IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක්

එක්සත් ජාතික පක්ෂය දිනන මාවතට යොමු කිරීම සඳහා ඉහළ පෙළේ මණ්ඩලයක් පත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

එලෙස පත්කරන කමිටුවට දැනට පක්ෂ නායකත්වය සතු ඇතැම් බලතල ද කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණවලට යටත්ව පැවරීමට අද එකඟත්වය පල වී ඇත.

එම මණ්ඩලය පත් කරන ආකාරය, ස්වභාවය, සංයුතිය සහ වගකීම් ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායකවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් සමග මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය වී ඇතැයි එම ආරංචි කියයි.



අදහස් (0)

එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක්

මගරි Tuesday, 08 October 2013 04:26 PM

යු.එන්.පී.එකේ පරාජයට හේතුව ඒ ගොල්ලන්ගේ අතීත කෙරුවාවල්.දැන් රනිල්ගේ පිටින් ඔක්කොම යවන්න හදන්නේ.කවුරු නායකයා වුනත් ජනතාවට හොඳට මතක තියෙනවා. ඒ ගොල්ලන්ගේ කෙරුවාවල්. (ස)

:       0       0

සිල්වා Monday, 07 October 2013 11:01 PM

කරු රනිල් සජිත් එකට එකතු වී පක්ෂය දිනවන්න වැඩකරන්න. මුලිකම දේ සමගිය විනය එඅකමුතුකම කණ්ඩායම් හැගීම ඔබලාගේ තීරණ ජනතාව බලාසිටිනවා. හොද තීරණ අරගෙන රටට ඔබින ජය මාවත කරා ගෙනියන්න කැපවෙමු. අපි ඔබ සමගයි එකිනෙකා අතර හොද ගරුකරීමක් තියෙන්න ඕනි සජිත් ඔබ පක්ෂ නායකත්වයට ගරුකරන්න හැම කෙනාටම වෙලාව එනවා !(නදී)

:       0       0

අස්මිත් Monday, 07 October 2013 11:01 PM

හැකි ඉක්මනටම ඔබ සැම එක්වී රටට යහපත් පාලනයක් කරා ගෙන යාමට සියලු ශක්තිය ලැබේවා. මුලින්ම තනතුරු පිළිබද ආකල්පය බැහැර කර එක්සත් වී පක්ෂය ගොඩ නගා ජනතාවට ඔබලාගේ ප්‍රතිපත්තිය ප්‍රකාශකර ජනතාවගේ හිත දින ගන්න. ඔබ සැමට ජය!(නදී)

:       0       0

රජිත් ඉතාලි Monday, 07 October 2013 11:03 PM

ඕක නම් හරියන්නේ නෑ බහිරවයා ඉන්නකම් (නදී)

:       0       0

නලින් Monday, 07 October 2013 11:04 PM

හොදට මේගොල්ලෝ එකතු උනොත් ආණ්ඩුව ගෙදර යවන්න හරිම ලේසියි කල්පනාවෙන් වැඩ කරන්න ජය නියතයි (නදී)

:       0       0

ඡායා Monday, 07 October 2013 11:06 PM

සජිත් රනිල් කරු එකතු වීම හරිම වැදගත් (නදී)

:       0       0

පැටිරික් Monday, 07 October 2013 11:22 PM

මොනවා කලත් තවත් අවරුදු අටකට කාටවත් ජනාදිපති පුටුවේ ඉදගන්න ලැබෙන්නේ නොමැත ,සියල්ලෝම දවල් සිහින දකිනවා (නදී)

:       0       0

නාලක Tuesday, 08 October 2013 11:21 AM

විග්නේශ්වරන්ව එජාප නායකත්වයට පත් කරන්න එතකොට දිනන්න පුළුවන්....(අ)

:       0       0

අමිල කටුනායක Monday, 07 October 2013 11:40 PM

ඕවා කළා කියලා හරියයිද ඉතින්? (නි)

:       0       0

කුමාරන Monday, 07 October 2013 11:46 PM

මොන මණ්ඩලයකින්වත් අරයා ඉන්නකන් පක්ෂය දිනවන්න බැහැ.සියයට 90ක් පමණ තරුණ කොටස් ඔහුට කැමති නැහැ. (නි)

:       0       0

කුමාරන Monday, 07 October 2013 11:48 PM

මම ප්‍රබල යූ.එන්.පී. කාරයෙක්. එහෙත් මහින්ද ජනාධිපතිතුමා ඉන්නකන් වෙන කිසිවෙකුට ඡන්දෙ දෙන්න හිතෙන්නේ නැහැ.එතුමා ගැමි සුවඳ හඳුනනවා. (නි)

