IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එජාපයෙන් පිරිසක් එන බව උප ඇමැති කියයි

ඉදිරි දින කිහිපයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කිහිප දෙනකු ආණ්ඩු පක්ෂයට එක්වන බව ප්‍රවාහණ නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද මාධ්‍ය හමුවක දී කීවේය.

‘මේ දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙක් ආණ්ඩුවෙන් යන්නේ නෑ.  එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අපේ ආණ්ඩුවට එනවා. පළාත් පාලන ආයතන කිහිපයක ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසකුත් ආණ්ඩුවට එනවා.

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුණේ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයකට. මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට අහුවුණා.‘



අදහස් (0)

එජාපයෙන් පිරිසක් එන බව උප ඇමැති කියයි

මිගිද Saturday, 22 November 2014 02:21 PM

ජගත්-අත කෝ?. එක සාක්කුවේ සල්ලි ගණන් කොරනවා. (ස)

:       0       0

ළහිරු අසංක Sunday, 23 November 2014 03:42 AM

ඉස්සරහට තේරෙයි ඔක්කොටම කර ගත්ත මෝඩකම කියලා .මහින්ද අනිවාර්යෙන්ම දිනනවා. (නදී)

:       0       0

මල් රාජ් Sunday, 23 November 2014 04:11 AM

දැනට සිටින බුද්දිමත් දේශපාලකයන්ගෙන් පෙරමුණේ ඉන්නේ රනිල් මහත්තයා. එතුමා අවංක නිහතමානී රටට වැඩක් කරන්න පුළුවන් රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම නායකයා රනිල් ලංකාවේ ගොඩක් දේශපාලඥයෝ පම්පෝරි විතරයි (නදී)

:       0       0

ආනන්ද Saturday, 22 November 2014 02:28 PM

විමල්, මම නොදන්න කමටයි අහන්නෙ .කලිනුත් ඔහොම ජනාධිපති ධුරය දින100න් අවසන් කරන බවට පොරොන්දු වෙලා රජවෙලා අවු.11 ක් හිටියා. මෙයත් ඔයකියන විධියට නොකර තිස්ස අර කෑගහන විධියට පැය24න් රනිල්ට අගමැති කම නුදුන්නොත් මොනවා කරන්නද විධායක ජනාධිපතිට නඩුදාන්නත් බෑ. මටනම් හිතෙන්නේ රනිල් ගෑනු ගැටයක හිරවෙලා .රනිල් අගමැති කරන්න ඹ්නෙනම් 2002 දිනපු රනිල් ගෙ අමාත්‍යයංශ තුනක් පවරාගෙන එතුමාගෙ රජය අස්ථාවර කරලා විසුරුවා හරියිද? මටනම් පෙනෙන විධියට මේ දෙන්නගෙන් කවුරු දිනුවත් එන්නෙ ශ්‍රීලංකා නදහස් පක්ෂ ආන්ඩුවක් .රනිල්ට තව අවුරුදු ගනනක් විපක්ෂ නායක හැටියටම ඉන්න පුලුවන් වෙයි. එයාට ඕනෙ කරන්නෙත් ඒක තමයි.(ස)

:       0       0

ඇසිලින් නෝනා Saturday, 22 November 2014 02:33 PM

අඩු ගානේ බුලත් අත තියෙනවා. ගොන් අලිත් ඉන්නවා. (ස)

:       0       0

සේනක Saturday, 22 November 2014 02:33 PM

බල මලු කෑවානම් විදවාපන් බල්ලෝ (ස)

:       0       0

සමන්ජය Saturday, 22 November 2014 02:50 PM

එහාට මෙහාට කොහාටවත් නොපැන හැම පක්ෂෙම අය තමන්ට චන්දෙ දීපු පාක්ෂිකයන්ව දිනවන්න වැඩකරන්න. (ස)

:       0       0

ආනන්ද Saturday, 22 November 2014 02:50 PM

අපට තමයි බලමාලු කවන්න හදන්නෙ හැබැයි අපිනම් කන්නෙ නැහැ පොලොන්නරුවෙ කෙනෙක් නම් කෑවලු හෙට අනිද්දා විඳවන හැටි බලන්න පුලුවන් (ස)

:       0       0

හිරාන් Sunday, 23 November 2014 05:11 AM

දැන් තත්ත්වේ අනුව කවුරු එයිද නැද්ද කියලා විශ්වාස කරන්න අමාරුයි.(හේ)

