IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එජාප මන්ත්‍රීන්ට හූවෙන් සංග්‍රහයක්

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දුම්රිය සේවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයයට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් ඔවුන්ට හූ කියන්නට වූහ.

නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලයේ මන්ත්‍රීවරු සිටින අතර එහි දොර වසා දමා ඇත. කාමරයෙන් පිටත සිට මන්ත්‍රීන්ට විරෝධය පාමින් සිටින සේවක පිරිසක් පැවසුවේ මිනිත්තු දහයක් තුළ කාමරයෙන් එළියට නොආවොත් දොර කඩාගෙන ඇතුළට යන බවයි.

_DSC0421.jpg-3



අදහස් (0)

එජාප මන්ත්‍රීන්ට හූවෙන් සංග්‍රහයක්

සරත් Monday, 11 August 2014 11:20 AM

අර කුමාරි දුම්රියෙන් ආව අයද හු කිවේ. මම හිතන්නේ අරක්කු බාගේයි බත් පාර්සලයයි ඒ දුම්රියෙන්ම ගේන්න ඇති. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 12 August 2014 02:34 AM

බන්දුල පෙරේරායි ලංකා තිලකුයි දෙන්නටම ඩුප්ලිකේට් ගහලා. ඒ තරමට මේ හඩ නිහඩ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියල දැක්කම සතුටකුත් දැනෙනවා. පල ඇති රුකකට මිසක් වද ගහකට කවුද ගල් ගහන්නේ. කොහොම උනත් බන්දුල පෙරේරලා තව ඉන්න පුළුවන්. එ්ත් ලංකා තිලක්ල තව නැති බව ලංකාදීපේ නොදැන ඉන්න නම් විදියක් නැහැ. (නදී)

:       0       0

ටෝනි Tuesday, 12 August 2014 07:53 PM

මොනවා වුණත් මේවා වැරදි වැඩ (නි)

:       0       0

ගිහාන් Monday, 11 August 2014 05:01 AM

ඒ ඒ කට්ටියට ඒ ඒ සමාචාර ගීත තියෙන රටක් (නදී)

:       0       0

සමන්ති Tuesday, 12 August 2014 02:52 AM

දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට වැඩ නැතිව වැටුප් ගත හැකිද? මෙච්චර සෙනගක් ඉන්නේ කොහොමද ? (නදී)

:       0       0

රංජි Tuesday, 12 August 2014 03:17 AM

හු කියන්නේ නැතුව පුලුවන්ද දැන් අවුරුදු 2 ක් තිස්සේ අර නෝනා ගෙදර ඉදන්නේ පඩි ගන්නේ. ඒ සල්ලි ප්‍රවාහන අමාත්‍යංශයේ සල්ලි නෙමෙයි අහිංසක මිනිසුන්ගේ බදු මුදල් නේද? ඉතින් ඒවා හොයන කොට ටිකක් රිදෙනවා තමයි මොනවා කරන්නද (නදී)

:       0       0

ලුම්බිණි Monday, 11 August 2014 05:07 AM

මේ තමා අපේ රටේ හැදියාව. (දී)

:       0       0

ලංකා Monday, 11 August 2014 05:08 AM

තමන්ගේ පුද්ගලික වාසි ගැන හිතන්නේ නැතුව රට ගැන හිතල ලියන ජනමාද්‍ය කලාවක් අපිට ඕන කාලයක් මේක. (නදී)

:       0       0

දයා Tuesday, 12 August 2014 03:22 AM

ඉල්ලගන කන්න හරිම ආසයි (නදී)

:       0       0

සේරම් Tuesday, 12 August 2014 03:27 AM

නියමයි ඔය කොයි බන්දුලගේත් හුණු එලියට එන්නේ කිල්ලොටර උතුරලා (නදී)

:       0       0

චමී Tuesday, 12 August 2014 03:29 AM

ලංකාවේ ඉන්න රාජ්‍ය සේවකයින්ගේ හැදියාව හොදට පේනවා. දේශපාලන පක්ෂ වලට වහල් වෙන්න එපා. (නදී)

:       0       0

රොහාන් සෞදි Tuesday, 12 August 2014 10:39 AM

විරෝධය නාමයෙන් තම රාජකාරියෙන් බැහැරවීමට හෝ වෙනත් විනය හා පොදු නීතියක් උල්ලංගණය කිරිමට කිසිම රජයේ සේවකයකුට හැකියාවක් හෝ අයිතියක් නොමැත. එසේ යමෙක් කරන්නේ නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනයට හැකිය. (නි)

