IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එජාප ප්‍රා මන්ත්‍රී අමුඩෙ ගසා පන්දම අතට ගනියි

වැඩිවූ විදුලි බිලට විරෝධය පළ කරමින් ඇලයාපත්තුව මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනුර බණ්ඩාර මහතා අමුඩයක් ගසා පන්දමක් සුරතින් ගෙන මානියම්ගමුවේ සිට ඇලයාපත්තුව ප්‍රාදේශීය සභාව දක්වා අද ගමන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන පී හැරිසන් හා චන්ද්‍රාණි බණ්ඩාරද පන්දම් රැගෙන ඔහු ද මහජනයාද සමග ගමන් කළේය.

ප්‍රදේශීය සභාව අසලදී සභාපති අනින් එහි ගේට්ටුව වසා දැමුණු අතර මන්ත්‍රීවරයාට දැන්වූයේ ඔහුගේ ඇඳුම ප්‍රාදේශීය සභා රැස්වීමට නුසුදුසු හෙයින් ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි.

 



අදහස් (0)

එජාප ප්‍රා මන්ත්‍රී අමුඩෙ ගසා පන්දම අතට ගනියි

ඉන්ද්‍රජිත් Tuesday, 30 April 2013 01:03 PM

අමුඩෙත් නැතුව ආවා නම් තමයි හොඳ. (නි)

:       0       0

මාලා Tuesday, 30 April 2013 01:04 PM

එයාට ලැජ්ජා නැත්ද?(ස)

:       0       0

ජුඩ් Tuesday, 30 April 2013 06:31 PM

ඕක ඇඳගෙන පාර්ලිමේන්තුවට යන්නකෝ (නු)

:       0       0

සමිත Tuesday, 30 April 2013 01:06 PM

බඩුමිලත් අඩුකරන්න කියන්න..!(නු)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 30 April 2013 06:42 PM

අමුඩය කියන්නේ හෙලයාගේ අනන්‍යතාවය එහෙම නැතිව ටයි කෝට් නෙමේ(නු)

:       0       0

සරත් Tuesday, 30 April 2013 01:25 PM

අමුඩෙ ගහගෙන මිනිස්සු මහපාරේ යන්නේ නැහැ. ඒකවත් දන්නේ නැතුවනේ මෙයාලා අමුඩෙ ගහන්නේ. (නි)

:       0       0

අජිත් Tuesday, 30 April 2013 01:31 PM

අමුඩයට හූ කිව්වනම් එකා සිංහලයෙක් නොවෙයි. (ස)

:       0       0

කුමා Tuesday, 30 April 2013 01:35 PM

එජාප පක්ෂේ අය රටේ නැති විරෝධ ප්‍රකාශ කරනවා සෑම දෙයකටම, නමුත් එයාලා කියන්නේ නැහැ කිසිම ප්‍රශ්නයකට විකල්ප මාර්ගයක්. (නි)

:       0       0

අපොන්සු Tuesday, 30 April 2013 01:39 PM

අමුඩේ ඇන්දේ අපේ ගොවියට අපහාස කරන්නටද? අපිට ඕනෑ කරන්නේ ආධුනික නාඩගම් නෙමෙයි , විදුලි බල මණ්ඩලයේ නාස්තිය දුෂණය නවත්වා එය ජාතියට සේවය කරන ආයතනයක් බවට පත් කල හැකි ඤානාන්විත දේශපාලන හැකියාවකුයි.(නු)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 01 May 2013 08:47 AM

මෙයා අමුඩේ ගැහුවට අපි නම් කැමති නැහැ. නමුත් එයාගේ නෝනා සමහරවිට කැමති ඇති (නි)

:       0       0

අරුණ Tuesday, 30 April 2013 07:20 PM

අමුඩේ නොව අඹුඩේ විය යුතුයි.. (නු)

:       0       0

රකිත් Wednesday, 01 May 2013 09:22 AM

අර පිටිපස්සේ තියෙන කෙහෙල් කොලයක් දෙකක් කඩා ගත්තා නම් මේ ඇඳුමටත් පොඩි මෝස්තරයක් එහෙම දාලා ගන්න තිබුණා. (නි)

