(නිමන්ති රණසිංහ)
සිය බිරිද සමග සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර ඇයට මුලින්ම ඖෂධය එන්නත් කර පසුව තමාද එය විඳ ගැනීමට උත්සාහ දැරුවත් ඒ අවස්ථාවේදී ඇති වූ අධික බිය නිසා එසේ නොකළ බව ඖෂධයක් එන්නත් කරමින් සිය බිරිඳ ඝාතනය කිරීමට තැත්කළ බව කියන ත්‍රිකුණාමල මූලික රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇතැයි බම්බලපිටිය පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කළේය.
මෙම සැකකරුගේ ප්‍රකාශ මත බිරිදට ඖෂධය එන්නත් කිරීමට යොදා ගත් සිලින්ජරය සහ එන්නත් කුප්පිය ඔවුන් ජීවත් වූ නිවසේ කාමරයක සගවා තිබියදී සොයා ගත් බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ වන විට මෙම විසි හය හැවිරිදි කාන්තාව කලුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇය කෝමා තත්ත්වයට පත්ව ඇති බව වෛද්‍යවරු සදහන් කර ඇතැයි ද පොලීසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් දක්වා ඇත.
එන්නත් විද සිය බිරිද ඝාතනය කිරීමට තැත්කළැයි සදහන් කරමින් පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු හෙට (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 386, මුහුදු වෙරළ පාර, කොළඹ 06 පදිංචි ආදම්බාවා මොහොමදු ෂිපාන් නමැති තිස් හැවිරිදි වෛද්‍යවරයෙකි.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එන්නතක් විද බිරිය ඝාතනය කරන්න හැදූ දොස්තර රිමාන්ඩ්