IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


එජාපය දිස්ත්‍රික්ක 22න්ම

එළඹෙන මහමැතිවරණයේදී එජාපය දිස්ත්‍රික්ක 22 සඳහාම තරග කරන බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.



අදහස් (57)

එජාපය දිස්ත්‍රික්ක 22න්ම

Sanka Saturday, 07 March 2020 07:06 AM

මේ අකිලගේ බොරු කයිවාරු... මෙයා තමයි රනිල්ට පන්දම් අල්ලලා UNP එක නැති කලේ. රනිල් ඇතුළු මේ නඩේ ඉදිරි ඡන්දෙදී ජනතාව කුණුබක්කියටම දානවා නියතයි. සුවහසක් රටේම UNP පාක්ෂිකයෝ විශාල උද්යෝගයකින් සජිත්ගේ සමගි ජනබලවේගය ඉදිරි ඡන්දයෙන් ඉහළින්ම දිනවනවා.

:       4422       8008

විනිවිදSaturday, 07 March 2020 02:47 PM

රනිල්ට හෝ අකිලට දෝෂාරෝපණය කිරීමෙන් පලක් නොමැත. ඔවුන් පක්ෂය ආරක්ෂා කළා මිස තනතුරු උදෙෂා පක්ෂය බෙදී වෙන් කිරීමට කිසිදිනෙක කටයුතු කළේ නැත. සත්‍යය එය වේ. සෑම මැතිවරණ පරාජයකින් පසුව පක්ෂයේ නායකයා වෙනස් කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය. නමුත් මැතිවරණයක් දිනීමෙන් පසු නායකයා වෙනස් කිරීම් ගැන කිසිවකු කතා කරන්නේද නැත. මෙය තනතුරු පසුපස යන්නා වූ සහ කිසියම් වූ දේශපාලන පරිණත භාවයකින් තොරවූ පුද්ගලයන් විසින් ඔවුන්ගේ වාසියට වරින් වර මතුකරන අවස්ථාවාදී ක්‍රියාවලියක කොටසකි. ඉදිරි මැතිවරණයේදී කරු ජයසුරියගේ මැතිවරණ නායකත්වයෙන් සියලු දෙනා එක්ව වේදිකාවලදී සියුම් විවේචන නොමැතිව මැතිවරණයට ඉදිරිපත් උවහොත් පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු මෙන්ම රජයක් පිහිටුවීමටත් හැකියාවක් තිබේ. වෙනත් පක්ෂ මෙන් එජාපය කඩා බිද දැමීමට පක්ෂය පිටින් එක්වූ භූතයෝ උත්සහ කළත් අපේ එක්සත් ජාතික පක්ෂයට එසේ වන්නට අපි ඉඩ නොදෙමු. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය කැනඩාව වැනි ලෝකයේ දියුණු රටවල දේශපාලකයන් මැතිවරණ සදහා ඉදිරි පත්වන්නේද සම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ මගිනි. ප්‍රධාන පක්ෂ සලකුණ සහ පාට වෙනස් නොකලත් අවස්ථානුකුලව මැතිවරණ සදහා වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කරනු ලැබේ.

:       110       40

samanSaturday, 07 March 2020 03:18 PM

පහුගිය ජනාධිපතිවරණය ඉල්ලලා අන්ත පරාජයකට පත් වුනේ සජිත් මිසක් රනිල් නෙවේ. අනික තමන්ගේ ආසනයත් ජරා විදිහට පරාදවුණු සජිත් යන්තම් හරි ඡන්ද ටිකක් ගත්තේ රනිල් සංවිධානය කරපු උතුරු නැගෙනහිර සහ කොළඹින් විතරයි. නැත්නම් ඡන්ද ලක්ෂ 25 ක් ගන්න බැරි වෙනවා. රනිල්ට බොරුවට බැනල වැඩක් නෑ. මෙදා කට්ටියටම බලාගන්න පුළුවන් මිනිස්සු ඡන්දෙ දෙන්නේ ප්‍රධාන වශයෙන් පක්ෂෙට මිසක් මිනිස්සුන්ට නෙවේ කියලා.