:       0       0

පද්මිණී Tuesday, 30 April 2013 01:50 PM

ඇයි ප්‍රියා? අවුලක්ද? අමුඩේ කියන්නේ අපේ රටේ ගොවි මහත්වරුන්ගේ ඇඳුමනේ.(ස)

:       0       0

අනුර Tuesday, 30 April 2013 01:59 PM

ඕකත් නැතුව ගියා නම් මීටත් වැඩිය හොඳයි නේද? (නි)

:       0       0

කනිල් Tuesday, 30 April 2013 07:46 PM

ඔය පන්දම් අරන් යන්නේ විදුලි බිලට එරෙහිවද?(නු)

:       0       0

දමිත්-ඩුබායි Tuesday, 30 April 2013 02:09 PM

ළමයි නෙවෙයි , අම්මල තාත්තලටයි හු කියාගන්න වෙන්නේ විදුලි බිල් අවම..(ස)

:       0       0

අසේල Tuesday, 30 April 2013 07:51 PM

දැන් ඉන්න නායකයෝ හැම ප්‍රශ්නෙකටම අමුඩ පිළිතුරු තමයි හොයන්නේ.(නු)

:       0       0

රිස්වාන් ඩුබාඊ Tuesday, 30 April 2013 02:11 PM

පුරුද්දද දන්නෙ නැහැනේ (නි)

:       0       0

නිහාල් Tuesday, 30 April 2013 02:15 PM

අමුඩේ ගහලා මදි.මුකුත්ම නැතිවුණොතින් නම් හොඳට එලිය තියෙයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 30 April 2013 02:17 PM

අමුඩෙයි විදුලි බිලෙයි තියෙන සම්බන්ධය මොකක්ද ?(ස)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 30 April 2013 02:22 PM

මාලා, ප්‍රියා, ඔයාලයි ලැජ්ජ වෙන්න ඕනේ.(නු)

:       0       0

අශේන් Tuesday, 30 April 2013 02:24 PM

අමුඩේ සහ විදුලි බිලේ සම්බන්දෙ තමා, හම්බකරන පඩිය විදුලි බිල ගෙවන්න වියදම් කලාම ඇදුම් ගන්න සල්ලි නැතුව අමුඩේ අදින්න වෙන එක.(නු)

:       0       0

රත්න Tuesday, 30 April 2013 02:27 PM

අමුඩෙයි බිලයි අතර සම්බන්ධය මෙන්න. බිල ගෙව්වාම පඩියේ ඉතිරියෙන් අඳින්න වෙන්නේ අමුඩයක් හෝ නැත්නම් නිරුවතින් ඉන්න වෙන්නේ. ඕන්න කීවා. (නි)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 02:29 PM

එක දාගන්න කරන වැඩ.අපේ අය මේවට අහු‍ෙවනවා. (ස)

:       0       0

දිරාම් Tuesday, 30 April 2013 02:29 PM

මාලා ලංකාවෙද? (ස)

:       0       0

ජීවන්ත Tuesday, 30 April 2013 02:29 PM

මාලා, ලැජ්ජා වෙන්න ඕනෑ බිල වැඩිකරපු අයට ඡන්දේ දීපු අයයි. (නි)

:       0       0

රණ රාල Tuesday, 30 April 2013 02:31 PM

නෑ රවීන්ද්‍ර, වැඩි හරියක් දෙනා කන්නේ බත් නොවේ. (ස)

:       0       0

සේරම් පැරිස් Saturday, 11 May 2013 09:20 PM

කොහොමත් අමුඩ ගහපු නුගත් අය තමා ගොඩක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු. මේකේ අලුත් දෙයක් නැහැ. මෙයාගේ බලන්න.(නදී)

:       0       0

රාජ් Tuesday, 30 April 2013 02:31 PM

ඉන්දික, විදුලි බිල ආවාම අමුඩෙවත් ඉතිරිවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 02:32 PM

