IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


එඩ්වඩ් කුමරු ලංකාවට සැපත් වෙයි

 

(ටී.කේ.ජි.කපිල )

       

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දින 6 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (31) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එඩ්වඩ් කුමරු සමග ඔහුගේ ආර්යාව වූ සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස සමඟ තවත් 7 දෙනෙක් ද පැමිණ සිටියහ.

මොවුන් ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් සේ සහභාගි වීමට මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙම පිරිස පෙබරවාරි 5 වැනි දා මෙම සංචාරය නිමවා ආපසු පිටත්ව යෑමට නියමිතය .

ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ

 



අදහස් (47)

එඩ්වඩ් කුමරු ලංකාවට සැපත් වෙයි

channa Wednesday, 31 January 2018 07:54 AM

කුමරුනේ... ඔබලා අපට දීලා ගිය රටමද දැන් මේ තියෙන්නේ....?

:       2104       640

රූපසිංහ Wednesday, 31 January 2018 11:14 AM

පරාධීනත්වයයි මේ.

:       36       238

RaveendraWednesday, 31 January 2018 05:40 PM

"කුමරු" මල්ලියේ නුබ අවට නම් කිසිදු ගැටළුවක් නොමැත, නමුත් බැංකු කඩන හැටිනම් "සුත්තර පුංච" ගෙන් අහනවා එහෙම නොවේ හරිය....

:       1       45

nathina Wednesday, 31 January 2018 07:59 AM

අපේ එඩ්වර්ඩ් කුමාරයාට ජයවේවා!!! කරුණාකර මේ රට බාරගෙන අපිව පාලනය කරන්න!!! අපිට අපිව පාලනය කර ගන්න බැහැ.

:       3055       2558

රූපසිංහ Wednesday, 31 January 2018 11:49 AM

අපේ ඡන්ද දායකයා තවම දන්නේ නැහැ කාව තම පාලකයා හැටියට පත් කර ගතයුත්තේද කියා.

:       0       182

palitha Wednesday, 31 January 2018 08:16 AM

අනේ වාසනාවන්!!! ඔය සැපත් වීම විතරමයි අඩුවකට තිබුනේ. හැමදාමත් පිටරට අයට, පිටරටවල් වල දේවල් මහා ඉහලින් වර්ණනා කර කර, තමුන්ගේ දේ දියුණු කරගන්න උනන්දු උත්සාහ නොකළ අරුම පුදුම ලෝකයේ ඉන්න එකම ජාතිය....

:       439       2764

chanak los angeles Wednesday, 31 January 2018 08:22 AM

අපේ මහරජතුමාව සාදරයෙන් පිළිගන්නවා. යහපාලනයෙන් රටට ලැබුණු පිළිගැනීම නිසයි එන්නේ...

:       2104       64

Shanaka Wednesday, 31 January 2018 11:22 AM

හලෝ නිකන් විහිළු කරන්න එපා... මානසික ගැටළුවක්ද?

:       83       457

Neelaka Wednesday, 31 January 2018 08:45 AM

අපි කවදා රටක් විදියට තනියෙන් හිටගනීවිද? අපේ ජාතික වීරවරයෝ දිනාගත්තු නිදහස සමරන්න 70 වසරකට පස්සෙත් ගේන්නේ අපේ රටේ සම්පත්, ගහකොළ, සතා සිව්පාවා, ආගම, ජාතිය, සංස්කෘතිය විනාස වුණාමයි.. හාමුලා තමන්ගේ වතුපිටිවල වැඩකරන වහල්ලු, සේවකයෝ බලලා යන්න ඇවිල්ලා. ඔන්න දිනාගත්තු ජාත්‍යන්තරේ. කමක් නැහැ රැජින මේස් ගලවල අතට අත දුන්නනේ. දැන් ඉතින් තියෙන්නේ හොඳට පුද සත්කාර කරලා යවන එකයි. ඒ අය තාමත් බලන්නේ අපේ දිහා වහල්ලු දිහා බලන විදියටමයි. අපි වහල් මානසිකත්වයෙන් මිදෙනකම් එ්ක එහෙමම තමයි.

:       580       3505

pakeer Wednesday, 31 January 2018 03:40 PM

කියවනවා අයෙත් ලෝක ඉතිහාසේ, ලංකාවේ ඉතිහාසේ නෙමි. දෙවන ලෝකේ යුද්දේ නොවෙන්න එංගලන්තේ එකෙකුට වත් නිදහස දෙන්නේ. නැහැ. එකෙන් පස්සේ UN එක පිහිට ගත්ත ඉන් පස්සේ උන්ට තේරුණා උන් කරන වැඩේ වැරදී කියල. ඉන් පස්සේ උන් අල්ල ගත්ත හැම රටකටම වගේ නිදහස දුන්න එකම කාල වකවානුවකම. නැතුව අපේ එවුන් කෑ ගහපු නිසා නෙමි. අනික ඔය කරන්නේ යස අගේට නිදහස් කරගෙන. ගොන් යක්කු.

:       12       26

රජින්ද Wednesday, 31 January 2018 08:46 AM

සුද්දා එනතෙක් බලාහිඳ... අන්දා නෙක සළු වර්ණයෙන් හැඩකොට.. ගල්වා විලවුන් එල්ලා මුතු පබළු බැඳ.. දෝතින්ම පිදුවයි මේ පස ඒඅයට.. සමරන්නට ඔවුන් කල කෙණෙහිලි අපට.. එන්නට කියනවද නිදහස නමදින්ට..

:       49       2155

sanath Wednesday, 31 January 2018 08:54 AM

ආවාට කමක් නැහැ. පුළුවන්ද අායෙත් උඹලට අපේ රට සංවර්ධනය කරලා දෙන්න. අපේ රටේ ඔය හොරු ටික ඉවරයක් කරලා...

:       1840       1057

rama Wednesday, 31 January 2018 09:25 AM

කුමාරයෙක් කිව්වට අපි වගේ වයසක පොරක්නේ...

:       2       1879

BamunuarachchiWednesday, 31 January 2018 12:14 PM

මේ රටේ අය හිතාගෙන ඉන්නේ ලංකාව එංගලන්තේ යටත් විජිතයක් කියලලු... අනේ එහෙම වුණා නම් කොපමණ හොඳද? එදිනෙදා පුවත්පත් බලනවා නම් තේරේවි. දැන් අපි ඉන්දියාවේ යටත් විජිතයක් කියලා. සුද්දා ළඟ දණින් වැටුණාම මොකද? ඉන්දියාව ඉදිරියේ හිටගෙන ඉන්නවාට වඩා. අර ඉන්දියාවේ හමුදාපතිද කොහෙද කියලා තිබුණු දේවල් දැක්කානම් එහෙම කියන්නේ නැත.

:       1752       7

BamunuarachchiWednesday, 31 January 2018 12:20 PM

පුංචි කාලේ නින්ද යන්න ආච්චී ලඟට වෙලා කීව්ව කතාවල ඉන්න කුමාරවරු ගැනද තාමත් හිතන්නේ. මෙයා ගේ සීයා, රැජිනගේ මහත්තයාට, කියන්නෙත් පිලිප් කුමාරයා කියලා. කොහොමත් එඩ්වඩ් කුමරු ඔබට වඩා අවුරුදු 30 ක් විතර බාල ඇති..

:       1656       38

darshana Wednesday, 31 January 2018 09:51 AM

එඩ්වඩ් කුමරු අපේ සිරිසේන ජනාධිපතිට අතට අත දෙන්නේ ග්ලවුස් (අත්මේස්) ගලවලා හිටං. මහා රැජිණත් එහමයි කලේ...

:       420       402

Ronald Wednesday, 31 January 2018 10:18 AM

මේ රටේ අය හිතාගෙන ඉන්නේ ලංකාව එංගලන්තේ යටත් විජිතයක් කියලයි. නැත්නම් "කුමාරයා" "සැපත් වෙයි" වගේ වැකි ලියයිද..? පැමිණෙයි කිව්වා නම් හරිනේ.. මේ වගේ අපේ රටේ මානව හිමිකම් කඩ කරපු යටත් විජිතවාදීන්ගේ මුණුබුරන්ව ගෙන්වන අයට අර කියපු මඩු වලිගෙන් ගහන්න වෙයි වගේ.

:       5       2012

Bamunuarachchi Wednesday, 31 January 2018 11:22 AM

ඔබතුමාගේ පැමිණීම අපි අගය කොට සලකනවා. බොහෝ මිනිසුන් සුද්දා රට කෑවා කියා කියනවා. මෙපමණ සේවයක් කල මහින්ද මහතා හොරෙක් කියන සිංහලයා ඔබලා රට කෑවා කියන එක ගැන පුදුම වෙන්න එපා. ඒ සිංහලයාගේ හැටි. ඔබලා නොඑන්න එක්කෝ තාම දෙමළෙක් යටතේ නැතිනම් දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක්. සිංහලයා ඉංග්‍රීසි ඉගෙන ගත්තෙත් විද්‍යා විෂයන් ඉගෙන ගත්තෙත්. හොඳ පරිපාලනයක් ඇති රාජ්‍ය සේවයක් ලැබුණෙත් ඔබලා මෙරට පැමිණි නිසයි. නැතිනම් අපි දෙමලෙන් තමයි අත්සන් කරන්නේ. උඩරට ගිවිසුම් අත්සන් කලාවගේ. ඔබලා නොපැමිණියා නම් හුදී ජනයා කියවන්නේ මොන රටේ පොත්ද? කියන්න දේවල් ගොඩක් තිබෙනවා පලනොවන නිසා නොලියමි...

:       1778       267

ashan Wednesday, 31 January 2018 11:32 AM

අපි සුද්දන්ට බනින්නේ අවුරුදු 200 ට පෙර කලදේටයි. ඉතිහාසය සොයනවා නම් ඒකාලේ ඒ රටවල අයටත් භයානක දඬුවම් දීලා තියෙනවා. ඒ අවුරුදු 200 ට පෙර තිබුනු සමාජය. නමුත් අද ඔවුන් මානව හිමිකම් අතින් අපිට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නේ...

:       1595       229

manoj Wednesday, 31 January 2018 11:36 AM

සිංහලයව පාගා දාපු සුද්දන්ට කතා කරනවා නිදහස සමරන්න. නිදහස දිනා දීපු මිනිසුන්ව හිරේ දාන්න පිඹුරුපත් හදනවා. අරුම පුදුම සිරි ලංකාවක්...

:       19       355

kapila Wednesday, 31 January 2018 11:47 AM

මෙතන අතීතෙ ගෑන ලොකු කතා කියන අයට එන්ගලන්තෙන් ලෑබෙන ආධාර, ණය සහ අපේ භාන්ඩ මිලදී ගෑනීම ගෑන ප්‍රශ්නයක් නෑ වගේ. ලොකු ටෝක් දෙන්න ඕනෙනම්, තමන්ගේ තත්වය නන්වාගෙන ඉන්න ඕනෙ.

:       1809       85

Dr Yasantha wimaladasa Wednesday, 31 January 2018 12:18 PM

අපේ ජාතික වීරවරයෝ දිනාගත්තු නිදහස සමරන්න 70 වසරකට පස්සෙ ගේන්නේ සිංහලයා පාගා දාපු යටත් කර ගත්තු සුද්දද? එතකොට කොහොමද එ්ක නිදහස සැමරීමක් වෙන්නේ. මොනවද මේ වෙන්නේ?

:       10       253

BamunuarachchiWednesday, 31 January 2018 01:08 PM

සුද්දා සිංහලයා පාගාගෙන සිටියාලු... එහෙනම් අර වඩුග දෙමල රජ්ජුරුවෝ වංගෙඩියේ දාලා කෙටෙව්වේ කාගේ ළමයින්ද? මැරෙන සැටි මම පෙන්වමී කියන්න වුණේ ඇයි? අලි ලවා පෑගුවේ කාවද? ඒ වඩුග දෙමළ රජ්ජුරුවෝ බිසවකමට ගැහැණු ගෙනාවේ කොහෙන්ද? හලෝ ඔහෙලට ඉතිහාසය පාසලේ ඉගැන්නුවේ නැති වුණාට අපිට කුඩාකලම පාසලේ ඉතිහාසය ඉගැන්වුවේ හාමදුරුවරු. සුද්දා නොපැමිණෙන්න අපි තාමත් ප්‍රකෘති මිනිස්සු. සුද්දා නොහිටින්න 1940 ගණවල අපිව යටත් කරගන්නේ ජපනා. ජපනාගෙනුත් අපිව බේරා ගත්තේ සුද්දා. කැලෑටික තේ වතු කරදුන් එකේ නම්බුවවත් තියන්න. තේ වතුටික, රබර් වතුටික, පොල් වතුටික නැතිනම් අපට අද හුළං තමයි.

:       301       138

Bamunuarachchi Wednesday, 31 January 2018 12:43 PM

සුද්දා නොහිටින්නට අපි ඉන්දියාවට පරාදීනයි නේද? දැනටමත් අපි ඉන්දියාවට පරාදීනයි... ඒ ගැන මොකද කියන්නේ?

:       1555       8

Bamunuarachchi Wednesday, 31 January 2018 12:52 PM

අපේ ජාතික වීරවරයෝ දිනාගත්තු නිදහස! කියන්න කව්ද වීරවරයෝ නිදහස ලබා ගත්ත කියලා? සුද්දාට රට පාවලා දුන්නේ කව්ද? සුද්දා කලේ දෙමල රජෙක් යටතේ සිටි සිංහලයාට ඔවුන්ගේම රටක් හදලා දීල ගිය එකයි. කරුමෙක මහත... සිංහලයා එ්ක ඉන්දියාවට යට කෙරුවා. දැන් තමිල් නාඩුවේ ඉන්න දෙමලුත් අපට නියවනවා. සුද්දා වඩුග රජා පැන්නුවේ නැතිනම් සිංහලයා වංගෙඩියේ කෙටිලා නවතින්නේ නැත. ඉතිහාසය ගැන දැනගෙන කතා කරන්න.

:       1636       67

චන්දා Wednesday, 31 January 2018 12:53 PM

බොරු බේගල් රස කොට, රට බේරාගත් යුගපුරුෂයෙක් මකා, කල ගුණ නොදත් ලක්වැසියන් කරගත් විපතක මහත....

:       86       1217

kapilaWednesday, 31 January 2018 01:29 PM

අප්සෙට් එක යුග පුරුශයාගෙ පවුලෙ අය අපිට නොදෑනී සුද්දට වඩා රටෙන් හොරෙන් කෑව

:       214       82

BamunuarachchiWednesday, 31 January 2018 02:06 PM

බලාගෙන ගියාම රට කාලා තිබෙන්නේ සුද්දයි. රටට වැඩක් කලෙත් සුද්දයි. අපේ අයට මතක නැත්තෙත් මේ කරපු වැඩ තමයි. අර කෙනෙක් ලියලා තිබුණේ රවී රටේ ආර්ථිකය ගොඩනැගුවා කියලා.

:       1       8

Neelaka Wednesday, 31 January 2018 01:03 PM

කපිල මහතා වෙත. ඔබතුමාට එංගලන්තය ගැන ලොකු කැක්කුමක් තිබෙන පාටයි. ඒ අය අපේ රටවල් යටත් කරගෙන අපේ රටවල් වලින් අරන් ගියපු දේවල් තමයි අපිට අාපහු දන්නේ. ආධාර විදියට... කැලේ වනසත්තුම කොච්චර මැරුවද? අලි ඇත්තු, මුතු මැණික්, රන් රත්තරන් දහස් ගාණක් ඒ අයගේ රටවල් වලට අරන්ගියේ ඔය කුමාරවරුන්ගේ අය තමයි. මේ අයගේ විනෝදෙට අසරණ සත්තු ඇත. ගාල්වලට කොටු කරපු විදිය ලඟදී ලංකාදීප විශේෂාංගයක තිබුණා බලන්න. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පටන් අරන්, පුරා වස්තු ගවේෂණය කරනවා කියලා... අපේ සීගිරියේ ඇතුළු පුරා වස්තු කොච්චර මංකොල්ල කෑවද? ලංකාවේ මාර්ග පද්ධතිය හැදුවේ අපිට ආදරේකටද? ඒ අය කොල්ල කාපුවා වතුවල දේවල් ලේසියෙන් වරායට ගෙනියන්න තමයි ඒවා හදලා ගත්තේ. ඇත්ත අපි ඒ අයගෙන් ආධාර ගන්න තත්වෙට පත් කරලා තමයි ... ඒ අය අපිට නිදහස දුන්නේ. ඒ කරපු විනාසේ සමරන්න ඒ අයම ගෙන්න ගන්නකොට අපිට කොහොම හිනාවෙනවා ඇත්ද?

