IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එංගලන්ත කණ්ඩායමට මාලිංග භීතිකාවක්

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරඟයකට අද එංගලන්තය සමඟ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාපිටියෙදී පැවැත්වෙයි. ආසන 23,500 සහිත ඕවල් පිටියේ සියලුම අවසරපත් දැනට විකිණී අවසානය. මේ අතරට ශ්‍රී ලාංකා කණ්ඩායමේ ජය ප්‍රාර්ථනා කරන දහසකුත් දෙනා ඇතුළත්වෙයි. නවසීලන්තය සමඟ පැවති මුල් තරගයේදී තරඟ විනිසුරුවන් ලබාදුන් සමහර තීරණ ශ්‍රී ලංකාවට අවාසිදායක වූ බව ලංකා කණ්ඩායමට සහයෝගය දක්වන ක්‍රීඩා ලෝලයින්ගේ මතය වී ඇතිබව පෙනේ.මෙම පිරිස් ඕවල් පිටියේ තරගය නැරඹීම සඳහාද කල්තියාම අවසරපත් වෙන්කරවාගෙන ඇත. ඒ කෙසේ වුවද අනපේක්ෂිත අන්දමට මේදිනවල එංගලන්තයේ ගිම්හාන ඍතුව සීත ඍතුවේ ස්වභාවයක් පෙන්නුම් කරන්නට පටන්ගෙන ඇත. අද (13) බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේ පැවති නවසීලන්ත ඕස්ට්‍රේලියා තරගය අයහපත් කාලගුණය නිසා අතරමඟ නවතාදැමීමට සිදුවිය.

වැස්ස නිසා තරගය අවලංගු කිරීමේ හේතුවෙන් නවසීලන්තයයේ ලකුණු සංඛ්‍යාව  3 දක්වා ඉහළගිය නමුත් ඔස්ට්‍රේලියාවට තරඟ  දෙකක් ක්‍රීඩාකිරීමෙන් පසුව ලබාගෙන ඇත්තේ ලකුණු දෙකක් පමණි. අද ඕවල් තරංග පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත තරගයෙන් ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජය ගත යුතුය. ශ්‍රී ලංකා එංගලන්ත තරගය පිළිබඳව බ්‍රිතාන්‍ය ක්‍රිකට් වාර්තා කරුවන් විවිධාකාර උපදෙස් සහ අනාවැකි ලියා ඇත. මේ අතර ඉහලින්ම පෙනෙන්නට තියෙන්නේ ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් අතර පැවති තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග පෙන්වූ උපාය දක්ෂ නිපුණ තාවයයි. මේගැන කියන සමහර විචාරකයින් පවසා ඇත්තේ "එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට දැනටමත් හීන්දාඩිය දමා ඇති" බවයි. මාලිංගගේ 

ශූර පන්දුයවීමට තමන් මුහුණදෙන්නේ තිලකරත්න දිල්ශාන් ආරම්භකළ දැන් "දිලිස්කූප්" නමින් ක්‍රිකට් ඉතිහාස පොතට ඇතුළත්වී ඇති අසාමාන්‍ය පහරදීමේ විලාශය යොදාගනිමින් බව එංගලන්ත කණ්ඩායමේ හොඳම පිතිකරුවකුවන ජෝස් බට්ලර් කියයි. සමර්සෙට් ප්‍රන්තකන්ඩායමේ  22හැවිරිදි බට්ලර් එංගලන්තයේ නැගී එන ක්‍රිකට් 

තරුවක් බවට පත්වී ඇත.එංගලන්ත කණ්‌ඩායම සමාරම්භක තරගයේදී ඔස්‌ටේ්‍රලියාව පරාජය කළේය. ඒ නිසා මේ වන විට 'ඒ' කාණ්‌ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්‌ථානයට පත්ව සිටින ඔවුන්හට අද තරගය ජය ගතහොත් අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා වැඩි අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත. 

ශ්‍රී ලංකාව මේ වන විට නවසීලන්ත තරගය පරාජය වීම හේතුවෙන් අද තරඟය ජයගැනීම අත්‍යාවශ්‍ය වන තැනකට පත්ව ඇත.අද තරඟය සඳහා යම්හෙයකින් දේශගුණය මැදිහත් වුවහොත් එය ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් උදා කරන්නක් විය හැක.

ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගිවූ තරග හයකදී හතර වරක්‌ පරාජය වී ඇති අතර තරග දෙකක්‌ පමණක්‌ ජයගෙන තිබේ. සත්කාරක එංගලන්ත කණ්‌ඩායම ඕවල්   ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහී ප්‍රතිශතය 59% ක්‌ ලෙස පවත්වාගෙන යැමට සමත්ව තිබේ. එහිදී එංගලන්තය ශ්‍රී ලංකාව සමඟ තරග 38 කට සහභාගි වී ජයග්‍රහණ 15 ක්‌ ලබා තිබේ.



අදහස් (0)

එංගලන්ත කණ්ඩායමට මාලිංග භීතිකාවක්

උපාලි Friday, 14 June 2013 12:27 AM

එංගලන්තේ මාධ්‍යවලට නෙමෙයි නේද භීතිකාව හැදුනේ? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 13 June 2013 04:48 PM

ඈයි මීට කලින් මේවගේ දේවල් දෑකල නෑත්ද නිකන් වෑඩක් බලාගෙන යනව මනුස්සයො යන්න (අ)

:       0       0

සමීර සාලින්ද Thursday, 13 June 2013 04:55 PM

අපිට එදත් අදත් විරයා මාලිංග පමණි ........ ලංකාව තුල පමණක් නොව ලොව හොදම පන්දු යවන්න මාලින්ගේ පමණි (අ)

:       0       0

තාරක මධුෂංක Thursday, 13 June 2013 05:04 PM

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි (අ)

:       0       0

සංජු Thursday, 13 June 2013 05:18 PM

කුලසේකරත් ඉන්නවා අපි බය නැහැ. ශ්‍රී ලංකා කොල්ලෝ වසයි.අද ජය අපිට.(නදී)

:       0       0

ජෝන් Friday, 14 June 2013 02:50 AM

කුමාරි ඔයාට මොක ද වෙලා තියෙනනේ

:       0       0

ලලිත් Friday, 14 June 2013 03:15 AM

එංගලංතේ මාලිංග භීතිකාවෙන් මිදුනට සංගා භීතිකාවෙන් මිදෙන්න බැරිවෙයි. දැන් ඔස්ට්‍රලියාවට සංගා භීතිකාව වෙනකොට අපේ වෙන කවුරුහරි මීළඟ භීතිකාව වෙනතුරු අපි නොඉවසිල්ලෙන්.(අ)

:       0       0

ප්‍රභූ Friday, 14 June 2013 03:59 AM

නිහතමානී කුලසේකර හොදයි ඔලුව ඉදිමුන සමහරුන්ට වඩා. කුලා නිසා මැච් එක දිනුවා අපි (නි)

:       0       0

කුමාරි Thursday, 13 June 2013 06:01 PM

මාලිංගට අපි ගොඩක් ආදරෙයි. කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට නිහතමානී වෙන්න ඕනා. පොඩි පොඩි වැරදි කා අතිනුත් වෙනවා. ඒවා හදන් ඉදිරියට යමු සිංහ පැටියෝ.(නදී)

:       0       0

මිනිපේ Friday, 14 June 2013 06:56 AM

මට සමාවෙන්න ඕන...මාලිංග, මට නම් , තර්ජනයක් උනේ නෑ..පසුගිය අවුරුදු තුනක්, කිසිම ටුනමන්ට් එකකක.(අ)

:       0       0

පෙරේරා Thursday, 13 June 2013 06:51 PM

ලංකාවේ පාලන කණ්ඩායමට නම් එංගලන්තේ භීතිකාවක් වගේ.(නදී)

:       0       0

රණතුංග Thursday, 13 June 2013 07:19 PM

මොකද මේ නිකන් වෑඩක් බලාගෙන යනව මනුස්සයො යන්න (අ)

:       0       0

චාමි Friday, 14 June 2013 08:46 AM

ජයවේවා මාලිංග. ඔයා හොද උත්තරයක් දුන්නා. (නි)

:       0       0

ප්‍රභාෂ් Friday, 14 June 2013 09:29 AM

කාලෙකින් බලපු සුපිරිම මැච් එකක් ,කුලේගේ බැටින් නියමයි. සංගා ශක්තිමත් පවුරක් වුනා ජයග්‍රහණයට. මාලිංගත් සුපුරුදු රිද්මයට ආපු එක ලොකු හයියක්, නියමයි නියමයි. ඕස්ට්‍රේලියාවටත් දෙමු මේ වගේම. ජයවේවා අපේ සිංහයන්ට ! (නි)

:       0       0

ලසන්ත Friday, 14 June 2013 10:38 AM

මැච් එකේ අපේ අය හොදට සෙල්ලම් කළා. ඕස්ට්‍රේලියා එක කොහොමහරි හොදට ගහගමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1443 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 918 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1396 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 994 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 562 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37955 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site