IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


එංගලන්තය යුරෝපා හවුලෙන් දික්කසාදවෙයි

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා කැමැත්ත පළකරමින් එරට බහුතරයක් ඡන්දය පාවිච්චි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 28කි. යුරෝපයේ ප්‍රබලම රාජ්‍ය ඉන් ඉවත් වීමත් සමග සාමාජික රටවල් ගණන 27ක් විය. යුරෝපා හවුල යූරෝ මුදල් ඒකකය භාවිතයට ගත්තද එහි සාමාජිකව සිටි මහා බ්‍රිතාන්‍යය එම මුදල් ඒකකය පාවිච්චි කළේ නැත. ඒ වෙනුවට ඔවුන් පරණ ස්ටර්ලින් පවුම් මුදල් ඒකකය භාවිත කළේය. 

බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් 52%ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇත. 48%ක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

යුරෝපා එකමුතුව වෙනුවෙන් ඇතිකළ යුරෝපා හවුල ඉරිතලා යෑම මෑත ඉතිහාසයේ ලද ලොකුම පසුබෑමක් ලෙස සැලකේ. 

මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්‍ය වෙළඳපොළ අවපාතයකට ලක්විය. ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය. 

ලොව පස්වැනි ආර්ථික බලවේගය වන ලන්ඩනයට මෙයින් මරු පහරක් වැදී ඇතැයි විශ්ලේෂකයෝ කියති. ඩොලරය හා සසඳන විට යූරෝව 4%කින් පහළ වැටෙනු ඇත. 

යුරෝපා හවුලේ රටවලින් ප්‍රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගත්හ. ජපානයේ යෙන් මුදලද ඉහළ ගියේය. 

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ‍ ගෙන ගියේය.

යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කළ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පරාජය වීම නිසා ඔහු වහා ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයෙන් හඬක් නැගෙමින් පවතී.

ලොව බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බරක් ඔබාමාගේ මතය වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සිටිය යුතු බවයි.



අදහස් (0)

එංගලන්තය යුරෝපා හවුලෙන් දික්කසාදවෙයි

සුරංග Friday, 24 June 2016 06:29 PM

එංගලන්තයේ ආරක්ෂාවට වැදුණු මරු පහරක්. ඔය අපේ රටේ ඇවිල්ලා පදිංචිව ඉන්න අය වගේ එහෙත් විශාල පිරිසක් තමන්ගේ අණසක පතුරවාලමින් ඉන්න යුගයක්. රටක් තනි කරගත්තහම සතුරාට වාසියි. මොනවා වුණත් ත්‍රස්තවාදය දළුලන කාලයේ මෙහෙම වෙන්වීම ආරක්ෂාව අතින් එංගලන්තයට පාඩුවක්. මේ ඡන්ද 52% ඇතුළත ලොකු විනාශයක් තියෙනවා. (නි)

:       0       1

විජේ Friday, 24 June 2016 09:06 PM

ඉහත ලියා ඇති අය ජීඑස්පී ගැන මොකුත් දන්නා දෙයක් නැහැ වගේ (නි)

:       0       0

ශානක Friday, 24 June 2016 09:42 AM

නියමයි, දැන් යුරෝපෙට වැඳගෙන ගිය අයට ඇපත් නැහැ. එංගලන්තේ සුද්දෝවත් යුරෝපේ ගණන් ගන්නේ නැතිකොට අපේ අයට පුදුම අමාරුවක් තිබුනේ යුරෝපා සංගමය ගැන (නි)

:       0       0

සෑම් Friday, 24 June 2016 05:07 AM

යුරෝපා සංගමය යුරෝ එක හඳුන්වාදුන්නේ යු එස් ඩොලර් එකත් සමඟ තරඟ කරන්නයි. නමුත් ග්‍රීසිය වැනි බංකොලොත් ආර්ථිකයන් ගොඩගැනීමට සිදුවුණේ ජර්මනියට සහ එංගලන්තයටයි. දැන් එංගලන්තය අයින් වුණාම බංකොලොත් රටවල් ඇදගෙන යාමේ හැකියාව තවත් හීනවෙනවා (නි)

