IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එජාප මන්ත්‍රීන් හත්දෙනා යළි වාරණයක් ගනිති

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකුට විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් එම පක්ෂයට පනවා තිබූ වාරණය ඉවත් කරමින් ගල්කිස්ස ප්‍රධාන දිසා අධිකරණයෙන් දුන් නියෝගය අගෝස්තු පළමු වැනිදා දක්වා අත්හිටුවමින් එදින දක්වා වාරණය ක්‍රියාත්මක කරන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය අද නියෝග කළේය.

මොහොමඩ් ඉසැඩ් රෂීන් හා රෝහිණී වල්ගම යන සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් අධිකරණය සමන්විත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන මොහාන් ලාල් ග්‍රේරු, ලක්ෂ්මන් සෙනවිරත්න, උපේක්ෂා ස්වර්ණමාලි, මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර ද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ සාමාජික ප්‍රභා ගනේෂන් හා ජාතික කම්කරු පෙරමුණේ සාමාජික පලනි දිගම්බරම් මහත්වරු ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණයට වෙන වෙනම පෙත්සම් ගොනු කළහ.

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී පක්ෂ තීරණය නොතකා රජය සමග ඡන්දය දීම නිසා ඔවුන් පක්ෂයෙන් නෙරැපීමට ගත් තීරණයට එරෙහිව ඔවුහු අධිකරණ පිහිට පැතූහ.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක, පක්ෂයේ උද්දේශික විනය කමිටුවේ ලේකම් අසේන්ද්‍ර සිරිවර්ධන යන මහත්වරුන්  නම් කර තිබිණි.



අදහස් (0)

එජාප මන්ත්‍රීන් හත්දෙනා යළි වාරණයක් ගනිති

වික්ටර් Sunday, 21 July 2013 08:20 AM

වහෙන්ඔරෝ භාෂාවෙන් කාටද දැන් ඔය ඕවා කියන්නේ? කාට කිවුවත්, අපේ රනිල් මහත්තයා නොසිටියා නම් අද එ.ජා.ප. යක් නැහැ (නි)

:       0       0

ඩී.උපුල් Friday, 19 July 2013 11:44 PM

දේශපාලනේ කියන්නේ ඕකට තමයි. කාගේ හරි ඡන්දෙකින් රජ සැප විඳීම.(අ)

:       0       0

සුරංග Saturday, 20 July 2013 01:37 AM

සුස ගේ අදහස තමයි මමත් දරන්නේ.(නදී)

:       0       0

ජනී Friday, 19 July 2013 07:08 PM

විනය මාර්ගයක්මේ හත් දෙනාට විරුද්දව ගන්නවාට ඡන්දය දුන් අපි කැමති. (අ)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 20 July 2013 02:39 AM

සුසා ඔයාගේ කතාව හරි. ඒ වගේම ආණ්ඩු පක්ෂෙන් විපක්ෂෙට ගියත් මන්ත්‍රීකම අහෝසි කල යුතුයි. මොකද එතකොට ජනතා කැමැත්ත නියෝජනය වෙන්නේ නැහැ.(නදී)

:       0       0

උපාලි Saturday, 20 July 2013 03:13 AM

තමන්ගේ පක්ෂයේ විනය කැඩුවට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන්නවත් ඉඩක් නැහැ. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලේ මීට වඩා හොඳයි මගේ හිතේ. (නදී)

:       0       0

රෝහණ සල්ගාදු Saturday, 20 July 2013 02:21 PM

සෑම මන්ත්රිවරයෙකුටම හරි දේට හරි තීරණ ගැනීමේ අවස්ථාව තිබිය යුතයි (දී)

:       0       0

සදුනි Friday, 19 July 2013 07:55 PM

ලබන ඡන්දෙ වෙනසක් දකින්න ලැබෙයි වගේ නේද? (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 20 July 2013 02:51 PM

නීතිය කාටත් පොදුයි එය ක්‍රියාත්මකවීම අනේ මන්දා ? අලියට කතිරේ ලකුණු කරලා තමයි මනාප අංකයට ලකුණු කරන්නේ. එතකොට ඒ අය අලි. බුලත් කොලේට, සීනුවට, කරත්ත රෝදෙට, ගසට කතිරේ ගැසුවාම ඒකත් එහෙම තමයි. උත්තරීතර චන්ද දායකයාගේ උත්තරීතර චන්දය එක් එක් පුද්ගලයන් උත්තරීතර චන්ද දායකයන්ගේ කැමැත්තට උත්තරීතර චන්දයට විරුද්දව කටයුතු කරනවා නම්. එය උත්තරීතර චන්ද දායකයා නොමග යැවීමක් හා ඔහුට කරන වංචාවකි. ඉතින් මෙවැනි අකීකරු ක්‍රියාවන් සඳහ නියැලෙන්නන්ට තීන්දු දීමට සුදුසු විනිශ්‍යකරු, මම හිතන්නේ උත්තරීතර චන්ද දායකයා පමණි ... (දී)

:       0       0

මිත්‍ර Saturday, 20 July 2013 02:52 PM

අහිංසක මිනිසුන්ගේ චන්දෙ අරගෙන පක්ස මාරුකරන එක මෙලො වසයෙන් පටිසන් දෙනවා (දී)

:       0       0

සුසා Friday, 19 July 2013 09:01 PM

ඔය හත්දෙනා පාර්ලිමේන්තුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ චන්ද වලින්. ඔය හත්දෙනාගේම මන්ත්‍රී කම් අහෝසි කරනවට අපිනම් එකඟයි. (දී)

:       0       0

රෝහණ Sunday, 21 July 2013 07:21 AM

පක්ෂයෙන් නෙරපන්න ඕනෑ කවුද කියලා අපි නම් දන්නවා. හැබැයි එහෙම කළොත් ආන්න එදාට පක්ෂය හරියනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 40 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2376 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1293 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 527 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 860 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1490 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site