඩත්තු වියදම් යන මෙකී නොකී සියළුම දේවල් ලැබෙනවා. ඒ අපි එවන සල්ලි වලින්. නමුත් වසර ගානක් රට ඉඳලා දුක්විදලා කීයක්හරි ලංකාවට එවන අපිට තාම ගෙයත් හදාගන්න, වාහන කට්ටක් ගන්න පුළුවන්කමක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 28 October 2016 03:25 AM

හැමෝම පක්ෂ පාට අතහැරලා ආයේ අවාසනාවන්ත යුගයක් නොඑන්න රට ගැන හිතලා ඉපදුන පොළව බේරාගන්න වැඩ කරමු (නි)

:       0       0

රොෂාන්ත Friday, 28 October 2016 03:26 AM

අපි නිසා මොන සැප වින්දත්, අහිංසක ශ්‍රමිකයෙකුට ප්‍රශ්නයක් ආ වෙලාවට ඒ පැත්ත අරන් කතා කරපු නැති, ශ්‍රමිකයන්ට නිසි ගෞරවය දිලා කතා කරපු නැති අයත් හිටියා. ඒ ගැන පුදුම කළකිරීමක් අපිට තියෙන්නේ. (නි)

:       0       0

සරත් Friday, 28 October 2016 04:35 AM

ඔව් ඉතින් පක්ෂය දිවිහිමියෙන් රැක්කේ නැත්තන් මේගොල්ලෝ කොහේ සැප විදින්නද. බොරු පම්පෝරි විතර තමා එයාර්පොර්ට් එකේදී බලන්ඩ ඕන කොහොමද විදේශ සේවා කාර්‍යංශයේ කට්ටියගේ ගරුත්වය. (බ)

:       0       0

සුබෝධ Friday, 28 October 2016 04:57 AM

වැරදි කළ නිලධාරින්ට නිසි දඩුවමක් නොදි ඒ තැන් වලට ඒ සැප පහසුකම්ම දිලා නඩත්තු කරමින් සිටිම යනු වැරදි නොකළ නිලධාරින්ට සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් දඩුවමක් ලෙස නිර්වචනය කළ හැක. (බ)

:       0       0

මලිති Friday, 28 October 2016 05:54 AM

සරත්, එයාර්පොර්ට් එක පැත්තකින් තියන්නකෝ. එකල සමහර මහා ලොකු නිලධාරින් මාධ්‍යට ඇවිත් කතා කරපු හැටි මතක නැද්ද.(බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 October 2016 02:58 PM

පක්ෂය නොවෙයි රටයි රටවැසියොයි දිවි හිමියෙන් රකිනවා කියන්න ඕනෑ. ඔන්න ඔතන තමයි ලංකාවේ සියලු දේශපාලකයන්ට වැරදුනේ. (නි)

:       0       0

රන්ජන් Thursday, 27 October 2016 03:03 PM

අනේ මගේ කට! (නි)

:       0       0

අතුල Thursday, 27 October 2016 03:34 PM

මේ එ්ක නෙමෙයි, ගුවන් තොටුපළේදී අපෙන් බලෙන් උදුරා ගන්න සල්ලි වලට මොකද වෙන්නේ කියලා කිවුවා නම්... කලින් හිටපු අය කාලෙත් කිසිම හිරිකිතයක් නොමැතිව දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලි උදුරාගෙන රට සවාරි වලට යොදාගත්තා. එ්කනේ දැන් ඔය මොනවද කරන්නේ. (නි)

:       0       0

සමන් Thursday, 27 October 2016 03:51 PM

පක්ෂය විතරක් බේරගන්න. ඒ හොඳටම ඇති (නි)

:       0       0

ගුණසිරි Thursday, 27 October 2016 04:26 PM

බලාගෙන ප්‍රවේශමෙන් හොඳේ (නි)

:       0       0

සෙනවි Thursday, 27 October 2016 04:41 PM

පක්ෂය නොව ජනතාව දිවිහිමියෙන් ආරක්ෂා කරන්න. ඔබතුමිය ඔතනට ආවේ ජනතාවගේ මනාපෙන් (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 27 October 2016 05:02 PM

තවත් රැකෙන්න දෙයක් නැහැ. පක්ෂ, දේශපාලකයන් හැමදාමත් රැකිලා. ඔවුන්ට මොනවද අඩු? වරප්‍රසාද, වාහන, නිකන් ඉන්ධන, නිකන් නිල නිවාස, සම්පූර්ණ විශ්‍රාම වැටුප... තවත් දේ. ජනතාවට මොනවද ලැබෙන්නේ? (නි)

:       0       0

අධිකාරී Friday, 28 October 2016 07:40 AM

ඔය රකිනවා කියන්නේ කොහේ තියන කාගේ කොයි පනද ?(ම)

