IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එක්සත් රාජධානියේ ලක් මහ කොමසාරිස් අමරි විජයවර්ධන

එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස අමරි මන්දිකා විජයවර්ධන මහත්මිය සිය පත්වීමේ ලිපිය දෙවැනි එළිසබෙත් රැජින අතින් බකිංහැම් මාලිගයේ දී ලබාගත්තාය.

දෙරට අතර මිත්‍රත්වය පිළිබඳව ඇය හා රැජින අතර සාකච්ඡා කැරුණු අතර මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ උණුසුම් සුබාසිංශන රැජිනට පිළිගැන්වීමට ද විජයවර්ධන මහත්මිය කටයුතු කළාය.

අමරි විජයවර්ධන වසර 36ක කළමනාකරණ හා පරිපාලන අත්දැකීම් ඇති කර්මාන්ත, නිෂ්පාදන, වාණිජ හා අපනයන ව්‍යාපාරික අංශයන්හි මනා පෞරුෂයක් ඇති තැනැත්තියකි.

ස්වදේශී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධානියා ලෙස ඇය කටයුතු කරන්නීය. 

webimage_1479370922-399623fb9a



අදහස් (0)

එක්සත් රාජධානියේ ලක් මහ කොමසාරිස් අමරි විජයවර්ධන

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 18 November 2016 02:59 AM

මේ නෝනා කාට ඥාති වෙනවාද යන්නට වඩා වැදගත් වෙන්නේ කොයිතරම් දුරට රාජතාන්ත්‍රික හා විදේශ සේවය පිළිබඳ පළපුරුද්දක් තියෙනවාද කියන එක. එතනදී යම් අඩුපාඩුවක් ඇත්නම් තමයි ඥාති සංග්‍රහය වැදගත් වෙන්නේ. පසුගිය ආණ්ඩුව ක්‍රියා කළේ විදේශ සේවාව ඥාති සංග්‍රහය සඳහා වෙන්කරන ලද රැකියා උත්පාදන අමාත්‍යාංශයක් ලෙසයි. වෙනස නමින් පවත්වාගෙන යන්නේ ඊයේ කළ දෙයම නම් වැඩක් නැහැ (නි)

:       0       0

බන්දුල Friday, 18 November 2016 05:08 AM

ඇත්ත තමයි. මහරැජිණ මෙතුමියටත් අත් මේස් ගලවලානේ අතට අත දීලා තියෙන්නේ? (නි)

:       0       0

තරිඳු Thursday, 17 November 2016 10:02 AM

සුබ පැතුම්.මහරැජින මෙතුමියටත් අතේ මේස් ගලවලානේ අතට අත දීල තියෙන්නේ?? (බ)

:       0       0

ධම්මානන්ද Thursday, 17 November 2016 10:03 AM

අපේ මහකොමසාරිස් කාර්යාලයේ උත්සව වලට සහ පොදු ශ්‍රීලාංකික කටයුතු වලට මා නිතර එහි යන එන විට දකින දෙයක් නම් එහි සේවකයෝ බොහොමයක් ඉන්නෙම පාරේ. සමහරු සිගරට් බොමින්, සමහරු දුරකථන සංවාද වල යෙදෙමින්, සමහරු කාර් අස්සේ. මේ අයට අන්තර්ජාල, මාධ්‍ය සහ පරිගණක පහසුකම් සහ තේ, කොපි වැනි සුළු ආහාර පාන සහිත විවේකාගාරයක් ලබා දෙන්න. මා යන වෙනත් තානාපති කාර්යාල වල නම් මෙවන් පරිපුර්ණ විවේකාගාර සේවකයන්ට තිබෙනවා. (බ)

:       0       0

චින්තක Thursday, 17 November 2016 10:18 AM

නමින්ම තේරෙනවා කාගේ ඥාතියෙක්ද කියලා....(බ)

:       0       0

ශිවා Thursday, 17 November 2016 10:43 AM

චින්තක, කව්රු වුනාම මොකද තැනට සුදුසුනම් (බ)

:       0       0

අනිල් Thursday, 17 November 2016 10:57 AM

රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් සහ පළපුරුද්ද ගැන කිසිම සඳහනක් නැහැනේ?(ම)

:       0       0

චන්ද්‍රා Thursday, 17 November 2016 11:08 AM

ජනාධිපති තුමා පත් කරන්න ගිය සංගක්කාරට මොකද වුණේ (ම)

:       0       0

බමුණු Thursday, 17 November 2016 11:18 AM

තැනට සුදුසු නම් එච්චරයි (ම)

