(නාඋල - ඉන්දික අරුණ කුමාර)
අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජාප මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.
අද (15) මාතලේ එඞ්වඞ් ක්‍රිඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.
සමෘද්ධි සහනාධාර ලාභින් තේරීමේ දී ඒකපාක්ෂිකව තොරා ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය උත්සවය වර්ජනය කළ බව අප කළ විමසීමක දී කියා සිටියාය.
අවස්ථා ගනනාවක දී පවතින තත්ත්වය පිළිබඳ කරුණු අගමැතිවරයාට කරුණු පැහැදිලි කළ ද ඔහුට ලැබී ඇති වැරදි තොරතුරු පදනම්කර ගෙන කටයුතු කිරීමට විරෝධය පලකරමින් උත්සවය වර්ජනය කරන බව ද ඇය කියා සිටියාය.
වර්ජනය හේතුවෙන් ඉදිරියේ දී පක්ෂයේ ඕනෑම ක්‍රීයාමාර්ගයකට ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එජාප මන්ත්‍රීනි රෝහිනී විජේරත්න අගමැතිගේ මාතලේ රැළිය වර්ජනය කරයි
dakune api Saturday, 15 September 2018 06:04 AM
ඔබතුමිය ඉදිරියේදී ජනතාවගේ වැඩි කැමැත්ත ඇති නායකයා සමග එක්වනු ඇති.. අපි එසේ සිතමු. ඔබතුමියට අපේ සහයෝගය...!!!
alfred Saturday, 15 September 2018 06:07 AM
අපට මොකටද මේවා... ?
ajantha Saturday, 15 September 2018 08:46 AM
ඔහේ කුමකටද මේක කියෙව්වේ? කොමෙන්ට් දමන්නේ එහෙනම් අපිට ඔය කමෙන්ට් මොකටද?
janatha anura UAE Saturday, 15 September 2018 06:07 AM
පාලකයන්ගෙන් වැඩි පිරිසක් කාන්තා ඇසුරට අකමැති අය නිසා මේ ප්‍රශ්නය නොවැළැක්විය හැක. මව්වරුන්ට සලකන අයෙක් ඉදිරි නායකත්වයට එනවා. එයත් සමග එකතු වී රට ගොඩනගන්න කියා ඉල්ලනවා.
dakune janaya Saturday, 15 September 2018 06:10 AM
අනාගතයේ උඩරටින් බිහිවන ප්‍රධාන ඇමතිවරියකි. දකුණේ ප්‍රබලයෙකුගේ, ප්‍රබල සෙනවියකුගේ නායකත්වය යටතේ...
bandaSunday, 16 September 2018 05:31 PM
දවල් හීන
janatha anura Saturday, 15 September 2018 06:11 AM
සිරිමාවෝ මැතිණියගේ මුහුණ තිබෙනවා. ඔතැනින් එළියට අාවොත් අගමැති වෙන්නත් පුළුවනි...
samSaturday, 15 September 2018 06:50 AM
අනුර, චන්ද්‍රිකා කොහෙද?
anuraSaturday, 15 September 2018 08:37 AM
එයා එයාගේ වත්තේ පොල් අහුලනවා නොවැ... අමතර වියදම් ඔක්කොම රනිල් මහත්තයා දුන්න නොවැ.
OMG Saturday, 15 September 2018 06:36 AM
වැරැද්දක් කර ඇතිනම් ඉතා අගනා තීන්දුවක්. ඔබට ජය...!!!
Raveendra Saturday, 15 September 2018 07:32 AM
අපි මේ නොදන්නා නිසා මෙම ප්‍රශ්නය අහන්නේ? සමෘද්ධි සහනාධාර කියන්නේ කාගේවත් ගෙදරින් ගෙනාපු මුදල් බෙදාදීමක්ද? එසේ තමන්ගේ පුද්ගලික ධනය මෙසේ දුප්පත් රටවැසියා අතරේ බෙදා දෙන්නේ නම් මෙම " මහජන නියෝජිතවරියගේ තර්කය අර්ථ ශුන්‍ය වේ". එසේ පුද්ගලික මුදල් බෙදාදීමක් නොවේ නම් එය මහජන මුදල් බෙදාදීමක් නම් මෙම " මහජන නියෝජිතවරියගේ තර්කය " 200% සාධාරණ වේ. කොහොමත් "නිවට මෝඩ අම්බරුවන්" මහජන මුදල් බෙදාදීමෙනුත් තමාට වාර විභාගෙට ලකුණු එකතු කර ගැනීමක්නේ කරන්නේ...
janatha anura Saturday, 15 September 2018 08:40 AM
කවුද මේ අම්බරුවන්? ගස්, ගල් වලට වඳින කතාවක් පාර්ලිමේන්තුවේ කියපු කෙනාද? නැතිනම් මේ ලියන මමද?
