IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


එක වගේ දෙන්නෙක් - 'මහේන්ද්‍ර - පුබුදු'

2016-10-04-ent-21

කාලයට සාපේක්ෂව බොහෝ දේ වෙනස් වෙමින් ඉදිරියට යයි. තාක්ෂණය, දේශපාලන මත කලාවද ලෝකයේ බොහෝ රටවල ප්‍රබලත්වයක් හිමිකරගෙන තිබෙයි. ලංකාව තුළ සිනමාවට, නාට්‍ය කලාවට, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සිදුව තිබෙන්නේ කුමක්ද? ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා හා ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන පුබුදු චතුරංග "එකවගේ දෙන්නෙක්" හා කතාබහ කිරීමට එක්වූහ.

 

මහේන්ද්‍ර පෙරේරා

2016-10-04-ent-23මම මේ ක්ෂේත්‍රයට ආපු කාලේ රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණෙන්න ඒ තරම් ලෙහෙසි වුණේ නැහැ. අද කාලෙ නම් මේ ක්ෂේත්‍රයට පැමිණෙන්න බොහෝ අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවල තියන වටිනාකම් ගැනනම් ප්‍රශ්නයක් තිබෙනවා. කසිකබල් මෙගා නාට්‍යයකින් පුළුවන් මේ ක්ෂේත්‍රයට එන්ටර් වෙන්න. අද ටෙලි නාට්‍යයවල කිසිම ප්‍රමිතියක් නැහැ, කොලිටියක් නැහැ. මේ ක්ෂේත්‍රයට අද එන අය ජනප්‍රිය වෙන්න විතරයි බලාපොරොත්තු වන්නෙ. නමුත් එදා අපිට මෙය සොයා යාමේ අවශ්‍යතාවක් තිබුණා.

හැදෑරීමේ අවශ්‍යතා තිබුණා. ඒ සඳහා අභ්‍යාස ගත වීමේ අවශ්‍යතාවත් තිබුණා. අපි නිතරම උත්සහ කළේ විෂයානු බද්ධවෙලා විෂය සමග ගොඩනැගෙන්නේ කොහොමද කියන එක ගැන සොයන්න. අද විෂය හැදෑරීමේ අවශ්‍යතාවක් නැහැ. ආයතන ඇකඩමි නොතිබුණත්, මේ ගැන සොයා යාමේ අවශ්‍යතාවක් තියෙන පිරිස ගොඩක් අඩුයි. අතලොස්සක් ඉන්නවා ගෞරවාන්විතව විෂයට සම්බන්ධ වෙන. අද රංගන ක්ෂේත්‍රයට එන කෙනෙකුගේ ප්‍රධාන කාර්යය වෙන්නේ කලිසම්, ෂර්ට්, සපත්තු එකතු කරන එක. රංගනයේ ප්‍රවණතා, ලෝකයේ දේවල් ගැන සොයා යන්න පොතක් පතක් කියවන්න අවශ්‍යතාවයක් බොහෝ දෙනෙකුට නැහැ. විදේශ රටවල බොහෝ දෙනෙක් එකල ලංකාව තුළ වැඩමුළු පැවැත්වුවා. අපි සහභාගි වුණා.

ලංකාවේ හිටිය ඩොක්ටර් සාලමන් ෆොන්සේකා චෙනොස්ලෝ වැකියාවේ වසර දහසක් ප්‍රාග් යුනිවර්සිටි එකේ අධ්‍යාපන කටයුතු කර වෛදයවරයෙකු බවට පත්වූ උතුම් මිනිසෙක්. මේ රට ඔහුගෙන් ප්‍ර‘යෝජන ගත්තෙ නැහැ. අපිට එවැනි දේ හරහා විෂය ගැන දැනුවත් වෙන්න ඉඩ ලැබුණා. අද එය නැහැ.