:       211       29

Lanka Saturday, 07 March 2020 07:17 AM

අයියෝ සජිත්...

:       2238       2204

Janaka from Matara Saturday, 07 March 2020 07:39 AM

අපේ රටට දේශපාලන දේශසීමා යළි සලකුණු කිරීමත්, ඒ සීමා තුළ දේශපාලන ප්‍රතිපත්ති මුද්‍රාඵලක එසැවීමත් අත්‍යාවශ්‍යවම තිබෙයි. මොකුන් මොකුන් හරි එකතු කරගෙන බලයේ ඉන්න ඔවුන්ට කෙළවන්නට යාම බලය නැති උන්ගේ පරමාභිලාශයයි.

:       115       50

pradeepa Saturday, 07 March 2020 07:47 AM

අන්ත පරාජයක් නියතයි.. වාසිය මහින්දට, මේක ඩීල් එකක්...

:       1600       1958

supun gallage Saturday, 07 March 2020 07:55 AM

ජයවේවා! එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට. හොඳ නිවැරදි තීරණයක් ගත්තට බොහොමත්ම ස්තුතියි. ඔහොම තමයි තීරණ ගන්න ඕනේ... කොන්ද කෙලින් තබා ගන්න. අලුත් කණ්ඩායමක් හදාගෙන ඉදිරියටම යන්න. ඔබටත්, පක්ෂයටත් ජයෙන් ජය...

:       2850       2941

bandaSaturday, 07 March 2020 09:16 PM

මහින්ද එක්ක ඩීල් ගහන්න බලාගෙන ඇති. අනේ අකිලයෝ.... ඔයාලට මෙදා පාර ඇපත් නෑ.

:       560       614

bandaSunday, 08 March 2020 09:44 PM

සුපුන්, මේ අයට ඡන්දෙ දෙන අය දැන් කුරුණෑගල නෑ.

:       0       1

Buddika Saturday, 07 March 2020 08:02 AM

රනිල් සහ ඔහුම හොඳයි කියමින් 26 වසරක් එජාපය විනාශ කළා. 10 දෙනෙකුට අඩු හෙන්චයියන් පිරිස නොදන්න දේ තමයි තමන්ව එජාප පාක්ෂිකයින්ගේ වෛරයට සහ කේන්තියට අප්‍රසාදයට පත්වී ඇති බව...

:       1173       2272

Appuhami Saturday, 07 March 2020 08:10 AM

නියමයි.. කටටියම එකවර ගෙදර යවන්න පුලුවන්. කුරැඳු වත්තේ දේශපාලනයේ නිමාව..

:       718       1561

Gura Saturday, 07 March 2020 08:13 AM

විසිදෙකෙන්ම පරදින්නේ නැහැ. කොටි කොහොමත් අලින්ට කැමැතියිනේ..

:       607       716

rana Saturday, 07 March 2020 08:18 AM

ආව ඇයෝ ගියා... ගිය ඈයෝ ආවා. කවුරු කොහෙන් ආවත්, ගියත් අපි නම් හිටිතැනමනේ..! අපිට හිටි තැනත් නැතිකර නොගියොත් ඇතිනේ... !

:       1       36

Pradeep Saturday, 07 March 2020 08:19 AM

පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි දුටුවා... එජාපයට හැම දිස්ත්‍රික්කයකින්ම ඡන්ද ලැබූ හැටි. ඡන්දය වෙනුවෙන් රට කැබලි කර ලබාදී හෝ ජයගැනීමට ඔවුන් නොපැකිලෙන බවත් අපි දන්නවා. මෙවරත් බොහොමයක් අන්තවාදී කණ්ඩායම්වලට විවිධාකාරයේ පොරොන්දු දැනටමත් ලබා දී ඇති.