ඒත් විපක්ෂ නායකතුමා කිව්වෙ අමුඩය වෙනුවට ගොවින්ට ඩෙනිම් අන්දනවා කියලනෙ. මේක ඒ කියමනට ගැළපෙන්නෙ නැහැනේ (නි)

:       0       0

වික්‍රම Tuesday, 30 April 2013 02:32 PM

ඇයි ඇඳුම් අයන් කරන්න යන වියදම අමුඩෙ නිසා පිරි මැහෙනවා නේ. ඒකයි ඔය අමුඩෙ අඳින්නේ.(ස)

:       0       0

සදරුවන් Tuesday, 30 April 2013 02:33 PM

අතීසාරයට අමුඩ ගහලා වැඩක් තියෙයිද? (නි)

:       0       0

සඳරුවන් Tuesday, 30 April 2013 02:36 PM

නියම ඇඟ.මයික් ටයිසන් වගේ.(ස)

:       0       0

රොෂාන් Tuesday, 30 April 2013 02:39 PM

අමුඩෙ නරක එකක් නොවේ. ඒත් මේ හැමෝම අවස්ථාවාදියෝ. ජනතාව රවට්ටනවා මාරුවෙන් මාරුවට (ස)

:       0       0

ගාමිණී සිරි Tuesday, 30 April 2013 02:39 PM

මේ විදුලි බිලක් හින්දා එක පක්ෂයක ලාංඡනයට නම් මේ දිනවල ලොකු ප්‍රසිද්ධියක් නොමිලයේම ලැබෙනවා. කියලවත් කරගන්න බැරි දෙයක් ... (නි)

:       0       0

නයන Tuesday, 30 April 2013 02:41 PM

ඇයි මේ මහ දවල් හුළු අතු පත්තු කරන් යන්නේ.(ස)

:       0       0

රනිල් විජේසිංහ Tuesday, 30 April 2013 02:42 PM

රවින්ද්‍ර, අමුඩේ කියන්නේ ඉතාම ප්‍රාථමික ඇඳුමක්. ඔය වගේ අදින්නේ අප්‍රිකාවේ ගෝත්‍රික මිනිස්සු විතරයි. අපි ලෝකෙට යන්න නම් මේ වගේ යල් පැනපු, නවීන ලෝකෙට කිසිසේත් සුදුසු නැති දේවල් ඉවත් කළ යුතුයි. තායිලන්තේ ගොවියෝ අමුඩේ අඳින්නේ නැහැ. එහෙ තියෙන්නෙත් මේ දේශගුනේම තමයි. එයාලා අඳින්න ලස්සන බුට් සහ ලස්සන දිග කලිසම්. (නි)

:       0       0

දිසානායක Tuesday, 30 April 2013 02:49 PM

දැන ගනිල්ලා. ඒ අය අමුඩෙට බැස්සේ උබො වෙනුවෙන් කියලා (නි)

:       0       0

රොෂාන් Tuesday, 30 April 2013 02:50 PM

අමුඩේ ගහන අයට ඡන්දෙ දුන්නම වෙන දේවල් (නි)

:       0       0

රන්ජිත් Tuesday, 30 April 2013 02:56 PM

කොහොම හරි විදුලි බිල අඩුවුනොත් කොයි කාටත් හොඳයි නේද. (ස)

:       0       0

ජසීම් Tuesday, 30 April 2013 09:25 PM

මේවට මොනවා කියන්නද හොඳද ??? නරකද ????(නු)

:       0       0

සිල්වා Tuesday, 30 April 2013 02:57 PM

චන්ද්‍රාණි, බණ්ඩාරට නම් ඒ පන්දම දැක්කාට අමුත්තක්  නැහැ.  ඒත් අනික් අයට මෙය අමුත්තකි. (නි)

:       0       0

සංජීව Tuesday, 30 April 2013 03:06 PM

මාලා ඔයා කාගේද කියන්නකෝ ? මාලා මම ඔබ ගැනම සිතාලා ...අමුඩේ ගහගෙන කුඹුරු කොටාලා....... (නි)

:       0       0

රත්නසිරි Tuesday, 30 April 2013 03:06 PM

ඉක්දිකගේ දැනුමේ තරම, (නු)

:       0       0

සම්පත් Tuesday, 30 April 2013 03:12 PM

එහෙනම් දැං විදුලි බිල අඩුවෙයි..!(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 30 April 2013 10:29 AM

මේවා නිකම් මිනිසුන් රවටන්න කරන වැඩ. විරුද්ධ පක්ෂය පැහැදිලි ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරනවා නම් කොයි තරම් හොඳද? (ස)

:       0       0

මහේෂ් Tuesday, 30 April 2013 10:34 AM

මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය කියලා කිව්වේ කට කහනවට නොවේ. දැන් ඉන්න පාලකයන්ගේ ඇදුම් සුදු වුණාට හිත් වල තියෙන්නේ පල් වෙච්ච මඩ ගදටත් වඩා ගඳක්. (නි)

:       0       0

ගයන් Tuesday, 30 April 2013 03:21 PM

මෙවෙනිදෙවල් ජනතාව වෙනුවෙන් කරනදෙයකට වඩා හුදෙක් අවස්ථාවාදී සහ පටු දේසපාලන අරමුණක් තකා කරන්න්ව් රගපෑමක් පමණි (නු)

:       0       0

අනුර Tuesday, 30 April 2013 10:36 AM

ඔය වැඩ තමයි එයාලා කොහොමත් කරන්නේ. ඒකනේ තවමත් විපක්ෂයේ ඉන්නේ (නි)

:       0       0

අනිල් Tuesday, 30 April 2013 03:22 PM

නියමයි ,මේ පෙරපුහුණුවක් තමා. මොකද මේ අය දන්නවා රට යන්නේ අමුඩ යුගයට බව. අනාගතේ රට යන්නේ අමුඩ සහ පන්දම් යුගයටම තමා ,කට්ටියම අමුඩේ ඇන්දානම් තමා වඩා හොද . (නි)

:       0       0

සුජීව Tuesday, 30 April 2013 10:40 AM

හොදටම පිස්සු වගේ (ස)

:       0       0

සමන් Tuesday, 30 April 2013 03:24 PM

ගොවිමහතුන්ටත් කරන අගෞරවයක් මේ විදියට හැසිරීම..!(නු)

:       0       0

සමන්ති Tuesday, 30 April 2013 03:24 PM

මෙයා පන්දමක් අරන් ගිය නිසා විදුලි බිල වැඩිකරන එක නවත්තයි..!(නු)

:       0       0

සමිත් Tuesday, 30 April 2013 03:28 PM

අමුඩෙත් නැති වුණා නම් තමයි මම සතුටු (නි)

:       0       0

චතුර Tuesday, 30 April 2013 03:34 PM

පක්ෂ පාට කණ්නාඩි දාගෙන මේ දිහා බලන අයට පෙනෙන්නේ අමුඩේ ඇද කුද විතරයි. සමහර උදවිය අමුඩෙ ගැන කතාකරන්නේ බොහොම සෝපාහාසයෙන්. මොනවා වුණත් මෙවැනි දේවල් මගින් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව මහඡන මතය තවත් ශක්තිමත් වෙනවා. අන්න ඒක ගැන හිතන්න. නිකන් අමුඩෙ ඇද කුද හොයන් නැතිව. (නි)

:       0       0

ධම්ම Tuesday, 30 April 2013 03:35 PM

මේ අමුඩෙයි විදුලි බිලෙයි සම්බන්ධය මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 30 April 2013 03:35 PM

කව්ද දන්නේ එයා ගෙදරත් අමුඩේ ගහගෙනද ඉන්නේ කියලා..... (නි)

:       0       0

හසිත Tuesday, 30 April 2013 10:55 AM

ප්‍රදේශීය සභාවට සුදුසු අමුඩය තමා. කලිසම හොඳ කුඹුරට. ගොවිතැන වැදගත් රැකියාවකට. අහෝ විදුලිය.. වැඩිද සිරිලිය.. හවස ඇඳිරිය..කනා මැදිරිය.. (නි)

:       0       0

අරුණ සෞදි Tuesday, 30 April 2013 03:41 PM

කොහොමත් මෙයාලට ලැජ්ජාවක් නම් නැහැනේ..!(නු)

:       0       0

දයා අලහකෝන් Tuesday, 30 April 2013 10:58 AM

ඇයි අවහිර කලේ. ගාල්ලේ දහනායක මහත්තයා එදා ගාළු මුවදොර පාර්ලිමේන්තුවට අමුඩයක් ඇදගෙන එන්නට ඉඩක් ලැබිලා තිබුනා නේද?(නදී)

:       0       0

සජී Tuesday, 30 April 2013 11:06 AM

විදුලි බිල වැඩි කරපු එකටත් වඩා අමාරු මයික්‍රෙපෝන් වට කරගෙන ඇමතිවරු කියන ඔලමොට්ටල කතා අහගෙන ඉන්න එක. එයාලා හිතන් ඉන්නෙ මේ රටේ හැමෝම අර දුමින්දගේ හෙන්චයියෝ වගේ මෝඩයෝ කියලා.(නදී)

:       0       0

ප්‍රිය Tuesday, 30 April 2013 11:07 AM

අයියෝ අඹුඩේ .. ළමයි හු කිවේ නැද්ද? (ස)

:       0       0

සමීර සල්මිය Tuesday, 30 April 2013 04:00 PM

ඉන්දික, අමුඩේ සහ ව්දුලි බිල දෙකම හිටපු ගමන් උඩ යනවා (නි)

:       0       0

මීගම්මන Tuesday, 30 April 2013 04:02 PM

එක එක විදියට දගලලා වැඩක් නැහැ. බිල ගෙවන්න බැරිනම් ගෙදර පන්දම් පත්තු කරන එකනේ තියෙන්නේ. (නි)

:       0       0

මීගම්මන Tuesday, 30 April 2013 04:02 PM

බිල ගෙවන්න බෙරිනම් ගෙදර පන්දම් පත්තු කරන එකනේ තියෙන්නේ. මේ විදියට දගලන්නෙ නැතිව.!(නු)

:       0       0

සුසන්ත-ඉතාලිය Tuesday, 30 April 2013 11:35 PM

මේකේ අදහස් දක්වන සමහර අයටත් අමුඩෙ ගහලා යවන්න තිබුණේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 30 April 2013 04:07 PM

කෝකටත් සුදානම් ශරිරේ කියලා පන්දම හදලා තියෙන්නේ අඟල් දෙකේ යකඩ බටයකින්! (නි)

:       0       0

නාරද. Tuesday, 30 April 2013 11:25 AM

රටම එකතු වෙලා මේවට විසදුම් සොයන්න ඕන....!(නු)

:       0       0

කල්පනී Tuesday, 30 April 2013 04:16 PM

සමහර අයට, මාලා වගේ අයට මේවට තමයි ලැජ්ජා. මහා දවල් මිනිස්සු මරපු අය නිදහස් වෙනකොට ලැජ්ජා නැහැ, මිනිස්සු එකමුතු නොවුණොත් වටු කුරුළු රෑනට වෙච්ච දේ වෙයි. (නි)

:       0       0

ලසන්ත Tuesday, 30 April 2013 04:17 PM

එයාලා එක එක කාලෙට එක එක විදියට හැසිරෙනවා. ජාතික අඩුම සුදුපාටින් අදිනවා.පිරිත් නුල් අගලක් විතර ඝනකමට බදිනවා.අමුඩේ ගහනවා.ඔරු පදිනවා.නියරේ ඇවිදිනවා.උදලු අරන් කොටනවා.මේසෙන් හැදි අරන් මුල් ගල් හිටවනවා. අපි රැවටෙනවා. (නි)

:       0       0

සපුමල් Wednesday, 01 May 2013 12:13 AM

අර ලංකාවට 17 වන සියවසේ ආපු රොබට් නෝක්ස් කිව්වා වාගේ "මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු"...(නු)