 

පුබුදු චතුරංග

මහේන්ද්‍ර අයියා කිව්ව කතාව හරියටම හරි. මම දකින විදිහට සමස්තයම ඛේදවාචකයකට ලක්වෙලා තියෙන්නේ. ආගම වැනි විෂය තුළ පවා ඉතාමත් පිරිසිදු තත්ත්වයක් එදා තිබුණා. ධනේෂ්වරය එක්ක මුදල් හුවමාරුව ඉදිරියට එන්න එන්න මේ සියලු විෂයන්වල වටිනාකම්, හර පද්ධති මහා දේවල් යැයි අපි විශ්වාස කරන සියල්ල බිඳ වැටුණා. ඒ සියල්ල එක්ක මේ දේවල් ඉතා සැහැල්ලු දේවල් බවට පත්වෙන්න පටන් ගත්තා. ඒ සමග මාක්ස් කියනවා වගේ සියලු ශුද්ධ වූ දේවල් කෙලෙසිලා ගියා. සියලු සතුටු දේවල් දූම බවට පත්ව වාෂ්ප වුණා. පරිසරයත් සැකසුණා. එකත් එක්ක මේ අවසානය තමයි අපි ක්ෂේත්‍රයට එද්දි ඉතුරු වුණේ. මම ක්ෂේත්‍රයට එද්දි මෙසේ නොවිය යුතුයි කියන මතය තිබුණා. මෙහි වරද කොතනද කියන එක හොයන්න ඕන වුණා. මම වසර දෙකහමාරක් තුනක් පමණ රංගන කටයුතු සිදු නොකර ක්ෂේත්‍රය ගැන අධ්‍යයනය කරමින් කාලය ගත කළා. මේ ක්ෂේත්‍රය කඩා වැටීමට හේතුව විදිහට මම දැක්කෙ බොහෝ දෙනෙක් විෂය භාර අනෙක් සියලු දේ කිරීම. ඕනෑම විෂයක කේන්ද්‍රයක් හා පරිවාරයක් තිබෙනවා. කේන්ද්‍රය විෂය. පරිවාරය විෂයට අදාළ අනෙකුත් කරුණු. මම දැක්ක දේ තමයි කේන්ද්‍රය අත හැරීම.

 

මෙහේන්ද්‍ර පෙරේරා

එවිට විෂයේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ.

 

පුබුදු චතුරංග

ඔව්. නමුත් විෂය තුළ ඉන්නවා වගේ පේනවා, පරිවාරයේ ඉන්න නිසා. ඒක ලොකුම අර්බුදය ලෙස මම දැක්කේ. අධ්‍යයන කරලා මේ තුළ බිහිවුණේ කිහිප දෙනෙක් විතරයි. මහේන්ද්‍ර අයියා කිව්ව වගේ සමස්තය සපත්තු, කලිසම්, ෂර්ට්වලට ජීවත් වෙන තත්ත්වයට ඇඳ වැටුණා. එයට සමාජ ක්‍රියාවලිය, දේශපාලන ක්‍රියාවලිය සහ ආරම්භක ක්‍රියාවලිය යන සියල්ලම එකට බැදෙමින් මේ තත්ත්වය ඇති වුණා කියලා මම හිතනවා.

 

පාසල් මට්ටමෙන් නාට්‍ය කලා විෂයක් ලෙස හැදෑරීමට අවකාශය ලබාදී තිබෙනවා?

පාසලේ නාට්‍ය කාලව කරන අයගේ බලාපොරොත්තුව වෙන්නෙ කහටගස්දිගිලියේ හරි අගුණකොළපැලැස්සේ හරි ඉස්කොලේකට ගිහින් නාට්‍ය හා රංග කලාව උගන්වන ටීචර් කෙනෙක් වෙන්න. එතනින් එහාට දෙයක් නැහැ. නිර්මාණශීලී හැකියාවක් ඔවුන් තුළ නැහැ. ඔවුන් විභාග පාස්කර ගත්තොත් ගුරුවරියක් හෝ ගුරුවරයෙක් බවට පත්වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ අරමුණ ඉස්කොලේ 'කලා' උත්සවය කරන්න. ඉන් එහා බලාපොරොත්තුවක් ඔවුන්ට නැහැ. පාසල්වල කලා උලෙළෙකට ගියාම තාමත් ප්‍රාථමික නාට්‍ය දකින්න තියෙන්නේ. ඔවුන් යාවත්කාලීන වෙලා නෑ. ඒ දේවල් හදන්න රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යය වෙනවා.