:       0       0

කරුණාජීව Monday, 11 August 2014 12:16 PM

බන්දුල පෙරේරාගේ අදහස මමත් අනුමත කරනවා. (නදී)

:       0       0

සුනී Monday, 11 August 2014 05:22 AM

ඔය හු කියනේ දේශපාලන ගෝලයෝ . දුම්රිය මගීන් කාටවත් හු කියන්න ඕනේ කමක් නැ.දුම්රිය මගීන් එනේ කාර්යාලවලට යන්න මිසක් ආණ්ඩු රකින්න නොවේ . ආණ්ඩුව වෙනුවෙන් ඒවගේ දේවල් කරන්න සාමාන්‍ය මිනිස්සු ඉදිරිපත් වෙනේ නැ. ඔය වගේ කට්ටියක් පෙට්‍රෝලියම් එකෙත් හිටිය. (දී)

:       0       0

ප්‍රනීත් Monday, 11 August 2014 05:22 AM

ඔය හු කියන බහුතරයකට එදා වේල ගැට ගහගන්නෙත් අමාරුවෙන්. බත් පැකට් එකටයි අරක්කු ටිකටයි ඕන දෙයක් කරයි (නදී)

:       0       0

හරින්දනී Monday, 11 August 2014 05:28 AM

ඒකනේ රටට වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයට නරි ඇවිල්ලා. මන්ත්‍රීලා මෙව්වා අධීක්ෂණය කරන එක එයාලගේ රාජකාරියේ කොටසක්. වැඩේ තියෙන්නේ මෙයාලට ඔව්ව මතක් වෙන්නේ ඡන්දෙ ලන්වෙනකොටයි. ඔබතුමාලා ඔය ආයතන බලන්න යනකොට විෂයභාර අමතිතුමවත් එක්කගන යන්න. එතකොට ඇමතිතුමාගේ හෙන්චය්යල (නරි ) හූ කියන්නේ එයාලගේ ලොක්කටත් එක්කනේ (නදී)

:       0       0

සරණපාල Monday, 11 August 2014 12:17 PM

ගොට්ට අල්ලන කට්ටිය කොහොමත් ඔහොම තමයි. (නදී)

:       0       0

ලතා Monday, 11 August 2014 05:38 AM

ලංකා, හූ කියපු උදවිය තමන්ටම හූ කියාගෙන වගෙයි.(නදී)

:       0       0

කුලතිලක Tuesday, 12 August 2014 03:51 AM

මේ හු කියාගත්තේ තමන්ගේ ආත්ම ගෞරවයටයි. හෙන්චයියන්ගේ වැඩ (නදී)

:       0       0

ගිම්හානි Monday, 11 August 2014 05:47 AM

දේශපාලනය කියන දෙයත් එක්ක එකටම යන එකක් තමයි හුව (දී)

:       0       0

රුවන් Tuesday, 12 August 2014 03:58 AM

ප්‍රධාන වශයෙන් වරාය, පෙට්‍රෝලියම් සහ සීජීආර් දේශපාලුවන්ගේ චක් ගෝලයින්ට රස්සාවල් දෙන ආයතන. මේ ආයතන වල ඉහල සිට පහලටම ඇත්තේ මෙවැනි දේශපාලන පත්වීම්. නිසි සුදුසුකම් තියෙන ක්‍රමවත් පටිපාටියකට දුන් පත්වීමක් නැති තරම්. ඔවුන්ට දේශපාලුවන්ට ගැතිකම් කරනවා විනා මේ ආයතන නගා සිටුවන්නට අවශ්‍යතාවයකුත්, හැකියාවකුත්, උගත්කමකුත් නෑ. එම නිසා ඒ ආයතන දවසින් දවස ආගාධයටම යනවා. එක එක දේශපාලුවන්ගේ බල පුළුවන්කාරකම් නිසා මේ දේශපාලු ගැත්තන් බේරී යහතින් ඉන්නවා. ඉතින් මේවයේ වැරදි අඩු පාඩු බලන්න එන අයට හූ කියනවා ඇර ඒ අඩුපාඩු පිලිගන්නවත්, නිවැරදි කරගන්නවත් මේ කටු කන්නන්ට උවමනාවක් නෑ. මෙතනට වෙනත් පක්ෂයකින් නෙමෙයි තමන්ගේ පක්ෂයෙන්ම ආවත් තමන්ගේ ගැලවිල්ලට හූ කියනවා ඇර වෙන අතක් නෑ. (නදී)