:       1285       1295

ලැවොයිසියර් Saturday, 07 March 2020 08:45 AM

ධනපති රොත්තගේම ගමනක අවසානය සනිටුහන් කළ වගයි...!!! එජාපයට අනිච්ඡාවත සංඛාරා.

:       705       754

SaththayaSunday, 08 March 2020 02:48 AM

රාත්‍රී සමාජ ශාලා කට්ටියගේ අවසානය......රටේ නිදන් ටිකත් ඉතුරු වෙනවා.

:       105       158

vkum rajapaksha Saturday, 07 March 2020 08:48 AM

දැන් සමගි ජන බලවේගයට "අපි යූඑන්පී" කියලා කියන්න කිසිම අයිතියක් නොමැත. එහෙම කිව්වත් කමක් නැහැ මොකද එ්කේ වාසිය. ඔර්ජිනල් "යූඑන්පී" අයටයි.

:       215       405

Lucky Saturday, 07 March 2020 08:52 AM

මේ ප්‍රශ්නය මතුකරේ අජිත් පෙරේරා සහ හරින් කල්ලිය නේද? ඔවුන් තමයි රටටම කියලා කෑගහලා බලය උදුරන්න සජිත්ව පෙළඹුවේ. මෙය රනිල් මතුකරපු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් පාස්කු හරින් සහ ෆුට්නෝට් අජිත්, සුජීව ඇතුළු අැලෝසියස්ගෙන් මිලියන් ගණන් ගත්ත කට්ටිය හොඳ බබාලා..

:       1619       1690

bandaSaturday, 07 March 2020 09:27 PM

මහා බැංකුව හොරාකාපු රනිල්, රවී, මහින්ද එක්ක ඩීල් දාපු අය, නැව් ගිලපු අය වල පයයි ගොඩ පයයි ඉන්න අය, කුලියාපිටියේ අය එකටම තියල ගෙදර යවන්න ජනතාවට අවස්ථාව ලැබීම ලොකු වාසනාවක්.

:       530       429

WasudewaSunday, 08 March 2020 02:07 AM

අජිත් පෙරේරා සහ හරින්...මේ මෝඩ කතා ගණන් ගන්න එපා. ඔයාලා සටන ඉදිරියටම ගෙනිහිල්ලා සජිත්ගේ නායකත්වයෙන් එජාපය හොද ගමනක් යන්න. මොකද ඕන මෝඩයෙකුට තේරෙනවා. රනිල් සහ හොර නඩේ ඉන්නකම් එජාපය නැත්තට නැතිවුණා මිසක් කිසිම දිනුමක් නැහැ. මෙච්චර කාලයක් රනිල් සහ හොර නඩේගේ එජාපය ඒකට කළ විනාශය ඉවසුවා ඇති. රටේ සියලුම එජාප පාක්ෂිකයෝ අපි සජිත්ගේ සමගි ජනබලවේගය සමගයි.

:       1155       731

Hubert Saturday, 07 March 2020 08:58 AM

අයියෝ ශ්‍රී ලංකා...

:       1       14

lakshan rajakaruna Saturday, 07 March 2020 09:07 AM

"ගුරා" කියන උතුම් වචනයටත් නිගා කරමින් කමෙන්ට් කළ තැනැත්තාට කියන්න කැමතියි දිස්ත්‍රික්ක 22කක ඉන්නේ බහුතරය සිංහලුන් බවයි. ලංකාවේ දිස්ත්‍රික්ක 24ක් ඇති බව අද ඉගෙන ගන්න. 2ක් අදාලම නැහැ. එ්කයි 22ක් කියලා තියෙන්නේ. මේ වගේ කමෙන්ට් නොදා ඉන්න කරුණාකරලා.

