(කේ බුද්ධික කුමාරසිරි)
බලපත්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි
සුදු පැහැති මෝටර් රථයකින් පැමිනි හැඩිදැඩි පුද්ගලයකු ඉනෙහි ගිනිඅවියක් ද තබාගෙන පාදුක්ක නගරයේ සැරිසරන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පාදුක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් ගොස් අදාල පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ ඉනෙහි තිබූ වායු පිස්තෝලය හමු වූ බවද පොලිසිය පවසයි
අදාල සැකකරු නිවසීලන්තයේ සිට මාස දෙකකට පෙර දී මෙරටට පැමිණ ඇති බවත් එම රටේදී මිලදී ගත් වායු පිස්තෝලය මෙරටට රැගෙන ආ බව පොලිසියට කියා ඇත.
වායු පිස්තෝලයක් ලග තබා ගැනිම නවසීලන්තයේ වරදක් නොවන එය රැගෙන පාදුක්ක නගරයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා පැමිණ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පොලිසියට කියා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පාදුක්ක මීපේ ප්රදේහයේ පදිංචි කරුවකු වන අතර සැකකරුගේ බිරිය නීතිඥවරියක බවද පොලිසිය පවසයි
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එතෙර පුරුද්දට මෙතෙරදී ගිනි අවියක් ඉනේ ගහගෙන ගිහින් අමාරුවේ
යෝගා Sunday, 12 December 2021 05:28 PM
මෝඩයා පොරක් වගේ රඟන්න ගිහින්. මාසෙකට විතර ඇතුළට දාන්න බැරිද?
Claud Eri Sunday, 12 December 2021 07:56 PM
සාමාන්‍යයෙන් එයාට පිස්තෝලයක් තියාගන්න බැහැ. ඒ වගේම බලපත්‍රයක් නැහැ. බිරිඳ නීතිඥවරියක් නිසා අත්අඩංගුවට ගෙන නැහැ. තව කෙනෙකුට මෙහෙම උනොත් පොලිසිය වහා අත්අඩංගුවට ගන්නවා.
Don Monday, 13 December 2021 12:00 AM
පාදුක්ක කියන්නේ නවසීලන්තේ නගරයක් ද
sisira Monday, 13 December 2021 01:03 AM
පිටරටක සිට ආ කෙනෙක් නිසා කට්ටිය ඇරියස් පිට කරනවා ????
sarath perth Monday, 13 December 2021 08:03 AM
මෙයාගේ නවසීලන්ත කතාව බොරුවක්... හොඳින්ම දන්න නිසයි කියන්නේ පොලීසියත් මොඩයාට අන්දලා...
Bamunuarachchi Monday, 13 December 2021 08:10 AM
මෝඩ කවුබෝයි කෙනෙක් එන්න ඇත්තේ බුරුවෙක් පිටේ සැලුන් කියලා බෝඩ් එක දැකලා බාර් එකක් කියලා හිතලා බාබර් සාප්පුවකට රිංගන්න ඇති.
අසංග Monday, 13 December 2021 08:53 AM
මෙයා වැඩ්ඩා වෙන්න ගිහින්. නවසීලන්තයෙ වායු තුවක්කු ඉනෙ ගහගෙන යන්න බැහැ. නමුත් බලපත්‍ර අවශ්‍ය නැහැ. භාවිතා කරන්න පුළුවන් තමුන්ගෙ පෞද්ගලික ඉඩමක පමණයි. පොදු ස්ථාන වල තහනම්.
Hafeel Monday, 13 December 2021 09:00 AM
ගුවන් තොටුපළෙන් කොහොමද පිට වුනේ? රේගු නිලධාරීන් කොහේද හිටියේ...?
bamunuarachchiMonday, 13 December 2021 08:25 PM
මෝඩ කතා කියන්න එපා ලංකාවේ වායු රයිෆල් වායු පිස්ටල් සල්ලිවලට ගන්න පුලුවන්.
ලුම්බිණි Monday, 13 December 2021 09:20 AM
වායු පිස්තෝලයක් ළඟ තබාගැනීම නවසීලන්තයේ වරදක් නොවන නමුත් ඒ සඳහා බලපත්‍රයක් තිබිය යුතුයි...
Ruby Monday, 13 December 2021 09:39 AM
ඔය ලංකාවට ඇවිත් බොරුවට රගනවා. එහෙදි ඕවා කරන්නේ නැහැ. කන්න වෙන බව දන්නවා.මමත් ඉන්නේ නිව් සීලන්ඩ් වල තමා.