:       0       0

සුමනා Tuesday, 08 October 2013 11:31 AM

ඊළග ජනාධිපතිවරණය එනතුරු කොමිටි පත් කරකර ඉදලා වැඩක් වෙයිද? (නි)

:       0       0

විජේසිරි Tuesday, 08 October 2013 11:37 AM

ඔය මොන මණ්ඩලය ආවත් විපක්ෂය ගැනනම් නැවත අ‍පේ විශ්වාසයක් නැහැ (නි)

:       0       0

සුනිල් Tuesday, 08 October 2013 11:41 AM

පොර කුකුල්ලු වගේ ඇන කොටා ගන්නා ඔය නායකයෝ පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කරන තාක් කල් ඔය පක්ෂේ දිනන්නේ නැහැ. කවුරුත් බලන්නේ පුටුවේ වැජඹෙන්න මිසක් පක්ෂේ දිනවන්න නොවේ. පුටුවේ ඉඳන් ජනාධිපති සිහිනේ තමා හැමෝටම තියෙන්නේ. මම මැරෙනකල් හරි ඔය පුටුවේ ඉන්න ඕනි කියන තීරණය අමතක නොකලොත් ඔය පක්ෂේ අවසානය තමා. මණ්ඩල පත් කලා කියලා හරි යන්නේ නැහැ. 2014 සිහිනයක් පමණි. 2014 පැරදුනාට පස්සෙත් තවත් මණ්ඩලයක් මේ ගොල්ලෝ පත් කරාවී. අනේ මේ පක්ෂෙටත් ගිය කලක හැටි. (ස)

:       0       0

අමිල Tuesday, 08 October 2013 12:39 AM

හොද කණ්ඩායමක් හදල මේ රට ගොඩ ගනිමු. රනිල්, කරු, සජිත් එකතු වීම හරිම වැදගත්. හොද තීරණ අරගෙන පක්ෂය ගොඩ ගන්න. ජය නියතයි!! (නි)

:       0       0

සරත් ර Tuesday, 08 October 2013 12:53 AM

තෙලෙන් බැද්දත් කොබෙයියා... (නි)

:       0       0

සුමනේ Wednesday, 09 October 2013 11:05 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

ලලිත් Tuesday, 08 October 2013 01:04 AM

ඔය මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ, රටේ ජනතාව ගැන විශ්වාසයක් නැතුව ඡන්ද දිනන්න බැහැ. යු ඒන් පී එකට අද වෙලා තියෙන්නේ හැමවෙලේම බලන්නේ ජනතාවගේ ඡන්දෙන් දිනන්න නෙමෙයි. ඕනෑ ඔට්ටුවක් අල්ලන්නම්, ඔය විදියටම නම් යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයිනි, මීළඟ ඡන්දෙදි තුන්වන බලවේගය වීමට සුදානම් වෙන්න. (නි)

:       0       0

මිගෙල් Wednesday, 09 October 2013 11:06 AM

දිනන්න කරන්න තියෙන්නේ එකම දෙයයි (නි)

:       0       0

විමලසූරිය Wednesday, 09 October 2013 11:09 AM

සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් ගතානුගතික වුවහොත් පමණයි ගොඩනැගිය හැක්කේ (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 08 October 2013 12:00 PM

කල්ප ගණනක් පෙරුම් පුරා බුදුන් වහන්සේ උත්සාහ කළේ තණ්හාව නැතිකරන්න. මේ වැඩත් පටන් ගන්න ඕනෑ එහෙම තමයි (නි)

:       0       0

දසුනි Tuesday, 08 October 2013 01:08 AM

හැම රජයකම කාලය තීරණය කරන්නේ ජනතාව.ඔය කියන දවල් හීන එළි වුණ අවස්ථා අතීතයේ ඕනෑ තරම් තියනවා (නි)

:       0       0

කේ. Wednesday, 09 October 2013 11:13 AM

මෙම මණ්ඩලයේ ඒකමතික තීරණය කුමක්ද? (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 08 October 2013 01:37 AM

පාන් බාගෙටයි, පරිප්පු පීරියකටයි කත් අදින අය ඉන්නකල් ඕක වෙනස් කරන්න බැහැ අපිට නම්. කරන්න දෙයක් නැහැ. අපේ පාන්ශුකූලේ දෙන්න වෙන්නෙත් මෙහෙ තමා (නි)