 

පුබුදු චතුරංග

මම එයට තව කරුණක් එකතු කළ යුතුයි. ඔය අධ්‍යාපන ක්‍රමය හදන්නැත්තෙත් රජය විසින්මයි. දේශපාලඥයන් කැමති නෑ බුද්ධිමත් පරපුරක් රටට බිහිවෙනවට. කලාව තුළනේ බුද්ධිමත් පරපුරක් බිහිකරන මූලිකම අංගය තියෙන්නේ. කලාව සාහිත්‍ය ඇතුළු විෂයන් ඔවුන් කෙමෙක් කෙමෙන් දිය කරනවා. වෙනත් තාක්ෂණික විෂයන්, භෞතික විෂයන් එකතු කරනවා. ඒ තුළ නිර්මාණ වෙන්නේ බ්‍රේයිලර් කුකුල්ලු. දැන් හැදෙන්නේ ඔළුවක් විතරක් තියෙන මිනිහෙක්. හදවතක් තියන මිනිහෙක් හැදෙන්නෙ නෑ. එහෙම මිනිස්සු හදනතාක් රටක් පාලනය කරන්න ලේසියි.

 

මහේන්ද්‍ර පෙරේරා

එදා ඉඳන් හිත්වල පැලපදියම් කරලා තිබුණෙ කලාකරුවන් හිඟන්නන් කියලා. අදත් එය සමහර තැන්වල කියවෙනවා. රජයක් දන්නෙ නැහැ කලාව තුළ එන්ටටේට්මන්ට් කියන බිස්නස් එක තියනවා කියලා. එය මැණික් ආකරයක් වගේ විශාල ව්‍යාපාරයක්. ඒ සඳහා කිසිම සැලකිල්ලක් කවුරුත් දක්වන්නෙ නැහැ. එවා අලුත් වෙන්නෙත් නෑ. ලෝකය අලුත් වෙමින් ඉදිරියට යනවා, නමුත් අපි එහෙම වෙලා නැහැ. අපි දැන් පාසල් මට්ටමින් නාට්‍ය කලාව ගැන සංවර්ධනයක් කතා කරනවා.

එක්දහස් නවසිය පණස් ගණන්වල ලයනල් වෙන්ට් කියන මහත්තයා ලයනල් වෙන්ට් ශාලාව හදනවා. අදටත් එය ඉහළ මට්ටමක ශාලාවක්. වේදිකාව තුළ සෙමින් කතා කළත් ඇහෙනවා. ලංකාවෙ ඉස්කෝලවල තාම ළමයින්ට උගන්වන්නේ වේදිකාව උඩ ශබ්ද නගලා කතා කරන්න කියලා. වේදිකාව උඩ ඉඳන් ශබ්දයෙන් කියන්න ඕන. ජෝන්ද සිල්වා ශාලාවේදි, ලයනල් වෙන්ට් එකේ නාට්‍ය පෙන්නලා, මධ්‍ය මහා විද්‍යාවල සිමෙත්ති පොළව උඩ නාට්‍ය දෙකක් පෙන්නනවා. ඒ කරලා නාට්‍ය කලාවේ දියුණුව හදන්න කතා කරනවා. විෂය දියුණු වෙන්න එපාය. විෂය වර්ධනය වෙන්න එපාය. විෂය වර්ධනය වෙන්නෙ නැහැ. ඒකට අවස්ථාවක් නැහැ.

 

ලංකාවේ සිනමාව ගැන කතා කළොත්, මේ මොහොත වනවිට එහි යම් පිබිදීමක් තියෙනවා?

ඒ දවස්වල සිනමාව ගත්තම, පස්වැනි ප්‍රදර්ශන සිනමා මණ්ඩලය කියලා එකක් තිබුණා. එහි තිරගත කළ සියල්ල සම්භාවය කෘති. කලාත්මක කෘති. එය මුළු රටම දැනුවත්ව හිටියා. පස්වැනි සිනමා මණ්ඩලයෙන් ප්‍රදර්ශනය වනවා කියන්නේ ඉතා හොඳ සම්භාව්‍ය කලාත්මක කෘතියක්. එතනට ප්‍රේක්ෂකයන් පිරිසක් හැදුණා. එය ක්‍රමානුකූලව වර්ධනය වෙන්න ගත්තා. නමුත් අද වෙනකොට ඒ ඔක්කෝම අච්චාරුවක් කරලා මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. නාට්‍ය ගුණාත්මක නොවුණත්, නාට්‍ය නැරඹීමට සියයක් එනවානම්, දහදෙනෙක් තවත් නාට්‍යයක් බලන්න ඕන කියලා හිතනවා.

 

පුබුදු චතුරංග

සංවේදි මිනිස්සු ඇති කළ යුත්තුයි. ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කළ යුතුයි.

