IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එජාප මැයි රැළිය නිදහස් චතුරශ්‍රයේ

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ මෙවර  මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දක්වමින් සංවිධානය කෙරෙන එම මැයි දින රැලිය අති සාර්ථක කර ගැනීම සඳහා  පක්ෂයේ සියලු සංවිධායකයන් ගේ සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

 රවී කරුණානායක මහතා මේ බව කීවෙි  කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු රට මේ වන විට නිවැරදි මාවතට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බවත් විදෙස් සංචිත ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය වී එහි වාසිය ජනතාව වෙත ලැබී තිබෙන බවත් කරුණානායක මහතා  සඳහන් කළේය.

එම සාර්ථකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙන බවත් පැවසූ හිටපු අමාත්‍යවරයා එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය අනිවාර්යයෙන් හිමිවනු ඇති බව පැවසීය.



අදහස් (9)

එජාප මැයි රැළිය නිදහස් චතුරශ්‍රයේ

Hafeel Friday, 15 March 2024 04:59 PM

හා අපේ මහ බැංකු ගොඩක් කාලයකට පසු... එදා මෙයාට මතක නැහැ... දන්නේ නැහැ. දැන් මෙයාට සේරම මතකයි..

:       1       4

රාලහාමි Friday, 15 March 2024 08:32 PM

මේ හලෝ ඔය බොරු කියවන්නේ නැතිව, අර එපාර්ට්මන්ට් එකට ගෙවන්නේ නැතිව වංචා කරපු සල්ලි ගෙවලා ඉන්න. කොම්පඤ්ඤ වීදියේ, පොලිසියේ හිටපු රාලහාමි මස්සිනාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කරපු හැටි මටත් කියලා දෙනවද? කාලයක් හැංගිලා ඉඳලා "පිනා" ජනාධිපති හොරෙන් බලය ගත්තාට පස්සේ මොවුන් ඔක්කෝම එළියට ඇවිල්ලා. පුළුවන්නම් ඡන්දෙන් දිනපල්ලා. මුළු කොළඹින්ම 15000 ගන්නේ නැහැ. ඔබලාව මිනිස්සුන්ට අප්පිරියයි.

:       0       6

Prabha Friday, 15 March 2024 11:59 PM

මෙයාගේ කතාව නිකන් ආසන 150 දිනලා ආණ්ඩුවක් පිහිටෙව්වා වගේ. බයියෝ නොහිටින්න ඉන්නේ හිරේ.

:       0       5

Sunil Saturday, 16 March 2024 05:21 AM

එජාප මහබැංකු හොරුන් සමග නිරුවතින් සිටින දවස් අදය.

:       1       6

සත්‍යපාල Saturday, 16 March 2024 07:33 AM

නිදහස් චතුරශ්‍රයේ පවත්වන රැළියකින් පක්ෂයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ප්‍රමාණවත් පිරිසක් නැහැ කියලා පේන්න පුළුවන් හරිම වේදනාවක් ඇතිවෙනවා. එහෙම වෙන්න හේතුවක් වුනේ ඇයි කිව්වොත් එජාපය සඳහා දරදිය ඇදපු අපිට කිසිම සෙතක්, ශාන්තියක් එජාපය බලය ගත් 2001 /2015 කාලවලදී සිදුවුණේ නැහැ. නොකා නොබී පක්ෂය වෙනුවෙන් මහන්සි වුණත් අපිට ඇතිවූ සෙතක් නැහැ. උදාහරණයක් හැටියට යහපාලනය ආරම්භ වූ 2015 ආණ්ඩුව යටතේ මහින්දට උපරිමයෙන් වැඩකළ අයට /අයගේ දරුවන්ට රැකියා දුන්නා. මෙහෙම වීමේ ප්‍රතිඵල අවුරුදු 75 ක් රටේ ප්‍රබලම පක්ෂය වූ එජාපය කුජීතම වෙන්න හේතුවක් වුණා මේවා කියන්නේ නොකා නොබී පක්ෂය වෙනුවෙන් කටයුතු කළ අපිට තියෙන දරාගන්න බැරි වේදනාවක් කියලා මතක් කරන්න ඕනෑ... සමහර විට මේ අදහස පක්ෂය සඳහා කැළලක් කියලා ප්‍රසිද්ධ නොකරාවි. (1970-77) කාලයේ සිරිමාවෝ මැතිණිය තමන්ගේ සාමාජිකයින් සඳහා සහන සලසා ඇතිකළ අසමජ්ජාති හිතවතුන්ට පත්වීම්/උසස්වීම් හා වෙනත් වරප්‍රසාද දීම රටේ පරිහානියට හේතුවක් කියලා කරන්න පුළුවන් මේ නිසා දේශපාලුවන්ගේ තුන්ඩුවට වරප්‍රසාද දීම හා රැකියා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහනම් කරන්න ඕනෑ.

:       0       3

P.d goonawardena Saturday, 16 March 2024 07:37 AM

මෙයා ආයිත් එන්න වගේ...

:       0       5

nanda Saturday, 16 March 2024 08:20 AM

එතැනත් ඉඩ වැඩියි නේද?

:       0       7

siri Saturday, 16 March 2024 01:00 PM

එක්සත් ජාතික පක්ෂය අතීතයේ රටට සේවයක් කරපු පක්ෂයක් හොඳ නායකයෝ 1970 මුල් කාලය දක්වා හිටියා. දැන් හොරුන්ට, තක්කඩියන්ට ගිය පක්ෂයක් වෙලා. දැන් ආපහු ගොඩගන්න පුළුවන්ද?

:       0       6

Kazi Shajahan Saturday, 16 March 2024 01:06 PM

මිනිස්සු 5000 ක් විතර දාන්න පුළුවන්... ඒකත් බැරි වුණොත් ලැජ්ජයි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 462 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1964 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2409 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3777 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site