:       0       0

රෙමා Tuesday, 08 October 2013 01:55 AM

කීවැනි වරටද මේ එකතු වෙන්නේ? (නි)

:       0       0

සනත් - කටාර් Tuesday, 08 October 2013 02:35 AM

සමහරුන්ට ඕනෑ එක පාරින්ම බුදුවෙන්න. එහෙම බැහැ. ඒවාට කැපකිරීම් කරලා වැඩ පෙන්නලා එන්න ඕනෑ.ඔච්චර ජනමතයක් තියනවා නම් කෝ තමුන්ගේ ආසනේවත් දිනුවාද? ඇඟිල්ලේ තරමට වැඩිය ඉදිමෙන්න යන්න එපා. (නි)

:       0       0

සදුනි Tuesday, 08 October 2013 02:41 AM

මගේ සුබ පැතුම්. දැන් තියෙන්නේ හැමෝම එකමුතු වෙලා ආණ්ඩුව පරදන්න. මුළු ලෝකෙම කීර්තියක් තියෙන මේ පක්ෂය ගම මට්ටම, බිම් මට්ටම, මුදු මට්ටම කියකියා දගලන ජාතිවාදින්ගෙන් බේරා ගත යුතු කාලය පැමිණ ඇත (නි)

:       0       0

මහින්ද Tuesday, 08 October 2013 02:43 AM

ගරු මහතුනේ, තේරුම් ගන්න ඔබලා බේද බින්න කරන්නේ කවුද කියන එක. මොකද අප පක්ෂයේ එකමුතුකමට අනිත් හැම පක්ෂයක්ම අකමැතියි. ඔබලා එකතු වුණොත් ජයග්‍රහණය නියත බව ඔය හැමෝම දන්නවා (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 08 October 2013 12:38 PM

ගරු රනිල් මැතිතුමනි ,ඔබතුමා තව ටිකක් අනිත් අයට ඇහුන්කම් දෙන්න. දයාසිරි මහ්ත්තයට පක්ෂයේ උප නායකකමට නැවත ආරාධනා කරන්න. විනය පරීක්ෂණ නවත්වා සියලු දෙනාම නැවත බඳවා ගන්න. (නි)

:       0       0

බට්ටා Tuesday, 08 October 2013 03:07 AM

අපි ඔක්කොම රජවරු ඔක්කොමලා අලි, මේ මුළු පක්ෂෙම අපි කනවෝ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 08 October 2013 03:15 AM

අපි අහලා තියෙන විදියට නම් රනිල් කියන්නේ මහත්තයෙක්. ඔහු නියම මහත්තයෙක් කියලා පෙන්නන්න තියෙන හොද අවස්ථාවක් මේක. කරන්න තියෙන්නේ මෙච්චරයි. සජිත්ට නායකත්වය දීලා ඔහු ටිකක් විවේක ගන්න එක. (නි)

:       0       0

උපාලි Tuesday, 08 October 2013 03:27 AM

රටේත් අපෙත් යහපත උදෙසා ප්‍රබල ආණ්ඩුවක් මෙන්ම ප්‍රබල විපක්ෂයකුත් අත්‍යවශ්‍යයි. නැත්නම් පාලු ගෙයි වලං බිඳීම වළක්වන්න බැහැ. ප්‍රබල විපක්ෂයක් ලෙස හැදෙන්න කලින් රජ වෙන්න බලන එකනේ දැන් වෙලා තියෙන්නේ. පක්ෂයේ ලොකු ලොක්කෝ කවුරුත් හිතනවා නම් මුලින් විපක්ෂය ලෙස බලවත් වෙලා දෙවනුව රජවෙන්න, අන්න එහෙනම් හරිපාරට වැටුනා. මහත්තුරුනේ, එහෙම හරිපාරට වැටෙනකල් මිනිස්සු ඔයගොල්ලන්ට ඡන්දෙ දෙන්න මැලිවෙන බව මතක තියාගන්න. (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Tuesday, 08 October 2013 12:48 PM

රනිල් කොතරම් බුද්ධිමත් උනත් දිනා ගැනීමට බුද්ධියක් නැතිකම ප්‍රශ්නය.පාක්ෂිකයෝ රනිල්ට කැමති නැත්තෙ ඒකයි. (ස)

