IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘එජාපය මහ ඡන්දෙන් ලේසියෙන් දිනනවා ‘

ඉදිරියේදී  පැවැත්වෙන  මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවෙතියි පක්ෂ මහ ලේකම්  මහා මාර්ග උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන  අමාත්‍ය  කබීර් හෂිම් මහතා පැවසිය.

ගම් මට්ටමේ ශක්තිමත්ම යාන්ත්‍රණය මෙන්ම වැඩිම ඡන්ද  පදනමක් ඇති තනි පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව පසුගිය ජනාධිපතිවරණයේදී ඔප්පු වී තිබෙන බව ද මහ ලේකම්  සඳහන් කළේය.

රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා මුලිකත්වය දුන් එජාපයට ඉදිරි මැතිවරණ කිසිදු අභියෝගයකින් තොරව ජයගත හැකි බව  හෂිම් මහතා පැවසුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

DSC_1977



අදහස් (0)

‘එජාපය මහ ඡන්දෙන් ලේසියෙන් දිනනවා ‘

ජයන්ත Thursday, 12 February 2015 02:22 PM

රොහාන් ඔබ හරි , මෙයාලට අහක යන කැසිනොවක් ඇදිල හිත ඉන්නේ ඔක්කොම හරි කියල. දින 100න් බයිලා නැතිව වැඩ පෙන්නන්න ජනතාවට .එහෙම නොකොළොත් ජනතාව උත්තර දෙයි මෙයලටත් (බ)

:       0       0

කරුණාජීව Friday, 13 February 2015 10:34 PM

ඕක නම් ඔය කියන තරම් ලේසි වෙන්නේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණ මේ පාර වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්නවා මේ යහපාලනය යන විදියට. (ස)

:       0       0

සහන් Thursday, 12 February 2015 02:47 PM

රනිල් කියන්නේ උගත්,බුද්ධිමත් ,අවංක නායකයෙක් කියලා හැමෝම දන්නවා.රටට වැඩක් වෙන්න නම් යූ.එන්.පී. රජයක්ම එන්න ඕනෑ (නි)

:       0       0

ජයන්ත Thursday, 12 February 2015 02:56 PM

ප්‍රියමාල් ජයතිලක, ඔබ නිවැරදියි. මගේ ඡන්දය පාවෙන ඡන්දයක්. මම හිතුවා ඔවුන් හරි කියලා. අද මම දුක්වෙනවා ඒ ගැන (නි)

:       0       0

රෝයි Thursday, 12 February 2015 03:25 PM

ඇමතිතුමා, කට වරද්දාගන්න එපා. ඔබ දුන් පොරොන්දු ඡන්දයට පෙර ඉටුකළේ නැත්නම් දින සියයෙන් තීරණයක් ගන්න වෙනවා. මේ වෙබ් අඩවි වල මහජන අදහස් ඔබ කියවනවා නම් ජනතා මතය පැහැදිලි වෙයි. (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 12 February 2015 03:26 PM

ගම මට්ටමින් බිම් මට්ටමින් ජනතාව දැනුවත් කළයුතුයි. (නි)

:       0       0

පුෂ්පකුමාර Thursday, 12 February 2015 04:24 PM

අරහේ මැතිවරණයේ දින නියම කරන්නත් පෙර මෙහේ සමහර කට්ටිය බලුපොරය පටන් අරගෙනනේ! කට්ටිය බයවෙන්න එපා. ටිකක් ඉවසලා ඉන්න. (නි)

:       0       0

සඳුන් Thursday, 12 February 2015 09:06 AM

ඒක මහජනතාව සතු තීරණයක්.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 February 2015 06:33 PM

ජනතාව බලාගෙන ඉන්නේ හොරු ටික පන්නා දමන්නයි. (නි)

:       0       0

ඉන්දුරුව විදනාරච්චිගේ ඉතාලිය Thursday, 12 February 2015 09:06 AM

තව තවත් නිහතමානී වන්න.නිතරම නායකයා සේවකයා බව අමතක නොකරන්න.(හේ)

:       0       0

ශාන් Thursday, 12 February 2015 09:28 AM

අපිනම් හිතන්නේ නැහැ.(හේ)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 09:30 AM

එතකොට දැන් කාවද පරද්දනේ.(හේ)

:       0       0

ශාන් Thursday, 12 February 2015 09:43 AM

තරගය සුලු කොට නොසැලකිය යුතුයි. (ර)