:       0       0

නිහාල් Sunday, 23 November 2014 11:22 AM

බයවෙන්න කාරණාවක් නැහැ ,ගුණතිලක මහත්මිය රටේ පිළිගනිම නැති නිසා ලොකු වාසියක් (නදී)

:       0       0

මහේෂ් Saturday, 22 November 2014 03:16 PM

චන්ද්‍රිකා ආණ්ඩු කරන කලේ කිසිම දවසක තමාගේ පවුලේ කට්ටිය ගෙන රජ කරන්නේ හැදුවේ නෑ , තමාගේ මල්ලිට උනත් ඇමති කම් නැ චන්ද්‍රිකා ආණ්ඩු කරන කලේ තමාගේ පුතා දුව ට ඇමතිකම් , මන්ත්‍රීකම් , දෙන්න හැදුවේ නෑ රනිල් ආණ්ඩු කරන කලේ තමාගේ පවුලේ කට්ටිය ගෙන රට පාලනය කරන්න හැදුවේ නෑ (ස)

:       0       0

සුනෙත් Saturday, 22 November 2014 03:53 PM

මහේෂ්..එකට එකා නැති කොට කොහෙද රජ කොරවන් නේ..(ම)

:       0       0

ටානියා ෆොන්සියානු Sunday, 23 November 2014 06:15 AM

ශ්‍යාමා කුමාරි බන්දුල පෙරේරා රත්නමල්ල අක්කේ, අක්කා ඔය වගේ කතාවක් මීට කලිනුත් කිව්වා "ජයවර්ධනපුර රෝහල් පාර හර්තාල් කාරයෝ අවහිර කරපු නිසා ,අක්කගේ ගර්භනී සහෝදරියගේ ලැබෙන්න හිටපු දරුවා නැති වුනා කියලා." අනේ අක්කේ, බොරු ලියන කොටත් පිළිගන්න පුළුවන් විදියට බොරු ලියන්න ඉගෙන ගන්නකො. (නදී)

:       0       0

ක්‍රිස් Sunday, 23 November 2014 06:23 AM

අපේ රටේ අයට ඉක්මනින් මුල අමතක වෙනවා. ජනාදිපති තුමා අපේ රට බේරා දුන් බව මතක තියා ගන්න (නදී)

:       0       0

කේ.පී.ඩී.ඩී.ආර් ජයවර්ධන Sunday, 23 November 2014 06:28 AM

අපිට ඕනෑ මේ වගේ ගෙම්බෝ නෙමෙයි. පක්ෂයේ අය විපක්ෂයටත්, විපක්ෂයේ අය පක්ෂයටත් පනින මේ වගේ අයත් එක්ක රටක් රකින්න බැහැ (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 22 November 2014 05:12 PM

මහේෂ් එකට දැන් පවුල් වනාතරයක් වවාගෙනයි තියෙන්නේ.රටම කනවා.(හේ)

:       0       0

ලක්සිත පැරිස් Saturday, 22 November 2014 05:22 PM

මම දකින හැටි මෙහෙමයි ..රට පාලනය හැමදාම එකම කෙනා හොද නෑ . දැන් වෙනස් වෙන්න කාලය ...(හේ)

:       0       0

සමන් පැරිස් Sunday, 23 November 2014 06:43 AM

රනිල් පරපුටුවෙක් හෙවත් කොහෙක් වෙන්න හදනවා. මෛත්‍රීගේ කූඩුවේ බිත්තර දාල. මේ බැරිකම නිසා නේද? ලැජ්ජයි. (ස)

:       0       0

අසිත් Saturday, 22 November 2014 05:31 PM

මහේෂ් ඔය කියන එකට 100ක් එකගයි.(හේ)

:       0       0

ආනන්ද Saturday, 22 November 2014 05:43 PM

මහේෂ්, හොඳට අහගනිං කොලුවෝ නොදන්නදේ කතාකරල වීරයෙක් වෙන්න එපා ඒඋත්තමාවිය රජකරන කාලේ එතුමියගෙ අම්මා තමයි අගමැති පොඩි දරුවන්ට ඇමතිකම් දෙන්නෙ නැහැනෙ පුලුවන්කමක් තිබුනනම් කොහොම වත් නොදී ඉන්නෙ නැහැ විපක්ෂෙ ඉන්න අයටත් තමුංගෙ මල්ලි උනත් ඇමතිකම් දෙන රටක් නැහැ අනුර බංඩාර නායක හිටියෙ විපක්ෂෙ කොහොමහරි ආන්ඩුවක් අටවගෙන ආපු රනිල්වත් එලවගත්ත හැටි දන්නේ නැහැ ඔයා ඒ කාලේ පොඩි එකා. (ස)