:       0       0

සත්‍යයා Tuesday, 08 October 2013 04:16 AM

මුදල් තිබුන පලියට පොහොසතුන් පැණියෙන් අධෝමුඛය සෝදන්නේ නැත. එසේම පක්ෂයක කුණු සෝදන්න පැණියෙන් නොහැකි බව වටහා ගෙන ඔවුන්ට ඔවා දෙන්නේ නම් යහපති. එකිනෙකා කුළල් කා ගැනීමෙන් පවා ඔවුන් කරන්නේ පවතින ජරාජීර්ණ ආණ්ඩු ක්‍රමයට වක්‍ර මාර්ගයෙන් සේවය කිරීමකි. අහෝ දෙව්දත් නොදුටු මොක්පුර. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 08 October 2013 04:22 AM

අරයලා දිනන්නේ මෙයාලාගේ සහයෙන් කියලත් හිතෙනවා (නි)

:       0       0

සරෝජ් ජයසේකර Tuesday, 08 October 2013 12:56 PM

සමගිය බලයේ වේ . නැගී සිටියහොත් එක්සත් වී . නැතිනම් සුන්වී යනවා අනිවාර්ය .එනිසා බලයට ලොබ නැතුව පක්ෂයේ සියලු දෙනාගේ සමගිය තුලින් එජාපය දිනවන්න . අපිටත් අලුත් වෙනසක් බලන්න (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 08 October 2013 04:23 AM

දිනුවත් වැඩක් නැහැ. දෑත් ශක්තිමත් කරන්නත් කට්ටිය යනවනේ (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 08 October 2013 04:25 AM

දෙවන පෙළ නායකත්වයකුත් අවශ්‍යයි (නි)

:       0       0

සෙනේ Tuesday, 08 October 2013 04:37 AM

බලමු එහෙමවත් කරලා (නි)

:       0       0

ලලිත් Tuesday, 08 October 2013 05:04 AM

මොනතරම් ඉහල මණ්ඩලයක් පත්කළත් අරයා ඉන්නේ ඊටත් ඉහළින් නම් ඒ මණ්ඩලය පත්කිරීමෙන් වෙන සෙතක් නැහැ. (නි)

:       0       0

ගාමිණි Tuesday, 08 October 2013 06:34 PM

හොඳයි. දැන් මේ මණ්ඩලයේ ඉන්නේ කවුද? රටේ ජනතාවගේ නියෝජිතයෝද? එසේ නම් මොන යෝජනා ගෙනාවත් පලක් වෙයිද? එහෙම නම් මේ මණ්ඩලයේ මුල්ම යෝජනාව විය යුත්තේ වහාම රටේ පක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමුව පත් කර ඊට පසු ඔය කියන පත්වීම් කරන්න කියායි. මේක රටේ ජනතාවගෙන් ඔය ඉන්න මණ්ඩලයට කරන ඉල්ලීමක්. (නි)

:       0       0

ඉන්ද්‍ර Tuesday, 08 October 2013 05:40 AM

ගොඩ වෙදකම් දැන් හරියන්නේ නැහැ.එක්කෝ පිළිකාව හොද කරන්න, නැත්තම් ඉවත්ම කළයුතුයි. (නි)

:       0       0

මාලා Tuesday, 08 October 2013 06:39 AM

පක්ෂයට විනකරන අය  සමග එකට වැඩකරන්න පුලුවන්ද මන්දා. (නි)

:       0       0

සමන්ත Tuesday, 08 October 2013 06:59 AM

මහජනයාගේ දේශපාලන බුද්ධිය ශ්‍රී ලංකාවේ වර්ධනය වී නැත.අපි සියල්ලම දීන පුද්ගලයන්ය. රේඩියෝ අහන්නේ බෝර්ඩ් ගහගෙන සල්ලි දෙන නිසාය. කොච්චර තිබුනත් ආණ්ඩුවෙන් දෙන සහනාධාර ගන්නවා.සුදුස්සාට සුදුසු රැකියා නොදී නුසුදුස්සෝ ඒවා ගන්නවා.ජාති ,කුල භේද වපුරනවා. සේවයට ගොස් වැඩ කරන්නේ නැත. 2500 ක අතීතය කියා කියා නිකන් ඉන්නවා. අපිට පසුව නිදහස වූ රටවල් බලන්න. එම මිනිස්සු අදිනය. උත්සාහවන්තය.රටේ සැමට එකම ක්‍රමයකි. ඡන්දය එදාට පමණය. දන්සල් වන්දනාව නැත (නි)