:       0       0

ධනුෂ්ක Thursday, 12 February 2015 09:47 AM

ඔබ හිතන තරම් එක ලේසි නැ. ඡන්දෙ දුන්නේ මෙත්‍රීට. නැතුව රනිල් ට නෙවෙයි . රනිල්ට ඡන්දෙ තනියෙන් දිනන්න පුළුවන් කමක් නැති නිසා තම පොදු පක්ෂකයෙක් අවේ. මහින්ද ඡන්දෙ දුන්න මිනිස්සු ලක්ෂ 58 වෙනස් වෙන්නෑ . පාවෙන ඡන්ද දුන්නු මිනිස්සු ගොඩක් පසුතැවෙනවා යහපාලන ආණ්ඩුවේ යහපාලනය ගැන . ඒ ඡන්ද ලක්ෂ 2.5 ගන්න එක මහා ලොකු වැඩක් නොවේ. (අ)

:       0       0

සෙනරත් Thursday, 12 February 2015 09:54 AM

දවල් හීන දකිනවා. ඔය ඡන්ද ලක්ෂ 64 ගත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඡන්ද, අනෙකුත් පක්ෂත් එකතුවෙලා. එත් මහා ඡන්දෙකදී ඕවා වෙන්නේ නෑ. වෙන වෙනම ඉල්ලාවි. (හේ)

:       0       0

ඇසළ Thursday, 12 February 2015 10:07 AM

හිතාගෙන ඉන්නේ එහෙම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ගත්තේ නැත්තම් හිටියටත් වැඩියේ අගාධයක තමයි. අදටත් පරිලිමෙන්ටුවේ වැඩි බලය ශ්‍රී ල නි ප යට. ජනාධිපති බලතල වලින් අගමැති ඇමතිවරු පත්කරගෙන හිටියට බොහොම ටික කාලයයි ඉන්න පුළුවන්. ඉස්සෙලා කියපු වැඩටික කරලා පෙන්නනවා ඊළඟ පර ඡන්දෙට ඉස්සෙලා. (අ)

:       0       0

ෆොන්සේකා Thursday, 12 February 2015 10:29 AM

ඇසල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ගත්තේ නැ එයා ආවා මිසක් හොදේ. නොදන්නා දේවල් ලියන්න එපා . හිටපු ආණ්ඩුවේ ජනදිපතිගේ හොද නිසා තමා සේරම කඩාගෙන ආවේ. මිනිස්සුත් ඡන්දෙ දුන්නේ .හිටපු කෙනා ගෙදර යැව්වේ ඔච්චර තෑගී දීලා කොටි ගණන් වියදම් කරලත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න හෝරු ටිකට අයේ දන්නා කෙනෙක් ඡන්දෙ දෙන්නේ නැ (අ)

:       0       0

නිශාන්ත උපුල් ප්‍රනාඳු Thursday, 12 February 2015 10:46 AM

එක බලන්න පුලුවන් මහ ඡන්දෙදි. (ර)

:       0       0

රංග දේව ද සිල්වා Thursday, 12 February 2015 11:17 AM

පාවෙන ඡන්ද දුන්නු මිනිස්සුට ඡන්දේ තනියෙන් දිනන්න පුළුවන් ඔය ඡන්ද ලක්ෂ 64 ගත්තේ රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද, යහපාලන ආණ්ඩුවේ යහපාලනය ගැන බලන්න පුලුවන් මහ ඡන්දෙදි.රනිල්ට ඡන්දේ තනියෙන් දිනන්න පුලුවන්.(හේ)

:       0       0

තරංග Thursday, 12 February 2015 11:25 AM

ඒක දැන්ම කියන්න අමාරුයි නේද?(හේ)

:       0       0

ශකුවී Thursday, 12 February 2015 11:35 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

සෙනරත් Thursday, 12 February 2015 11:51 AM

හොඳයි අපි බලමුකෝ.... (නි)

:       0       0

රොහාන් Thursday, 12 February 2015 12:03 PM

මෝඩ කතා නොකරනවා නම් තමා හොඳ. ඡන්දදායකයා පෙරට වැඩිය බුද්ධියෙන් ඡන්දය ප්‍රකාශකරන බව ජනාදිපතිවරණයෙන් ඔප්පුවිය. මහජනතාවගේ මුදල් සොරකම් නොකර සිටින පක්ෂයට මහජනතාව තමන්ගේ මනාපය ලබා දෙනු ඇත. (නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Thursday, 12 February 2015 12:40 PM

හිතාගෙන ඇති තනියෙන් තරග කරල ලේසියෙන් දිනන්න පුලුවන් වෙයි කියල. එහෙම නං ඉතින් රනිල්ට ම ජනාධිපතිවරනෙට තනියෙන් ඉල්ලන්න තිබුන නේ. යහපාලනේට ඡන්දෙ දුන්නු ගොඩක් අය දැන් ඒ ගැන පසු තැවෙනවා. (නදී)

:       0       0

පද්මිණි-ප්‍රංශය Thursday, 12 February 2015 01:13 PM

අනේ, පින් සිද්ධවෙයි. ආපස්සට නම් රට ගෙනයන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 10 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 129 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 102 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 838 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 25 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site