:       0       0

සුනෙත් hemantha Saturday, 22 November 2014 06:00 PM

විමල්. ගරු රනිල් ගැන අපි නොදන්නා ඔයා දන්නා මොනවහරි තියෙනවද. ලෝකෙත් එක්ක වැඩ කරලා රට පාවා දෙන කෙනෙක්ද වටින්නේ එහෙම නැත්නම් ලෝකෙත් එක්ක හැප්පිලා තමන්ගේ රටේ ගෞරවය රැක ගැනීමද වටින්නේ. මහින්ද ඒ දේ කලා. එදා ලෝකෙත් එක්ක මහින්ද හැප්පුනේ නැත්නම් අද විමල් මහත්තයට මෙතන අදහස් දාන්න තියා නිදහසේ පාරක වත් යන්න නෑ. සමහරවිට කොටින්ව එදා පරාජය නොකලා නම්, අද උන් ලංකාවෙන් භාගයක්ම අල්ලාගෙන. (ස)

:       0       0

සිරිල් Saturday, 22 November 2014 06:30 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ දැන්. (ස)

:       0       0

කමල් Sunday, 23 November 2014 12:44 PM

මහින්ද මහත්තයා යුද්දේ දිනුවා. අපි නෙමේ මුල අමතක කලේ එතුමා. ෆොන්සේකා මහත්තයට අද ඡන්ද අයිතියවත් අහිමි කරලා තියෙන්නේ. එතුමා පලිගන්න හොදට දන්නා කෙනෙක් එලව එලවා ගහනවා. අනිත් එක රනිල් මහත්තයා අගමැති උනා කියල එයාට ඕන විදියට නටන්න බැහැ. මේ වෙන්නේ රටට හොඳක්. එක පොදුජන මතයක් වෙනුවෙන් ඔක්කොම නැගී සිටිනවා. මේවගේ බල පුටුවට මෙතුමා මෙතරම් ලෝබද කියල අපිට හිතාගන්න බැහැ. (නදී)

:       0       0

චන්ද්‍රා විජේසිංහ Saturday, 22 November 2014 07:10 PM

රනිල් මොළ කාරය හින්දද කොල්ලෝ මරන්න උදව් දුන්න කියන්නේ!! (ස)

:       0       0

කුමාරි සිල්වා Sunday, 23 November 2014 07:12 AM

මම හිතන්නේ බන්දුල පෙරේරා අයියගේ ස්ථිර රැකියාව තමයි කඩේ යාම.මොකද විවිධ නම් වලින් පෙනී සිටිමින් පැය 24 ම මෙතන තමයි එයාගේ රාජකාරිය.අපිට නම්, දිනකට මෙතන රැදෙන්න පුළුවන් පැය කිහිපයක් පමණයි. (ස)

:       0       0

තිලක් Saturday, 22 November 2014 07:33 PM

හොඳයිනේ ඉතින්! (නි)

:       0       0

නන්දන Sunday, 23 November 2014 07:43 AM

මංගල අාවා කිව්වා ඒ වගේද ? (නදී)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Sunday, 23 November 2014 07:45 AM

ටානියා පොන් සියානු නමැති ඔබ විසින් සටහන ලියා ඇත්තේ කාටදැයි වටහා ගන්ට නොහැකි වුවත්, මෙහිදී කිව යුතු දෙය නම් බන්දුල පෙරේරා යනුවෙන් ඔබ මගේ නම විකෘති කිරීමට උත්සාහ කිරීම හාස්‍යට කරුණක් බවය. තවද, මා කිසි දිනෙක ජවර්ධනපුර රෝහල් පාරේ හර්තාලයක් ~ ගර්භනී සහෝදරියකගේ දරුවෙක් ආදී දේ ලියා නැහැ. මට සහෝදරයෙක් ඉතිරි වී සිටිනවා මිස සහෝදරියන් නැහැ. කරුණාකර මතකය අවදි කරගන්ට. (නදී)

