IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එදා උණ්ඩ : අද වතුර

‘හරියටම අවුරුදු තුනකට කළින් පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට මහින්ද රාජපක්ෂ රජයෙන් වෙඩි තිබ්බා. එදා ඔවුන් වෙඩි තිබ්බට අපි අද රතුපස්වල වැසියන් විදියට ඔවුන්ට බොන්න ජලය දෙනවා.‘ යැයි වැලිවේරිය ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද (31) කීහ.

රතුපස්වල වෙඩි තැබීමට වසර තුනක් සපිරීම නිමිත්තෙන් හා ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට විරෝධය පළ කරමින් කොළඹ-මහනුවර පාරේ ඔරුතොට හංදියේ බෝධිය අසල දී සිරිධම්ම හිමියෝ එලෙස කීහ. 2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවෙන් ගම්වාසීන්ට මුලින්ම පහර දුන්නේ මෙම ස්ථානයේදී ය.

රතුපස්වල වෙඩි තැබීමේ තෙවර්ෂපූර්ණය සැමරීම සදහා අද (31) දහවල් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙන බව මීට පෙර ප්‍රදේශයේ පෝස්ටර ගසා තිබිණි. ඒ ගැන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පෙළපාළිය යන අවස්ථාවේ විරේාධතා ව්‍යාපාර තහනම් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය රතුපස්වල වැසියන්ට නියෝගයක් නිකුත් කළේය.

අද (31) දහවල් එකට පමණ තෙරිපැහැ සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගම්වාසීහු කිහිප දෙනෙක් නුවර පාරේ ඔරුතොට හංදියට පැමිණ සිටියහ. එතැන පිහිටි බෝධියට පහන් තුනක් සහ මල් පූජා කළ හිමිවරු ආගමික වතාවත් ද සිදු කළහ.

‘එදා වෙඩි හඩට රතුපස්වල අපෙන් ජල බිදක්‘ යනුවෙන් බැණරයක් බෝධිය අසල ගසා තිබිණි. ඒ ඉදිරිපිට වතුර බෝතල් 25ක් 30ක් ද ගොඩ ගැසූහ. ඉන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ එතැනින් පිටවී ගියහ. ඒ හිමියන් යනවාත් සමගම ඉහළ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක කාලිංග භද්‍රජී ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම බැණරය ඉවත් කර වතුර බෝතල් පොලිස් ජිප් රියට පටවාගෙන ගියහ. පෙළපාළියට සහභාගී වීමට ආ කිහිප දෙනෙක් ද එතැන සිටිමින් තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට බණිනු ඇසිණි.

සිරිධම්ම හිමියෝ අදහස් දක්වමින් මෙසේද කීහ.

‘එදා රතුපස්වලට වතුර වෙනුවට වෙඩි උණ්ඩ දුන් මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය පාගමනින් එනවා. ඊට එරෙහිව විරෝධතාවක් පවත්වන්න සංවිධානය කර තිබුණත් අධිකරණ නියෝග නිසා එලෙස කරන්න බැහැ. ඔවුන්ගේ පෙළපාළියට පැය දෙකකට පමණ පෙර අපි මෙතැනින් ඉවත් විය යුතුයි. ඒ නිසා අපි කිහිප දෙනෙක් මෙතනට පැමිණ බේාධියට මල් පහන් පූජා කළා. පහන් තුනක් පූජා කළා. පහන් තුනක් පුජා කිරීමෙන් සංකේතවත් කළේ එදා වෙඩි තැබීමෙන් මිය ගිය ළමයින් තිදෙනා සිහිපත් කිරීමයි. වෙඩි තැබීමෙන් විශාල පිරිසත් තුවාල ලැබුවා.

රාජපක්ෂ රජය කළ අත්තනෝමතික වැඩ නිසයි එලෙස වුණේ. බැසිල් රාජපක්ෂගේ බංගලාවේ තිබ්බේ මේ ළගමයි. ඔහු විනාඩි පහකට ඇවිත් මිනිස්සුන්ගේ ප්‍රශ්නය ගැන බැලුවේ නෑ. දේශපාලන අධිකාරිය මිනිස්සු දිහා බැලුවේ නෑ.

රතුපස්වලට වෙඩි තියන්න අණදුන්නු බව කියන බ්‍රිගේඩියර් තවම අත්අඩංගුවට අරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙඩි වැදුණු පිරිසට වන්දි දුන්නා. ඔහු නියෝග කළා මේ ප්‍රදේශයට වතුර දෙන්න කියලා. නමුත් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ වැඩ නිසා එය හරියට වෙන්නේ නෑ. රාජපක්ෂ ඇතුළු නඩය රෙදි ඇදගෙනද මෙතැනින් යන්නේ?

ඔවුන් එදා අපට ම්ලේච්ඡ ලෙස සැලකුවත් අපි එලෙස සලකන්නේ නෑ. අපි ඔවුන්ට වෙහෙස නිවා ගන්න පිරිසිදු වතුර ලබා දෙනවා. මැදමුලනේ නාමල් කියල ළමයත් පෙළපාළියේ එනවලු. එපිට ඒ ළමයි එක්ක ප්‍රශ්නයක් නෑ.

