IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එදා අද වෙනස ගැන ජනපති කියයි

පසුගිය වසර ඇතුළුව වසර  පහක කාලයක්  මාර්තු 28 වැනිදා එනම් අද දින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ විදුලි පුටු ගැන කථා කළ සමහරුන්ට  මේ අවුරුද්දේ  ඒ ගැන අමතක වී  ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  නාරම්මල මැදි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානයේ දී පැවසීය.

රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට  ගෙන යාම වැලැක්විමට රජය සහ යහපාලන ආණ්ඩුව ගැන ජනතාව සතුටු විය යුතු බව ඔහු කිවේය.

2009 වසරේ යුදධයේ අවසන් භාගයේ දී ශ්‍රී  ලංකාවේ මානව හිමිකම් කඩ වු බවට  රට රට වලින් නැගෙන චෝදනා  මැද්දේ හිටපු ජනපති විදුලි පුටු ගැන කථා බොහෝ විට ඇසුණූ බවත් ඔහුට අනුකම්පාව දිනා ගැනීමට එදා එවැනි කථා ඇසුනත්  නව රජය බලයට පත්වීමෙන් පසු දේශිය හා අන්තර්ජාතික වශයෙන් ගත් ක්‍රියාමාර්ග නිසා එවැනි කථා දැන් අසන්නට  නැති බවත් ජනපති කීවේය.

එදා රජය සමග බොහෝ රටවල් අමනාප විය.නමුත් අද බොහෝ රටවල් රජය සමඟ මිත්‍රය. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට  ගෙන යන බව එදා කෑකෝ ගැසුවා.යහපාලන රජය යටතේ එම කෑ ගැහිල්ලත් අද නැතැයි ඔහු පැවසීය. 



අදහස් (0)

එදා අද වෙනස ගැන ජනපති කියයි

රන්මලී Tuesday, 29 March 2016 03:21 AM

ඒකාදිපති පාලනය යටතේ විදුලිය කැපුවේ නැහැ, රටේ සංවර්ධනයක් වුණා, මිනිස්සු අතේ අදට වඩා සල්ලි තිබුනා. අද මොනවද වෙලා තියෙන්නේ? කිසිම විදියකින් සතුටු වෙන්න පුළුවන් තත්වයක් තියෙනවද? (නි)

:       0       0

මුණසිංහ Tuesday, 29 March 2016 03:30 AM

කියුබාවේ නායකයාගේ ප්‍රකාශය බලා යමක් ඉගෙන ගන්න. ලංකාව ඇමරිකාවට ලියා දීගෙන යන්නේ.රට විදේශිකයන්ට පාවා දෙන්න එපා. (භ)

:       0       0

සමන් Monday, 28 March 2016 02:02 PM

දැන් නම් විදුලිය නැති නිසා විදුලි පුටුව ගැන බයක් නැහැ. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 28 March 2016 02:04 PM

කොතන ගියත් කතාකරන්නේ හිටපු අය ගැන. පරණ දේවල් අපිට වැඩක් නැහැ. දුප්පත් මහජනතාව ගැන හිතුවොත් නරකද කාලේ ඉවරවෙන්න ඉස්සර. (ර)

:       0       0

විජය Tuesday, 29 March 2016 03:32 AM

ඔය රට කවදාවත් හදන්න බැ, නිදහසෙන් ඉඳල හදන්න කියල අාපු ඔක්කොම කෑව, ඒ අය විතරක් නොවේ ඒ අයට ඡන්දය දීලා ළඟින් හිටපු අයට කන්ට උදව් කරලා ලෙව කෑව, අවංක මිනිස්සුන්ට ආත්මයක් නෑ, ඔය පක්ෂ දෙකට ඡන්දය දීපු අයට ඔහොම වෙන්න ඕන. ඔහොම නොවේ ඉස්සරහට වෙන්නේ කවද හරි බඩට වදිනවා හිටපු ආණ්ඩුවෙන් හා දැන් ඉන්න ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවා ගන්න බැරි වුනොත් (බ)

