මත්තල ගුවන් තොටුපොළට සහ හම්බන්තොට වරායට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් රාජකාරි හරි හැටි කළාදැයි විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවම වශයෙන් ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනකු බැගින් දී ඇති බවත්, මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් ඇතොත් ඒ ගැන අදාළ පොලිසිවලට දැනුම් දීම එම ආරක්ෂකයන්ගේ වගකීම බවත්, එජාප මන්ත්‍රීන් සමග ගිය ආරක්ෂකයන් කිසිවක් දැනුම් දී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
‘පොලිසියට ලද තොරතුරකට අනුව තමයි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හම්බන්තොට වරායට ගිහින් තියෙන්නේ. එතැන සිට ඇත්තේ පොලිස් නිලධාරීන් 12 දෙනකු පමණයි. විරෝධතාවය දැක්වූ පිරිස අතර සියයකට අධික පිරිසක් සිටි බව කියනවා.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඉන්න ප්‍රභූ ආරක්ෂකයන් මේ පිරිසට ආරක්ෂාවේ ගැටළුවක් තිබෙන බවට පොලිසියට දැනුම් දුන්නා නම් පොලිසිය එතැනට ගිහින් විශේෂ ආරක්ෂාවක් සලසනවා. නමුත් ඔවුන් එලෙස දැනුම් දී තිබේනේ නෑ.
පොලිසිය පැත්තෙන් අඩුපාඩුවක් සිදුවුණාද කියන එකත් අපි සොයා බලනවා.‘
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එජාප මන්ත්‍රීන්ගේ ආරක්ෂකයන් ගැනත් සොයයි