IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලිට

(ජේ.ඉඳුරුවගේ)

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන "MTM Young Achievers" සහ "MTM Music & Entertainment" යන සම්මාන ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ.

විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද යෙනුලි බව සඳහන් වේ.

මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබේ.

කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇත.

පසුගිය වසර තුනක කාලය තුල සංගීතය,ගායනය,කථික ,රංගනය ආදී අංශ ගණනාවකින් රටවල් කිහිපයකම තරග රැසකින් ජයග්‍රහණ හිමි කර ගෙන ඇත. ව

යස අවුරුදු 12 දී හන්ඩ්‍රඩ් නැමති ජාත්‍යන්තර සංවිධානයක ලොව ලාබාලතම තානාපති ලෙසද තේරි පත්ව සිටියාය.

"මෙය හොඳ නව ලෝකයක් ගොඩ නගන්නට මහන්සිවෙන මගේ ගමනට විශාල ජයග්‍රහණයක් සහ අභිප්‍රේරණයකි .

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් 25 දා එක්සත් රාජධානියේ මැරියට් බ්‍රිස්ටල් හි ඩෙල්ටා හෝටලයේදී පැවැත්විණි .

 



අදහස් (2)

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලිට

Muthu Wednesday, 29 November 2023 09:31 AM

සැබෑ සම්මානයක, ජනප්‍රිය බවක බරක් තියෙන බව අපිට / සමාජයට දැනෙනවා. මේ ඒ වගේ එකක්. බොල් හිස් සම්මානයක් නොවේ.

:       1       12

රංබොඩ Wednesday, 29 November 2023 09:38 AM

දක්ෂතාවයන් ගැනස තුටුයි. නමුත් රට දාලා ගිය කෙනෙක්ගෙන් රටට යහපත් වේ යැයි උදම් ඇනිය නොහැක.

:       11       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 283 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 767 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 66 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 625 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 296 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 869 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39482 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1175 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site