:       0       0

ජනහිත Thursday, 27 October 2016 05:54 PM

දිවිහිමියෙන් රකින්න ඕනෑ මෙහෙම පක්ෂයක් තමයි. නමුත් වැඩි දෙනෙක් ගණන් ගන්නේ නැහැ. ඔබට ඕක හොඳ වුණාට වැඩි දෙනෙකුට අප්‍රියයි. (නි)

:       0       0

අබේරත්න Friday, 28 October 2016 08:17 AM

මම මොනවා ලියන්නද මිලානෝ මට කලින්ම පැනලා.....(බ)

:       0       0

රෝහිත Thursday, 27 October 2016 10:18 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කිලා (නි)

:       0       0

රෝහණ Thursday, 27 October 2016 10:18 PM

ඔවු ඔවු කොහොමහරි රැකගන්න (නි)

:       0       0

රෝහණ Thursday, 27 October 2016 10:22 PM

ජනතාව බෙදා විනාශ කරලා පක්ෂ රැකලා වැඩක් නැහැ. රැකෙන්න ඕනෑ රට සහ එහි ජනතාව. (නි)

:       0       0

අශාන් Thursday, 27 October 2016 10:39 PM

පෙනය පිප්පුවෙ නැති නාගයාව ගමේ ගැහැණු දරමිටි බදින්න ගත් කතාව ඔබතුමියත් අමතක කරන්න එපා. වැරදි කර ඇති අයට දඬුවමක් දීම පළිගැනීමක් නෙමෙයි. එය නීතිය හරියට ස්ථාපිත කිරිමක්. රටට හොඳ අාදර්ශයක්. (නි)

:       0       0

මල්කාන්ති Thursday, 27 October 2016 10:42 PM

අපි මැදපෙරදිග දහදුක් විඳලා මෙරටට එවපු සල්ලි අවභාවිත කළ, බාල් නටපු අයට එහෙමම ඉන්න දීලා, අදටත් අපේ සල්ලි වලින්ම නඩත්තු කරනවා කියන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ට කරන අගෞරවයක්. (නි)

:       0       0

නසීර් Thursday, 27 October 2016 10:45 PM

යහපාලන රජය ඒමට පෙර රැකියාව පසෙකලා දේශපාලනය කරමින් සිට, නව රජය ආ විගස පැරණි අයට දොස් කියමින් මේ පැත්තට කතාකරන අය, එසේ කරනුයේ තමන්ට යමක් වසා ගැනීමට වැරදි ඇති බැවිනි. (නි)

:       0       0

කමල් Thursday, 27 October 2016 10:48 PM

ඇමතිනිය ‍ලෙස පත්වු වහාම ඔබතුමිය කිව්වා මතකයි වි.සේ. කාර්යාංශය හරියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ශාකාවක් වගෙයි කියලා. එහෙම අයව ඒ තැන් වලම තියාගෙන ඔබට මෙය සාර්ථකව කරගෙන යා හැකිද යන්න අපට ගැටළුවක්. (නි)

:       0       0

බර්ටි Thursday, 27 October 2016 10:49 PM

දේශපාලන පළිගැනීම් කියන්නේ එකක්. ඇස් පනාපිට වැරදි කරලා රටේ ජාතික ධනය අවභාවිත කරලා තියෙන අයට දඬුවමක් දෙනවා කියන්නේ තව එකක්. (නි)

:       0       0

ඉසුරු Thursday, 27 October 2016 10:50 PM

වැරද කර ඇති අයට දඬුවමක් නොදෙනවා කියන්නේ ඒ වැරදි වලට උල්පන්දම්දීමක්. ෂේප් න්‍යාය අනුගමනය කිරීමක්. මෙයින් රටට, විදේශගත ශ්‍රමිකයන්ට වෙන්නේ අවැඩක් (නි)

:       0       0

රසල් Thursday, 27 October 2016 11:11 PM

පළිගැනීම සහ නිසි ආයතනික නීති වලට අනුව විනය ක්‍රියාමාර්ග ගැනීම යනු හාත්පසින්ම වෙනස් දෙකකි. රටකට/ආයතනයකට විනයක් තිබිය යුතුයි. (නි)

:       0       0

අනුල Thursday, 27 October 2016 11:16 PM

එක්සත් ජාතික පක්ෂය දිවිහිමියෙන් රකින්න. ඒත් හොරුන්ව නම් රකින්න එපා. (නි)

:       0       0

ලාල් Thursday, 27 October 2016 11:18 PM

මැයිදින කෑමට, පෙළපාලි යන්න, ස්ටාර් තරඟ වලට කෝටි ගණන් වියදම් කළ අයටවත් දඬුවමක් නැද්ද? අනේ අපරාදේ අපි දහදුක් විඳලා එවපු විදේශ විනිමය.