:       0       0

අනුර ශාන්ත Tuesday, 12 August 2014 04:01 AM

ඔන්න ඕවට තමයි කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවාය කියලා (නදී)

:       0       0

රත්නායක Monday, 11 August 2014 05:59 AM

ජනතා කැමැත්ත තමයි ඔය (දී)

:       0       0

ඉසුරන්දි Monday, 11 August 2014 06:18 AM

එජාප ආණ්ඩුවක් අවොත් එහෙම ඔය හු කියපු කට්ටියව කැලේටම දක්කයි නේද (නදී)

:       0       0

සුනිල් විමලසුරිය Monday, 11 August 2014 01:27 PM

මේ රට දැන් යකාට ගිහින් තියෙන්නේ (නදී)

:       0       0

ඇසළ Monday, 11 August 2014 06:18 AM

ඉස්සරහදි මෙහෙම වත් යන්න ලැබෙයිද කියල හිතා ගන්න බැහැ. මොකද අවුරුදු ගානක් කෑමක් නැතුව ඉන්න කට්ටිය කන්න පටන් ගනියි ලොවක් දෙවක් නතුව. මහජනයාට දෙපයේ පිහිට තමයි. (නදී)

:       0       0

එරංග Monday, 11 August 2014 01:29 PM

මේ වගේ අය හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මේ ඔක්කොම බත් ගොට්ටෝ. බත් පැකට් එකට් එකයි අරක්කු කාලකුයි දුන්නම ඕන දෙයක් කරනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 11 August 2014 06:28 AM

ලංකා කියනවා වගේ ලංකාදීප පුවත්පතේ මධ්‍යස්ත පිළිවෙත අපි ඉහලින්ම අගය කල යුතුයි. ඇතැම් ජනමාද්‍ය පුවත් විකෘර්ති කරන ආකාරය බලන්න හිරිකිතයි. මේ හු කියන කට්ටිය පොඩ්ඩක් ගිහිල්ල බලන්න මිනිස්සු කෝච්චියේ වහලේ උඩ නැගල දුක් විදින ආකාරය. කාගේ උවමනාවට හු කිව්වත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වහන්න බැහැ. (නදී)

:       0       0

විරාජ් Tuesday, 12 August 2014 04:41 AM

විපක්ෂයට ඕනෑම තැනක ගොස් ඕනෑම දෙයක් ගැන සෙවීමේ නිදහසක් තිබිය යුතුයි (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 11 August 2014 01:57 PM

දියුණු රට රාජ්‍ය වල නම් රජය සතු දේවල් පරික්ෂා කරන්න අදාල බලධාරීන් ඉන්නවා. පිටස්තර කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බැහැ ලංකාවේ එවැනි නීතියක් තියෙනවද දන්නේ නැහැ (නදී)

:       0       0

රජිව් Tuesday, 12 August 2014 04:49 AM

එහේ හු කියනවා.අපි උදේ හවස දුම්රිය නැතුව දුක් විඳිනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 13 August 2014 03:08 AM

කෙනෙක්ගේ මතය ඍජුව විවේචනය කිරීම එකක්.ඒ මතය ඉවසන්න බැරුව එනමින් අදහස් දලා ඒ මතය නිහඩ කරවන්න උත්සාහ ගැනීම තවත් එකක් (නි)

:       0       0

සත්‍යපාල Monday, 11 August 2014 07:04 AM

මොනවා උනත් ඔවුන් මහජන නියෝජිතයෝ ඒ නිසා ඔවුන්ට මේවා ගැන සොයා බලන්න අයිතියක් තියනවා. මේවට විරෝදය පාන්නේ කුලී මැරයෝ විතරයි. (නදී)

:       0       0

සෙනරත් Tuesday, 12 August 2014 05:13 AM

ලංකා තිලක් මහත්තයෝ, සල්ලි වලට ආත්මය පාවා දෙන්නේ නැතුව ගිහිල්ලා රස්සාවක් හොයාගන්නකෝ. (නි)

:       0       0

සඳරුවන් Monday, 11 August 2014 07:19 AM

මම දැන්නේ දන්නේ ලංකා දුම්රිය සේවයේ නරියොත් වැඩ කරනවා කියලා (නදී)