 

මහේන්ද්‍ර පෙරේරා

අපිට වූ ඛේදවාචකයක් තමයි හැත්තෑ ගණන්වලදී ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ඩී.වී.නිහාල් සිංහ, ලෙනින් මොරායස් යන අය චිත්‍රපට කරන්න පටන් ගත්තම නව සිනමා සංස්කෘයක් ඇති වුණා. එය ආදරයෙන් වැලදගත්ත තරුණ පිරිසක් රටේ හිටියා. මේ තරුණ පිරිස ටයර් උඩ දැමුණා. පසුව රටේ යුද්ධයක් ඇති වුණා. යුද්ධය පටන් අරන් වසර තිහක් ගෙවිලා ඉවර වෙනකොට සනි අයියලා, වසන්ත ඔබේසේකරලා, ධර්මසිරි බණ්ඩාරනායකලා ගෙනාපු දේ කරපින්නාගෙන යන්න හිටපු පිරිස අපිට නැතිවෙලා ගියා. වසර තිහක් ගතවෙන කොට ලෝකෙම භෞතික වශයෙන් වෙනස් වෙලා.

 

පුබුදු චතුරංග

2016-10-04-ent-22අපි ආපස්සට ආයෙත් තිහක් ගිහින්.

 

මහේන්ද්‍ර පෙරේරා

ඔව්, කොතන ඉඳන්ද පටන් ගත්තේ කියන අදහස අපි නැතිවෙලා කියනවා. එවාට අවස්ථාවලුත් නෑ. එතැන සිරවූ දෙයක් තියෙන්නේ. අන්තර්ජාතික මට්ටමට ගිය නිර්මාණ අතලොස්සක් ඉන්නවා. එක චැනල් එකක ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය පටන් ගත්තම අපි සිංහල මෙගා කරන්න පටන් ගත්තා. අන්තිමට වුණේ අපි රංගන ශිල්පීන් නිර්මාණකරුවන් ඩෙනිම් කලිසම් පට්ට ගැහුවා වගේ විනාශම වෙලා ගියා. පස්සෙ ජනප්‍රිය වෙන්නම මේක කළා. රටේම මහන්නේ එකම එක ෂට් එක නම්, කැමති වුණත් අකමැති වුණත් ඒ ෂර්ට් එකම විතරනේ අඳින්න වෙන්නේ. මේ රට කිසිම දෙයක් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. ටෙලි නාට්‍ය තමයි හැදුවේ. උසස් ටෙලි නාට්‍ය කලාවක් අපිට තිබ්බා. පහුගිය රජයෙන් ඉන්දියානු හා කොරියානු ටෙලිනාට්‍යවලට එන කොටසකට රුපියල් අනූපන්දහසක බදු මුදලක් අය කළා. පවතින රජයෙන් එය ඉවත් කරනවා. දැන් වත්කඩ කැඩුවා වගේ වැල නොකැඩී විදේශීය ටෙලි නාට්‍ය පැමිණෙනවා.

 

පුබුදු චතුරංග

මේ තුළ තියන භයානකම ඒකයි. අම්මා, තාත්තා අතර බැඳීම් පවා බිඳෙන ටෙලි නාට්‍ය තියෙන්නේ. හොඳම උදාහරණය මේ දවස්වල ජනප්‍රිය "කවුද සත්තු දෙන්නෙක්". ටෙලි නාට්‍ය කලාව සතෙකුට ගිහින්. සත්තු දාලා කළොත් දුවනවා වගේ තැනකට ඇවිත්.

 

මහේන්ද්‍ර පෙරේරා

මෙහි ඛේදවාචකය වෙන්නේ ඊළඟ පරම්පරාව "මේ තමයි නිවැරදි දේ" කියලා භාර ගන්න එක. වැරදි දේ හරි දේ හැටියට ප්‍රමිති ගත වෙන්න පටන් අරන්. එතන ඉඳන් විනාශය පටන් ගන්නවා.

 

කලාවට කලින් ව්‍යාපාර මූලික නිසාද මේ තත්ත්වය ඇතිවුණේ?

 

පුබුදු චතුරංග

 

කලාව කියන ව්‍යාපාරය හරියට කරන්න පුළුවන්. අද වෙද්දි මේක සිල්ලර වෙලා තියෙන්නේ. අවශ්‍ය නම් සුපර් මාකට් එකක් කරන්නත් පුළුවන්.

