( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
එක්සත් ජාතික පක්ෂ සාමජිකත්වයෙන් නෙරපූ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනකු වෙනුවට වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයෙන් මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් හා එම පක්ෂ විනය කමිටු ලේකම්වරයා වෙත ඊයේ (15) වාරණ නියෝගයක් නිකුත් කළේය.
බද්දේගම ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් , කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රවරයෙකු ඇතුළු දිවයිනේ පළාත් පාලන ආයතන කීපයක් නියෝජනය කළ 21 දෙනකු මීට අයත්වේ.
ලබන 29දා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභිකයින් ලෙස කටයුතු කළ මංජුල වසන්ත, පී.එච්. ලියනගේ , කොළඹ නගර සභාවේ සභික ගමාච්චිගේ විජේදාස ඇතුළු විවිධ පළාත් පාලන ආයතන නියෝජනය කළ මන්ත්‍රීවරුන් 21 ක් දෙනෙකු විසින් ගොනු කර තිබූ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණය නියෝගය නිකුත් කළේය.
මෙම පැමිණිලි වල වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ. එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
එම වගඋත්තරකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.
පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් වන ෆර්මාන් කාසිම් හා තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉකුත් මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇති බවය.
සාමාජිකයින් නෙරපීමට පෙර ඔහුට සහ සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට පක්ෂය ක්‍රියාකර නොමැති බවත් ඒ තුළින් පක්ෂය ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ද එම ජනාධිපති නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසාඅධිකරණය අනතුරුව මෙම වාරණ නියෝගය හා නොතීසි නිකුත් කරන ලදී.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරු 21 වෙනුවට වෙනත් අය නම් කිරීම වළකයි