:       4       129

BamunuarachchiWednesday, 31 January 2018 02:11 PM

දන්නා බම්බුවක් කතා කරන්න හලෝ. හරියට ටිපර් වල ගෙනියන්න තරම් මැණික් මේ රටේ තිබුණා වගේ කතාව. සුද්දා කාගෙන්ද ඔතරම් මැණික් ගත්තේ? කියන තර්කවලින් තේරෙනවා ගඩොල් 1000ක් විතර කපා ගන්න පුළුවන් මැටි ගොඩක් කියලා.

:       169       10

pakeerWednesday, 31 January 2018 03:36 PM

අනේ... දැන් ඔය ටිකම නේද අපේ අය කරන්නෙත්? මැණික්, රත්තරන් බැංකු මංකොල්ල කනවා. කඳු, කිනිසිත් මංකොල්ල කනවා. අපේම ඒවා. ඒ මදිවට ගසුත් කපනවා, සත්තුත් මරනවා. ඉතින් දැන් ඒවා කරන්නේ සුද්දෝද? මෝඩයෙක් වෙන්න එපා. මේවා මෙහෙම වෙලා තියෙන්නේ. ඔබලගේ ජාති ආලය ඔළුවට දාලා දෙනවා වැඩේ. සුද්දා නැත්නම් තාමත් ගස් උඩ...

:       35       12

මිඝාර.Thursday, 01 February 2018 06:35 AM

ඒත් ක්‍රිස්තු පූර්ව 205දි එංගලන්තෙ මිනිස්සු කොළ අතු අදිද්දි අපි නව මහල් ප්‍රාසාද අහස සිඹින දාගැබ්, මුහුදු වගේ ජලාශ හදපු ජාතියක්.

:       0       0

BamunuarachchiThursday, 01 February 2018 12:57 AM

සීගිරියේ මොනවාද හලෝ මංකොල්ල කන්න තිබුනේ? නිකන් ගිරවු වගේ කතාකොරන්න පුරුදුවෙන්න එපා.

:       63       6

kapilaThursday, 01 February 2018 07:41 AM

සීගිරිය හොයාගත්තෙ 47, බෙල් කියන ඉංග්‍රීසි ගවේශකයා සහ පරණවිතාන මහතා ඉන්පසු එය වැඩි දියුණු කරලා තවත් දේවල් හොයා ගත්තා..

:       0       0

shelton Wednesday, 31 January 2018 01:10 PM

රට සුද්ද කරකෙන ගිය අය දැන් සැපත් වෙනවා. අපි පිළිගන්නවා. රට බේරාගත් අපේ රණවිරුවන්ට මාංචු දමනවා.

:       11       155

මිඝාර. Wednesday, 31 January 2018 01:20 PM

මෙයාලා සිංහල ජාතිය, බුද්ධාගම විනාශකරලා මේ රටෙන් ගියේ.1818 සිංහල නිදහස් සටන ම්ලේච්ඡ ලෙස මර්ධනය කලේ..... මොකට ආවඩනවද මේ යුද අපරාධ කරුවන්ට?

:       2       208

BamunuarachchiWednesday, 31 January 2018 02:12 PM

1989 කොහොමද සිංහල කොල්ලන්ගේ සටන මර්ධනය කලේ?