Perakum Saturday, 15 September 2018 07:52 AM
අද සිටින එජාප නායකයා ඒකාධිපති ඒක පාක්ෂික තීන්දු තීරණ ගන්නා අයෙක් බව මෙතුමිය දැන්වත් වටහා ගත යුතුය. ඉදිරියේදී පහළවීමට නියමිත දේශමාමක රාජ්‍ය පාලකයා ගැන උනන්දුවෙන් සොයා බලන්න. ඒ අනුව ඉදිරි පියවර ගැනීමට උත්සුක වන්න. සුදුසු පියවර ගැනීමට ඔබ මුහුකුරා ගොස් ඇත.
රවින් Saturday, 15 September 2018 08:04 AM
තම තමන්ගේ තියන ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳගන්න. මොන යකා වුණත් උද්ඝෝෂණ, වර්ජන, ගර්ජන දැන් පොදු ජනයාට එපාවෙලා. කොයි මොහොතේ හරි පොදු ජනයා ඔය උද්ඝෝෂණ, වර්ජන, ගර්ජන කාරයින්ගේ අඬු ටික කඩලා දමන එක නම් සිකුරුයි.
Shan Saturday, 15 September 2018 08:05 AM
මාර වැඩක් කරලා තියෙන්නේ අපි වෙනුවෙන්. පව් මෙයා. අනේ මේ වගේ විහිළු...
සනත් Saturday, 15 September 2018 08:25 AM
මෙයා දැන් ඔහොම කිව්වට අද ඒකට යනවා.
d.upul Saturday, 15 September 2018 08:26 AM
සමෘධිය පෙන්න පෙන්න ඡන්ද මංකොල්ල කනවා. අපේ අයටත් දෙපයින් නැගී සිටින්න ඕනෑකමක් නැහැ. නිකම් දෙන දේ කකා ඔහේ ඉන්නවා.
indunil priyantha Saturday, 15 September 2018 08:29 AM
මෙයත් මැදමුලන රජ එක්ක යන්න වගේ.. අනේ පව්..
appuhami Saturday, 15 September 2018 09:01 AM
හංසයාගේ පිටේ නැගපු අයටත් අනේ පව්... ගෙදර මුට්ටිය ඉදෙන්නේ නැහැ වැස්සට තෙමෙන වාහනවල නැගලා මැද මුලන යන්නේ... අනේ මන්දා?
sirimal Saturday, 15 September 2018 09:01 AM
අර " බ්‍රේකින් නිවුස් " නඩේට පට්ට ගහන්න හොඳ ප්‍රවෘත්තියක්.
anura Saturday, 15 September 2018 09:03 AM
මහබැංකුවෙන් ගත්තු සල්ලි පාක්ෂිකයන්ට බෙදනවා. මේක සොච්චමක් පමණි. මේවා රටේ මහජනතාව මිරිකා ගත්ත දේවල් වලින් සොච්චමක්.. එම ජනතාවටම බෙදා දීමක්.
ලුම්බිණි Saturday, 15 September 2018 09:31 AM
අපේ දේශපාලකයින් ඔක්කොම "ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව" අපි හැමදාම දන්නවනේ.
Asanka Saturday, 15 September 2018 10:11 AM
සමෘධිය මෙතෙක් දුන්නේ චන්ද්‍රිකාලගේ, මහින්දලගේ මිනිස්සුන්ට. යූ.එන්.පී අයට රනිල් ඉන්නකන් කිසිම වැඩක් වෙන්නේ නෑ. ජීවිතේ අසාර්ථකයි. 1994 සිට එතුමා හිටියට යූ.එන්.පී ජනාධිපති කෙනෙක් වසර 24ටම නැහැනේ... රටත් අද අරාජික වෙලා. ඉස්සර යූ.එන්.පී ආණ්ඩු තියෙන කොට මිනිසුන් අතර සල්ලි හොදට තිබුණා. අනික මේ රටේ දේශපාලනය වශයෙන් පක්ෂය ශක්තිමත් නොකර බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියකියා ඉන්නකොට ඉබේම මහින්දලට බලේට එන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුවම...