IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


එජාප මන්ත්‍රී ඉරිදා රෝමයේ

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මැයි 25 වැනි දින ඉතාලියේ රෝම නගරයේදී එජාප ආධාරකරුවන් හමුවීමට නියමිතය.

ඉතාලියේ එජාප ශාඛා සමිති සවිමත් කිරීම , ඉදිරි මැතිවරණ වලට පක්ෂයේ සුදානම, ලංකාවේ ආර්ථික ,සාමාජිය ගැටලු හා  බලපෑම්වලට ජාත්‍යන්තරය මුහුණ දෙන ආකාරය පිළිබඳ ඔහු කතා කිරීමට යන බව රෝම ශාඛා සමිතියේ  සභාපතිනි ඉන්දිරා ජයන්තිමාලා මහත්මිය  කියන්නීය.

 

 

 



අදහස් (0)

එජාප මන්ත්‍රී ඉරිදා රෝමයේ

නිමාෂා බණ්ඩාර Thursday, 22 May 2014 07:58 PM

නන්දන පනාගොඩ, "ඉතාලි ලාංකිකයන්ගේ මුල්‍ය ශක්තිය " කියන්නේ මොකක්ද? මට තේරෙන්නේ නැති නිසයි මේ අහන්නේ (නි)

:       0       0

ඇතුගල Friday, 23 May 2014 10:04 AM

සුදුසුකම් වලට පත්වීම් නො දුන්න යුගයක් තිබුණා. ... සුනිල්ගෙන් ලියුමක් ගෙනිච්චොත් පත්වීමක් ගන්න පුළුවන් බව එදා කවුරුත් දැනගෙන හිටියා. ඒ අය තමයි අද ආයතන විනාශ කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව නම් මමත් දන්නා තරමින් හැකිතාක් දුරට සුදුසුකම් වලට තමයි රස්සාවල් දෙන්නේ. සුදුසුකම් නැතිව රස්සා ඉල්ලපු අය කියක් හරි හොයාගන්න රට යනවා. එහෙම ගිහිල්ල රටට බනින එක තමා ඉවසන්න බැරි. (අ)

:       0       0

ලසිත Thursday, 22 May 2014 08:12 PM

හොඳ ඉදිරි පියවරක් (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 22 May 2014 08:30 PM

ලංකා තිලක් මහත්තයෝ අපි මේ රටට ඇවිත් සිටින ප්‍රදානම කාරණය රැකියා කිරීමටයි. අපේ සුදුසුකම් වලට ගැලපෙන රැකියා අපිට ලැබුන නම් අපි රට එන්න අවශ්‍ය නැහැ .දේශපාලනය යනු කුමන තැනක හිටියත් කල හැකි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එ.ජා.ප .යේ මෙන්ම ආණ්ඩුවේද අනෙකුත් දේශසපාලන පක්ෂ වලද නියෝජිතයින් පිටරට වලට පැමිණ සංවිදාන කටයුතු කරනවා. පසුගිය සතියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක්ද ඉතාලියට පැමිණියා. මා නම් එය සුබවාදීවයි දකින්නේ. හරීන් ප්‍රනාන්දු මහතාටත් රෝමයේ සබාපතිනිය ඉන්දිරා මහත්මිය ඇතුළු සැමටත් අපි සුබ පතනවා (නදී)

:       0       0

තාරුක Thursday, 22 May 2014 08:49 PM

එහෙම තමයි පෙරට යන්න බලාපොරොත්තු වෙන අය (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 11:28 AM

ඇතුගල මහත්මය, ඔබ හරි, එදා ගෝනවල සුනිල්ගේ ලියුමටත් රක්ෂා, කොන්ත්‍රාත්, මාරුවීම් ලැබුණා. එහෙම කරපු වැරදිවල ප්‍රතිපල තමයි අදත් එම පක්ෂය භුක්ති විඳින්නේ. මේ ආණ්ඩුවේත් සමහර රක්ෂා දෙන්නේ ලිස්ට් එකට , එහෙම දීපු තැනුත් මම දන්නවා. ඒකයි මම කියන්නේ ඒගොල්ලන් කරපු වැරදි මේ ගොල්ලනුත් කලොත් අනාගතේ මේ ගොල්ලටත් අද අර ගොල්ලන්ට වෙලා තියෙන දේ ම සිද්ධ වේවි කියල. (ස)