:       0       0

ගාල්ලගේ Saturday, 25 June 2016 02:29 AM

ගොඩක් හොඳ තීරණයක්. (නි)

:       0       0

යසන්ත Friday, 24 June 2016 05:23 AM

අපි බලමුකෝ ඔහොම ගිහින් මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටාසන් Friday, 24 June 2016 05:27 AM

ප්‍රශ්න විසඳන ලස්සන බලන්න (ම)

:       0       0

ජබීරා Friday, 24 June 2016 05:38 AM

අන්තර්ජාතික හවුල් වලට මාරු පහරක් අනිකුත් ජාත්‍යන්තර සංවිධාන තර්ජනයකට මුහුණ පානවා (ම)

:       0       0

පාඨලී Friday, 24 June 2016 05:49 AM

අවසන එය එසේම සිදුවිය (නි)

:       0       0

සරත් හෙට්ටිආරච්චි Friday, 24 June 2016 05:56 AM

බ්‍රිතාන්‍ය යුරෝ ඔවුන්ගේ මුදල් හැටියට බාරගත්තේම නැත. ඔවුන් භාවිතා කළේම ඔවුන්ගේ මුදල් වු පවුමය

:       0       0

ප්‍රියන්ති Friday, 24 June 2016 10:54 AM

එංගලන්ත පාර්ලිමේන්තුවට තිබුන සෛවරීභාවය පලුදු වුණේ යුරෝපා සංගමයට බැඳුන නිසා. එංගලන්තයේ සුප්‍රීම් උසාවියට ඉහළින් යුරෝපා සංගමයේ උසාවියක් තිබුනා. ඒ අනුව ඕනෑම පනතක් සම්මත කරනවිට එම පනත යුරෝපියන් යුනියන් එකේ මානව හිමිකම් නීතියට එය ගැළපෙනවද නැද්ද යන්න ගැන විමසා සිටිය යුතුවෙනවා. ඒ අනුව එංගලන්ත පාර්ලිමේන්තුවට සහ අධිකරණයට තිබුන අනගිභවනීය තත්වය යුරෝපා සංගමය නිසා හෑල්ලුවට ලක්වුණා. එංගලන්ත පාර්ලිමේන්තුවට ඕනෑම පනතක් සරල බහුතරයකින් සම්මත කරගැනීමට පුළුවන්. (නි)

:       0       0

සුරනි Friday, 24 June 2016 06:00 AM

අපේ සෙට් එකක් අපේ සල්ලිවලින් එහෙ ගිහින් අපේ අයට කෑගහගහ ගියා ඉවත්වෙන්න ඡන්දෙ දෙන්න එපා කියල. ඉවත් වුනොත් ලංකාවට වැලේ වැල් නැතිවෙනවා කියල.... (බ)

:       0       0

නීල් Friday, 24 June 2016 05:59 AM

ඔය අහරේ මෙහෙ යන ආගම් වාදියෝ සෙනගන් විසා වලින් වැද්ද නොගත්ත නම් ජනතාවගේ ඔය තරම් ඕවට විරෝධයක් ගොඩනැගෙන්නේ නැහැ. යුරෝපා හවුලේ සරණාගත නීතියෙන් බැටකාපු රටක් බ්‍රිතාන්‍යය. ඔක්කොම ත්‍රස්තවාදී කුනුගොඩට එහෙ පැනල රටම නන්නත්තාර කරනවා. (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 25 June 2016 04:49 AM