:       3       5

pakeerWednesday, 31 January 2018 03:43 PM

ඇයි 1971? අනේ මගේ කට. මුන්ට පිට එකෙක් කරනකොට අප්සෙට් , තමන්ගේ එක පිස්සු කෙලින කොට කමක් නැහැ.

:       2       2

ranjith Wednesday, 31 January 2018 02:13 PM

එඩ්වර්ඩ් කියන්නේ කවුද? මොකද්ද අපේ නිදහස් උස්සවයට එයාගේ තියෙන අදාල කම. පිස්සුද මන්දා?

:       3       74

pakeerWednesday, 31 January 2018 03:46 PM

එඩ්වඩ් කියන්නේ රාජිනීගේ බාල පුතා. එය තමය 9 වෙනි තැනට ඔටුන්න හිමි කෙනා. (මේ ආත්මෙදි නම් ලැබෙන්නේ නැහැ තමයි. )මෙයාව ගෙන්න ගන්නේ බටහිර මාද්‍ය වල ඇස මේ පැත්තට ගන්න.

:       35       0

vidya Wednesday, 31 January 2018 02:46 PM

කිසිම වැඩක් නැති අයාලේ ගිය අයෙක්. අපේ අයටම ගැලපෙනවා.

:       0       16

විජිත් Wednesday, 31 January 2018 03:19 PM

එංගලන්තයේ රජ පවුලේ සිටින "සරලම" පුද්ගලයා මෙතුමායි. චිත්‍රපටි කර්මාන්තය පිළිබඳ තමන්ගේම වූ ව්‍යාපාරයක් පවත්වාගෙන සරල සාමාන්‍ය ලෙස ජීවත් වන්නෙකි.

:       18       0

sg Thursday, 01 February 2018 12:24 AM

තවම වැඩවසම් මානසිකත්වය තියෙන සහ අදිරජ්‍යවාදී මානසිකත්වය තියෙන ය ඉන්නවා වගේ..

:       0       9

දේශප්‍රේමියා Thursday, 01 February 2018 12:40 AM

අපි රත්රන් සමරුමට ප්‍රංශ අශ්වයින් ගෙනත් කරපු ලොකු උත්සවයටත් කුමාරයෙක් අවා මතකද? අධිරාජ්‍ය වාදය ගැන කතාකරන්නන් හොරෙන් හරි යන්න හදන්නේ ඔවුන්ගේ රටවලටම නේද? අපිට ගෙන්නන්න තිබුනේ ස්වාසිලන්තයෙන්ද ?

:       2       17

BamunuarachchiThursday, 01 February 2018 02:08 PM

රැකියාවකට පිටරට ගියොත් රැකියාව කරන්න හොයන්නේ බ්‍රිටිෂ්, ඇමරිකන් නැතිනම් ප්‍රංස කොම්පැනි ඒ වුනාට සුද්දාට බනිනවා.

:       0       0

Chandima Thursday, 01 February 2018 01:12 AM

1818 කලේ අපිට රොබට් බ්‍රෞන්රිග් කරපු අමානුෂික අපරාධ ගැන පොතක් අච්චු ගහල මෙතුමා අතේ එංගලන්තෙට යවන්න කියල මම යෝජනා කරනවා,

:       0       50

sampath Saturday, 03 February 2018 07:20 AM

මේ කුමාරයාව වෙල්ලස්සේ අරන් ගිහින් පෙන්නන්න එයාලා කරපු විනාසේ හැටි.. අනෙක ඔය කුමාරයා හම්බවෙන්න යනකෙනෙක් කියන්න අපේ හොරකම් කරන් ගිය කෞතුක භාණ්ඩ ටික මතක ඇතිව එවන්න කියලා... රුසියාව නම් කඩුවක් දුන්නා වෙන්දේසියකින් ගෙනාපු.. ඕනෙනම් තව මතක ඇතුව අහන්න වෙස්ට්මිනිස්ටර් ක්‍රමේ ජාතික ලැයිස්තුවක් එහෙත් තියෙනවද කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 234 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1398 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4080 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1078 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1604 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1184 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site