IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


එක්ස්ප්රස් පර්ල් කපිතාන් - සී. කොන්සෝටියම් සමාගමේ පෙත්සම විභාගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ ගොනුකර ඇති චෝදනා නීතිවිරෝධී බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා එක්ස්ප්රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරු ගොනුකළ අභියාචනා පෙත්සම් තුනක විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද ආරම්භ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලණී.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා, එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගම සහ එහි අධ්‍යක්ෂවරු ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරය නම් කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ එම නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි ඇතුළු අටදෙනකු විත්තිකරුවන් කරමින් නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇතැයි පෙත්සම්කරුවෝ සඳහන් කරති.

එම නඩුව විභාගයට ගත නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කිරරීම නිසා මහාධිකරණය නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර අදාළ ප්‍රතිශෝධන පෙත්සමට අවසර දීමට තරම් නීතිමය පදනමක් හෝ කරුණු නොමැති බවට තීරණය කරමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් නොකරම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණී.

ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව එරෙහිව පෙත්සම්කරුවන් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

එක්ස්ප්රස් පර්ල් කපිතාන් - සී. කොන්සෝටියම් සමාගමේ පෙත්සම විභාගෙට

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

බටලන්ද ඝාතන අසා කතානායක කඳුළු සලයි
2025 මාර්තු මස 14 262 0

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ


වෛද්‍යවරිය අපයෝජකයා රිමාන්ඩ්
2025 මාර්තු මස 14 210 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ


සාලි නලීම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා වෙයි
2025 මාර්තු මස 14 771 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.


ආහාර නිසා ඇතිවන රෝග ඉහළට
2025 මාර්තු මස 14 179 2

ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
2025 මාර්තු මස 14 1830 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මන්නාරම සුළං බලාගාරයට නඩුවක් හරස් වෙලා
2025 මාර්තු මස 14 446 1

මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 242 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 557 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 256 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site