 

මහින්ද්‍ර පෙරේරා

මෙවට මාධ්‍ය ආයතනත් වගකිව යුතුයි, ඉතා සුළු ලාභයක් බලාපොරොත්තුවෙන් මේවා නිර්මාණ කරනවා.

 

පුබුදු චතුරංග

මාධ්‍ය ආයතනයක් විසින් කලාකරුවෙකුට දැන් ගෙවන මුදල අඩුවෙලා. නමුත් ප්‍රේක්ෂකාගාරය වැඩි වෙලා. මේ තත්ත්වය තුළ නළු නිළියන්ට ගෙවන ගාණ අඩු වෙනවා. පැය ගානට ගෙවන තත්ත්වයට ඇවිත්.

 

මහේන්ද්‍ර පෙරේරා

විෂයේ ගරුත්වය කෙලෙසා අවසන්. මේ ක්ෂේත්‍රයට වෛශ්‍යයන් යොදවා අවසන්. දවසකට සීන් 25-40 පමණ ෂුට් කරගන්න ට්‍රියි කරන්නේ. මේ කුණුගොඩ දිහා බලන් ඉන්නවා. අපිත් මේ කුණුගොඩ අස්සේ ජීවත් වෙනවා. හරි අපූරු කතාවක් තියෙනවා, කුණක් ගඟේ පාවේවි යනවා. එහෙම යනකොට එක එක කුරුල්ලෝ වටවෙවී. මේ කුණ කමින් රසවිඳිමින් යනවා. මළ කුණ ගඟ දිගේ ගිහින් සාගරයට වැටෙනවා. සාගරයෙත් ඒ පක්ෂීන් කුණ කකා යනවා. සාගරය මැද්දටම ගිහින් කුණ කාලා අවසන්. පියාඹන්න බලන කොට පියාඹන්න තැනක් නෑ. එතනම වැටිලා මැරෙන්න වෙන්නේ. එහෙම තත්ත්වයක අපි මේ ගමන් කරන්නේ.

 

වර්තමානයේ සිනමාව මීට වඩා යම් ඉදිරියක තියෙනවා?

පුබුදු චතුරංග සිනමාව, සිනමාව විසින් පවතින්න උත්සාහ කරනවා. නමුත් භෞතිකය විසින් ඉඩ දෙන්නෙ නැහැ. ලංකාවට පැමිණි ඉන්දියානු සිනමාකරුවෙක් වරක් ප්‍රකාශ කලා ලංකාවේ සිනමාව හා ඉන්දියාවේ සිනමාව සමාන තත්ත්වයක තිබුණ කියලා. හැත්තෑව දශකයෙන් පසුව ලංකාවෙ සිනමාව ගැන ඔවුන්ට අහන්න ලැබුණෙ නැහැ කියලා කිව්වා. පසුව එක ළඟ ළඟ හොඳ සිනමා නිර්මාණ බිහිවුණා. එය රජය දැක්කා. සිනේ ප්ලෙක්ස් කන්සෙස්ප්ට් එක සිනාමවට හඳුන්වා දුන්නා. දැන් හොඳ චිත්‍රපට ළඟ ළඟ හැදීගෙන එනකොට රජයක් සවිඥාතිකව උදව් කළ යුතුයි.

 

මහේන්ද්‍ර පෙරේරා

මෙරට සිනමා ශාලා හයසීය ගණනක් තිබුණු රටක්. අද වනවිට එය එකසීය ගණනකට අඩුව තිබෙනවා. ඉන් 60ක පමණයි සිංහල චිත්‍රපට තිරගත වෙන්නේ. වැහිලා යන සිනමා ශාලාවක් නැවත කොතැනකවත් විවෘත වෙන්නෙ නැහැ. නීතියේ තිබෙනවා සිනමා ශාලාවක් එලෙස වැසිය නොහැකියි කියලා. එතන ලොකු බිල්ඩින් එකක් හදනවා නම්, එතන සිනමා ශාලාවක් ස්ථාපිත කළ යුතුයි. හැම නගර සභාවකම සිනමා ශාලා සඳහා ඉඩක් වෙන්කළ යුතුයි. මේ එකක්වත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.

 

පුබුදු චතුරංග

මේ තරම් ඇමතිවරු ඉන්න රටේ ඔවුන්ගෙ මාසෙක ආදායම දෙන්න මේ රටේ සිනමාව ගොඩනගලා පෙන්වන්න.