:       0       0

අබේරත්න Saturday, 22 November 2014 11:32 AM

මෛත්‍රීපාල යු.ඇන්,පී එකට තනියම ඇව්ත් ඉල්ලුව නං ඡන්ද ලැබෙන්න ඉඩ තිබුනා. චන්ද්‍රිකා එක්ක එකතුවෙල ආවහම මහින්දගෙ තරහකාරයෙක්වත් ඡන්දෙ දෙන්නෙ නැ. චන්ද්‍රිකා කියන්නෙ කවුද කියල රටම දන්නවා (අ)

:       0       0

උපුල් Saturday, 22 November 2014 11:37 AM

නිදහස් පක්ෂය රැකගන්න මේ තමා වෙලාව අපි එකතු වෙමු රට බේරගත්ත නායකයා එක්ක (ම)

:       0       0

හසිත Sunday, 23 November 2014 06:22 PM

ලංකාවේ හැමදාම චන්ද (දී)

:       0       0

සැම්සන් Saturday, 22 November 2014 11:48 AM

ගිලෙන නැවට නගින මෝඩයෝ කව්ද ? (ම)

:       0       0

දිසානායක Saturday, 22 November 2014 12:09 PM

අපි දන්නේ නැද්ද කොච්චර කිව්වත් මේවා වෙන්නේ නෑ (දිල්)

:       0       0

ගාමිණි Saturday, 22 November 2014 12:14 PM

එතුමා ගියේ චන්ද්‍රිකා නෝනාගේ දෑත් ශක්තිමත් කරන්න වෙන්න ඇති (දිල්)

:       0       0

රොබින් Sunday, 23 November 2014 12:33 AM

අර ලක්ෂ්මන් කිරිඇල්ල එනවයි කිව්ව 60 දෙනා කවදද දන්නේ නැහැ එන්නේ? (නදී)

:       0       0

ජනිත් Sunday, 23 November 2014 09:03 AM

ශාමා කියන මහත්මිය හෝ මෙනවිය හිටිවන බොරු කියන බව නම් අපිට දැන් තේරෙනවා. ඔබේ ගමේ පසු බිම සහ ලියන දේවල් ඇත්තටම එකිනෙකට පරස්පර විරෝධියි. (නදී)

:       0       0

රසික විතාන Saturday, 22 November 2014 12:42 PM

මෛත්‍රී මැතිතුමනි, අපි ඔබට ගරුකරන්නෙමු. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි නම් ඔබ සමග නැති බව මතකයේ තියාගන්න. විධායකය අහෝසි කරන්න හෙටම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න. (නදී)

:       0       0

සුභා Saturday, 22 November 2014 12:52 PM

කවුරු හිටියත්, කවුරු ආවත් ඔබ සැම කළ යුත්තේ රටේ ජනතාවට හා රටට සේවය කිරි්මයි. නැති නම් මතු ආත්ම වලත් කල පව් ගෙවන්න වෙයි. රටේ නායකයා මහින්ද මැතිතුමා තමයි. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 23 November 2014 01:46 AM

ආණ්ඩුවේ ඇත්තන්ට "දිට්ඨ ධම්ම වේදනීය" කර්මය පලදීලා. දැන් තේරෙනවා නේද අනුන්ගේ පක්ෂ කඩා බිඳ දැමීමේ විපාකවල තරම. ඔය හිතේ අමාරුව අනිත් පක්ෂවල පිරිසටත් ඇතිවෙන්න ලැබුනා. "කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බල්ලෝ" කිව්වලු. (නදී)

:       0       0

මලී Sunday, 23 November 2014 07:30 PM

.....ගේ කුහකකම මූනෙන්ම පේනවා.බෝම්බවලට පවුල් පිටින් මැරුන හැටි කාටත් අමතකයි. (ස)

:       0       0

සිල්වා Saturday, 22 November 2014 01:11 PM

මොකද මේ මෝඩ වැඩ කරන්නේ (දිල්)

:       0       0

ගමගේ Saturday, 22 November 2014 01:15 PM

දැන් හොරුන්න්ගේ කාලේ අවසානයි. රට හදන්න යු ඇන් පි සමග රටම එකතුවෙනවා. (නදී)

:       0       0

ජයන්ත Saturday, 22 November 2014 01:17 PM

රෝහණ දිසානායක මහත්තයා තවම නිදිද ? අලි ගිහින් නැටි විතරයි දැන් තියෙන්නේ. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 23 November 2014 02:09 AM