:       0       0

වසන්ත. Tuesday, 30 April 2013 11:34 AM

දැං විදුලි බිල අඩු කළාද?(නු)

:       0       0

ටෙඩී Tuesday, 30 April 2013 04:25 PM

විදුලි සංශෝධනයක් සම්පුර්ණයෙන්ම කළ යුතුයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 01 May 2013 12:27 AM

මොනවා කියන්නද මේවාට..!(නු)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 11:43 AM

මන්ත්‍රීතුමිය කොතනද ඉන්නෙ..!(නු)

:       0       0

වසන්ති Tuesday, 30 April 2013 11:43 AM

වෙන වැඩ නැතිවට හොදයි..!(නු)

:       0       0

දමි. Tuesday, 30 April 2013 11:43 AM

අනේ රටකට ගිය කලක්.!(නු)

:       0       0

ජීවන්ත Tuesday, 30 April 2013 04:39 PM

මේකේ අදහස් දාන අය දන්නේ නැතිව ඇති වතාවක් දහනායක මහත්තයා අමුඩේ ඇදගෙන පාර්ලිමේන්තුවට ආවා....ලුම්බිණි ...කියන්නකෝ බලන්න ඔයාගේ පැහැදිලි ප්‍රතිපත්තිය මොකක්ද කියල..... (නු)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 11:43 AM

ඇයි මිනිසුන් මේ විදියට කාලය නාස්ති කරන්නේ නිශ්ඵල දේ වලට...!(නු)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 11:43 AM

මන්ත්‍රීතුමිය කෝ..!(නු)

:       0       0

නිමල් පුනාන්දු Tuesday, 30 April 2013 11:50 AM

දැන් මේ මහත්තයගෙන් ප්‍රකාශයක් ගන්න් එතුමන්ලාගේ අය බලයට ආවිට මෙවැනි දෙයක් උනොත් මෙවැනි විදියටම කරනවාද කියලා? (නු)

:       0       0

චානක Wednesday, 01 May 2013 01:40 AM

අමුඩේ ගලවල එයාගෙම ඇගට ගිනි තියාගෙන ගියා නම් සමහර විට විදුලි බිල අඩු කරන්න ඉඩ තිබෙනවා. වෙන මොනවා කියන්නද ඉතින් මේවට? (නි)

:       0       0

අනුර Tuesday, 30 April 2013 04:56 PM

මෙයාලට ජන්දේ දුන්න අයට ගහන්න ඕනේ (ස)

:       0       0

සමන්තා පෙරමුණ Tuesday, 30 April 2013 04:59 PM

පිස්සු වැඩ.අමුඩය ඇන්දා කියලා විසදුමක්ද විදුලි බිලට. (නු)

:       0       0

රවින්ද්‍ර Tuesday, 30 April 2013 12:08 PM

අමුඩේ කීවහම ලැජ්ජද ? අපේ තාත්ත අපට කන්න දුන්නේ අමුඩේ ගහල කුබුරු වපුරලා ගොවී තැන් කරලා තමා .අපේ තාත්ත ගුරුවරයෙක්. ඕක වැඩ කරන්න පහසු සිංහල ඇදුමක් අපේ අය දැන් සිංහල නෙවේනේ . කන්නේ රට කෑමනේ..(ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 30 April 2013 05:05 PM

අමුඩය සහ විදුලි බිල අතර සම්බන්ධයක් තියෙනවා එහෙනම්..!(නු)

:       0       0

ප්‍රනාන්දු Saturday, 11 May 2013 02:54 AM

අමුඩය ගලවා බලබ් එකක් සම්බන්ධ කළා නම් විසදුම ඉබේම ලැබෙනවානේ... (නි)

:       0       0

පාල Tuesday, 30 April 2013 05:13 PM

මිනිස්සු හිනස්සන්නේ නැතුව ලෝකෙට විහිලු සපයන්නේ නැතුව දැනෙන දෙයක් කරන්න. බහින්න පාරට ඊජිප්තුවේ වගේ (නි)

