(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි සිට මෙරටට ඊයේ (27) දිනයේදී පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 100 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය .
විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් යැයි ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අයට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් මෙරටට පැමිණි පසු කළ පී.සී.ආර් පරීක්ෂණවලදීය.
මේ අතර මෙරටින් කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂ පනස් තුන් දහස් හය සිය දාහත් දෙනෙකු සොයා ගෙන ඇති බවත් ඉන් දෙලක්ෂ දහ අට දහස් නව සිය අනූ හත් දෙනකු මේ දක්වා සුවය ලබා ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කොවිඩ් ආසාදනයවීමෙන් හෝ මියගිය පසු කොවිඩ් ආසාදනය වූ බවට තහවුරුවූ මරණ 2944ක් මෙරටින් මේ දක්වා වාර්තාවී ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.
මේ අතර දිවයිනෙන් කොවිඩ් ආසාදිතයන්1867දෙනකු ඊයේ (27) දිනයේදී වාර්තා වී ඇත.මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව378කි.
මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 344 දෙනකුද කොළඹ දිස්ත්‍රික්කයෙන් 277දෙනකු ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරී
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන
උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
එතෙරෙන් ආ 100කට කොරෝනා
ව්ජේ Monday, 28 June 2021 06:02 PM
කොහෙන් එන කාලකණ්ණිද මන්දා...?
GamageMonday, 28 June 2021 06:32 PM
මෙහෙ ඉන්න අයට වඩා වැදගත් කොහෙම වුණත්... දැන් ඒ ඒ රටවලින් පීසීආර් කරගන ආපු අය කොහොමද මෙච්චරම පොසිටිව් වෙන්නේ? අනේ මන්දා?
mihira Monday, 28 June 2021 06:45 PM
ඔය එන්නේ ලංකාවේ අයට කාලා බීලා ඇඳලා ඉන්න විදේශ විනිමය එවන රටේ මිනිස්සු ... මූසල කතා කියන්න එපා... මෝඩයෙක් වගේ.
බද්රානිMonday, 28 June 2021 08:55 PM
ඒ ආපු එවූන් වෙන කවුරුත් නෙමේ විජේ, නුඹලාගේ රටේම ඉපදුණු නුඹලාගේ ජාතියේ අයම තමයි. යුක්රේන් කාරයින්වයි, චීන්නුන්වයි, ඉන්දියන් කාරයින්වයි රටට ගෙන්වා ගෙන ඒ ජාතියව මේ රටින් පන්නා දමාපල්ලා. නුඹලා වගේ තමන්ගේම ජාතියට අගෞරව කරන අමනයින් ලංකාවෙන් පමණක් නොවෙයි මේ මුළු ලෝකෙන්ම වඳ වෙලා යන දිනය වැඩි ඈතක නැහැ. ඇත්තම කියනවා නම් මේ වගේ කාලකන්නි තිරිසන් ජාතියක් මම නම් මේ ලෝකේ කොහේවත් දැකලා නැහැ. ඒ තරමටම සක්කිලි. මේක ලිව්වේ විජේ, උඹට පමණක් නොවෙයි, අර ලොකු ලොක්කන්ටත් අදාලයි. කොරෝනාව ආපු මුල් රටේ පාලකයන් සහ අමන ජනතාව ලෝකෙටම පරිභව කරමින් කයිවාරු ගැහුවා මතකද? දැන් කාපල්ලා "ඩෙල්ටා ටොපි"
DjTuesday, 29 June 2021 03:04 AM
කවුරු නමුත් කඩේයන මේ ආණ්ඩුව ගෙනාපු යුක්රේන හිඟන්නන්ට වඩා වැදගත් අහිංසක මිනිස්සු බොල.... ලැජ්ජාවෙයන්…
mihira Monday, 28 June 2021 06:19 PM
ඒක මාර කතාවක් විදේශයන්ගේ එන අය පීසීආර් කරලනේ එන්නේ... 100ක් මේ අය එන්න හදන්නේ නිවෙස් නිරෝධායනය නැවත හෝටල් නිරෝධායනය නවතා හෝටල් නිරෝධායනයට..
dhamneth Monday, 28 June 2021 06:23 PM
ලංකාවට එන මගීන්ට ගුවන් යානයේදී කොරෝනා බෝවෙනවද? ගුවන් යානයට නැගීමට පැය කීපයකට පෙර පීසී ආර් පරීක්ෂණ කළා. පරීක්ෂණ නෙගටිව් වුණොත් පමණයි නේද ගුවන් යානයට මගියෙක් නන්වාගන්නේ...? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.