:       6       141

saman Saturday, 07 March 2020 09:39 AM

ඉතාම හොඳ තීරණයක් අකිල. ඔබ, නවින්, රුවන් වැනි හිටපු තරුණ මන්ත්‍රී වරුන් සමග අලුතින් උගත් කාර්යශුර තරුණ අපේක්ෂකයන් ආසන සංවිධායකයන් ලෙස පත් කර මැතිවරණයට ඉදිරිපත් කරන්න. සජිත් සමග ගිය පැරණි කාපාළුවන් අන්ත පරාජයට පත් කර අපේ ශක්තිමත් සහා පැරණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය නව ගමනකට යොමු කරවන්න. අදටත් සියලු ජාතින් නියෝජනය කරලා ශක්තිමත්ම තනි පක්ෂය එජාපයයි. ඔබට ජය...!!!

:       1196       1308

කනිෂ්ක Saturday, 07 March 2020 09:44 AM

උණුසුම් සුබපැතුම්...!!!

:       354       382

නුවන්සර Saturday, 07 March 2020 09:53 AM

රනිල් යනු, දකුණු ආසියාවේ සිටින කෘතහස්ත නිහඬ දේශ පාලකයකු වේ.

:       2360       2575

MuhanSaturday, 07 March 2020 10:34 AM

නිහඬ කෘතහස්ත පාලකයකුට මේ රටේ මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති මළගෙදර එන, බබාලා ඉඹින, කෑගහල පපුවට ගහගෙන, අපේ කරට අතදාලා අපිටම කෙලින අයට..

:       1056       1145

AkilaSaturday, 07 March 2020 03:06 PM

මෙහෙම ඡන්දදායකයෝ ඉන්න රටකනේ අපි ඉන්නේ. එතුමා 2015 ආණ්ඩු බලය ලැබුනට පස්සේ කරපු දේවල් ටිකක් මතක් කරමුද ? මහා බැංකුවට කොහෙවත් හිටිය හොරෙක් ගෙනත් දැම්මා. මුදල් ඇමතිකම යන්තම් උසස් පෙළ සමත් ලිපියක් කියවගන්න බැරි හෙන්චයියෙක්ට දුන්නා. ආරක්ෂක ඇමතිකම කිසිදෙයක් නොදන්නා කෙනෙකුට දුන්නා. පුළුවන් හැම වෙලාවේම රට රට වල රවුම් ගැහුවා. බලය තියාගන්න තම ගෝලයන්ට ඉල්ලන ඉල්ලන වෙලාවට රටේ සල්ලි නාස්ති කරන්න ඉඩ දුන්නා. මේවා ටිකක් විතරයි.

:       0       17

kusumadasa disanayake Saturday, 07 March 2020 10:03 AM

ලැවොයිසියර්, ඔයා කොයි රටෙන්ද? නම තමයි නම... ඔයා පොහොට්ටුවෙන්ද? ඔයා දන්නේ නැතිව ඇති කෝටිපති ලැයිස්තුවේ පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද පස්වැනියා. එජාපයට අනිච්ඡාවත සංඛාරා... කියන්න කලින් ඒවා ගැන හිතලා බලන්න. ඒ පවුලේ අනෙක් අයගේ වත්කම් නොකියා මේ කියන්නේ.

:       628       920

savantSunday, 08 March 2020 05:12 AM

ඔය කියන කෝටිපති ලැයිස්තුව පල කරලා තිබෙන්නේ කවුද, කොහෙද, කවදාද? මේ ඡන්ද කාලයේදී සත්‍ය ප්‍රකාශ කිරීම වගේම තොරතුරු නියම ආකාරයෙන් සාක්ෂි සහිතව පලකිරීම ඉතා වැදගත්. නැත්නම් සුවඳැති කුසුම් වෙනුවට දුගඳ හමන කුසුම් මතුවෙලා කියන්න අපිට සිද්ධ වේවි.

:       2       54

Bandara Saturday, 07 March 2020 10:29 AM

නායකයින් මාර්කට් කරනවා වෙනුවට, ඡන්දයකදී ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ කවුද? ආර්ථික දැක්මකින් තොර නායකත්වයකින් ඵලක් නැති බව ලෝකයේ බොහෝ දියුණු රටවලින් උදාහරණ ගතහැකියි.

