( පුෂ්පකුමාර ජයරත්න සහ සම්පත් සෙනෙවිරත්න)
ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කර විශ්‍රාම ලබා මෙරටට පැමිණ සිටි 72 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර මැල්සිරිපුර ප්‍රදේශයේ ඔහුට අයත් වත්තේ වළ දමා තිබියදී සොයා ගත් බව මැල්සිරිපුර පොලීසිය පවසයි.
ඝාතනයට ලක්ව සිටින්නේ මැල්සිරිපුර රෙස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පටි දේවයලාගේ චිත්‍රානන්ද ජයරත්න නමැති අයෙකි.
මියගිය පුද්ගලයා ඇමේරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු වන අතර ඔහු ඇමරිකාවේ කළ රැකියාවෙන් විශ්‍රාම ගෙන පසුගිය 2019 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
රැකියාවෙන් විශ්‍රාම ලබා මෙරටට පැමිණි ඔහු මැල්සිරිපුර රෙස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට පැමිණ එහි කාලය ගත කර ඇති බවද පදිංචි නිවසට අයත් වත්තේ සහ නිවසේ වැඩ කටයුතුෙවල සහායට වැල්ලව ප්‍රදේශයේ පුද්ගලෙකු එම නිවසේ නවත්වාගෙන සිටි බවද පොලිස් විමර්ශවලදී අනාවරණය කරගෙන තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙරට වෙසෙන තම පවුලේ ඥාතීන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය පළමුවැනිදා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මාලඹේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ලොකු අම්මාගේ පුතකු ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
මැල්සිරිපුර නිවසට ගොස් සොයා බැලීමේ දී නිවසේ සේවය කළ පුද්ගලයා පවසා ඇත්තේ නිවසේ හිමිකරු අනුරාධපුර සංචාරයක් සඳහා යන බව පවසා පසුගිය පළමුවැනිදා නිවසින් පිටව ගිය බවය.
එම ප්‍රකාශය පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් නැවත ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා එම නිවසට පෙරේදා (23) ගිය අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල වැළලාගෙන මියගොස් සිටින ආකාරය දැක ඇත.
එසේ සියදිවි හානි කරගෙන සිටියේ වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි මිලින්ද නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මේ අනුව කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ සෘජු මෙහෙයවීමෙන් ඊයේ දිනයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඊට පොලිස් නිල සුනඛයකුගේ සහායද ලබාගෙන ඇත
එම සුනඛයාගේ ඉව අනුව ගිය පොලිසියට විශ්‍රාමික විදුලි ඉන්ජිනේරුවා මරා ඔහුගේම වත්තේ වළ දමා තිබියදී සොයාගත් ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ, මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියන්ත මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එක්සත් ජනපද විදුලි ඉංජිනේරුවා මරා වළ දමලා
ජැක්සන් Monday, 24 October 2022 10:56 PM
Never show your wealth to the public. Nobody can be trusted even the closest friends. It is much better to live an introverted lifestyle. අඟේ ඉදන් කන කන උන් ඉන්නෙ කොහෙ බැලුවත්.
Kumar (Gulf) Monday, 24 October 2022 11:45 PM
Why the hell this man came from USA to spend the retirement in this Shit-Hole county, There is no evil and wicked people in the whole world like the Sri Lankan people.
බද්රානිTuesday, 25 October 2022 03:51 PM
Kumar (Gulf) මට සිංහලෙන් කියන්න තියෙන්නෙත් ඔබ ඔය ලිව්ව දේම තමයි. සමහරවිට ඒ මහත්මයා හිතාගෙන ඉන්න ඇති එදා තිබුන ශ්‍රී ලාංකික සමාජයම අදත් පවතිනවා යයි කියා. නමුත් දැන් මේ රට අමන අධම අශිෂ්ඨයින්ගෙන් පිරුණු අධාර්මිකයින්ගෙන් පිරුණු රටක්. මිනිස්සුන්ට තබා සතෙකුටවත් දැන් මේ රටේ ජීවත්වෙන්න බැරි තත්වයකුයි උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම බහුතර පුජකයින්ගේ නොමනා ක්‍රියා මෙන්ම ධර්ම විකුර්තිය මේ සමාජයේ පරිහානියට තදින්ම බලපෑවා. හොරකම, ජඩකම මෙන්ම මිනී මැරීමත් වීරත්වයක් ලෙස සලකන නින්දිත සමාජයක් මේක. දැක්කනේ අපේ අය අමරිකාවෙදීත් හැසිරුණ විදිහ.. හිතාගෙන නම් ඉන්නේ ටයි කෝට් ඇඳගත්තාම වැදගත්තු වෙනවා කියලනේ... ලැජ්ජයි!!