තීරණයේ ප්‍රතිවිපාක කුමක් උනත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේගැන ජනතාවගේ මතය විමසා ජනමත විචාරණයක් පවත්වන්න තරම් ප්‍රජතන්රවාදී වුනා, අගමැති ඉල්ලා අස් වුනා , නමුත් අපේ දෙශපාලකයන් එහෙම කරාවිද ? (ර)

:       0       0

සම්පත් Friday, 24 June 2016 11:19 AM

මේ වෙන්වීමෙන් හොඳම වාසිය ලැබෙන්නේ රුසියාවට. (නි)

:       0       0

ජානකි පෙරේරා- එංගලන්තය. Saturday, 25 June 2016 05:02 AM

අජිත් රණසිංහ මහත්මයාණෙනි, ඒ ඔයා දන්නා තරමනේ... මම දන්නා තරමින් නම් බ්‍රිතාන්‍යයින් අවුරුදු 500ක් පමණ යටත් විජිත වලින් කොල්ලකාගත් රත්තරන්, දියමන්ති වැනි වටිනා ලෝහ අති විශාල සංචිතයක් තියෙන රටක්. ඒ අයට ශක්තිමත් ලෙස පවතින්නට හොඳටම පුළුවනි. (ර)

:       0       0

කමිඳු Friday, 24 June 2016 06:35 AM

එංගලන්තේ ඉන්න ලංකාවේ අය කවුරුත් අයින්වෙන්න ඡන්දය දුන්නේ (බ)

:       0       0

කසුන් Friday, 24 June 2016 06:48 AM

අපේ රටවලටත් මේවා හොද පාඩම්. ඉක්මනින් බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න. (බ)

:       0       0

ඩිල්ෂාන් Friday, 24 June 2016 01:50 PM

ලංකාව විනාශ කරන්න සූදානම් වුණ කට්ටිය හතරගාතෙන් වැටිලා. (නි)

:       0       0

අජිත් රණසිංහ Friday, 24 June 2016 01:50 PM

මම දන්නා තරමින් බ්‍රිතාන්‍යයන්ට කුණු කූඩ අවුස්සගෙන කන කාලේ වැඩි ඈතක නැහැ. එතකොට රජපවුල පවත්වාගෙන යාමටත් ප්‍රශ්නයක් වේවි (නි)

:       0       0

දහම් Friday, 24 June 2016 07:27 AM

අපේ ඇමතිලා එංගලන්තේ ගිහිල්ලා වෙන්වෙන්න එපා කියලා ඡන්දෙ දෙන්න උපදෙස් දුන්නේ නැද්ද? අපරාදේ රටේ සල්ලි ! (නි)

:       0       0

කරුණාසේන Friday, 24 June 2016 02:05 PM

ඉවත්ව‍ෙන්න කියලා ඡන්ද‍ෙ දීපු අයට ව‍න්න්‍ෙ තව අවුරුදු 10 - 20 විතර ඉන්දියන්කාරයා්‍ෙ යටත්‍ෙ හා්‍ෙ පකිස්තාන්කාර යා්‍ෙ යටත්‍ෙ වැඩ කිරීමටයි. දැනටමත් වැඩි කා‍ෙටසක් පාලනය කරන්න්‍ෙ ඔවුන්. (නි)

:       0       0

සිරි Friday, 24 June 2016 07:32 AM

ජනමත විමසුම ඉල්ලා සිටියේ තමන් බව පවසා පරාජයේ වගකීම පිළිගත් බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වන බව පැවසුවේය. ලංකාවේ දේශපාලඥයින්ට මෙය ආදර්ශයක් වේ නම් කෙතරම් වටිනවාද? (නි)

:       0       0

ඉමේෂ් Friday, 24 June 2016 07:33 AM

අපේ පාලම හදන එකත් නවතියිද? ආයේ ලෝකෙම ප්‍රශ්න ගොඩක පැටළෙන්න වගේ යන්නේ. (නි)

