IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකා සමාගමේ අධ්‍යක්ෂ දැඩි කණගාටුවෙන්

(සුජිත් හේවාජුලිගේ )

ගිනි ගෙන ගිලෙමින් පවතින  එක්ස්ප්‍රස් පර්ල්  නෞකාව අයත්  එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමුවෙල් ලොස්කොවිට්ස් මහතා සිද්ධියෙන් පරිසරයට වූ විනාශය සම්බන්ධයෙන් මෙරට ජනතාවට සිය කණගාටුව පළ කරයි.

ඔහු මෙසේ කනගාටුව පළකර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ මාධ්‍යයකට සිය අදහස් දක්වමිනි .

සිද්ධියෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සමාව සහ කණගාටුව කනගාටුව ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කරයි.

"මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇති වූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කණගාටුව ශ්‍රී ලංකා ජනතාවට පළ කිරීමට. සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයන් සමඟ සම්බන්ධ වුණා .නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමඟත් අපි වැඩ කරනවා . නමුත් මෙතෙක් නැවෙන් ඉන්ධන කාන්දු වන බවට මෙතෙක් හඳුනාගෙන නැහැ"

"නැවට සිදු වූ හානිය තක්සේරු කිරීම තවම අමාරුයි. අපි නැව රක්ෂණය කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ආයතනයට වන මූල්‍ය පාඩුව ඉතාම අඩුයි . ශ්‍රී ලංකාවට දිය යුතු වන්දිය ගැන තක්සේරු කරගෙන යනවා . නමුත් මතක තබා ගත යුතුයි .ඒක දීර්ඝ ක්‍රියාවලියක් . මෙම සිදුවීම නිමවීමෙන් අනතුරුව එහි හානිය තක්සේරු කළ යුතුයි. අපි මේ වනවිට ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා .සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී  ලංකා නාවික හමුදාව සමග එකතුවෙලා  අවශ්‍ය කටයුතු කරනවා. මේ වන විටත් වෙරළ පිරිසුදු කිරීම අරඹලා තියෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය උපකරණ සපයා දුන්නා"

"මේ වන විට නෞකාවේ කොටසක් ගිලිලා තියෙන්නේ.ඒ වගේම ඒක දැන්  මීටර් විසි එකක් විතර ගැඹුරු මුහුදු පත්ලේ වැදිලා තියෙන්නේ .අනෙක් කොටසුත් ගිලෙනවා අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා නෞකාව  සම්පූර්ණයෙන් මුහුදු පත්ලට ගිලෙනකම්. ඉන් පසුවයි කළ හැකි දේ ගැන බලන්න වෙන්නේ. මේ වන විට ගැලවුම්කාර විශේෂඥයන් මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ "

 

 



අදහස් (3)

‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකා සමාගමේ අධ්‍යක්ෂ දැඩි කණගාටුවෙන්

එරාන් Friday, 04 June 2021 02:11 PM

ලංකාවේ ඒජන්තයා හැන්ගිලාද එළියට එන්නේ නැත්තේ... ?

:       2       9

pakeer Friday, 04 June 2021 03:37 PM

මොනවා වුණත් ජෙන්ට්ල්මන් කෙනෙක්...

:       4       10

බද්රානිFriday, 04 June 2021 06:01 PM

ඒ කතාව නම් ඇත්ත මහත්තයෝ, ඔයාලගේ රටේ නරුම පාලකයින්ට වඩා, ඒ මහත්වරු නියම ජෙන්ට්ල්මන්ලා තමයි. ඒකනේ ඒ අයගේ රටේදී නැව් වලට ගිනි තියාගෙන ඒ ගොල්ලන්ගේ මුහුද විනාශ නොකරගෙන ලංකාවටම ඇවිල්ලා නැව් වලට ගිනිතියාගෙන රක්ෂණ වන්දි ගන්නේ... අපේ අයටත් හොඳට වාසි වෙයි ඒ වන්දි මුදලින් නේද? පරිසරය කන්නද? මහත්තයෝ, අපට ඕනෑ සල්ලිනේ, නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 112 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 399 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 904 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1381 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 372 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 323 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site