IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘එජාපයෙන් හරි හරියට කෙනෙහිලි‘‘

කොතරම් කැපවීම් කළත් එක්සත් ජාතික පක්ෂය තුළ තමාට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියයි.

නුවරඑළිය මන්දාරම් නුවර පැවැති වැඩසටහනකට සහභාගී වූ අතර එහිදි අමාත්‍යවරයා මෙසේද කීය.

 “ මට ප්‍රශ්න තිබුණේ පොදු පෙරමුණේ නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් එක්වී මට ඡන්දේ දෙන්න එපා කිව්වා. කොතරම් අභියෝග තිබුණත් මම ඡන්දය දින්නා. පයින් ගහලා නවීන් දිසානායක එලවන්න බැහැ. මට තියෙන්නේ දිසානායකලගේ ලේ, ගාමිණි දිසානායකගේ පුතා කියලා මට විශේෂ වරප්‍රසාද ලැබුණේ නැහැ. එක කම්මුලකට ගහද්දි අනෙක් කම්මුල අල්ලන්න අපි සූදානම් නැහැ. 

තාත්තා හදපු මිනිස්සු තමයි මට ගහන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා නවීන්ට සහයෝගය දෙන්නැයි කිව්වා. නිදහස් පක්ෂයෙන් මට ගැටලු තිබුණේ නැහැ. එහෙත් මම එක්සත් ජාතික පක්ෂයෙන් බාධා වැඩියි. බෙල්ල තියලා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා කැපකිරීම කරද්දි ඒ පක්ෂයෙන්ම බාධා එල්ල වෙනවා. නායකයා නොකියන දේවල් මෙහේ ඉන්න අය කරනවා. කොතරම් අභියෝග තිබුණත් අපි ඉදිරියට යනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් අපිට පැහැදිලි ගමනක් තිබෙනවා. 

 



අදහස් (0)

‘‘එජාපයෙන් හරි හරියට කෙනෙහිලි‘‘

කුමාරි Tuesday, 25 October 2016 05:24 PM

කරපු වැඩක් නැහැ. හැබැයි හෙලිකොප්ටරයක් නම් එලවලු කොටුවකට බෑවා කියලා නම් දැක්කා. එතකොට තමා නවීන් දිසානායක කෙනෙක් ඉන්නවා කියලා මතක්වුණේ. (නි)

:       0       0

ස්මිත් Tuesday, 25 October 2016 08:01 AM

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසී කියල කතාවක් තියනවා සර් (බ)

:       0       0

හේමන්ත Tuesday, 25 October 2016 08:18 AM

ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකුයි කියලා අපේ පැරැන්නෝ කියා තිබෙනවාලු. සුදු රෙදි ඇඳගෙනද මහින්ද මහත්තය ගැන කියන්නේ? යු. එන්. පි. තවම බදු කොර කරන්න පටන් ගත්තා විතරයි, (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 24 October 2016 11:39 PM

ඔබේ පියාටත් ඔවැනි කැපිලි තිබුණා. නමුත් එතුමා ඒ සියල්ල ජයගත්තේ සටනින් නොව මානව දයාවෙන්. ඔබේ පියා හදපු අය ගැන කතාකරලා වැඩක් නැහැ. ඔබේ පියාට ඉදිරි දැක්මක් තිබුණා. ඒ අනුව ඔබත් ඔබේ පියා අනුගමනය කරන්න. පෙරළා පිළිතුරු දීමමත් අනුවණකමක් (නි)

:       0       0

සිරිපාල Tuesday, 25 October 2016 09:03 AM

කතානායක නෑදෑයෙක් වුනත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදෙනවා ! (බ)

:       0       0

ජනිත් Tuesday, 25 October 2016 02:43 AM

මෙයා මොනවද රටේ වැවිලි අංශය දියුණු කරන්න කරලා තියෙන්නෙ. පොල් වලට කාබනික පොහොර දාන්න සහනාධාර දෙනවා කියලා මිනිස්සු අමාරුවෙන් දැම්මහම ඒක කපලා. තේ, රබර් වලටත් එහෙම තමා. (නි)

:       0       0

රොහාන් Tuesday, 25 October 2016 02:44 AM

පක්ෂ පනින්න ගියාම ඔහොම තමයි (නි)

:       0       0

සමන් Tuesday, 25 October 2016 09:28 AM

මහින්දට පිටුපා ගියාට ඔහොම වේවි කියල හිතුවේ නැහැනේ මෙච්චර ඉක්මනට නුවරඑළිය ආසනය තුල පාක්ෂිකයෙක් හොයා ගන්න බැරිවේවි ඔබට ඡන්ද කරන්න (බ)