:       0       0

රකිත් Tuesday, 08 October 2013 07:58 AM

මොන මණ්ඩලය පත් කළත් වැඩක් නැහැ මණ්ඩලය කචල් නම්. දැන් බොහෝ කලක ඉඳන් මණ්ඩලය කචල්. (නි)

:       0       0

ගුණේ Tuesday, 08 October 2013 08:17 AM

ඔය මණ්ඩලයට මංගල සමරවීර හා රවී කරුණානායක ඇතුළත්ද? (නි)

:       0       0

මාටින් Tuesday, 08 October 2013 08:20 AM

අපේ "වන්ෂොට්" ට නායකත්වය දුන්නොත් හොද නැද්ද? (නි)

:       0       0

ගජමන් Tuesday, 08 October 2013 08:30 AM

අරයගේ ජනාධිපති සිහිනය තියෙනකල් ඔය එකතුවීම් වැඩක් නැහැ.රනිල්ට කෙනහිලිකම් කරන්නේ නැතුව එකතුවෙලා පක්ෂය ගොඩ ගන්නේ නැතුව කරන මෝඩ වැඩ නිසා තමයි අද එජාපය මේ තත්වයට පත් වුණේ. ජනාධිපති වෙන්න හුඟක් කැප කිරීම් කරන්න ඕනෑ. අනික ප්‍රේමදාස යුගයක් නම් ආයෙත් මේ රටේ ඇති වෙනවට හුඟ දෙනෙක් කැමති නැහැ.ඒ කාලේ පණ බේරාගෙන රටින් පැනලා ගිය උගත් සිංහල බෞද්ධයෝ කොච්චරක්ද? (නි)

:       0       0

පෙත්තා Tuesday, 08 October 2013 07:16 PM

"එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක්" ඒක මොනවගේ වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

සාලමුල්ල Tuesday, 08 October 2013 08:35 AM

එදා කළ වැරදි වලට සමාවත් ගතයුතුයි (නි)

:       0       0

ඔකිත Tuesday, 08 October 2013 08:52 AM

වැඩක් වෙයිද?  (නදී)

:       0       0

දයාරත්න Tuesday, 08 October 2013 07:23 PM

අපේ රට ජාතිය බේරාගත් ජාතියේ වීරයා වන සරත් ෆොන්සේකා මැතිතුමාව අපි මීළඟ වාරයේ දිනවමු (නි)

:       0       0

චමින්ද Tuesday, 08 October 2013 08:55 AM

ඒ පාර මණ්ඩලයක් පත් කරගෙන වගේ. ඔය වගේ කොච්චර දේවල් කරාද වැඩක් වුනාද? කරන්න ඕන මුලික දේ නොකර අනික් දේවල් කොච්චර කරත් වැඩක් නැහැ . (නදී)

:       0       0

අමිළ කටුනායක Tuesday, 08 October 2013 08:56 AM

ඒ මන්ඩලෙත් කචල් වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

පාලිත Tuesday, 08 October 2013 08:57 AM

ආඩි සත් දෙනාගේ කන්ද හැලිය වුනොත් ඉවරයි.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 08 October 2013 08:57 AM

දසුනි, ඔයා 1994 ඉදන් දවල් හීන බලබල ඉන්නවා නේද? ඔයා හිටිය වගේ තව අවුරුදු 20ක් විතර තව ඉවසන්න. (නදී)

:       0       0

දිසානායක Tuesday, 08 October 2013 08:58 AM

මොන මණ්ඩලේ පත් කෙරුවත් මොළේ තියන අයව දැම්මේ නැත්නම් සේරම ඉවරයි.(නදී)

:       0       0

ලහිරු Tuesday, 08 October 2013 09:00 AM

ලොක්කා දැන්වත් ගෙදර යන්න. අපට ලැජ්ජා කරන්නේ නැතුව. (ස)

:       0       0

හේමන්ත Tuesday, 08 October 2013 09:01 AM

රනිල් - සජිත් - කරු එකා වගේ කැපවීමෙන් කටයුතු කලොත් සමගිව ජනතාව අතරට ගියොත් මීළඟ රජය පිහිටුවනවා සිකුරුයි. කාලය ගෙවීයා නොදී වහාම එක්ව එක්සත්ව ජනතාව අතරට යන්න. (ස)

:       0       0

බණ්ඩා Tuesday, 08 October 2013 07:33 PM

යු එන් පී.යට අරක්ගත් අර අහවල් බහිරවයා ඉන්නකම් කවදාවත් දිනන්න බැහැ (නි)