:       0       0

පතිරණ Monday, 11 August 2014 07:23 AM

අපිට ඕනේ අරක්කු බාගයයි බත් පර්සලයයි. ඕනෑම කෙනෙකුට හු කියන්නම්. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 11 August 2014 07:22 AM

බලයට පත්වෙන කම් ජනතාවගේ දහඩිය ගඳ උහුලන්න ඔබ තුමන්ලට පුලුවන් කියල අපි දන්නවා මහත්තයෝ (නදී)

:       0       0

දේවි Monday, 11 August 2014 03:57 PM

හූ කියපු අය පොඩ්ඩක් බලන්න ඔය හූ කිව්වෙ අැඳුම් අැඳලද කියලා (නි)

:       0       0

ලලිත් Monday, 11 August 2014 04:07 PM

මිනිසුන්ට වඩා නරි වැඩි වෙලා වගෙයි. මෙහෙම හු කියපු කට්ටියකට හිටපු අගමැති කෙනෙක් කිවුවලු උඹලා උඹලාටම හු කියාගන්න දවස ළඟ ළඟම එනවා කියලා. (නි)

:       0       0

ප්‍රියංග Tuesday, 12 August 2014 05:32 AM

ඔය ඔක්කොම කාගේ ගෝලයන්ද කියලා කවුරුත් දන්නවා (නි)

:       0       0

කසුනි Tuesday, 12 August 2014 05:35 AM

අනේ! අල ,ලුණු වැඩිකළාට හූ කියලා හරි අඩුකරලා දෙන්න කෙනෙක් නැද්දෝ (නි)

:       0       0

තිලක් Monday, 11 August 2014 04:26 PM

ඔයාලා නිසා තමයි දුම්රිය සේවය ඔය තරම් දුර්වල (නි)

:       0       0

සංතා Monday, 11 August 2014 07:38 AM

2001/2004 පාලන සමයේ ඔයවිදිහට ගිහින් සොයා බෙලුවනම් අද විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැනේද. (දී)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 12 August 2014 05:44 AM

"ඔන්න ඕවට තමයි කියන්නේ දිට්ට ධම්මවේදනීය කර්මය පල දෙනවාය කියලා" මේ කතාව සහ හූ කීම අතර ඇති සම්බන්ධය මට තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 12 August 2014 05:46 AM

ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් මෙහෙම හැසිරේවිද? (නි)

:       0       0

සෙනුරි Monday, 11 August 2014 07:42 AM

මමනම් අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

ජසීම් Monday, 11 August 2014 04:29 PM

මේවා පොඩි ළමයින්ගේ වැඩ (නි)

:       0       0

සිල්වා Monday, 11 August 2014 04:32 PM

මොනවද මේ නොදියුණු වැඩ? විපක්ෂයේ වගකීම ඒ අය කරන්න ඕනෑ. (නි)

:       0       0

එරංග Monday, 11 August 2014 04:34 PM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

සුමන Monday, 11 August 2014 04:37 PM

ලංකාවේ පුදුමාකාර මිනිස්සු තමයි ඉන්නේ (නි)

:       0       0

පද්මිණි Monday, 11 August 2014 04:57 PM

හු කියලා යනකොට ගෙදර මායියලාගෙන් ප්‍රවේශම් වෙන්න. අන්න අල, ලුණු දැන් හොඳට කන්න පුලුවන්ලු (නි)

:       0       0

අසංග Tuesday, 12 August 2014 06:16 AM

අනේ ඇත්තටම මේ අයට කරන්න දේවල් නැතුවටද මේ වගේ වැඩ කරන්නේ.(දිල්)

:       0       0

හැරිසන් Monday, 11 August 2014 04:59 PM

ඔය හූ හඬට වඩා වැඩියමක් ඔබට කළහැකිද? (නි)

:       0       0

මුදිත Monday, 11 August 2014 04:58 PM

මේ හැසිරීම නම් බොහොම කණගාටුදායකයි (නි)

:       0       0

යටගම Monday, 11 August 2014 04:59 PM

තමන්ගේ වැරදි අහුවෙන බව දත් නිසාද නරි රැලක් වගේ හූ කියන්නේ? (නි)

:       0       0

දමයන්ති Monday, 11 August 2014 05:00 PM

රටේ තත්ත්වය තේරුම් ගන්න බැරි නුගත් මිනිසුන් හැසිරෙන විදිය අප්‍රසන්නයි (නි)