:       0       0

ලංකා තිලක් Thursday, 22 May 2014 09:19 PM

අනේ මන් වැරද්දක් කිව්වේ නැහැ ලෙස්ලි මහත්තයෝ....මම ඇහුවේ ඔබ තුමා මේ විශ්වාස බංගය ගැන දාල තිබුණු මංජුගේ ප්‍රතිචාර අගය කරලා තිබුණු විදියට ඍජුවම දේශපාලනයට සම්බන්ධ ඔබ තුමා මොකද මේ පිටරටවල් වලට වෙලා කරන්නේ කියල.ඕව ඇත ඇරලා එන්න..අපිත් එක්ක මේ දුෂිත ආණ්ඩුව පලවා හැරලා මේ රට කිරියෙන් පැණියෙන් නාවන්න පුලුවන් මත් කුඩු මත ද්‍රව්‍ය නැති දුෂණ වංචා කොමිස් නැති දුෂිත මැරවර දෙසපලුවෝ නැති හතර පෝයට සිල්ගන්න දෙසපලකයෝ ඇති පක්ෂ විපක්ෂ ඔක්කොටම එක හැන්දෙන් බෙදන තරුණ ප්‍රශ්න ගැන සානුකම්පිතව බලන මිනිස්සුන්ගේ පඩි වැඩි කරන ජිවන වියදම අඩු කරන කොටින්ම ස්වර්ග රාජ්ජයක් මේ රටේ බිහිකරන එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන්න අඩිතාලම දාන්න .(අ0

:       0       0

ඇතුගල Friday, 23 May 2014 12:06 PM

ලියනගේ මහතාට. ඔබ කියන දේ හරි තමයි. නමුත් ඔබ දන්නවාද මේ රජයේ ප්‍රබල ඇමතිවරුන් දෙපොළක් තනතුරු භාර ගත පසු පැවැත්වූ පළමු හමුවේදීම කියා තිබුණා "පුද්ගලික ඉල්ලීම් මා වෙත ගෙන එන්න එපා. මාව මෙතනට පත් කරගත්තේ පොදු අපේක්ෂාවන් ඉටු කරගන්නයි. රස්සාවල් ඉල්ලගෙන එන්න එපා. ළමයි ඉස්කෝලෙට දාගන්න ඉල්ලන්නට එපා...." ආදී වශයෙන් කිවා. අදත් ඒ දේ ඒ විදිහටම සිදුවෙනවා. මෙහෙම අයත් මේ රජයේ ඉන්න බව මතක් කර ගන්න. පොඩි පොඩි වැරදි තිබුනත්, මම මේ රජයට තවමත් කැමති ඒකයි. (අ)

:       0       0

සලීම් Thursday, 22 May 2014 09:38 PM

ඌවේ මහා ඇමති කමට තරග කරන බව දැනුම් දෙන්ඩ ගියාද (අ)

:       0       0

ගිහාන් Thursday, 22 May 2014 10:08 PM

මම දන්නා තරමට ලංකාවේ මෑත කාලයේදී සුදුසුකම් තිබෙන සියල්ලන්ටම ඒ සුදුසුකම් අනුව සුදුසු රැකියා ලබා දුන්නේ මේ ආණ්ඩුවයි. සුදුසුකම් නැතුවත් ලොකු තනතුරුවලට තමන්ගේ එවුන් පත් කරපු ආණ්ඩුත් තිබුනා. ඕන්න දැන් ඒ කට්ටිය හොයා හොයා ලිස්ට් හදනවා. මම දන්නා තැන කීපයක් තියෙනවා. ඒවායේ නම් කියන්ට අවශ්‍ය නැහැ. සමහරු අඩු සුදුසුකම් තියාගෙන, මගේ අයිය අහවලා ආදී වශයෙන් නෑදෑකම් කියලත් රස්සාවල් ඉල්ලලා නොදුන්නම රට පැනල ආණ්ඩුවට බනිනවා කියලත් මම අහල තියෙනවා. (අ)

:       0       0

ගිහාන් Thursday, 22 May 2014 03:26 PM

තමන් උපන් රටේ පක්ෂය සංවිධාන කරගන්න බැරි මිනිස්සු මේ පිටරටවල ඉන්න අතලොස්සක් හමුවෙලා කරන්න යන්නේ මොකක්ද.? යුඑන්පි ආණ්ඩුවක් ආවම විදේශ ඇමතිකම ගන්නවත් හීන දකිනවද දන්නේ නැහැ. එත් ඉතින් ඒකත් හීනයක්ම තමයි. (ස)

:       0       0

රුක්මන් ඉතාලිය Thursday, 22 May 2014 03:46 PM

ගරු හරින් මැතිතුමාව සාදරයෙන් පිලිගන්නවා. ඔබ තුමා අවංක දක්ෂයෙක්. ගරු මන්ත්‍රි තුමනි අපි යුරෝපයේ සිටින සියලුම එ.ජා.ප.යේ සාමාජිකයන් එකතුවි ඔබ තුමාගේ නයකත්වයෙන් අපි පදනමක් හදමු. එ මගින් විපක්ෂයේ අපිටත් දුප්පත් අයට උදව් කරන්න පුලුවන් (නදී)

:       0       0

සුනිල් රියාද් සිට Thursday, 22 May 2014 04:03 PM

ඡන්දෙට සල්ලි හොයනවා වාගේ. කමක් නැහැ ඒත් රට ගැන කාටවත් ගතු කියන්න එහෙම එපා. මොකද රට අපේ.(නදී) .

