IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු  කළ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ප්‍රතිසංවිධාන යාන්ත්‍රණය කඩිනම් කරමින් ආසන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් කමිටු පිහිටුවීම පස්සර මැතිවරණ කොට්ඨාසය ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය නීතී රීතී වලට යටත්ව සිදුකළ බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු පිලිබඳ පස්සර සහ ලුණුගල පළාත් පාලන ආයතනයන එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම් සමග රුවන් විජයවර්ධන මහතා සාකච්ඡා පවත්වා තිබෙි.

 



අදහස් (12)

එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි

nm Saturday, 31 July 2021 06:53 PM

මනුෂ්‍යත්වය, අවංකත්වය, විශ්වාසය මත පදනම්ව ශ්‍රී ලංකා දේශපාලනයේ යුග පෙරලියක්, රටට වෙනසක් සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමු...

:       1115       627

nimalSaturday, 31 July 2021 09:36 PM

මනුෂ්‍යත්වය, අවංකත්වය, විශ්වාසය මත පදනම්ව ශ්‍රී ලංකා දේශපාලනයේ යුග පෙරලියක්, රටට වෙනසක් සඳහා සමගි ජන බලවේගය අකමැතිද ?

:       1       0

sisiraSunday, 01 August 2021 02:06 PM

අනේ අපිටනම් එපා. අපි සජිත් එක්කම ඉදිරියට යනවා.

:       1       0

අතුලSunday, 01 August 2021 07:31 PM

ඔය කියන ගුණාංග එකක්වත් එජාපයේ නැහැ. ඒ විතරක් නොවෙයි, පොහොට්ටුව, ශ්‍රීලනිප, සජබ, ජවිපෙ එකකවත් නැත. ඔය ඔක්කොම පහුගිය අවුරුදු 73 ක් තිස්සේ ලංකාව ඉතියෝපියාවටත් වඩා පහළට දැම්මා. 2025 අලුත් නායකයෙක් සමගින්, උගත්, බුද්ධිමත් තමන්ගේ පොකට්ටුවට නොව රටට හිතැති සෙට් එකක් ඒවි කියලා බලාගෙන ඉන්නවා....

:       1       5

siri Saturday, 31 July 2021 08:22 PM

දෙකට තුනට බෙදිලා ඉන්නා තුරු කොහෙන් මොනවා පටන්ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මුලින්ම කලයුත්තේ පාක්ෂිකයන් එකමුතු කර නායකත්වය කාටත් පිළිගතහැකි කෙනෙකුට බාරදීමයි.

:       0       0

සෙනෙවිරත්න. Saturday, 31 July 2021 08:25 PM

නව නායකයත්වයක් ලැබේ නම් එජාපය රට ගොඩ ගනු නියතය.

:       0       0

Avinash Sunday, 01 August 2021 06:23 AM

ඉතිහාසය පුරාවටම යුඑන්පි එක බදුල්ලෙන් ඡන්දේ ගත්තා.

:       0       0

CHANDIMA Sunday, 01 August 2021 06:34 AM

මොන අලුත් කිරිල්ලක්ද? මේ හම රැළි වැටුණු නාකි උන්දැලත් එක්කලා...? අර ජේ.ආර්. ගේ කාලේ කළා වගේ බෝ එකයි, ටයි එකයි දෙකම එකට ගැට ගැහැව්වොත් නම් ඔය නායකතුමාලා එහෙම අලුත් කරලා පෙන්නන්න පුළුවන් වෙයි. උත්සාහ කරලා බලන්න.

:       0       0

Rohana Sunday, 01 August 2021 07:28 AM

රනිල් නායකත්වයේ ඉන්න කම් එජාපයට පැවැත්මක් නැහැ.

:       0       1

nilantha Monday, 02 August 2021 10:09 AM

රට කාපු හරක් ආයෙත් එන්න හදනවා.. රට හදන්න පක්ෂ හදලා වැඩක් නෑ. එකමුතු වෙලා වැඩ කරන්න ඕනෑ. රට හදන්න මේ තියෙන කිසිම පක්ෂයකට දැක්මක් නෑ. රටේ දැනට අවංකවම මහන්සි වී වැඩකරන පිරිස එකතු වී නව වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි.

:       87       225

vipula Wednesday, 11 August 2021 06:59 PM

කවුරු ආවත් එන්නේ රනිල්... වචනවල වෙනස විතරයි.

:       0       3

Chandima Monday, 16 August 2021 08:10 AM

අනේ ඔබතුමාටත් භාර දුන්නේ කොට අදින්නද ?කෝ අර බහිරවයා ආවේ නැතෙයි ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 648 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 277 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 957 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4013 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1964 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1093 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site