:       0       75

prakaash Saturday, 07 March 2020 10:38 AM

කුණු ගොඩකි... ඇත්තේ දුර්ගන්ධයම පමණයි.

:       34       80

sigithi Saturday, 07 March 2020 10:45 AM

පිරිමි ඇඳුම් ඇදගත්ත මේ ගැහැණු ටික බල තණ්හාවෙන් බරිත වෙලා U.N.P එක නැත්තටම නැති කළා මදිවට රටත් නැත්තටම නැතිකළා.

:       607       521

Kumara Saturday, 07 March 2020 11:17 AM

ඔය ඔක්කොම එකයි.. මකබෑවිලාම ගියා නම් ඉවරයි.

:       307       230

chandima Saturday, 07 March 2020 11:52 AM

පුළුවන් තරම් ඡන්ද කඩලා පොහොට්ටුව තනියම 2/3 ගන්න එක වළක්වලා ව්‍යවස්ථාව ඒ කට්ටියට ඕනෑ විදියට වෙනස් කරන එක වළක්වන්න මෙදාපාර පෙරමුණු දෙකකින් සටන් වදින්න වගෙයි යන්නේ... අලින්ගේ ඡන්ද අලියාටම අරගෙන පියාණෝගේ ඡන්ද පුතාණෝට අරගත්තම ඇත්තටම පොහොට්ටුවට 2/3 නොලැබෙන්නත් ඉඩ තිබෙනවා. එ් කියන්නේ අර පරණ විදියටම දිනන පැත්තට පනින අවබෝධතාව සදා පවතිනවා. අලුතින් කාචයක්වත් දැම්මද?

:       2       68

ගරසරපSaturday, 07 March 2020 11:42 PM

මතක තියාගන්න කෙනෙකුට තියෙන්නේ එක ඡන්දයයි. මනාප ක්‍රමයේදි ගොඩ වැඩිවෙන තරමට තමා ආසන. කැඩිලා ගියොත් 5% අඩු ප්‍රමාණයේ ඡන්ද කුට්ටි වලින් වැඩක් නෑ. බෙදුනා කියන්නේ අවාසි.

:       0       2

Mf Saturday, 07 March 2020 01:57 PM

හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා එජාප පාක්ෂිකයන්ට. අපි බලමු සජිත් දිනයිද ? රනිල් දිනයිද කියලා.....

:       0       0

බිනුර Saturday, 07 March 2020 02:09 PM

මුල අමතක අයට එජාපය තුළ ඉඩක් නැත.

:       0       14

Akila Saturday, 07 March 2020 03:15 PM

ඉතින් අපිට පාන්ද ?

:       0       0

ananda Saturday, 07 March 2020 03:53 PM

මේක බලන කවුරුහරි කියනවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගණන හරියට..............

:       0       0

Mahesh Saturday, 07 March 2020 05:27 PM

අන්තපරාජයක් ලැබීමට නියමිතයි. වැඩිම වුනොත් ජාතික ලැයිස්තු මන්ත්‍රීදූර දෙකක් ලැබෙයි.

:       1       0

binkunndaa Saturday, 07 March 2020 06:15 PM

රාජපක්ෂ කල්ලිය දිනවීමට කරන රනිල්ගේ උපාය මාර්ගය.

:       2       0

banda Saturday, 07 March 2020 09:17 PM

අනේ අකිලය නොදුටු මොක් පුර..................

:       480       1310

banda Saturday, 07 March 2020 09:18 PM

අලියා සජිත්ට දීලා ඔබලා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න.

:       106       2

Samansiri Saturday, 07 March 2020 09:38 PM

ඉතාම හොඳ තීරණයක්. උගත් වැදගත් මිනිස්සු ටිකක් ඡන්දෙට දන්න. පුතානෝගේ කට්ටිය කැඩිලා යන එක රටට හොදයි.