:       0       0

සෙනරත් Tuesday, 29 March 2016 03:41 AM

මෙයා හොදයි මළගෙවල්වල කතාකරවන්න. එහෙම නැතුව රටට යමක් කරන්න මෙයාට හැකියාවක් නැත. බලන්න වාරි ඇමති විදියට උතුරුමැදට මොනවද කළේ ? විශාලම වී වගාව කෙරෙන පළාත. සෞඛ්‍ය ඇමති විදියට මොනවද මේ පලාතට කළේ ? වැඩිම වකුගඩු රෝගීන් සිටින පළාත . මෙයාගේ උත්තරේ මට මේ දොස්තරලත් එක්ක මේ වැඩේ කරන්න බෑ, මට කරන්න දෙන්නේ නෑ මෙයා රට දවසෙන් දවස ප්‍රපාතයට ගෙනියනවා. බොරුවට කියනවා ජාත්‍යන්තරය ජයගත්තා කියල. මොන ජයක්ද ? එක රටකින් හරි උදව්වක් ලැබෙනවද ? (බ)

:       0       0

සුදේශ් Tuesday, 29 March 2016 03:43 AM

ඉමේෂ්, දැන් තියෙන්නේ ඒකාධිපති නෙවෙයි ද්විකාධිපති පාලනයක්. (බ)

:       0       0

චන්ද්‍රපාල Monday, 28 March 2016 02:39 PM

කිව්ව ඒවා කරලා නැහැ තාම. (ර)

:       0       0

චන්ද්‍රිකා Monday, 28 March 2016 02:39 PM

වාහන මිළ ගණන් අඩු කරන්නේ කවද්ද ? (ර)

:       0       0

සෞදි සරත් Monday, 28 March 2016 02:46 PM

මහින්දට දොස් නගන ව්‍යාපෘතිය ජයටම යනවා නේද, එකත් යහපලානේ අඩුපාඩු වසා ගන්න යහපත් වැඩක් වෙනවා (බ)

:       0       0

සරත් Monday, 28 March 2016 02:47 PM

විදිලි පුටු ගැන කතා කරනවා රටම දැන් කළුවරේ (බ)

:       0       0

සහීඩ් කටාර් Monday, 28 March 2016 03:01 PM

ජනපති තුමනි ඉදිරියටම යන්න. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ චතුරි ඔබ හරි (බ)

:       0       0

වික්‍රම Monday, 28 March 2016 03:21 PM

ධර්මසිරි, හැමදාම ජනපති වෙලා ඉන්න හදපු ලෝකේ අනික් අයටත් වුන දේ හොයල බලන්න .(බ)

:       0       0

කසුන් Monday, 28 March 2016 03:25 PM

අපිට දැන් මේ පරණ කතා අහල ඇති වෙලා,අඩු ගානේ රටට විදුලිය දෙන්න වැඩපිළිවෙලක් වත් හැදුවොත් හොදයි නේද? (බ)

:       0       0

සුසන්ත Monday, 28 March 2016 03:43 PM

දැන් මොකටද එවැනි කතා, දැන් ජාත්‍යන්තරය අණ කරන විදියටම ජාත්‍යන්තර විනිසුරන්, පරිචෝදකයින්, නීතිඥයන් එක්ක යුධ අපරාද අධිකරණ තියන්න, කොටින් නිදහස් කරන්න, සිංහල/බෞද්ධ ගැන කතා කරන කුරුත් හිරේ දාන්න ඔය ඔක්කොම ආණ්ඩුව කරනවනේ... (බ)

:       0       0

සචිත් ඉන්දික Monday, 28 March 2016 03:48 PM

ඔය සුද්දන්ගේ පරීක්ෂණවලින් අපට වැඩක් නෑ. ගොවියාට වෙලා තියෙන දේ බලන්න. මල්ලිගෙ සාක්කුව විතරක් පිරුණාම හරියනවාද (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 29 March 2016 04:59 AM

මේ ගොල්ලන්ගේ වැඩ හරියට නටපු නැටුමකුත් නැහැ , බෙරයේ පලුවකුත් නැහැ වගේ තමයි (බ)

:       0       0

සරත් Tuesday, 29 March 2016 05:55 AM

කදමලු අරගෙන කඩේ යන අය ගැන දුකයි. අනේද කියන්නේ? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 29 March 2016 07:24 AM

පිස්සෝ කලබල වෙලා කැගැහුවට දොස්තරලා කලබල විය යුතු නැහැ රටේ ජනතාවගේ බහුතරයක් ජයගත් ඔබගේ වගකීම නිරතුරුව කරගන යාමට වාසනාව ශක්තිය ලැබේවා (බ)

