IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


එජාප සජබ එකතුවට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20) ඒකමතික තීරණයකට පැමිණියේය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්විය.

සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කොට එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණ වලදී තරඟ කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයට එළැඹ ඇත.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ සාකච්ඡා එජාප පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද කෘත්‍යාධිකාරී  මණ්ඩලය තීරණය කළේය.



අදහස් (14)

එජාප සජබ එකතුවට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

Kamal Monday, 20 January 2025 07:53 PM

රනිල්ගෙන් අනික් අයට බේරෙන්න බෑ.

:       3       14

බකල ජයාTuesday, 21 January 2025 09:13 AM

අනික් අයට? මට හිතෙන්නෙ ජනග්‍රහණයෙන් දළ වශයෙන් 50% විතර කිව්වා නම් හරි

:       0       2

R. P. Indika Monday, 20 January 2025 08:56 PM

ඕක කවදාවත් වෙන්නෙ නැහැ. සජිත්ට කවදාවත් රනිල් පක්‍ෂ නායක කම දෙන්නේ නැහැ. පක්‍ෂයේ අනිත් අය තනතුරු වලට මරාගන්නව. රනිල්ට ඕන මැරෙනකම් පක්‍ෂයේ නායකයා වෙලා ඉන්න

:       4       20

බකල ජයා Monday, 20 January 2025 11:15 PM

වැරැද්දකට තවත් වැරැද්දක් එකතුවුනා කියල ඒක හරි දෙයක් වෙන්නෑ.

:       0       2

Pankumburage Tuesday, 21 January 2025 12:20 AM

මේපාර රනිල් සජිත්ව නැති කරලම දානවා. දැක්කනෙ පහුගිය දවසක මරික් කාරුත් රනිල් පස්සෙ සර් සර් කියකිය ගියා.

:       1       1

sam Tuesday, 21 January 2025 12:23 AM

එක්සත් ජාතික පක්ෂය මුලිකව සියලු පක්ෂ එක්වීමට පොදු සළකුණක් ලබාගන්නේ නම් එය පරවියා හෝ වෙනත් සළකුණක් නම් කොන්දේසි විරහිතව ලබාගැනීම සිදුවිය යුතුවේ.

:       2       0

Nandalal DE SILVA - France Tuesday, 21 January 2025 02:17 AM

ඔය මඟුලට පොරොන්දම් බලන්න ඉස්සර වෙලා කරන්න දෙයක් තියනවා

:       1       3

MR HASHAN SANJULA NICHOLAS Tuesday, 21 January 2025 08:12 AM

එසජබජාපය

:       1       1

Lalla Tuesday, 21 January 2025 09:06 AM

සමනලයෝ පන්නල දැම්ම නම් පක්‍ෂ දෙක එකතු වෙනව ෂුවර්.

:       1       3

Kazi Shajahan Tuesday, 21 January 2025 09:07 AM

"සජිත් මෝඩයා, රනිල්ගේ උගුලට මට්ටු වෙනවා. සජිත්ව යුඑන්පී එකේ සම නායකයාව කරලා!"

:       2       3

R W Dharmawardhana Tuesday, 21 January 2025 10:28 AM

නිරුවත් බව ජනතාවට ලැජ්ජාවට කරුණකි .බලය ලබා ගැනීමට ඇති තන්හාව නිසා නිරුවත්කම දේශපාලකයන්ට ආභරණයකි

:       1       4

Srinath priyantha karunarathna Tuesday, 21 January 2025 10:45 AM

ආයේ කවදාවත් බලයට එන්න බෑ කොහොම ආවත් ,"මෙච්චර රට විනාශ කරලත්, මුන්ට කබුරන බත් බැලයෝ තාමත් ඉන්නවානේ.

:       4       4

සෙනෙවිරත්න Tuesday, 21 January 2025 12:22 PM

වෙන් වුන කාරණය හැර අන් සියලුම ඒවට එකඟ වෙයි, අර කාරණය කවදාවත් සමථයකට එන දෙයක් නොවෙයි. ඒක නිසා ඕක වෙන්නෙ නැහැ.

:       1       0

කෝරළගේ Tuesday, 21 January 2025 01:00 PM

සජියෝ මේ රනිල්ගේ දිරච්ච ලනු කන්න එපා.මේ සජබේ කෑලිවලට කඩන්න හදන්නෙ.මොකද රනිල් පොහොට්ටු ඡන්ද වලින් ජනාධිපති වෙලා අන්තිමට පොහොට්ටුව කෑලිවලට කඩලා කුජීත කරලා ඉවරම කරලා දැම්මා. බැසිල් අන්තිමට ඇමෙරිකාවට යනකොට කිව්වෙ රනිල් වික්‍රමසිංහ කියන්නෙ ලංකාවෙ දේශපාලනයේ ඉන්න කැතම මිනිහෙක් කියල බැනල ගියේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 93 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 549 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 363 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 171 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 735 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 173 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site