IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එංගලන්තය සිරියාවට මාරක රසායන විකුණලා

සාරින් නම් මාරක ගෑස් වර්ගය නිපදවීම සදහා බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් සිරියාවට සෝඩියම් ෆ්ලෝරයිඩ් රසායනය විකිණූ බව බ්‍රිතාන්‍යයේ ‘මේල්‘ පුවත්පත කියයි.

මෑතදී මෙම මාරක ගෑස් ගැසීම නිසා 1400ක් මරුමුවට පත්වූහ.

2004 ජූනි හා 2010 මැයි කාලයේදී බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් එම රසායනය විකිණූ බව බ්‍රිතාන්‍ය රජය පිළිගත්තේය.

එය මාරක රසායන සම්බන්ධයෙන් පවතින අන්තර්ජතික නියමාවලිය පැහැදිලි ලෙසම උල්ලංගනය කිරීමක් බවත් කියති.

සිරියාවේ සුවඳ විලවුම් සමාගමක් නමින් මෙම රසායනය යවා ඇති බවත්, සිරියා ජනාධිපති අසාද් එවැනි සමාගම්වලින් අවි නිපදවීම සඳහා රසායන ලබා ගන්නා බවත් කියති.

මෙම සාරින් ගෑස් සයිනයිඩ් විසට වඩා පන්සිය වාරයක් දරුණු බවත්, එය ආග්‍රහනය කිරීමට හෝ හමෙන් සිරුටට ඇතුළු කිරීමට හැකි බවත්, අධි මාත්‍රාවකින් පෙනහළු මාංශපේෂී ක්‍රියා විරහිත වී මිනිත්තු ගණනකදී කෙනකු මරා දැමිය හැකි බවත් විද්‍යාඥයෝ කියති.

 



අදහස් (0)

එංගලන්තය සිරියාවට මාරක රසායන විකුණලා

අනුර - නාවලපිටිය Sunday, 08 September 2013 08:26 PM

එහෙනම් යුද්ධය ප්‍රකාශ කරන්න උදව් දෙන්න.(නදී)

:       0       0

පොඩි Monday, 09 September 2013 12:43 PM

මාටින් ළමයෝ සුද්ද ලංකාවට ආවේ නැත්නම් අද ලංකාවේ මිනිස්සු උසස් බුද්දියකින් හෙබි මිනිස්සු කිසිම රටකට යටත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

විජේසිංහ Monday, 09 September 2013 12:40 PM

ආසියානු, අප්‍රිකානු රටලව ප්‍රශ්න ඇති කරන්නේ වෙන කවුරුත් නෙමේ සුද්දෝ තමයි. බින් ලාඩන්, තලෙයිබාන්, සදාම් හුසේන් මේ හැම කෙනා ම පිටිපස්සෙන් හිටියේ බටහිර රටවල්. එල්ටීටිඊයටත් නොයකුත් ආකාරයෙන් එයාලා උදව් කලා. (ස)

:       0       0

ගාමිණී Sunday, 08 September 2013 10:14 PM

දැන් පේනවනේ මේ අයගේ වැඩ. කෝ අර පිල්ලේ නෝනා. ලංකාවේ තිබුනා කියන හැම ප්‍රස්නයකම ඔය මිනිස්සු ඉන්නවා .ඒ විතරක් නෙමේ ලංකාවේ සමහරු වාසි බලාගෙන වැඩ කරන අය කෙල හල හලා ඒ අය දිහා බලාගෙන ඉන්නවා.(නදී)

:       0       0

සනත් Monday, 09 September 2013 12:52 PM

යාළුකම් පැත්තට දාලා ඇමෙරිකාව ඉස්සෙල්ලම එංගලන්තයට සම්බාදක දාලා ගහන්න ඕනේ, ලෝකෙට ආධර්ශමත් වෙන්න.(නදී)

:       0       0

සේරම් පැරිස් Monday, 09 September 2013 12:06 AM

කවුරු ගැසුවාද කියන එක තමා හොයලා බලලා දඬුවම් කරන්න ඕනෑ. (නි)

:       0       0

සරෝජ් Monday, 09 September 2013 12:09 AM

සුද්දෝ අපේ රටට ආවේ නැත්නම්, තේ සහ රබර් නිෂ්පාදනයට ඉන්දියාවෙන් දමිළයන් ගෙනාවේ නැත්නම්. මේ ප්‍රශ්න අපේ රටෙත් බොහොම අඩුය. (නි)

:       0       0

රෝහණ Monday, 09 September 2013 12:28 AM

ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් විෂ නිෂ්පාදනය කර පිටරට වලට‍ විකුණලා යුද්ධයකට පාර කපලා , ඊට පස්සේ ඒ කරපූ රහස් ගණුදෙනුව ලෝකයට හෙලි වෙන්න කලින් ඒ රටවලට බොරු චෝදනා දාලා ඒ රටවලට ගහලා ඒ අයට නැවෙන පඹයෙක් ගානට ඒ රටවලට පත් කරන්න තමයි ඔය ලොක්කන් උත්සාකරන්නේ.(නදී)

:       0       0

ධම්මික Monday, 09 September 2013 12:34 AM

ඔබට‍ විශ්වාස කල හැක්කේ මැරුණු සුදු මිනිසා පමණි.(නදී)

