කොළඹ වොඩ් පෙදෙසේ පැවැති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු උද්ඝෝෂණයේ සිසුන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් සාක්කි කොමිසම හමුවේ ඉදිරිපත් වී නොමැති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කීවේය.
එම නිසා එම නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව පියවරක් නොගැනීමට අද පැවැති සාකච්ඡාවක දී තීරණය ගත් බව ද කුරේ මහතා පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සතියකට පෙර නිර්දේශ කළේ පහර දීමට අන දුන් හා පහර දීම සිදුවන අවස්ථාවේ අධීක්ෂණය කළ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගන්නා ලෙසයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘එච්එන්ඩීඒ සිසු පහරදීම ගැන උසස් නිලධාරීන්ට දඬුවම් නෑ‘
ජානක Friday, 11 December 2015 04:51 AM
නිරාන්, මම ඔබගේ අදහස අනුමත කරමි. අපේ රටේ මිනිසුන්ට වාතයක් නොගියොත් එකටත් උද්ඝෝෂණ දන්නා කට්ටිය ඉන්නවා. නමුත් මේ උද්ගෝෂණ නිසා සාමාන්‍ය මහජනයා මුහුණපාන අවහිරතා වලට එරෙහිව උද්ඝෝෂණ කරන්න කවුරුත් නැහැ (ම)
විතානගේ Friday, 11 December 2015 06:29 AM
පහත් තැනින් යයි ගලා ජලේ ..(බ)
සුමාල් පෙරේරා Thursday, 10 December 2015 09:10 PM
විජේලතා රාජපක්ෂ, මේක සිද්ධවුණේ යහපාලන ආණ්ඩුවෙන්. රාජපක්ෂ ආණ්ඩුවෙන් නෙමෙයි. (නි)
ඉන්දු Thursday, 10 December 2015 09:15 PM
පහළ නිලධාරීන්ට පමණක් දඬුවම් දීමට අපිත් විරුද්ධයි (නි)
නිරාන් Thursday, 10 December 2015 09:19 PM
අපෝ! එදා පාර වහලා අපේ අම්මාට රෝහලට යන්න බැරිවෙලා ඒක කල්ගියා. දවස් 2 කට පස්සේ අම්මා මියගියා. මේ වගේ උද්ඝෝෂණ කරන අයට ගහන්න ඕනෑ මඩුවලිගෙන්. (නි)
චන්ද්‍ර වීරසිංහ Thursday, 10 December 2015 09:52 PM
මෙන්න බලන්න ආශ්චර්ය ගලා යන හැටි! (නි)
ඩඩ්ලි Thursday, 10 December 2015 10:10 PM
පුළුවන් ආකාරයකින් දඬුවම් කරන එක තමයි හොඳ. නැත්නම් ළඟදීම තවත් අයගේ ඔලු පළන්න පුළුවන් (නි)
සමිත් Friday, 11 December 2015 06:58 AM
මෙහිදී කරන ලද ක්‍රියාවලට අවශ්‍ය නියෝග හා අණ ලබාදීම සම්බන්ධයෙන් අපි උසස්වීම් දෙමු ඉහළ නිලධාරීන්ට. (ම)
වි. ජයපාල Friday, 11 December 2015 06:59 AM
ඒක හොදයි , මීට පස්සෙවත් උඩින් නියෝගයක් ආවහම හිතන්නේ බලන්නේ නැතුව ක්‍රියාත්මක කරන එක නවතී (ම)
සිරි අයියා Friday, 11 December 2015 07:40 AM
නීතියට ගරු කිරීම සහ නීත්‍යානුකූල පැවැත්ම (රූල් ඔෆ් ලෝ) යහපාලනයක ගුණාංගයකි. නීතියේ සීමාවන් ඉක්මයන උද්ඝෝෂකයන්ට මෙන්ම නිලධාරීන්ටද සුදුසු දඬුවම් පැමිණ වීමත් යහපාලනයක ගුණාංගයකි. තරාතිරම අනුව දඬුවම් පැමිණවීම යහපාලනයක ගුණාංගයක් නොවේ. (ම)
ටියුඩර් Friday, 11 December 2015 12:38 AM
අපි නම් හිතුවා මේවා මෙහෙම වෙයි කියලා (නි)
දිනේෂ් Friday, 11 December 2015 01:00 AM
ඇයි අර පහළ තනතුරේ ඉන්න පොලිස් පරීක්ෂකට දඬුවම් දීලානේ තියෙන්නේ. ඒ හොඳටම ඇති. (නි)
සුමිත් Friday, 11 December 2015 02:46 AM
ඔය ලොකු ලොකු නිලධාරීන් මාධ්‍යයට ඇවිල්ල කිව්වා නේද කිසිම පහරදීමක් වුණේ නැහැ කියලා? එයම මදිද සාක්කියට? (නි)
වසන්ත Friday, 11 December 2015 03:18 AM
මේක ඉතින් ශ්‍රී ලංකාවනේ (නි)
උද්දික Friday, 11 December 2015 03:22 AM
උසස් නිලධාරීන්ට නීතිය අදාළ නැද්ද? (නි)
රාධිකා Friday, 11 December 2015 03:30 AM
කොහොමත් ඉතින් ඒක මේ රටේ සාමාන්‍යයෙන් වෙන හැටිනේ (නි)
විජේලතා රාජපක්ෂ Thursday, 10 December 2015 03:57 PM
මොකට පඩි දී දී තියාගෙන ඉන්නේ ? පන්සල්වලටම අනුයුක්ත කරන්න . මල්වඩම් රජතුමාගෙන් බණ අහල යන තැනකට පාර කපාගන්න පහසුකම් සලස්වන්න (බ)
විජිත් Thursday, 10 December 2015 04:13 PM
" මිටි තැනින් ජලය ගලා යයි.. " (බ)