දිමුත්Tuesday, 29 June 2021 01:46 PM
හොඳ ප්‍රශ්නයක්...
අතුල සවුදි Monday, 28 June 2021 07:00 PM
එතෙරින් ආ කියනවට වඩා රටවිරුවෝ කිව්වොත් හොඳ නැද්ද? අනික රටවල් සහ ආසාධිතයින් ගැන සඳහන් කරානම්, ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ගය සඳහා ප්‍රයෝජනවත් වේවි. අනික මේ හැමෝම ශ්‍රී ලාංකිකයින්ද? වෙනත් පුරවැසියන් සිටී දැයි දැනගැනීමට කැමැත්තෙමි...
අතුල සෞදි Monday, 28 June 2021 07:22 PM
හිතවත් විජේ සහෝදරයා, මට දැනෙන්නේ හුදෙක්ම ඔබගේ අදහස තුළ ගැබ්ව ඇත්තේ සමාජ මාධ්‍යවල මෙන් රැල්ලට යමක් උලුප්පා දක්වා මෝඩකම ප්‍රදර්ශනය කිරිම පමණි...
siri Monday, 28 June 2021 08:17 PM
හරියට අර යුක්රේන් වලින් ආපු කට්ටියගේ වගේමයි නේද මහත්තයා?
Priya Monday, 28 June 2021 08:45 PM
කිව්වා කියලා හිතාගන්න.
Rata Perata Tuesday, 29 June 2021 02:10 AM
මෙයත් කාගේ සපත්තු ද ලෙවකන්නේ කියලා අපි දන්නවා. ඒක නිසා මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා...
Deeptha Tuesday, 29 June 2021 03:42 AM
ලංකාවෙන් මගේ වැඩකරන සමාගමට රියදුරන් එකොළහක් අවා. එකොළහටම කොරෝනා. ලංකාවෙන් ගත්ත රිපෝර්ට් නෙගටිව්... ඒක කොහොමද වෙන්නේ කියලත් හොයලා බලන්න..
de silva Tuesday, 29 June 2021 07:13 AM
පුදුමයකට වගේ බැසිල් ආවාට පස්සේ තමයි මේ ප්‍රමානය වැඩිවෙලා තිබෙන්නේ. දැන් එන්නත් 02 ම අරගෙන එන පුද්ගලයෝ කෙළින්ම නිවෙස්වලට යවන නිසා ගජමිතුරු හෝටල් වලට පාඩු ඇති.. නිවෙස් නිරෝධායනය තහනම් කර ගජ මිතුරන් පිනවීමට ගහන ප්ලෑන් එකක්ද මේක...?
anula Tuesday, 29 June 2021 02:00 PM
මම ලංකාවට එන්න ඉන්නේ අපට පීසීආර් කරලා ගුවන් යානයට නගිනකොට පැය 48ක්වත් වෙලා නැහැ. එහෙනම් බෝ වෙන්න ඕනේ ගුවන් යානයෙන්... ගුවන් යානය හරියට විෂබීජ හරණය කරලා නැතිව ඇති.
පිටිගල මිලානෝ Tuesday, 29 June 2021 03:36 PM
රටට තිබුණු බරපතලම ප්‍රශ්නය විසඳුවා හිරේ හිටපු පුද්ගලයෙක් නිදහස් කරලා. මීට වඩා තවත් මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ... රටක පාලකයෙක්ගෙන්. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
අජිත් විරතුංග Tuesday, 29 June 2021 05:11 PM
අපිට තේරෙනවා අපි බබ්බු නෙමෙයි... බැසිල් ආවානේ... දැන් ඔක්කොම හරි. කොහොමත් ඕක ඉක්මණට වහනවා ඔය මුට්ටිය දාලා බලන්නේ කටාර් වල අපි... !