:       0       0

රන්ජි Monday, 09 September 2013 03:25 AM

ඔය එළිවෙන්නේ ටික ටික.තව ටික දවසකින් ඕවා ගැහුවේ කව්ද කියලත් එළිවෙයි. ඒත් වැඩක් වෙන්නේ නැහැ පොඩි රටවල් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. (නි)

:       0       0

ධම්ම Sunday, 08 September 2013 04:25 PM

දෙයියනේ, එංගලන්තේ මෙහෙම දෙයක් කළා? විස්වාස කරන්නත් අමාරුයි. අගමැතිතුමාත් පයින් ගිහිල්ලා ආදර්ශය පෙන්වන රට.(නදී)

:       0       0

ගීතා Sunday, 08 September 2013 04:49 PM

එංගලන්තය දන්නවා තිරය පිටුපස නාටකය හොදින් රගපාන්න. සුද්ද හොදට දන්නවා අනුන් ලවා කොස් ඇට බාන්න. (නදී)

:       0       0

ලංකාසිරි Sunday, 08 September 2013 05:19 PM

අපි මේ රටේ හිටියට ඒකයි හැමදාම කිව්වේ සුද්දා භයනකයි කියලා. වැඩි හරියක් ප්‍රශ්ණ වල යටින් ඉන්නේ ඒ අය.(නදී)

:       0       0

මාටින් Monday, 09 September 2013 08:35 AM

සරෝජ්, සුද්දෝ අපේ රටට ආවේ නැත්නම්, තේ සහ රබර් නිෂ්පාදන නෑ. තියෙන්නේ වෙනිවල්ගට, වල් පට්ටා, ලංකාව එහෙනම් තවම ආදිවාසීන්ගේ (දී)

:       0       0

කිර්ති Monday, 09 September 2013 09:13 AM

දැන් තේරෙනවා කව්ද දිය යටින් ගින්දර ගෙනියන්නේ කියලා. (දී)

:       0       0

දසුනි Sunday, 08 September 2013 06:34 PM

ඒ අය දෙයක් කලොත් ඒ දේ කෙරුවා කියලා පිලිගන්නවා. තරාතිරම නොබලා වරදට දඩුවම් කරනවා. එහෙම බලද්දී අපි තරම් භයානක නැහැ.(නදී)

:       0       0

අල්විස් Monday, 09 September 2013 09:13 AM

රෝහණ ඔබ හරියට හරි. චැනල් 4 එකත් තියෙන්නේ ඔය කියන රටේ නේද ? (ස)

:       0       0

චාන් Sunday, 08 September 2013 06:31 PM

එහෙම නම් දැන් ගැසිය යුතු වන්නේ සිරියාවට කලින් එංගලන්ටයටය.(නදී)

:       0       0

සෙනෙවි Monday, 09 September 2013 09:34 AM

රොබට් බ්‍රවුන්‍රිග් ඉස්සර කරක් ගහපු පලාතකද මාටින් ඉන්නෙ. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 09 September 2013 09:38 AM

මොන විදියකින් හරි සිරියාවට ගහන්ට පොටක් පාද ගන්ඩ වගෙයි හදන්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 08 September 2013 07:06 PM

මේ අයගේ යටි කූට්ටු වැඩ හරියට තියෙනවා. ලංකාවේ යුද්දේ නැති වුනාට බටහිර අකමැති මේ හින්දයි. එය ඔවුන්ට හොද ආදායම් මාර්ගයක්.(නදී)

:       0       0

මනෝහරන් Sunday, 08 September 2013 07:11 PM

චාන්, මාත් ඉන්නේ ඔතනමයි.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 08 September 2013 07:23 PM

අඩු වශයෙන් එංගලන්තේ පත්තර කාරයන්ට පුළුවන් උනා මේක එලිදරවු කරන්න. මොකද ඒ අය දන්නවා තමන්ට කරදරයක් නොවෙන බව. (නදී)

:       0       0

කුමාර Sunday, 08 September 2013 07:28 PM

සුද්දො බලු වැඩ කලේ අද ඊයෙ නොවේ. අතීතයේදි ඇමරිකාව නවසීලන්තය ඕස්ට්‍රේලියාව හදනකොට ස්වදේශීය වැසියන් ඝාතනය කලේ දඩයම් කරලා සහ වස දාලා .අපේ රටවල් වල සිදුකල ඝාතන දැන් ඉන්න මිනිස්සු දන්නෙත් නෑ ජපානය විනාශ කරන්න දාපු න්‍යෂ්ඪික බෝම්බ සිද්ධියට දඬුවම් කල යුතුයි.(නදී)

:       0       0

උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 07:36 PM

ඉරානය කියන අන්දමට මෙම සෙරින් ගෑස් . සිරියන් රජයට විරුද්ධව පාවිච්චි කිරීමට සෞදි රජය මගින් ත්‍රස්තවාදීන් අතට දීල තියෙන්නේ. ඉරානය මෙය ගෙන මාස ගණනකට කලින් ඇමෙරිකන් බුද්ධි සේවයට දෙනුම් දීලා. මෙය මාර්ගයෙන් සිරියන් රජය පටලවා යුද්ධ යක් ඇති කිරීම පරමාර්ථය . මේවා සියල්ල පසු පස සිටින්නේ බටහිර රටවල් සහ ඇමෙරිකාවය.(නදී)

:       0       0

දුම්මලසූරිය Monday, 09 September 2013 11:32 AM

රන්ජි හරි.....බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ...... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1314 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 74 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1220 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 196 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2053 4

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32327 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site