 

මහේන්ද්‍ර පෙරේරා

අපිට DCP දියව් කියලා පෙළපාළි ගියා, චිත්‍රපට සංස්ථාව වටේ. ඒ භෞතික කාරණා ඉටුවිය යුතුයි. ලස්සන කිට් එකක් මහලා ඇඳගෙන යන්න හයියක් නෑ වගේ ඉන්නවා.

 

දේශපාලනය හා කලාව

දේශපාඥයා තමයි මේ මොහොතේ චූන් එක විඳිමින් ඉන්නේ. ලස්සන මිනිස්සු ඉන්න දේශපාලනයක් ලෝකෙ කොහේවත් නැහැ. විකෘතියක් වෙලා තියෙන්නේ. බලයට වසගයක් එකතු වුණාම මාර චූන් එකක් වෙලා තියෙන්නේ. නළුවෝ නිළියෝ විඳින්න ඕන චූන් එක මේ වෙලාවේ දේශපාලඥයන් විඳිමින් ඉන්නවා. විනෝදය විඳිමින් ඉන්නවා. ඔවුන් අකමැතියි මේ තත්ත්වයට කලා කරුවෝ එනවට.

 

මහේන්ද්‍ර පෙරේරා

කලාකරුවෝ දේශපාලනය කරන්න ගියාම දේශපාලඥයෝ තමයි කලාව කරන්නේ.

 

පුබුදු චතුරංග

ඉතිං දැන් හරිනේ.... එකනේ වෙලා තියෙන්නේ.....

 

මහේන්ද්‍ර පෙරේරා

ක්‍රිකට් ගහන කෙනා බණ කියන්න ගත්තම හරි ප්‍රශ්නයක් වෙනවා නේ. හැමදේම පටලැවිල්ලක් වෙලා තියෙන්නේ. භෞතිකවාදි වෙන්න වෙන්න මිනිසුන්ගෙ ආශාවත් වැඩියි. මනුස්සකම් අමතකව වෙනවා. තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණය කොතරම් දියුණු වුණත්, තාක්ෂණයට පුළුවන්ද ශේක්ෂ්පියර්ව හදන්න. තාක්ෂණයට ප්‍රේමසිරි කේමදාසව හදන්න පුළුවන්ද? තාක්ෂණයට අමරදේව හදන්න පුළුවන්ද? ස්පීල්බර්ග්ට පුළුවන් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න විතරයි. නමුත් ස්පීට් බර්ග්ව හදන්න බැහැ. එක කොහොමද හැදෙන්නේ.

 

පුබුදු චතුරංග

පාලකයන් විසින් අහිමිකරන්නෙ චින්තකයො, ඒක ඛේදවාචකයක්. හිතන්න ඕන නැති තැනට මිනිස්සු ගෙන්නෙ දේශපාලනඥයන්. අතිශය භෞතික වූ නිෂ්පාදන මිනිසුන්ගේ සබඳතා මැද්දට පැනපු එක. ඒනි හිතන්නෙ නැති මිනිසුන් පිරිසක් බිහිවෙලා තියෙනවා.

 

මහේන්ද්‍ර පෙරේරා

වල් බිහිවුණාට පස්සේ සම්පූර්ණ සුද්ද කරනවා ඇරෙන්න, තෝරාබේර ගන්න බෑ.

 

පුබුදු චතුරංග

තාම වල්ගස් අතර හොඳ ගස් තිබෙනවා. එය තෝරා බේරා ගන්නෙ නැත්නම් වල්ගස් අතරම ඔවුන් මැරෙයි. ඛේදවාචකය තමයි වල්ගස් %මල් ගස්^ ලෙස හඳුන්වන්න ගන්නවා.

 

මහේන්ද්‍ර පෙරේරා

ඊට පස්සේ වල්ගස්, මල්ගස් විදිහට වැජඹෙන්නවා. වල් බිහිවීම ඛේදවාචකයක්. කලාකරුවෙක් ලෙස පෝෂණ වෙන්න අවකාශයක් නෑ. කලාව වෙනුවෙන් කෑ ගහලා දේශපාලනය ගිය අය අද කෝ. කෑ ගහලා ඔවුන් ගියානම් ඔවුන් මෙය භාරගත යුතුයි.

 

නිදුක් මදුෂික/ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු

 

2016-10-04-ent-20
2016-10-04-ent-19



අදහස් (0)

එක වගේ දෙන්නෙක් - 'මහේන්ද්‍ර - පුබුදු'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 185 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 112 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 270 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 121 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 632 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1331 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site