IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


එදා බදු අඩු කරන්න සජබෙ- ජවිපෙ ඒකමතිකව අත ඉස්සුවා

(අංජුල මහික වීරරත්න)

රට බංකොලොත් වූයේ බදු සහන නිසා නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්  මන්ත්‍රී  නාමල් රාජපක්ෂ පැවසීය.

එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද ක්‍රියා කළ බව   නාමල් රාජපක්ෂ මහතා කීය.

2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% ක් බවත්, එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට බාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැස්සවූයේ  එදා යහපාලනයේ සිටි අද සජබෙ  අය බව කී රාජපක්ෂ මහතා  එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් ද ඊට හවුල් බව සඳහන් කළේය.

2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු  අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි සජබයෙන් ප්‍රශ්න කරන බවද  නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (11)

එදා බදු අඩු කරන්න සජබෙ- ජවිපෙ ඒකමතිකව අත ඉස්සුවා

Shantha - Qatar Sunday, 19 November 2023 02:10 PM

කවුද මේ අයගේ කතා අහන්නේ? මෝඩ චූන්...!

:       5       42

Mahasen Sunday, 19 November 2023 02:11 PM

පික් පොකට් ගහපු එක තමයි ප්‍රශ්නේ..!

:       2       39

Prabha Sunday, 19 November 2023 03:48 PM

බොරු මහබැංකු වාර්තා හද හදා හොරාකාපු හින්දා රට වැටුණු එක අද මුළු ලෝකයම දන්නවා.

:       3       32

ඩේසි ආච්චි Sunday, 19 November 2023 03:53 PM

ගෝඨාභය බදු අඩුකරන්න වරමක් ඉල්ලුවා ඒක ඔහු කළේ රටේ මුදල් තත්වය හොඳින්ම දැනගෙන නොවෙයි කියන්න බැහැ මොකද තමුන්ලා පාර්ලිමේන්තුවේ සිටි නිසා (ආර්ථික ඝාතක පිරිස ක්‍රියාකාරීව සිටි නිසා) මුදල් තත්වය හොඳින්ම දන්නවා... බඩ වඩාගන්නම සිටින පෑනක් පැන්සලක් අල්ලන්න නොදන්නා ඡන්ද දායකයන් ඒවා විශ්වාස කර හොඳ නරක නොබලා රට ගැන නොසිතා ඡන්දය දෙනවා. 1952දී හිටපු ආර්ථික ඔස්තාර්ලා නිකම්ම සිටගෙන අඩුවට හා නිකං කන්න ඇතිකළ පුරුද්ද නිසා සකල සිරින්පිරි සිරි ලංකාවේ මිනිස්සු එදාවේල සඳහා ඡන්දය පාවිච්චියට ගන්නවා 1952 හර්තාලය 1956 සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම (අවුරුදු 30ක යුද්ධයට හේතුවක් වුණා,1965 ආණ්ඩුව නිකං හාල් දීම 1970 හඳෙන් හරි හාල් කිලෝ දෙකකට ඡන්දය දීම 1977 ඇට අටක් කන්න ඡන්දය දීම 1994 තුනයි පනහට පාන් කන්න ආත්මය පාවාදීම සිටද සුනාමි ආධාර වංචා කිරීම වගේ දේවල් නිසා තමයි මේ රට මෙතරම් ප්‍රපාතයකට වැටුනේ... තවත් කියන්න අනන්තවත් දේවල් තියෙනවා. එහෙම තියෙද්දී ඉස්සෝ වගේ හෝ එහෙම නැත්නම් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද අදින මිනිස්සු රට කනවා... එහෙම කරන්න එපා කියලා ඔවුන්ට මතක් කරන්න වෙනවා...

:       1       23

Aruna Sunday, 19 November 2023 04:53 PM

අනේ යන්න... ජනතාවගේ මුදල්වලින් පිනට කනවා...

:       1       18

විපරමා Sunday, 19 November 2023 06:39 PM

හොර පෙරකදෝරුවා කියන කතා කවුද විශ්වාස කරන්නේ? ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රවට්ටලා බලයට ඇවිත් අන්තිමට මුළුරටම හොරාකාලා විනාශ කෙරුවා.