:       185       273

ranjith Saturday, 07 March 2020 10:15 PM

මේ නඩේ ඉදිරි ඡන්දෙදී ජනතාව කුණු බක්කියටම දානවා. මහ බැංකු හොරු ටිකත් නිවට නායකයෝ ටිකත්..............

:       4       0

Amula Saturday, 07 March 2020 11:12 PM

අපේ රටට වෙලා තියෙන්නේ ඕක තමා. මේ කාලකන්ණි දේශපාලුවෝ නිසා රටම අගාධේ. කවුද උනන්දු වෙන්නේ රට ගොඩගන්න ? මේත් ඒ ජාතියේම එක්කෙනෙක් තමා.

:       127       0

mainda Sunday, 08 March 2020 01:06 AM

ලේකම්ලා තමයි පක්ෂ කන්නේ. සිරී, දයා SLFP කෑවා. මෙයා එජාපය කනවා.

:       172       37

Amila Chathuranga Sunday, 08 March 2020 04:42 AM

රාජපක්ෂලා ඡන්ද දිනනවා කියලා ඔවුන්ගේ පොරොන්දු ඔවුන්ගේ විදිහ කොපි කරලා විරුද්ධ පක්ෂයට ජයගන්න බැහැ. සජිත්ගේ අදහස තවත් මහින්ද කොපියකට මිනිස්සු ඡන්ද දෙයි කියලා. එව්වා හීන ඉතින්. කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂය අනෙක් පක්ෂ එක්ක එක්කාසු වෙන් නැතිව මැතිවරණයකට යන එක කෝකටත් හොදයි. දැන් මුස්ලිම් කොංග්‍රසය සහ අනෙක් ඔක්කොම අන්තවාදීන් ඉන්නේ සජිත් එක්ක. ඇත්තටම ප්‍රතිපත්ති ගෙනියන්න පුලුවන් හොද සෙට් එකක් එකතු කරගෙන අලුත් ගමනක් යන්න අකිල සහ පිරිසට පුළුවන් වෙයි.

:       0       202

කවිදු Sunday, 08 March 2020 05:41 AM

එක එක්කෙනාගේ ලණු කාලා හැමදාම ජන්දයක් කිට්ටු වෙනකොට නායකකමක් ඇදන් පක්ශය විනාශ කළේ සජිත්. කිව්වේ කොහොමද ? ඕනි ලකුණකින් එනවා කියලා දෙන්න පුලුවන් හැමදේම දුන්නා. සජිත් එක්ක ඉන්න ගොඩාක් මන්ත්‍රීවරුන් පක්කාලි වැඩ කරන අය. අද මහින්ද වුනත් එක එක දේවල් වලට යට වෙලා ඉන්නේ.රනිල් විතරයි කාටවත් යට වුනේ නැත්තේ. අන්තිම කෘත්‍යාධීකාරී මණ්ඩලයට එන්න කිව්වම සජිත්ලා කට්ටිය අවේ නැතුව ලිස්ට් එක හැදුවා නේද? ඉතිං ලකුණ එදා හොයාගන්න බැරිවුනාද දන්නේ නෑ. මේ රටට නිදහස අරන් දෙන්න මූලිකත්වය ගත්තු පක්ෂය , රටේ ජාතික කොඩිය නිර්මාණය කරපු පක්ෂය , රටේ ජාතික ගීය නිර්මාණය කරපු පක්ෂය ඉන්දියාවේන් මෙහෙට ආපු කල්ලතෝනි බාස් කෙනෙක්ට දෙන්න නෙමෙයි පක්ෂයට අඩිය තියන්නවත් දෙන්නේ නෑ. මේ ගත්තු උදාර තීරණයට පාක්ෂිකයන් ලෙස අපි ඉන්නවා. ගමට යන්න බැරි දිනලා පාක්ෂිකයින් නොසලකා හැරිය අයට. ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14000 වැඩියෙන් තියනවා.ඒ හැම එකකටම රනිල්ට යන්න පුලුවන්ද?ඒකට තමයි මන්ත්‍රීවරයෙක් ඉන්නේ. ජන්දෙන් පස්සේ ගමට ගිහින් පාක්ෂිකයින්ට උදව් කළේ නැත්තේ රනිල්ද නැත්නම් ජඩයොද?