:       0       0

ජි.සූරි Monday, 11 August 2014 05:14 PM

මේකේ අදහස් දක්වා තිබෙන සමහරක් ගැන කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

පුබුදු Monday, 11 August 2014 05:22 PM

හූ කියාගත්තේ තමන්ටම තමයි (නි)

:       0       0

කුරුවිට Monday, 11 August 2014 05:26 PM

අපි අපිටම නේද මේ හු කියාගත්තේ? (නි)

:       0       0

සුනෙත් Monday, 11 August 2014 05:28 PM

මම නම් කියන්නේ ඔබ වගේ වැඩවලට හුවක් දෙකක් කියන්නත් ඕනෑ (නි)

:       0       0

ඩයස් Monday, 11 August 2014 08:39 AM

කනගාටුයි, මිනිස් නරි ලංකාවේ ඉන්න විත්තිය අපි දැන ගෙන හිටියා. හු කියන සමහර අය එදා වේල කන්ඩ නැති අය. ඕක තමා කට්ටි දෙකේ වෙනස.(නදී)

:       0       0

ධම්ම Monday, 11 August 2014 05:32 PM

මෙවැනි දේවල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කියලා තමයි එවකට හිටි සමහර අය අපට ඉගැන්නුවේ. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 12 August 2014 06:58 AM

දුම්රිය එකට හැපෙනවා, පීලි පනිනවා , දෙපාර්තමේන්තුව හැමදාම පාඩු. මේ වැනි දේවල් සිදුවෙන්නේ කිසිම සුදුසුකමක් නැති මිනිසුන් දේශපාලන ගැතිකම් මත සේවයට ගැනීමෙන්ය. මේ අය දුම්රිය මඟීන්ගෙන් ගුටිකන දවස වැඩි ඈතක නැත. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 11 August 2014 08:55 AM

අද ලංකාවේ පොදු ප්‍රවාහනය අන්තිමයි. කව්රු හරි මේගැන හොයා බලා පාර්ලිමේන්තුවේ කතා කරනවා නම් අපි කාටත් හොඳයි. ඔය හු කියන මිනිස්සු දවස ගානේ කෝච්චියේ යන මගින් නම් වෙන්න බැහැ. අඩුම තරමේ කොළඹ සිට ගාල්ල දක්වාවත් ද්විත්ව මාර්ග දීර්ග කරා නම් අධිවේගී මාර්ගය හැදුවටත් වැඩිය වටිනවා. අධි වේග මාර්ග වැනි සංවර්ධන වියාපෘති රටට අවශ්‍යයි. නමුත් දුම්රිය මාර්ග සංවර්ධනයට අධිවේගී මාර්ග සංවර්ධනයට වැඩිය ප්‍රමුකත්වයක් දිය යුතුය (නදී)

:       0       0

උපුල් Monday, 11 August 2014 06:45 PM

ඉතින් ඇවිත් බලලා ගියා කියලා මොකද වෙන්නේ? දේශපාලනය මොනවා වුණත් ඇත්ත නැත්ත එළියට එන එක පොදු ජනතාවට හොඳ දෙයක් වේවි කියලයි මම නම් හිතන්නේ. එහෙම හොයලා බලනවා කියලා දැනෙනකොට වැරදි කරන කට්ටිය ඉන්නවා නම් එයාලා වැරදි වැඩ කරන එකත් නැතිවෙනවා නේද..??? (නි)

:       0       0

කුසුම් Tuesday, 12 August 2014 07:33 AM

ලංකා තිලක් මහත්තයෝ, අර හු කියපු අයට විශේෂ පුහුණුවකට දේශනයක් දෙන්න සුවිශේෂ වූ සුදුසුකමක් ඔබතුමාට තියනවා. (නි)

:       0       0

තිලක් Monday, 11 August 2014 09:21 AM

කාට කියන්නද මේ දුක? (දී)

:       0       0

කුසල් Monday, 11 August 2014 08:22 PM

මේ දෙගොල්ලොම කරන්නේ විහිළුවක්නේ. මෝඩයෝ නොවන කවුරුත් දන්නවා හූ කියන්නේ කොහොම ආ අයද කියලා. ඒ වගේම මේ මන්ත්‍රීලාට මේවා හොයන්න මේවා ඇතුළටම යන්න ඕනෑද? ගියා කියලා වැඩක් වෙනවද? අනික දැන දැන මොකටද නිකන් මෙහෙම ලැජ්ජා වෙන්න යන්නේ? (නි)