:       0       0

සුගත් Tuesday, 25 October 2016 02:55 AM

කරණම් ගහනකොට ඔහොම වෙනවා. අපරාදේ මහින්ද මහත්තයා ඔය වගේ අය ළඟට ගත්තේ. (නි)

:       0       0

අනුර Tuesday, 25 October 2016 03:12 AM

එදා තිබුණ එජාපය අද නැහැ ඒක දැන් කුරුවල් වෙලා ඇතුලේ ඉන්න බොහොම දෙනෙක් කුරුවල් වෙලා (බ)

:       0       0

ඇන්ජලෝ Tuesday, 25 October 2016 10:25 AM

මෙයා මාර කැපකිරීමක් කළේ පක්ෂේ දාල මාමණ්ඩිත් එක්ක අනික් පැත්තට පැනල පක්ෂය විනාශ කළා, මහන්තත්තකම හැර වෙන කිසි ගුණයක් මෙයා ළඟ නැහැ , ටිකක් අර හරින් වගේ වැඩක් කරලා පෙන්වන්න ,හැමදාම අඩන්නේ නැතිව (බ)

:       0       0

බණ්ඩාර-කැකිරාව Tuesday, 25 October 2016 05:08 AM

දැන් නවීන් ඇමතිතුමා මහින්ද හිටපු ජනාධිපතිතුමා සමග අලුත් ගමනක් යන්න සුදානමින් ඉන්නේ .එකයි මෙහම් කියන්නේ,ඊයේ ඒ.එච්.එම් අස්වර් මැතිතුමාත් ඒදේම තමයි කිවේ වෙනස් විදිහකට. මහින්ද ජනාධිපතිතුමා පරාජය කළේ සුළු ජනකොටස් අතර තිබු විශ්වාසය නැතිකරපු නිසයි (බ)

:       0       0

සිරි Tuesday, 25 October 2016 05:47 AM

මට නම් පෙනෙන්නේ මෙය කකුල් දෙක දෙපැත්තේ තියාගෙන අමුතුම ගමනක් යන්නයි හදන්නේ (නි)

:       0       0

සුනිල් Tuesday, 25 October 2016 06:09 AM

ආයෙත් කරණමක් ගහන්න කාලේ ඇවිත් වගේ! (නි)

:       0       0

යොහාන් Tuesday, 25 October 2016 06:45 AM

දැන් තමයි තීරණයක් ගන්න කාලය (නි)

:       0       0

රන්ජන් Monday, 24 October 2016 02:56 PM

ඕකට තමයි කියන්නේ කළකම් පළදෙනවා කියලා. (නි)

:       0       0

සිල්වා Tuesday, 25 October 2016 07:18 AM

කියන්නත් ලැජ්ජයි. වාසි ගන්න හෝයියා කියලා මහින්දගේ ඔඩොක්කුවට පැන්නා. පස්සේ මහින්ද පැරදෙන බව දැනගෙන ආයෙත් පැන්නා. දැන් ආයෙත් ඇතුළේ ප්‍රශ්න හදන්න හදනවා. (නි)

:       0       0

සජී Tuesday, 25 October 2016 07:22 AM

ආයෙත් මහින්ද මහත්තයා එක්ක එකතුවෙන්නද කල්පනාව? (නි)

:       0       0

දහම් Monday, 24 October 2016 03:32 PM

එක ප්‍රතිපත්තියක් නැතිවුණාම ඔහොම වෙනවා. මහින්දත් එක්ක හිටපු විදිහට හිටියා නම් ඔබ ජනතාව අතර වීරයෙක්. දැන්නම් ඉතින් අනේ මන්දා. (නි)

:       0       0

ශශිකා Monday, 24 October 2016 03:42 PM

මොකද්ද මෙයා කියන්න යන අලුත් සින්දුව....??? (නි)

:       0       0

ඉසුරු Monday, 24 October 2016 03:49 PM

කොහොමත් ඉතින් කවුරුත් කාටවත් හොඳක් කියන්නේ නැහැනේ (නි)

:       0       0

ධම්ම Monday, 24 October 2016 04:41 PM

මොකක්ද ඉතින් දැන් මේ කියන්නේ? (නි)

:       0       0

ජනහිත Monday, 24 October 2016 04:44 PM

සත්‍ය වසන්කළ නොහැකියි. (නි)

:       0       0

නුවන් Tuesday, 25 October 2016 07:40 AM

කවදාවත් ඔය පක්ෂයේ ඉඳල නම් සෙතක් වෙන්නේ නැහැ. දැන්ම මොළේ හරි විදිහට පාවිච්චි කරලා ගෝඨාභය මැතිඳු සමඟ එකතුවෙන්න. එතුමා කැපිලි නැහැ, කෙළින් වැඩ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 48 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 85 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 111 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 477 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 747 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 245 0

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site