අනේ අප්පේ, කියලවත් කරව ගන්න බැරි වැඩක්. දැනටත් මහින්ද ආණ්ඩුව දුවන්නේ යු. එන්. පී රෝදවලින් එත් හැමදාම අබලන්. ඒ එන යට අබලන් වූ රථයට අවශ්‍යය කොටස් අරගෙන ම එන්න කියන්න. නැත්නම් මහින්ද ආණ්ඩුවට මැතිවරණයකට යන්න කලින්ම මග නවතින්න වෙනවා.(ස)

:       0       0

ජයත් Saturday, 22 November 2014 01:27 PM

මට පේන්නේ නම් මෙයාට ඔල්මාදද කොහේද ගිලෙන නැවක නගින්නත් අමනයෝ ඉන්නවාද? (නදී)

:       0       0

ලසන්ත Saturday, 22 November 2014 01:27 PM

දයාසිරි ජයසේකර දැන් එන්න හදනවා මිනිහව දෙකට නවල ගන්න. (නදී)

:       0       0

සේන Saturday, 22 November 2014 01:30 PM

රජා කව්ද කියන එකට වඩා විදායකය අහෝසි කිරීම වැදගත්. එහෙම නැති උනොත් යූ එන් පී යක් තියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් වත් ඉතිරි වෙන්නේ නැහැ. අපි ආයෙත් වැඩ වසම් යුගයට තල්ලු වේවි. මේ අවස්ථාවේ මෛත්‍රී මැතිතුමාගේ කැපවීම ඉතිහාස ගතවේවි. (නදී)

:       0       0

මිගද Saturday, 22 November 2014 01:30 PM

ඔව් ,කට්ටිය එන්නේ අර පුරප්පාඩු පුරවන්න. රටේ නායකයෝ හොරු නම් උන්ව පන්නන්න ජනතාවට බලය තියෙනවා. (නදී)

:       0       0

පද්මිණී Saturday, 22 November 2014 01:31 PM

මෙතන තියෙන්නේ මේ වෙලාවේ කලයුතු හොදම දේ. රටට ආදරේ නම් රසික ,පටු විදියට හිතන්න එපා. (නදී)

:       0       0

විමල් Saturday, 22 November 2014 01:31 PM

රනිල් තමයි නියම මොළකාරයා. ලෝකෙත් එක්ක වැඩකරන්න පුළුවන් රටේ ආර්ථිකය හදන්න පුළුවන් බුද්දිමත් දැක්මක් තියෙන්නේ එතුමාට. ලින් වල ඉන්න බෙම්බෝ මේවා දන්නේ නැහැ ඔහේ ගැලරි කතා අහල නිදිය ගන්නවා හොර මැර නැහැ දුෂිත නැහැ ගරු රනිල්. (නදී)

:       0       0

සුදත් Saturday, 22 November 2014 01:35 PM

රට හදන්න කට්ටියටම පුදුම හැගීමක්නේද තියෙන්නේ (දිල්)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Sunday, 23 November 2014 02:36 AM

