මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් වන ඒ හිමියන් අධිකරණයට අපහාස කළැයි කියන නඩුවෙන් පෙරදින ඇප ලැබුව ද සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ නඩුව නිසා අද වනතුරු රිමාන්ඩ් කැරිණි.
ඥානසාර හිමියනට ඇප නියම කරන්නැයි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා පෙරදින (09) මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අයැද සිටියේය.
මහේස්ත්‍රාත් - ‘සැකකරු ඇප ඉල්ලනවාද?‘
වරලියද්ද - ‘ඔව් ස්වාමීනි‘
මහේස්ත්‍රාත් - ‘එදා නම් කිව්වේ අපි ඇතුළට දාපල්ලා කියලයි. ඇයි දැන් ඇප ඉල්ලන්නේ? සැකකරුවකු තමා රිමාන්ඩ් කරන ලෙස කිව්වත්, නිදහස් කරන ලෙස කිව්වත් නීතිමය කරුණු අනුව පමණයි අප තීන්දුවක් දෙන්නේ. මේ සැකකරු එදා අධිකරණයේ හැසිරුණු ආකාරයෙන් පෙනෙන්නේ මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවයි. වෙනත් අරමුණක් ඉෂ්ඨ කර ගැනීම සඳහා ඉබේම අත්අඩංගුවට පත්වීමේ තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටි බව පේනවා. එවැනි දේ ඉෂ්ඨ කර ගැනීමට උසාවිය පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකියි. උසාවියට අපහාස කිරීම හා රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම ඇප දීමට සුදුසු වරදක් නොවෙයි. නමුත් සැකකරු වෙනත් ඕනෑකමක් වෙනුවෙන් අධිකරණය භාවිත කිරීමට ඉඩ දිය නොහැකියි. ඒ නිසා කොන්දේසි මත සැකකරුට ඇප නියම කරනවා.
සැකකරු මේ නඩුව හෝ අධිකරණයේ වෙනත් නඩු ගැන හෝ මාධ්‍යය ඇතුළු කිසිම තැනක කතා නොකළ යුතුයි.
එසේ කළහොත් ඇප අවලංගු කරනවා. සැකකරු හැම ඉරිදාවකම උදේ නවයත් 12ත් අතර හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතුයි. ‘
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘එදා රිමාන්ඩ් කරන්නයි කිව්වා : දැන් ඇප ඉල්ලනවා‘
නිමල්රජපක්ෂ Wednesday, 10 February 2016 09:15 AM
සිරිබිරිස්, කොහොමද ?ඇතුලේ කෑම නියමයි සර් ,(කෞ)
ඉඳුනිල් Wednesday, 10 February 2016 09:15 AM
ලංකාවේ පෙරකදෝරුවෝ ,(ලොයර්ලා) විතර හොරු රැලක් හොයන්න අමාරුයි.. හොර ඔප්පු ලියල අනුන්ගේ ඉඩම් අල්ලගන්නව. (කෞ)
සනත් ගුනවර්දන ස්විස් Wednesday, 10 February 2016 09:15 AM
මහේස්ත්‍රාත් තුමාගේ උත්තම කතාවට ස්තුති වන්ත වෙනවා , මේ අය බොදු බලය ජනප්‍රිය වෙන්නත් උසාවිය නිතිය හෙල්ලූ කරනවා , (කෞ)
අසංක Wednesday, 10 February 2016 09:36 AM
මේ අපහාසයට කියනවා නෙමෙයි ... ඔය කියන හාමුදුරුවෝ පිරිසිඳු බුදු දහමටම ලොකු අපහාසයක් කරන්නේ (ම)
සුමිත් Wednesday, 10 February 2016 09:41 AM
කතාව නහනම් . නියම යහපාලනයක් (ම)
බණ්ඩාර Wednesday, 10 February 2016 10:23 AM
මේ ගැන තමාට වුනු අසධාරණය ගැන කතා කිරීමට බැරි තරම් තහනමක් දැමීමට තරම් නිතිය දැන් ලොකු වෙලා. අපේ රටේ නීති කාරයෝ ඔක්කොම දෙස් පාලුවන්ගේ ඔඩොක්කුවේ. ආණ්ඩු මාරු වෙන කොට නීති ත් වෙනස් වෙනවා. (බ)
පාලිත Wednesday, 10 February 2016 10:26 AM
ඔය නඩුකාරයෝ සේරම ලංකාවේ නිතියටද වැඩ කරන්නේ. හිරුණිකාට, යෝෂිතට, හමුදුරුවන්ට වෙන නිති. (බ)
කපුගේ Thursday, 11 February 2016 12:17 PM
මෙහෙමත් ඉල්ලන් කෑමක්. කපුවා කපෝති (බ)
සත්‍යා Wednesday, 10 February 2016 10:40 AM
ඈ නඩුකර මහත්තඅයෝ අර උසාවියට ගල් ගහපු ඇමැතිටත් ඔය නිතිය ඔබල ක්‍රියාත්මක කළාද (බ)
රජා Wednesday, 10 February 2016 11:53 AM
මේ මහේස්ත්‍රාත් ස්වාධීනකමට වඩා තමන්ගේ ලොකුකම පෙන්වන්න හදන්නේ. ඉස්සරහට උසස් වීමක් ගන්න ලැබේවිනේ. (බ)
චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 10 February 2016 12:07 PM
සත්‍යා උසාවියට ගල් ගැහැවුවෙ ඔයාල අදහන මහින්ද ලොක්කගේ කාලෙ කියලත් අමතක වුණාද මේ ටිකට. ඒ කලේ නීතිය නිදහසේ ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ කියලත් අමතකද? කොටින්ට උදවු කරපු ජෝනියටත් මහන්දගේ දෑත ශක්තිමත් කළාට පස්සේ සමාව ලැබුන කියල අමතකද (බ)
කිත්සිරි Thursday, 11 February 2016 01:16 AM
දැන්වත් හැදෙයිද බලමු (නි)
නුවන් Wednesday, 10 February 2016 08:41 AM
හොද තීරණයක් කවුරු වුණත් දඩුවම් දිය යුතුයි වැරදි කර ඇත්නම් (ම)
චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 10 February 2016 08:37 AM
මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ කටේ මසුරන් දාන්න වටින්නවා (ම)
චන්දි Wednesday, 10 February 2016 08:49 AM
මාර නෝන්ඩිය (බ)
සිරි Wednesday, 10 February 2016 08:49 AM
නියමයි. මහේස්ත්‍රාත් තුමා තේරුම් අරගෙන තියෙනවා ගේම් ප්ලෑන් එක. (බ)
දුමින්ද Wednesday, 10 February 2016 08:51 AM
කුඩාපොළ හිමිත් නීතියට වැරදිකරුවෙක් (බ)