:       0       0

විජය Saturday, 25 June 2016 07:05 AM

ලංකාව වගේම එංගලන්තයත් දුපතක්. යුරෝපයේ නොදියුණු රටවල් වලින් ලක්ෂ ගණනින් මිනිසුන් එංගලන්තයට සංක්‍රමණය වී එහි ඇති සමාජ සත්කාර සහ සෞඛ්‍ය සේවා අසාධාරන ලෙස ලබාගැනීම එංගලන්තයේ ජනතාවට මහත් ප්‍රස්නයක් උනා. මේ සිදුවීම ලංකාවටත් හොඳ පාඩමක්. (ර)

:       0       0

තිලක් - නුවර Saturday, 25 June 2016 07:15 AM

අපිට බලෙන් දෙන්න යන පෙඩරල් ක්‍රමයට වැදුනේ මරු පහරක්. ඉවත් වෙමු කියපු අයගේ ප්‍රධාන අදහස වුයේ, පෙඩරල් ක්‍රමය ප්‍රජාතන්ත්‍රයට අභියෝගයක් කියලා. හේතුව ඒකීය රටක් එතුල පවතින්නේ නැති නිසා. (ර)

:       0       0

ලුම්බිණි Friday, 24 June 2016 07:42 AM

ඉතිහාසයේ ශෝක ජනක දිනයක්. (ම)

:       0       0

සත්‍යයා Friday, 24 June 2016 02:41 PM

යුරෝපා හවුල තුළ සිටින නැගෙනහිර යුරෝපීය රටවල මිනිසුන් ලක්ෂ ගණනින් මහා බ්‍රිතාන්‍යයට ඇදී ආවේ එවැන්නන්ට හා සරණාගතයින්ට විශාල වශයෙන් සමාජ සත්කාර ලැබුන නිසා. මේ නිසා ඒ රටේ බදුගෙවන්නන් සිටියේ මේ තත්වය ගැන කළකිරීමෙන්. මෙවැනි අතුරු ප්‍රශ්න වලට අභ්‍යන්තරික වශයෙන් පිළිතුරු සොයාගන්න මහා බ්‍රිතාන්‍යය පොහොසත් වුණා නම් යුරෝපා හවුලෙන් ඉවත්වීම පිළිබඳ ඇතිවන ප්‍රශ්න ගණනාවක් වළකාගන්න තිබුනා. (නි)

:       0       0

දුමින්ද Friday, 24 June 2016 07:57 AM

ජී එස් පී ප්ලස් මාළු සහන කොට උඩද (බ)

:       0       0

ඩිල්ෂාන් Friday, 24 June 2016 08:09 AM

යහපාලනේට තිබුන යුරෝපා හයිය අඩුවුණා. හරි සතුටුයි. අන්තිමට යහපාලනේ වෙවුලාගෙන බිම වැටෙනවා දකින්න පුළුවන්. (නි)

:       0       0

ඒකනායක Saturday, 25 June 2016 10:24 AM

සතුටුදායක පුවතක්! (නි)

:       0       0

රූපවතී Friday, 24 June 2016 05:45 PM

බ්‍ර්තාන්‍ය යුරෝපා හවුලෙන් ඈත්වීමට එකම හේතුව යුරෝපා හවුලට අයත් අනෙකුත් දුගී රටවල මිනිසුන් බ්‍රිතාන්‍යයේ පදිංචිවීමට වැලනොකැඩී පැමිණීමත්, ඒ යුරෝපා සාමාජික රටවල මිනිසුන්ට කිසිම බාධකයකින් තොරව රට තුළට ඕනෑම විටෙක පැමිණ පවුල් පිටින් පදිංචි වී එරට පුරවැසියන්ට ලැබෙන සියලුම වරප්‍රසාද ලබමින්, රැකියා අධ්‍යාපන ආදී නොමිලේ සෑම වරප්‍රසාදයක්ම එරට විසින් ලබාදීමත්ය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 154 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 199 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 189 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 224 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1251 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 807 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site