:       0       0

සුමනසේකර Friday, 23 May 2014 02:15 AM

ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා කියලා පතනවා! (නි)

:       0       0

ජෙරාඩ් Thursday, 22 May 2014 04:18 PM

දැන් මීළඟ චන්දෙ තියෙන්නේ ඌවෙද? රෝමේද? (ස)

:       0       0

බ්‍රෙන්ඩා Thursday, 22 May 2014 04:36 PM

හරින් බදුල්ලේ මොනාද කලේ කියලා අපි දන්නවා. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 22 May 2014 04:46 PM

ඉතාලි ශ්‍රී ලාංකිකයන්ගේ මුල්‍ය ශක්තිය නිසා දේශපාලකයන් විශාල පිරිසක් ඉතාලියේ නිතර ගැවසෙනවා. කැලණිය පැත්තේ කෙනාට නම් ඉතාලිය, ලංකාව තරමටම පුරුදුයි. (නදී)

:       0       0

සෙනරත් Friday, 23 May 2014 05:16 AM

ඌව එක්කෙනෙක්ම තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාකා ලෝකයේ හැම රටකම පිහිටුවලා ශක්තිමත් කළේ. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 23 May 2014 04:21 PM

එක්සත් ජාතික පක්ෂ ඉතාලි රෝම ශාඛා සමිතියේ ගරු සභාපතිනි ඉන්දිරා ජයන්තිමාලා මහත්මියණි ඔබතුමියගේ මේ ව්‍යායාමයට එක්සත් ජාතික පක්ෂ යුරෝපා රටවල සංවිධානයේ පැරිස් ශාඛාවේ සභාපති වරයා හැටියට මගේ උණුසුම් සුභ පැතුම්. ජයවේවා, ජයවේවා, ජයවේවා !!! (අ)

:       0       0

උදාර Thursday, 22 May 2014 05:25 PM

නන්දන පනාගොඩ,ඔබේ ප්‍රකාශයෙන් පැහැදිලි වන දෙය නම් ලෝකය ගැන සහ ලෝකයේ විසිරි සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය ගැන ඔබ මොකුත්ම නොදන්නා කෙනෙක් බවයි. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 23 May 2014 07:10 AM

හරීන් , ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

ලංකා තිලක් Thursday, 22 May 2014 06:11 PM

"මංජු අපේ රටේ සියලුම ඡන්දදායකයින් ඔබ වැනි බුද්දිමත් අය වූවානම් අද අපේ රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ. මෙහි අදහස් ලියා ඇති බහුතරය මේ පුවත තේරුම් අරන් තිබෙන විලාශයෙන්ම අපිට හිතාගන්න පුළුවනි කොහොම පාලකයින්ද අපේ රටේ බිහිවෙන්නේ කියලා. අපේ ලෙස්ලි ලෝච් මහත්තයා ඉතාලියේ එක්සත් ජාතික පකෂයට සම්බන්ද සංගමයක නිල තල දරන්නෙක් නේද? ඉතින් ඔබ වැනි බුද්ධිමත් පුද්ගලයින් ඔය රටවල් වලට වෙලා මේ හරින් මහත්තයාගේ දේශනා අහ අහ ඉදල මොනවා කරන්නද? මෙහෙට ඇවිත් සටන් වැදිලා තමන්ට ඕන පාලකයින් බිහි කරගන්න උත්සහ ගන්න. (නදී)

:       0       0

සෙහාන් Friday, 23 May 2014 08:21 AM

අපෝ මෙහෙටත් අාවද? (ස)

:       0       0

නිශාන්ත Friday, 23 May 2014 08:42 AM

මේ ආණ්ඩුව සුදුසුකම් වලට රස්සා දුන්නනම් දුන්නේ කරුණා ,පිල්ලෙයාන්, KP ට විතරයි. (ස)

:       0       0

ගිහාන් Thursday, 22 May 2014 07:07 PM

ලංකා තිලක්, ඔයා ලෙස්ලි ගැන දන්නේ ඔය ටික පමණද? (නි)

:       0       0

සජීව Thursday, 22 May 2014 07:36 PM

බොහොම හොඳයි. (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 09:30 AM

මේ ආණ්ඩුව සුදුසු කම්වලට රස්සා දුන්න කියන්නේ හරියට දැනගෙනමද? අඩුම ගණනේ තමන්ගේ ඇමති මණ්ඩලයටවත් සුදුස්සන් පත් කරගෙන නැහැ. රටේ මුදල් මෙහෙයවන ලොකුම තැන ඉන්නේ දුෂණ ක්‍රියා නිසා ඉවත් කරපු අය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10894 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5382 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7633 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5073 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1276 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36529 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site