:       0       0

ෆර්සානා Tuesday, 08 October 2013 09:05 AM

මේක පත්කරන්නේ කවුද එතකොට? (නි)

:       0       0

දිල්ශානි Tuesday, 08 October 2013 09:08 AM

සජිත් ප්‍රේමදාසට අපි සහයෝගය පල කරමු. එජාපයට ඕනෑ බිම් මට්ටමේ අයටත් ගරු කළ හැකි නායකයෙක්. ඔබ පැමිණියොත් කරන්න බලාපොරොත්තු වන වැඩ කොටස ගැන සඳහන් කළොත් හොඳයි. (නි)

:       0       0

දිලා Tuesday, 08 October 2013 03:03 PM

පැරදුනා ඇති සහ පැරදුනා මදි කියන කණ්ඩායම් දෙක අතරේ සටන තමයි ඔය.කොච්චර පැරදුනත් රනිල්ට මදි.එජාපය දිනවන එකම මඟ රනිල් ගෙදර යැවීම.ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකු නිසා රනිල් තවමත් බලය අල්ලාගන ඉන්නවා.රටේ සාමාන්‍ය මිනිස්සු එක්ක බද්ධ වෙන්න බැරි රූකඩයක් කොහොමද පක්ෂය දිනවන්නේ? (ස)

:       0       0

රංජිත් Tuesday, 08 October 2013 09:28 AM

සොරිම තමා...... (ස)

:       0       0

විශ්ව Tuesday, 08 October 2013 03:08 PM

එජාපයට වැදුණු ලොකුම සාපය තමයි රනිල්ගේ දුර්වල නායකකම.පරාජය උරුම කරගත්ත, මහජනයාගෙන් වියුක්ත වූ කෙනෙක් කොහොමද රටේ නායකයා වෙන්නේ? (ස)

:       0       0

ගාමිණි Tuesday, 08 October 2013 09:50 AM

රනි ,සජිත්,කරු. යා දෙක නොරත රත, සමඟ පෑහීමක් නැත. (ස)

:       0       0

ඔකිත Tuesday, 08 October 2013 09:51 AM

පක්ෂ නායකත්වයට ඔබ තිදෙනා කුළල් කා ගත්තට කමක් නෑ. හැබැයි රටේ නායකත්වයට ඔබ කිසිවෙක් සුදුස්සෝ නොවේ. (ස)

:       0       0

මෙන්ඩිස් Tuesday, 08 October 2013 10:00 AM

සජිත් හා කරු එකතු වීම ඉතාම වැදගත්. යූ එන් පී එකේ වැටීම තියෙන්නේ ‍ප්‍රධාන පුද්ගලයන්ගේ එකමුතුකමක් නැති කමයි. අනෙක් අතට සජිත් නායකත්වයට පත් වීමට දැඟලුවාට වැඩක් වෙන්නේ නැහැ. ප්‍රේමදාස මහතා වුවත් නායකත්වයට දැඟලුවේ නැහැ. නියම වේලාවේදී එය ඔහුට ලබා දීමට සිදුවුනා. සජිත් ඔබත් එසේ කටයුතු කළ යුතුයි. නායකත්වය ලබාගත් පමණින් ජයග්‍රහණයක් ලබා ගැනීමට නො හැකි බව තේරුම් ගන්න. ඒ වාගේම කරු ඔබ පක්ෂයට සිදු කළ හානිය මකා ගැනීමට නම් සමගිව පක්ෂය දිනවීමට පුරෝගාමී විය යුතුයි. ඒ වාගේ ම පක්ෂ නායකත්වය පවා නම්‍යශීලී වීම ද ඉතාම වැදගත්. යන අය තවත් ඉන්නවා නම් ඔවුන්ටත් යාමට කාලය ලබා දී සජිත්, කරු හා රනිල් පක්ෂය දිනවීමට කටයුතු කරන්න. අපි ඉතා ඕනෑකමින් බලා සිටින්නේ ඔබගේ සමගිය තුලින් ජයග්‍රහණයක් ලබා ගැනීමට. කාලය සීමිතයි. අවස්ථාව ඇත. ජනතාව ඔබ පිළිගැනීමට බලා සිටින බව සඳහන් කරමි. ඔබ සැමට ජය! (නදී)

:       0       0

නිශානි Tuesday, 08 October 2013 10:10 AM

තවත් එක් ගොන් රැස්වීමක් .... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 649 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1625 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 772 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 776 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 768 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20071 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16618 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site