:       0       0

ජසන්ත Monday, 28 March 2016 11:13 PM

ජනාධිපතිකම මාරු වුනාට ඇමතිකම් සහ ඇමතිලා එක්ක හොරකම් කරපු රාජ්‍ය ආයතන/කාර්යාංශ වල ඉන්න නිලධාරි නඩය මාරු වුනේ නැහැ. මේ කට්ට්යම තුරුල් කරගෙන රට ගොඩගන්නත් බැහැ. නව රජය ගැන ජනතා ප්‍රසාධයක් ඇති කරන්නත් බැහැ. මේ අය ඇතුලේ ඉඳන් කරන්නේ යටිකූට්ටු වැඩ නිසා. කෝටි ගණන වංචා කල. මහජන මුදල් හා විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් නාස්ති කළ හිටපු ඇමතිවරු සහ ඒ අයට උදව් කල කටු ලෙවකෑ නිලධාරින් වහාම නිතිය ඉදිරියට පමුනුවන්න.(අ)

:       0       0

මාලක සෙනරත් Monday, 28 March 2016 11:37 PM

ඔබතුමාට ඡන්දෙ දීපු අපි වගේ සාමන්‍ය මිනිස්සු දහදෙනෙකුගෙන් අහල බලන්න. එතකොට ඔය හීන ලෝකයෙන් බිමට බහින්න පුළුවන් වෙයි! (අ)

:       0       0

දිද්දෙනිය Tuesday, 29 March 2016 12:46 AM

පරණ හොර නිලධාරි නඩය ආයතන ඇතුලේ රජ කරන කම් විදුලිය නෙමෙයි කිසිම දෙයක් හරියට කරනන් බැහැ. බොරු අන්කම්පාව නැතිව ඉක්මනින් සොයාබලා වැරදි හොරකම් කල බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති අයට නිතිමය දඩුවම් ලබාදෙන්න. මෙසේ නොකිරීමේ ප්‍රතිඵල එන්නෙ නැවත ඡන්දයක් තිබූ දවසකයි. (ස)

:       0       0

ඉන්දික Tuesday, 29 March 2016 12:53 AM

වෙනසක් වෙනසක් කිව්වට අපිටවත් අපේ කාර්යාල වල අමාත්‍යංශ වලවත් මහලොකු වෙනසක් වුනේ නැහැ. පරන අය ටිකක් සද්ද වහගෙන ඒ තනතුරුම දරාගෙන ඒ වරප්‍රසාදම විදගෙන ඉන්නවා තමයි අපිට නම් පේන්න තියෙන්නේ. අපි ඡන්දය දුන්නේ සැබෑ ජනතාහිතකාමි වෙනසකටයි. පරාද වෙච්ච අයටත් ඇමතිකම් දිගෙන, ඒ අයගෙ වන්දිබට්ටයනුත් ලඟ තියාගෙන වෙනසක් වෙනසක් කිව්වට ඇති වෙනසක් නැහැ. (ස)

:       0       0

ඉමේෂ් Tuesday, 29 March 2016 01:56 AM

ඒකාධිපති පාලනයෙන් අප මුදාගැනීමට ඉදිරිපත් වූ ඔබට පින්. (ස)

:       0       0

රොහාන් Monday, 28 March 2016 12:55 PM

ඔබල කරන්නේ වෙන දෙයක් කියන්නේ වෙනදෙයක්. රටේ මිනිස්සු අවදෙයෙන් ඉන්නේ. (ර)

:       0       0

සුරන් Tuesday, 29 March 2016 02:50 AM

අනේ වෙනස නම් හොදට දැනෙනවා, ඔබතුමාට ජන්දේ දීලා කරගත්ත වැරැද්ද කවදාවත් හදාගන්න බැහැ. (ම)

:       0       0

ජයරත්න Monday, 28 March 2016 01:30 PM

විදුලි පුටු ගැන කතා කිරිල්ල පැත්තකින් තියල රටට පැය විසිහතර පුරාම විදුලිය දෙන වැඩ පිලිවෙලක් ගැන සොයා බැලුවොත් නරකද? (ර)

:       0       0

චතුරි Monday, 28 March 2016 01:33 PM

ජනපති තුමනි ඉදිරියටම යන්න. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ. (ර)

:       0       0

ධර්මසිරි Monday, 28 March 2016 01:40 PM

මහින්ද හැමදාම ලංකාවේ මිනිස්සුන්ගේ ජනපති මතක තියාගන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 158 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 169 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 362 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 352 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site