:       0       0

උදිත Thursday, 27 October 2016 11:20 PM

නිර්පාක්ෂික ආණ්ඩුවක් නිසා ඒ පැත්තේ අයටත් මේ පැත්තෙ අයටත් දඬුවම් නැහැ (නි)

:       0       0

සහන් Thursday, 27 October 2016 11:24 PM

කිසිම වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම නම් දේශපාලන පළිගැනීමකි. නමුත් වැරදි කළ අයට පාට පක්ෂ තරාතිරම නොබලා දඬුවම් දීම දේශපාලන පළිගැනීමක් නොවේ. එය රටේ නීතිය ස්ථාපිත කිරීමකි. මතු පරපුරට දෙන අගනා ආදර්ශයකි. (නි)

:       0       0

නාමල් Thursday, 27 October 2016 11:30 PM

පළිගැනීම් එපා. නමුත් රටේ පවතින නීතිය අනුව කටයුතු කළා නම් ඒ ඇති. එසෛ් නොකළහොත් එය අනාගත පරපුරට දෙන වැරදි ආදර්ශයක්. මිනිස්සු හිතයි මොනවා කළත් කවුරු ආවත් වැරදි හොයන්නෙත් නැහැ, දඬුවම් දෙන්නෙත් නැහැ කියලා. (නි)

:       0       0

සත්‍යයා Friday, 28 October 2016 12:29 AM

දැන් තියෙන මාධ්‍ය නිදහස ඔබත් පාවිච්චි කරමින් ජනතාව මුලාකරන්න හදනවා වගෙයි. දැන් තියෙන පාලනය "නිර්පාක්ෂික" වෙන්නේ කොහොමද? කෝප් කමිටුවේ සාමාජිකයොත් පක්ෂය රැකගන්න ගත් උත්සාහය දැක්කා නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 28 October 2016 12:54 AM

නිර්පාක්ෂික ආණ්ඩුවක ඔයගොල්ලෝ ඉන්නේ තනිවම ආණ්ඩුවක් හදාගන්න බැරි නිසා. එ්කයි පරම සත්‍ය. (නි)

:       0       0

කරුණාපාල Friday, 28 October 2016 09:41 AM

පක්ෂය රකින්න කලින් කට්ටියම එකතුවෙලා හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහත්තයව ආදරයෙන් රැකබලා ගන්න. එතකොට පක්ෂය ඉබේටම රැකෙයි. කට්ටියම එකතුවෙලා රටේ ජනතාවට දුන්නනේ බඩ පිරෙන තෑග්ගක්. අපිට ඒ හොඳටම ඇති (නි)

:       0       0

බුද්ධික Friday, 28 October 2016 01:04 AM

කාවවත් තරහ නොකරගෙන කරන ගැලවිජ්ජාවට ජනතාව කැමති නැත. මන්ද එයින් ගැළවෙනුයේ දූෂිතයන්ම වන බැවිනි. යහපාලනය යනු එයද? (නි)

:       0       0

නිලංග Friday, 28 October 2016 01:15 AM

අහිංසක මිනිසුන්ගෙ සල්ලි පිල්ලි ගහපු අයට නීතිය ක්‍රියාත්මක නොකිරීම අන්තිම නරක ආදර්ශයක් (නි)

:       0       0

ලයනල් Friday, 28 October 2016 01:19 AM

කවුරුත් මෛත්‍රි පාරමිතාව පුරන්නේ කාබාසිනියා කළේ ඒ අයගේ සල්ලි නොවන නිසා. වේදනාව තියෙන්නේ මරු කතරේ දුක් විඳලා කීයක්හරි මෙරටට එව්ව අපිට විතරයි. (නි)

:       0       0

ඉද්දමල්ගොඩ Friday, 28 October 2016 02:01 AM

වැරදිකළ, සල්ලි හොරකම් කළ, බලය අයුතු ලෙස යොදවපු, ශ්‍රමිකයින්ව හෑල්ලු කර කතා කළ අයට නම් මේව ගේ කතා ඇහෙනකොට කණට මි පැණි වක්කරනවා වගේ ඇති. විනයක් නැතුව ආයතන හදන්න බැහැ. (නි)

:       0       0

බන්දුල Friday, 28 October 2016 02:08 AM

බුද්ධික, යහපාලනය කරපු ලොකුම බැංකු වංචාව හොඳටම ඇති. එ්කෙත් ලොකුම වංචාව තමයි බැංකු වංචාවක් වුණා කියලා පිළිනොගන්න එක සහ එම හොරුන්ට රටින් පැනයන්නට ඉඩ දීම. (නි)

:       0       0

ටෙරන්ස් Friday, 28 October 2016 02:08 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