මම මායිම් ගමක ඉපදුනු හැදුණු වැඩුණු කෙනෙක් ලෙසිනුයි මේ ලියන්නේ. කොටින්ගේ අමානුෂික ක්‍රියාකාරකම් වලින් අපේ ගමේ බුරුතු පිටින් මියැදුනා. සමහර දේ මම දැක්කා. මගේ අප්පච්චියි ලොකු අයියයි මැරුණා. අදටත් මගේ හිත ඒ සිද්දි මතක් වෙනකොට බයෙන් වෙවුලනවා. යුද්දය නිමා කරන්ට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලුම සත්පුරුෂයින් විසින් පියවර ගත්තු හින්දා අපිට නිදහසේ ජිවත් වෙන්ට වරම් ලැබුණා. මායිම් ගම්මානවල ජිවත් වූ අපිට වගේම නගරයේ ජීවත්වෙන ඔබතුමන්ලාටත් තමන්ගේ ජිවිතත් දරුවන්ගේ ජිවිතත් රැක දුන්නා. රටේ සාමය වෙනුවෙන් යුදබිම තෝරාගත්තු පිරිස යුද්ධයෙන් පසු නිහඬ උනේ ඊනියා යුධ අපරාධවලට ජනාධිපතිතුමා පමණක් ගොදුරු වෙද්දියි. අද අපේ රට වෙනුවෙන් අභිතව කෙලින් සිටින ජනාධිපතිතුමාගේ මෙහෙවරට වචනයකින් හෝ සහයක් නොදී එතුමා වට්ටන්ට රතන හාමුදුරුවන්, පාටලී මහතා ඇතුළු පිරිස රනිල් මහතා සහ පාරාජිකාවෙච්ච දේශපාලු කණ්ඩායම් සමග එකතු වෙලා ඩයස්පෝරාවට උවමනා මෙහෙවරක යෙදෙනවා. මම කලින් කිවා වගේම මායිම් ගම්මානවල ජිවත් වී බොහෝ දේවල් නැතිවෙච්ච අපිට විධායක බලය නිසා හුස්ම ගන්ට පුළුවන් වෙච්ච බව අපි දන්නා නිසා ඒක නැතිකරන්ට කතා කරන කිසි කෙනෙකුට අපි නම් වඳින්නේ නැහැ. පිළිගන්නෙත් නැහැ. කැමැත්තක් දෙන්නෙත් නැහැ. එක අපේ ජාතික ලක්ෂණයයි. කළගුණ සැලකීම අපේ උරුමයයි. අපි මර බයේ ඉන්නකොට සිරිසේන මහත්තයල අපේ දුක අහන්ට අපිට පිහිටක් වෙන්ට අහලකවත් හිටියේ නැහැ. කිසිම මෛත්‍රියක් නැතුව කොළඹ හෝටල්වල අපේ ගංවල තරුණ කොල්ලන්ගේ හමුදා මුරකාවල් මද සතුටින් හිටියා. මේවා අපි අමතක කරලා වගේ හිටියා. නමුත් අවංකව කියනවා නම් අපේ සිත්වල ඒ යටගියාව අද මතුවෙලා. අඟේ ඉඳං කණ කන්ට හදපු සිරිසේන මහත්තයා ඇතුළු පිරිස විසින් රනිල් මහත්තයාට බලතල සහිතව රට භාර දෙන්ට හදනවාලු. සුදන වෙස් ගත් දුදනන් හඳුනාගන්ට ගමේ අපිට පුළුවන් උනාට හිත හොඳ ජනාධිපතිතුමාට බැරිඋනා. කොහොමටත් රට විකුණන රනිල් මහතා සහිත වඳ පිදුණු දේශපාලකයින්ට රට භාර දීලා අපේ අනාගත පරපුර අතරමං කරන්ට අඹුඩ ගහන සිරිසේන මහත්තයාට අපි අපේ ගං වලින් චන්දය නම් දෙන්නේම නැහැ. අපිට විධායකය තව දුරටත් ඔනෑකරනවා. රතන හාමුදුරුවන්ට විධායකය උවමනා නොඋනාවේ. එත් අපිට එක ඕනෙමයි. ඒ වෙන මොකකටවත් නෙවෙයි. අපේ ජිවිතවලට තර්ජන ඉදිරියේදී එල්ලවන බව තේරෙන නිසයි. මේ තීරුවට සටහන් යොදන සහෝදරයින්ට මා කියන දෙය තේරෙන්නේ නැහැ නොවෙයි ඒ ගැන හිතන්නේ නැහැ. මට දුක ඒකයි. ජාතියේ දේශයේ පොදු සතුරා හඳුනාගනිමු. (ස)

:       0       0

දිලීප Sunday, 23 November 2014 08:17 PM

දිලීප, පැන්න අයට යන එන මන් නැති වෙන්නේ ජනාදිපති වරනෙන් පස්සේ. යුඑන්පි කාරයෝ මෛත්‍රිපාල දිනවන්න එන්නේ නැහැ. මෛත්‍රීපාල දිනුවත් විධායක ජනාධිපතිකම දාල යනවයැ. එහෙම යන්න නම් මෛත්‍රිපාල පක්ෂ මහා ලේකම් කම දාල එයිද? මෛත්‍රිපාල හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. සජිත් අාවොත් වැඩේ අමාරුවෙන නිසා තමන්ගේ පක්ෂේ බේරගන්න පුංචි කැපකිරීමක් කලාද මන්දා. (නදී)