:       2       23

බදූ පෙරට Sunday, 19 November 2023 10:42 PM

බදු අඩු කරනවා, පොහොර නිකං දෙනවා, පිටි දෙනවා, වගේ ගැලරියට කථා කරලා ඡන්දේ දිනුවා. ඔබතුමාලාට තේරෙන්නේ නැද්ද මේවා කරන්න බෑ... කෙරුවොත් රට අමාරුවේ කියලා... අම්මා, තාත්තගේ දේවල් වගේ හිතාගෙන අරක දෙනවා, මේක දෙනවා කියලා නිකන් කන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ඡන්දෙන් දිනලා අන්තිමට ඒවා දෙන්න ගිහින් රටේම මිනිස්සු අන්ත අසරණ කෙරුවා. රටක් පාලනය කරන්න හොඳ බුද්ධියක් දැනුමක්ව තියෙන්න ඕනේ... වාචාලකම විතරක් මදි. මේ රටේ දේශපාලනය කරන්නද හිතාගෙන ඉන්නේ ඔබතුමා ඇතුළු කණ්ඩායම...

:       0       16

Rata Perata Sunday, 19 November 2023 10:47 PM

කට වහගෙන ඉන්න... රටේ ආර්ථිකය කාපු අයගේ කට්ටිය...

:       0       12

සිතුම් Sunday, 19 November 2023 10:50 PM

නීති විභාගෙන් ලංකාවෙන් පළවෙනියාලු... සිවිල් නඩුවිධාන සංග්‍රහයේ වගන්තියක් කියන්න කිව්වම බැරිවුණා. බොරුවෙන්ම හොරකමින්ම ජීවත්වෙන පවුලක්...!

:       1       14

Chathuri Monday, 20 November 2023 02:44 AM

අනුර කුමාරගේ. මයිලක තරම්වත් මොලයක් නැති. බේබි... තාත්තා බාප්පා රට කෙරුවේ අන්ජනම් බලෙන්. කොහේවත් යන ගෑනු මිනිස්සු කියන දේවල් කරලා රටක් ගොඩගන්න පුළුවන්ද? මොකටද පාසල් තියෙන්නේ..? ඒවා වහලා... දේවාල කරනවා මේ මෝඩ පවුල හිටියා නම්... පුත්තු විභාග පාස්කරන්නේ විදුහල්පතිගේ කාමරේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්ට මොලයක් දැනුමක් නැහැනේ අසරණ ගැහැණු ටිකක් ගෙනත් දුන්නා නම්... සැතපෙන්න ඒවා විතරයි දන්නේ. ඒකත් ඉතින් ඒ අයගෙන්ම තමයි අහන්න ඕන.. මේ අය දන්නේ හොරාකන්න මිනීමරන්න. අනාචාරයේ යන්න. ඒ සේරමත් කරලා සුදු ඇඳගන. පන්සල් යන්න ලොකු උදව්වක් ඔය කුරහන්පටියෙන්. බෙල්ලටම කරලා. ගැටේ දාගන්නවා නම් පව්ලෙ සැවෝම...

:       0       1

නාමලී සියාරපිටිය Monday, 20 November 2023 06:44 AM

ජනතාවට සහනයක් ලැබෙන ආකාරයට බදු සහන හදන්න ජාජබ හා සජබ සහාය දුන්නා කියමුකෝ... ඒත් ඔයාගේ බාප්පොච්ච් වෙච්චි ගෝඨාභය උන්නැහේ රටේ බදුගෙවීම කළ එහෙත් පොහොට්ටුව දිරිගැන්වීම සඳහා ආධාර උපකාර කළ පිරිසකගේ බදු අයකිරීම ඉවත්කර රජයේ ආදායම් අඩු නොකළේ නම් රටේ මෙතරම් අසීරු තත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතන්න මොළයක් නැද්ද? තමන්ගේ පැත්තේ කොච්චර වැරැදි තිබුණත් ඔයැයිට පේන්නේම අනුන්ගේ විතරයි කියලා තමයි අපිට පේන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 679 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1352 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1247 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site