බමුණුසිංහ Friday, 28 October 2016 02:11 AM

නිලංග, ඔය කියන සල්ලි පිල්ලි ගැහිල්ලට මහා බැංකුවට ඒ නිලධාරීන් තෝරපු අයත් සල්ලි ගහපු හොරුත් අයිතිද? (නි)

:       0       0

සුභානි Friday, 28 October 2016 02:15 AM

ඕකට තමයි දේශපාලනය කියන්නේ. වැරදි කළත් දඩුවම් නැහැ. (නි)

:       0       0

ටෙනිසන් Friday, 28 October 2016 02:18 AM

අපි බලමුකො ඔය කියන දේවල් වෙයිද කියලා (නි)

:       0       0

දේශාන් Friday, 28 October 2016 02:30 AM

වැරදි කළ අයට විනය කඩකළ අයට නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ කියලා කියන්න ලැජ්ජා විය යුතුයි. රට අයාලේ යන්නෙ වරදට දඬුවම නැතිකොට තමයි. (නි)

:       0       0

නුවන් Friday, 28 October 2016 02:32 AM

වැරද්දක් කළා නම් අඩුගානේ ඇමතිලාට ඇමතිකම නැති වෙනවා. නමුත් දූෂිත නිලධාරින්ට නම් කිසිම වෙනසක් නැහැ කියන එකනේ මේ සපථ කරන්නේ. මෙහෙමත් රටක්...... (නි)

:       0       0

නිර්මාල් Friday, 28 October 2016 02:34 AM

මෙම තියරිය අනෙක් ඇමතිවරු සහ ජනාධිපතිවරයාත් අනුගමනය කළොත් රටේ කාටවත් දඬුවමක් නැහැ. හරිම අපූරුයි. (නි)

:       0       0

දිද්දෙණිය Friday, 28 October 2016 02:36 AM

වරදට දඬුවම් හො විනය පරීක්ෂණවත් නැති බව දන්නා නිසා තමයි පරණ හොරු බය නැතුව ඉන්නෙත්, අළුත් හොරු බිහිවන්නෙත්. (නි)

:       0       0

මාරසිංහ Friday, 28 October 2016 02:39 AM

අනුන්ගෙ ඉඩම්/පාරවල් වංචනිකව අල්ලා සිටින අය ඉඩම් නඩු කල්යනවාට කැමතියි. පළිගැනිමට කැමති අය දික්කසාද නඩු කල්යනවාට කැමතියි. ජාතික ධනය හොරකම් කළ, කොමිස් ගැසූ හොරු ඒවාට දඬුවම් නොදෙනවාට හරිම කැමතියි. (නි)

:       0       0

ගිහාන් Friday, 28 October 2016 02:49 AM

අනිවාර්යයෙන් ‍රැකගන්න ඕනෑ. රටයි ජාතියයි නම් මොකක් වුණත් කමක් නැහැ. කොහොමහරි පක්ෂය ‍රැක ගත්තොත් තමා ඉස්සරහටත් ජීවත්වෙන්න කීයක්හරි හොයාගන්න පුළුවන්. (නි)

:       0       0

නයනා Friday, 28 October 2016 02:50 AM

ඔබතුමියගේ ඔය කතාවට වැරද කළ අය නම් කැමති ඇති. කිසිදු වරදක් නොකළ නීතියට වැඩ කරන නිලධාරින් සහ මරුකතරේ දහදුක් විඳිමින් විනිමය එවන අය නම් කැමති නැත. (නි)

:       0       0

රසික Friday, 28 October 2016 02:53 AM

ඔය කියන මෛත්‍රිෙයන් මෙරට සිටින කම්බා හොරුන්ව මෙල්ල කරනන් බැහැ. ඕවායින් වෙන්නේ හොරු තව තව ෆෝම් වෙන එක. දේශපාලනය හරියට කරනවා කියන්නේ වරදට දඬුවම් දීමෙන්, දූෂිතයින් ඉවත් කරමින් සුදුස්සාට සුදුසු තැන දෙමින් වැඩ කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමයි. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 28 October 2016 02:55 AM

තමන් නියෝජනය කරන පක්ෂය රැකිමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. නමුත් ජනතාවගේ ඡන්දයෙන් පැමිණ ආයතන වල ඉන්න හොරු, කොමිස්කාරයො අතයට ගනුදෙනුකාරයෝ රැකිමට හෝ නිසි ක්‍රියාමාර්ග නොගෙන නිකන් බලා සිටීමට නම් කිසිම අයිතියක් නැහැ. ඔබලාමයි කිව්වේ මේ ආයතනය මහා පරිමාණ වංචා වුණ තැනක්ය කියන එක. දැන් කියන්නේ වෙන කතාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 58 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 207 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 369 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 738 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 500 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site