:       0       0

ජයන්ත Saturday, 22 November 2014 01:51 PM

දැනට සිටින බුද්දිමත් දේශපාලකයන්ගෙන් පෙරමුණේ ඉන්නේ රනිල් මහත්තයා. එතුමා අවංක නිහතමනී රටට වැඩක් කරන්න පුළුවන් රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම නායකයා රනිල් ලංකාවේ ගොඩක් දේශපාලඥයෝ පම්පෝරි විතරයි (ස)

:       0       0

චාමර සිල්වා Saturday, 22 November 2014 01:54 PM

කවුරු අවත් කවුරු ගියත් ජනතා බහුතර ජනතාව ජනාධිපතිතුමා සමග. සිංහලයාගේ කුහකකම පේනවා. (ස)

:       0       0

සුමිත් Saturday, 22 November 2014 01:54 PM

බල ලෝබයට එකම විසදුම මේ දීල තියෙන්නේ. (ස)

:       0       0

කෝසල Saturday, 22 November 2014 01:57 PM

ගහපුවා ඇහුවනම් කට්ටිය බත් කන්නෙත් නැහැ. (ස)

:       0       0

ජගත් Saturday, 22 November 2014 01:59 PM

දැන් කෝ අනේ අලියා. මහින්දට මුහුණ දෙන්න යූ.එන්.පී. එකේ කවුරුත් නැද්ද ? (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 23 November 2014 03:15 AM

ශ්‍යාමා කුමාරි රත්නමල්ල නමින් බන්දුල පෙරේරා දාන දිග පල් හෑලි වලින් වැඩක් නැහැ.දැන් ඊටවඩා විනාශයක් රටට වෙලා තිබෙනවා. (නි)

:       0       0

තිලක් ඩුබායි Sunday, 23 November 2014 03:17 AM

හරිම දුකයි . (නි)

:       0       0

සිරිල් Sunday, 23 November 2014 03:17 AM

අරයට නම් යන්න කාලෙ හරි වගේ (නි)

:       0       0

රසික විතාන Saturday, 22 November 2014 02:09 PM

පද්මිණි, මම මෙහෙම කියන්නේ,හේතුවක් ඇතුව. මම දේශපාලනයේ මුල්පොත කියවන්නේ ජවිපෙ පන්ති පහෙන්,පසුකාලීනව එම දර්ශනය ගැලපෙන්නේ නැතිබව අපිට තේරුණා.17 වසරක ශාපයෙන් මිදෙන්න්න අපි දේශ මාමක පසුබිමක් තියෙන චන්ද්‍රිකා මැතිනියත් එක්ක අපි ඒකරාශී උනා. එතුමිය විධායක බලතල භාවිතා කලවිදිය අමතක නැහැ නේද. නමුත් දුටුගැමුණු රජතුමාගෙන් පසුව රට එක්සේසත් කලේ මහින්ද මැතිතුමා,අද අපිට සාමයක් තියනවා.රට කිසියම් ස්ථාවරයකට ඇවිත් තියෙනවා.මේ රටේ ජනතාව විදේශ බලවේග වලට හිස නොනමන සිංහල ජාතියක් බව පෙන්නුවේ මේ මහින්ද රාජපක්ෂ. (ස)

:       0       0

පතිරණ Saturday, 22 November 2014 02:09 PM

මේ අවස්තාවෙත් කෙනෙක් වරදාන වලට යට වෙනවානම් එම පුද්ගලයාට ආත්මයක් කියලා දෙයක් නොතිබිය යුතුයි. (ස)

:       0       0

දිලීප Sunday, 23 November 2014 03:19 AM

ගරු රෝහණ ඇමතිතුමනි,පක්ෂය පාවා නොදුන් ඔබට අපේ ප්‍රණාමය. මේදා සැරේ ඡන්ද කරන්න යූ.එන්.පී කාරයෝ එන්නේ නැහැ. ඡන්ද සටන කරන අපිට වෙයි. ඒ නිසා කික් එකකුත් නැහැනේ.ගහමුද පෝස්ටරයක් නිල් පාටින්ම ඒ කන්දත් අපිට තමයි මේ කන්දත් අපිට තමයි. යූ.එන්.පී. කාරයන්ට හූ. හූ. හූ කියලා. (ස)

:       0       0

මනුර Sunday, 23 November 2014 03:32 AM

මේ කලි යුගයයි. මේ කාලේ දී කළ කම් මැරෙන්න කලින්ම පළ දෙනවා. වැඩිකල් නාන්න අයියලා ටික. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 183 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 186 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 274 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 247 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 251 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 170 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site