Udhuli Tuesday, 25 October 2022 12:07 AM
ඔබතුමාට නිවන්සුව ලැබේවා. පාප මිත්‍රයන් ඇසුරට නොලැබේවා.
chandima Tuesday, 25 October 2022 01:01 AM
මෙයාව මරන්න ඇත්තේ සල්ලි ගන්නම නොවේ වෙන්න ඇති.
Dom Tuesday, 25 October 2022 01:59 AM
ම්ලින්ද මැරුවේ වෙන කෙනෙක්ද ?
perera Tuesday, 25 October 2022 04:25 AM
Agree 100%. It applies only to Sri Lanka.
suga Tuesday, 25 October 2022 10:08 AM
සමහරවිට මේ කෙනාව මැරුවේ වැඩට හිටිය කෙනා නොවෙන්න පුළුවන්. වෙනම සැලසුමක් වෙන්න බැරිද. හැම පැත්තෙන්ම හොයල බැලුවොත් හොදයි.
Don perea Tuesday, 25 October 2022 11:10 AM
අශිෂ්ට සමාජයක්
kamal Tuesday, 25 October 2022 12:35 PM
රත්න ද්වීප ජන්ම භූමි... ලංකා දීප විජය භූමි... මේ අපේ උදාරවූ මාර්තු භූමියයි..
SusanthaTuesday, 25 October 2022 04:23 PM
එදා සුනිල් අයියා කියනකොට අපි උඩ පැන පැන දෝස් මුරේ දාපු හැටි මතක් වෙනවා.
leel gunawardena Tuesday, 25 October 2022 05:02 PM
දැන් දැන් හරියට අහන්න වේනනේ මෙවැනි අමානුෂික ඝාතන ගැනයි. හරිම කණගාටුයි. ලංකාව ගැන හිතනකොට.
පිටරැටියා Tuesday, 25 October 2022 06:45 PM
මේවා අහන කොට ලන්කාවට ඇවිත් ජීවත් වෙන්ඩ හිතෙන එකක් නැහැ. මේ රටවල තනියෙම ජීවත් වෙන අයට කිසිම අවුලක් නැහැ.. හොන්දට තිබුනු රටක්. වෙච්ච් විනාශයක් ?
නිහාල් Tuesday, 25 October 2022 10:58 PM
අර වගේ හොඳ රටක ඉඳලා මෙයා මොකට මේ අපායට ආවා ද? ඉතින් අපායේ හැටි ඔහොම තමයි.
janahitha Wednesday, 26 October 2022 05:32 PM
හොඳ රටක එතැනත් ඔයිට හපන්... ඇවිත් බලන්න. ළමයිනුත් මැරෙනවා. වෙඩි තියනවා. ඕකයි තත්වේ..
sampath Wednesday, 26 October 2022 04:44 PM
වැඩට හිටපු කෙනා මැරුවනම් ඒ මනුස්සයා ගෙදර ඉන්නේ නෑ. ආයෙත් පොලීසියෙන් එනකොට බෙල්ලේ වැල දාගන්නවද ? දෙවැනි එකත් ඝාතනයක් විය හැකියි . ඒ පළමු ඝාතනයේ සාක්ෂි නැතිකරපු වැඩක් වෙන්න පුළුවන්.
janahithaWednesday, 26 October 2022 05:31 PM
ඔබ හරි, පොලිසිය පළමුව සැකකරන්නේ ඔවැන්නක් ගැන...
sampath Friday, 28 October 2022 10:07 PM
අපරාද නතර කරන්න නම් මුළු රටේම ජනතාව ඉතා විමර්ෂණයෙන් සිටිය යුතුයි. ඔය අපරාධ කරන කාටවත් ඒවා හංගන් ඉන්න බෑ. ඒ නිසා ජනතාවගේ සහාය හරි විදියට ලබා ගන්නව නම් ඕනම අපරාධයක් සොයා ැගනීමට අපහසු නෑ.