:       0       0

චින්තක Thursday, 17 November 2016 12:12 PM

ඔව්. තැනට සුදුසු නම් ඉතින් හොඳයි. ඒත් ඉතින් අපේ දේශපාලන බලාධිකාරිය ( එදා සිට අද දක්වාම ) තැනට සුදුසු අය පත් කරන්න හරිම දක්ෂයිනේ...කොස්සකින් මිදුලක් අතුගාන්න බෑ වගේම ඉදලකින් ගෙයක් අතුගාන්නත් බෑ...පුද්ගලික ආයතනයක් වගේ නෙවේ රටක් නියෝජනය කරන තානාපති කම්...රජයේ සේවකයෙක් විදේශ තානාපති කාර්යාල වල සේවයට යනවා නම් විශේෂ විභාගයකින් සමත් වෙන්න ඕනේ. (මා දන්නා ලෙස ) නමුත් තානාපති වරුන්ට එහෙම මුකුත් නෑ..විය යුත්තේ පුරුදු පුහුණු කල නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති අය තනාපති වරුන් ලෙස යැවීමයි. (ර)

:       0       0

සනත් Thursday, 17 November 2016 01:23 PM

මේ නෝනා හැබෑම සුදුසුකම් ඇත්තෙක් (නි)

:       0       0

රොහාන් Thursday, 17 November 2016 02:13 PM

වෙනස ගැන අපි ඇත්තෙන්ම සතුටුවෙමු (නි)

:       0       0

රංග Friday, 18 November 2016 07:36 AM

මේ 'අදිරද ඥාතීන්ස මග ඉතා කැපවීමෙන් රාජ්‍යතාන්ත්‍රික නුවනින් කටයුතු කළ යුතු කාලයක්. නාගමික ෆෙඩරල්\' ව්‍යවස්ථාවක් ගැන අගමැතිවරයම වහෙන් ඔරෝ භාෂාවෙන් මෑතකදී කතා කළා. ලබන අවුරුද්දේ අපිට හුරුපුරුදු බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් මිදී ජර්මන් ක්‍රමයට යන්න තියෙනවා කියල ඔහු කිව්වා, ඒ කියන්නේ ඒකීය ව්‍යවස්ථා රාමුවෙන් මිදීම. (බ)

:       0       0

අරවින්ද Thursday, 17 November 2016 07:56 PM

අපිට නම් දැන් කිසිමදෙයක් ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ (නි)

:       0       0

ඉමේශ් Thursday, 17 November 2016 08:02 PM

තමන්ගේ රාජකාරිය දේවකාරියක් සේ සළකා කටයුතු කරන්න (නි)

:       0       0

යසෝධරා Thursday, 17 November 2016 08:02 PM

අපි බලමු කොහොමද කියලා එයාගේ වැඩකටයුතු (නි)

:       0       0

යෝනක Thursday, 17 November 2016 08:02 PM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 17 November 2016 10:52 PM

ශිවා, බමුණු, ඉස්සරත් දැම්මේ සුදුසු අය තමයි. එතකොට තමුන්ලම තමයි පවුල් පාලනේ කිය කියා කෑගැහුවේ. පුලුවන්නම් කියන්න මේ නෝනාගේ සුදුසුකම් මොනවාද කියලා. ඇයට තිබෙන රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්ද ගැන අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

දුමින්ද Friday, 18 November 2016 01:31 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

දසුන් Friday, 18 November 2016 01:40 AM

පහුගිය අවුරුදු 40 තිස්සේ රට ගැන ආදරයක් නැති ඕනෑතරම් අය ඔය පුටුවට ගියා. උපාලි විජේවර්ධන මහතාත් මේ පවුලේ කෙනෙක්. නමුත් රටට ඉතාමත් ආදරය කළ කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂත් ඒ වගේ. ඒ නිසා නියම සුදුස්සාට තැනදෙද්දී දේශපාලනය සහ පවුල් බලලා බැහැ. එකම ප්‍රශ්නය තමයි යහපාලනය ආවේ පවුල් සහ මිත්‍ර සමාගම් වලට තැන දෙන්නේ නැහැ කියලා. නමුත් ආ දවසේ ඉඳලා කරන්නේ ඒදේමයි. (නි)

:       0       0

එරන්ද Friday, 18 November 2016 01:41 AM

ලත් මහකොමසාරිස් සේවය පිළිබඳ අපේ නැතිවී ඇති බලාපොරොත්තු මෙතුමියට නැවත ඇතිකරන්න හැකිවේවිද? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 18 November 2016 02:19 AM

හරියට හරි ශ්‍රීමාල්. මමත් එකඟයි (නි)

:       0       0

කුමාර Friday, 18 November 2016 02:20 AM

රාජපක්ෂ රෙජිමය වෙනුවට දැන් රෙජිම දෙකක්! අනේ සාදු, රටට හෙණ ගැහුවත් කාටහරි මල්ල කරේ නිසා (නි)

:       0       0

නිමල් Friday, 18 November 2016 02:23 AM

විදේශ අමාත්‍යාංශයේ සිටින පළපුරුදු විදේශසේවා නිලධාරින් හෝ තානාපති සේවයේ රට නියෝජනය කිරීමේ මනා පළපුරුද්දක් ඇති පුද්ගලයන් දැන්වත් අප රට නියෝජනය කරතැයි සිතිවිල්ලක් අපට තිබුනා. විශේෂයෙන් බ්‍රිතාන්‍යය වැනි රටකට පත්කළ යුත්තේ ඉතා පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 115 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 800 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1121 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 312 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 675 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 207 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site