:       0       0

දිසානායක Tuesday, 30 April 2013 12:21 PM

ඔහොම නොවෙයි කොහොම ආවත් වැඩක් වෙන්නේ නැහැ..!(නු)

:       0       0

උපුල් Tuesday, 30 April 2013 05:20 PM

හෙට ඉදලා විදුලිය වැඩි කරන එකක් නැහැ..!(නු)

:       0       0

නාරද Tuesday, 30 April 2013 12:28 PM

පිටුපස පැත්තෙන් ගහපු ෆොටෝ එකක් නැද්ද ඔයාලා ළග? (නි)

:       0       0

උපාලි Tuesday, 30 April 2013 05:22 PM

මෙයාලට ඇයි මේ විදියට කාලය නාස්ති කරන්න දෙන්නේ..(නු)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 30 April 2013 12:32 PM

විශිෂ්ඨයි. (ස)

:       0       0

කේ.කේ.එස් Tuesday, 30 April 2013 05:34 PM

මට පුදුම මෙයාට ආදාර කරුවනුත් ඉන්නානේ.. මෙයාලට වෙන වැඩ නැද්ද?(නු)

:       0       0

කැටවල Tuesday, 30 April 2013 05:35 PM

ඔලිම්පික් පන්දම ගෙනියන්න හොදයි (නි)

:       0       0

දිසා Tuesday, 30 April 2013 12:38 PM

ළමයි අමුඩයට හූ කියන්නේ නැහැ. (ස)

:       0       0

පොනිල් Wednesday, 01 May 2013 05:19 AM

විපක්ෂයට අති නවීන සුපිරි අමුඩ තොගයක් මේ කළ විස්කමට පිරිනැමීම දැක බලාගන්නට සියල්ලෝම ගාලු මුවදොරට එක්රැස් වෙත්වා! (නි)

:       0       0

අරුණ Tuesday, 30 April 2013 12:40 PM

ගොඩ මඩ මාරුවෙලා ද? (ස)

:       0       0

රමිල Tuesday, 30 April 2013 12:41 PM

මේ අමුඩයක්ද කොට කලිසමක්ද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 30 April 2013 05:39 PM

ලයිට් බිල වැඩිවෙලා අන්දුන් කුන්දුන් වෙලා ඉන්න ජනතාවව මෙයා තවත් අන්ධකාර කරන්න හදනවා. (නි)

:       0       0

සුගන්ධී Tuesday, 30 April 2013 05:48 PM

ඉක්මන් විසදුමක් ලැබේවා! හැමෝටම සතුටක් ලැබේවා! විදුලි ගාස්තු අඩුවේවා! (නි)

:       0       0

යොහාන් Tuesday, 30 April 2013 12:49 PM

ඕවට අපේ පැත්තේ කියන්නේ විකාර කියලා..!(නු)

:       0       0

යූ.ඒ.ඊ Tuesday, 30 April 2013 05:49 PM

කණගාටුයි අපේ රට ගැන මේ විදියට කාලය නාස්ති කරනවා දැක්කාම.. (නු)

:       0       0

හේවාවිතාරණ Tuesday, 30 April 2013 12:53 PM

අමුඩේ නොගහම බැරිද ඔය වැඩේ කරන්න..!(නු)

:       0       0

සංගීතා Tuesday, 30 April 2013 12:56 PM

අමුඩෙ අන්දාම ඔක්කොම හරියයි..!(නු)

:       0       0

චරිත් Tuesday, 30 April 2013 05:59 PM

ලංකාවේ කාන්තාවන්ට බිකිනි ඇදලා ෆොටෝ ගහන්න හොදයි. සිංහලයෙක්ට අමුඩේ ගහලා පාරේ බැහැලා යන්න තමයි ලැජ්ජා වෙන්න ඕනෑ. අනේ මෙහෙමත් මුල අමතක ජාතියක්? හොදට මතක තියා ගන්න, අපේ අතීත මුතුන් මිත්තෝ රට ජාතිය බේරාගත්තේ අමුඩේ ගහගෙන තමයි. අමුඩේ අදින්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 399 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 146 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 748 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1700 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 223 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 106 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38407 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site