IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


එතෙර කොටි යළි ගොරවන්න සැරසෙති

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා නීති යෝජනාවක් සැකසීම සඳහා එල්.ටී.ටී.ඊ  හිතවාදි නීතඥවරුන් ඇතුළු  දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පිරිසක් චෙන්නායි නුවරදී සඳුදා (09) විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි පවසයි.


කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ නායකයා හා  අන්තර්වාර ඊළාම් රාජ්‍යය නායකයා ලෙස සැලකෙන  විශ්වනාදන් රුද්‍ර කුමාරන් මෙම විශේෂ රැස්වීම කැඳවා ඇතැයි ද මෙරට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න කරමින් මෙම කණ්ඩායම අදාළ නීති යෝජනාව සකස් කිරීමට සූදානම් වන බවද සඳහන්වේ.


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කෙරෙන බව මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන බවද තානාපති ආරංචි මාර්ග වලින් කියැවේ. 

 



අදහස් (0)

එතෙර කොටි යළි ගොරවන්න සැරසෙති

ලලිත් Monday, 09 January 2017 11:52 AM

අපට වෙලා තියෙන්නේ කොස් ඇට බාපු බල්ලට වෙච්ච දෙයි. මුලින්ම ප්‍රභා කරන් යොදාගෙන බලවතුන් අපිව බය කරන ගමන්ම ඉන්දියාව තමන්ගේ පාර්ශවයට හරවගත්ත. අන්තිමේ ප්‍රභාකරන් විනාශ වෙන්න ඇරලා ඇත සෝදා ගත්ත. දැන් තමන්ට අවශ්‍ය තරමින් ඉන්දියාව එක්කල යාලු වෙන්න ඔවුන් ඉන්දියාවට ඕන විදියට අපිට බලපෑම් කරනවා. (ර)

:       0       0

ලලිත් Monday, 09 January 2017 01:36 AM

ඉන්දියාවට කරගන්න ඕනෑ දේවල් සුද්දන්ට කියනවා. සුද්දෝ එ්වා අපේ රටට කරන්න බලකරනවා. එ්ක නොකෙරෙනකොට සුද්දන්ගේ රටවල ඇතිකරගෙන ඉන්න කොටි උසිගන්වලා අපට ගොරවනවා. දැන් අපි ගිරයට අසුවුණු පුවකක් වගේ. අන්තිමේ ටික ටික තාලෙට තද කරලා ඉන්දියාව තමන්ට ඕනෑදේම කරගන්න හැඩයි මට පෙනෙන්නේ. යහපාලනය දැන්වත් යහමඟ නොගියොත් ඔය ගෙරවිලි තිගටම තියේවි. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 09 January 2017 02:59 AM

තව තවත් සිංහලයා බේදබින්න වන සේ ක්‍රියාකරන බඩගෝස්තරවාදී දේශපාලකයන්ටත් ඔවුන්ට ගැතිකම් කරන අයටත් ශාපවේවා! (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Monday, 09 January 2017 04:03 AM

දැන් ඉතින් ලංකාව කොටින්ට රගපාන්න හොද පාරාදීසයක් වෙලයි තියෙන්නේ. තමාගේ රට ගැන හිතන,රටට අදරේ කරන, සිංහල නායකත්වයක් රටට වුවමනාම මොහොතක්.එහම නැති වුණොත් අපේ ජාතිය අනතුරේ . (ම)

:       0       0

රත්න Monday, 09 January 2017 04:29 AM

අපේ දේසපලකයෝ කොච්චර හරි සන්හිඳියාව ගැන කතා කරද්දී තමයි මේ අය මෙහෙම කරන්නේ (ම)

:       0       0

චමල් Monday, 09 January 2017 05:29 AM

කලින් එක්කෙනාගේ කාලෙත් ඔහොම වුනා. මේක අලුත් එකක් නෙමෙයි .(අ)

:       0       0

මොහාන් Monday, 09 January 2017 05:27 AM

ලංකාව රටක් ලෙස කල යුත්තේ මෙම පිරිස නැවත්වීමට ක්‍රියා කිරීම නොව, ජගත් මානව හිමිකම් මණ්ඩලයට මෙය ඉදිරිපත් වීම වැලැක්වීම. පහුගිය ආණ්ඩුව හිටිය නම් මේක හන්දියක් ගන්නේ කියල ඡන්දෙ ගන්න පාවිච්චි කරන්න තිබ්බ. දැන් මුළු ලෝකෙම ලංකාව සමග සිටින නිසා මේවා ඉදිරිපත් කළාට වැඩක් වෙන්නේ නැහැ. අපේ රට මිනි කන්නන්ගේ දේශයක් නොවෙන බව දැන් මේ රජය ලෝකයට තහවුරු කරත තියෙන්නේ.(අ)

:       0       0

රවීන් Monday, 09 January 2017 05:42 AM

ලංකාවේ විදේශීය හා තානාපති සේවාව කොතෙක්දුරට සාර්ථකද ? ප්‍රතිපල ළඟදීම.(අ)

:       0       0

රත්න Monday, 09 January 2017 06:26 AM

චමල් - මොහාන් -මොනවද මේ කියන්නේ.ඔයාලට කියන ක්‍රමය මම කල්පනකරනවා.(අ)

:       0       0

අනුර Monday, 09 January 2017 06:58 AM

රත්න , ඔබ තව කල්පනා කරන්න. මොකද කොහොම කල්පනා කළත් මෙවැනි දේවලට මුහුණ දෙන්න ඕන බුද්ධියෙන් මිස ඇඟපතේ හය්යෙන් නොවේ. මෙහෙම යෝජනාවක් ආවම එකට රාජ්‍ය තාන්ත්‍රිකව මුහුණ නොදී පිළියන්දල හන්දියේ රැස්වීමක් තියල පපුවට ගහගත්තා කාලයක් තිබුන (බ)

:       0       0

චන්ද්‍රා Monday, 09 January 2017 08:11 AM

වපුරපු හැටියට නෙලා ගන්න මව්නි ලක් සිතට ගතට දැනෙන්නම...(හේ)

:       0       0

ජනහිත Sunday, 08 January 2017 06:56 PM

මේ අය අනාගතයේදී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම පිළිලයක් වෙනවා නොඅනුමානයි. ඔවුන්ට ඕනෑ රටේ හෝ ලෝකයේ දියුණුවක් නොවෙයි, ඔවුන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වා ජනතාව අසීරුවට පත් කිරීමයි. මේ ගැන කවුරුත් අවධානයෙන් සිටීම ඇඟට ගුණයි. (නි)

:       0       0

සිරි Sunday, 08 January 2017 08:38 PM

දැන් දැන් මෙයාලා බඩපිනුම් ගහන්න හදනවා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1311 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2335 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1021 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9546 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3579 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site