පෙළපාළිය එන උදවිය මග දිගට තියන සුරාසල් සුද්ධකරගෙනලු එන්නේ. අපි මෙතන වැඩි වෙළාවක් ඉන්න එක හොද නෑ. ඒ නිසා ඔවුන්ට පානය කරන්න ජල බෝතල් තියලා අපි යනවා.‘ යැයි ද සිරිධම්ම හිමියෝ කීහ.

2 IMG_2582 IMG_2586 IMG_2589 IMG_2592 1 2 3

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

එදා උණ්ඩ : අද වතුර

නිම්මි Sunday, 31 July 2016 03:04 PM

අනේ මේ දෙතුන් දෙනෙක් මැරුණ එකක් අල්ලාගෙන මේ පළාතේ මිනිස්සු නහින්න හදනවා. එහෙනම් අබිලිපිටියේ මුළු පන්තියක්ම මරල දැම්මේ. මිනීමරුවෝ ඔය තාමත් යසට ඉන්නේ. ඒ මිනිස්සු කොහොම නටන්න ඕනෙද? රටක් ගැන හිතනවා මිසක එක පළාතක වෙච්ච පොඩි සිද්දියක් අල්ලන් බොරුවට දගලන්න එපා මිනිස්සුනේ. (අ)

:       0       0

අසාද් Sunday, 31 July 2016 08:16 AM

සතුරාටත් මෛත්‍රී කරන්න කියල වදාළ බුදුබණ අහපු රටක් මේක. මෙව්වා දැකල ලැජ්ජාව තියෙන උදවිය ඒ මිනිස්සුන්ගේ කකුල් අල්ලලා සමාව ගන්න ඕනේ හරිනම්. තාත්ත නැති එකේ පුතා හරි තාත්ත වෙනුවෙන් සමාව ගත්තනම් තමයි හොද? (බ)

:       0       0

නිරේෂ් Sunday, 31 July 2016 08:34 AM

පාද යාත්‍රා යන්නේ වාහන වලින් (බ)

:       0       0

රොහාන් Sunday, 31 July 2016 08:37 AM

අසාද් බලගේනේ ඉන්න පුතා සමාව ගනී මේන් කියලා. ඔය අයට ලැජ්ජාවක් නැහැ. (බ)

:       0       0

සමන් Sunday, 31 July 2016 09:35 AM

සමාව ගන්නේ කොහෙද එයා (බ)

:       0       0

පියුමික Sunday, 31 July 2016 04:40 PM

නිම්මි මිනිස් ජීවිතයක වටිනාකම නොදත් බඩගෝස්තරවාදී කෙනෙක් ලෙසයි මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

සමන් Sunday, 31 July 2016 05:26 PM

නිම්මි කියලා අදහස් දාන කෙනා පුදුම කඩේ යෑමක්නේ යන්නේ (නි)

:       0       0

අධිකාරී Sunday, 31 July 2016 12:35 PM

දැන් මිනිස්සුන්ට රස්සාව කරගෙන කාපු කම්හලත් නැහැ. බොන්න වතුරත් නැහැ. කම්හලෙන් වෙච්ච පරිසර හානියකුත් නැහැ. (ර)

:       0       0

නිශ්නත Sunday, 31 July 2016 01:47 PM

ජනතාව ගොනාට අන්දන්න පුළුවන් වෙන්නේ නැහැ. (ර)

:       0       0

ඔසද Sunday, 31 July 2016 06:34 PM

ඔය විරෝධයට මියගිය අයගේ පවුල් වල අයවත් ඇවිල්ලද? (නි)

:       0       0

චතුරි Monday, 01 August 2016 03:06 AM

නිම්මි, ආදි කාලේ ගැහැණුන්ගේ මොළය හැදි මිටේ දිගලු. ඒ කිවුවේ ඔයා ගැනද? (නි)

:       0       0

තිසාවැව සුරැකීමේ සංවිධානය Sunday, 31 July 2016 07:08 PM

හාමුදුරුවනේ, අපිටත් තිබුනේ මීටවඩා ගැඹුරු ප්‍රශ්නයක්. හැබැයි අපේ ස්වාමීන් වහන්සේලා ඉතාම දූරදර්ශීව නීතිය පාවිච්චි කරලා කිසිවකු සටන් මඟට ගන්නේ නැතුව ප්‍රශ්නය විසඳුවා. ඔබවහන්සේත් ඒ වගේ කළා නම් හරි. අපේ ප්‍රශ්නය මහින්ද මහත්තයත් කල්දැම්මා. අන්තිමට අපි සමගියෙන් ජයගත්තා. (නි)

:       0       0

නිම්මි Monday, 01 August 2016 03:32 PM

චතුරි ඕනෙවට වඩා උගත් කියල හිතාගෙන ඉන්න, වෙන රටක ජීවත් වෙන එක ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්න ගොන් මිනිස්සුන්ට වඩා මේ රට බේරා ගත්ත මනුස්සයට කඩේ යන මගේ හැදී මිටේ මොළේ මට හොඳයි. 88- 89 කාලේ මිනිස්සු 60000 මරුනේ කොහොමද කියල ටිකක් හොයල බැලුවනම් හොඳයි නොදන්නවානම්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 141 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 175 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 303 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 114 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1116 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2525 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site