:       1       235

AkilaSunday, 08 March 2020 07:26 AM

රනිල් කියන්නේ මේ රටේ දේශපාලනයට කොහෙත්ම සුදුසු නැති පුද්ගලයෙක්. ඔහුගේ මෙතෙක් කල් හැසිරිමෙන්වත් ඒක තේරුම් ගන්න ඕනේ හැමෝම.

:       107       0

Janaka from MataraSunday, 08 March 2020 08:34 AM

100%ක් එකඟයි.

:       101       1

Mahesh Sunday, 08 March 2020 06:44 AM

දිනන්න බැරි නායකයෙක්ගෙන් වැඩක් නෑනේ. හැමදාම අලුත් කණ්ඩායම් ලැබුනා නමුත් නායකයා නෝන්ජලයෙක්. හරි නන් 2005 ගෙදර යා යුතු වූ චරිතයක් තමයි රනිල් කියන්නේ.

:       166       0

sudath jayasekara Sunday, 08 March 2020 08:10 AM

ඔයා දැනගන්න යූ.එන්.පී එක මුලින්ම කාලා ගියේ "තිස්ස අත්තනායක"ට අත්සන් ගහලා කියන වග... දැන් ඒ සේරම හොරු.. අන්න සජිත් වට කරගෙන ලකුණු හොයලා හොයලා හති වැටිලා ලබන සතියේ කියන බවක් කියන අතරේ ලකුණු වෙනස් කරන අයට සහනයකුත් 9 වෙනිදා වෙනකම් මැතිවරණ කොමිසමෙනුත් පොඩි තල්ලුවක් දීලා තිබෙනවා. දැන් ටෙලිෆෝනයද? අරකද? මේකද? හොයාගන්න ඔන්න ලෙහෙසි කරලා...

:       0       0

isuru Sunday, 08 March 2020 08:32 AM

බෙදිලා ඉල්ලුවොත් අන්ත පරාජයක් නියතයි...!!!

:       0       112

dammika hettiarachchi Sunday, 08 March 2020 12:16 PM

රාජපක්ෂලාගේ පාලනයේ දී රට ඉඳන් සල්ලි එවන ඔයාලට රටට එන්නවත් පුලුවන්ද? වාසියක් නම් එන්න දෙනවා. එ්ත් මේ වර ඔයාලට ඡන්දෙ දන්නවත් දෙන්නේ නැහැ. එ් නිසා යූඑන්පී එක දිනවන එක නරකද හිතට එකඟව සිතන්න. "නිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයින් නැවත ඒ පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය. මාධ්‍ය පිරිසක් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. දින 21ක නිවාඩුවක් ගත කිරීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණියත් එම රටවලින් පැමිණෙන ජනතාව දින 14ක නිරෝධායනයකට ලක්කිරීමට මේ වනවිටත් සැලසුම්කර ඇති හෙයින් ඔවුන්ගේ පැමණීම එතරම් ඵලදායි නොවන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය."

:       31       111

banda Sunday, 08 March 2020 09:46 PM

මේ අය ඉන්නකම් පක්ෂයට දිනුමක් නෑ.

:       76       0

sharm warn Thursday, 12 March 2020 05:17 AM

දිස්ත්‍රීක්ක 22 ක් ගැන කියන්නේ එතකොට අනිත් දෙක මොනවද ? ඒවායින් තරග කරන්න බයද? නැත්නම් එව්වා දීලා දාලා ඉවරද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 158 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 176 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 51 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 602 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි
2024 නොවැම්බර් මස 27 297 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,


වවිනියාවේ වැව් 125 ක් වාන් දමයි වැව් තුනක් කැඩිලා
2024 නොවැම්බර් මස 27 248 0

වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2128 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site