:       0       0

මොරිස් Monday, 11 August 2014 09:46 PM

දැන් මෙයාලා ආවොත් නිකම් ආශ්චර්යක් වෙලා මේ ඔක්කොම හරියයිද? ලංගමය ඇතළු මුළු ප්‍රවාහන සේවාවම කඩා වැටුණේ මොන කාලයේද කියලා අපිට හොඳට මතකයි (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 11 August 2014 10:09 PM

එජාපයේ අතීතය අති අමිහිරියි (නි)

:       0       0

ද සිල්වා- බර්ලින් Monday, 11 August 2014 10:25 PM

විපක්ෂයේ මන්ත්‍රීලා දුම්රියෙන් ගමන්කිරීම ආසියාවේ ආශ්චර්යය වන අපේ රටට අරුමයක් වුණාට පිටරට වලට මේවා සාමාන්‍ය දේවල් (නි)

:       0       0

චතුර Tuesday, 12 August 2014 12:05 AM

ඔය හු කියපු වෙලාවේ දුම්රිය මැදිරිවල තිබෙන අඩු පාඩු බලා හැදුවා නම් හොඳනේ. මේ අයට හු කියන්න වෙලාව තියනවා. නමුත් තමන්ගේ රාජකාරි කරන්න වෙලාවක් නම් නැහැ. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 12 August 2014 12:48 AM

මොරිස්, එ් කියන්නේ යු.එන්.පී කළ නිසා දැන් ආණ්ඩුව කලාට කමක් නැහැ කියලද ? ඔයත් හූ කියන්න හිටියද ? (නදී)

:       0       0

ලංකා තිලක් Tuesday, 12 August 2014 01:19 AM

මේ හු කියපු එකෙනෙකුට 15000 ගානේ ගෙවල කියන්නේ ඇත්තක්ද? දන්නවා නම් මමත් යනවා හු කියන්න. අපිට තියන නැති බැරිකම් විදිහට මෙහෙම හරි කීයක් හරි හොයාගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද? ඔය හු කියන්න එපා කියන අය අපිට කන්ඩ බොන්ඩ දෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

ගුණේ Tuesday, 12 August 2014 01:19 AM

හු කියන උදවිය ගේ ළමයින්ටත් හරි ආඩම්බර බව පේනවා. අන්න අපේ අල්ලපු ගෙදර ළමයා කිව්වා එයාගේ පන්තියේ ළමයෙකුගේ තාත්ත කෙනෙකුත් හු කියන්න ගිහින් තාත්තගේ පින්තුර පත්තරේ වැටිලාලු. (නදී)

:       0       0

ජෙහාන් Tuesday, 12 August 2014 01:21 AM

දැන් සමහරු රැකියාව වශයෙන් කරන්නේ හු කීම. විපක්ෂයේ අයටත් පුළුවන් බත් පැකට් එකක් දීලා එම සේවාව ලබා ගන්න. මේවා දැන් ඉතා සාමාන්‍ය දේවල්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 12 August 2014 01:24 AM

අලුතෙන් කව්රු හරි අවොත් කන ක්‍රම හදා ගන්ඩ ටිකක් කල් යනවා. කව්රු උනත් මුල් කාලේදී හොදයිනේ . අපි කරන්ඩ ඕනේ නිතරම දෙපැත්ත මාරු කරන එක. එතකොට ඊලගට එන අය කලින් අයගේ වැරදි උණු උණුවේ හොයනවා. හොරකම් යම් තාක් දුරට හරි අඩුවෙලා ජනතාවට වැඩි සේවයක් ලැබෙනවා. (නදී)

:       0       0

කණිෂ්කා Tuesday, 12 August 2014 01:26 AM

අනිත් රටවල දුම්රිය සේවාව විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙද්දී, අපේ රටේ තාම පුරාණ හු කීමේ ක්‍රමයෙන් සන්නිවේදන කටයුතු කෙරෙන්නේ. දරු පවුලත් ඇදගෙන පුළුවන් වෙලාවේ රටින් පැනගත්ත එකේ වටිනාකම මේ පින්තුර බලනකොට තමයි තේරුනේ. (නදී)

:       0       0

සූරී Tuesday, 12 August 2014 02:05 AM

දුම්රිය මගීන්ට උදව් කරනවට හූ කියන අය අම්ම තාත්තටත් හූ කියයි! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 96 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1941 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2255 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2948 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site