IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි

(දයාරත්න ඇඹෝගම)

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙකි.

මෙම සිසුන් අද සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලය රොහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස විමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ආරම්භ කොට ඇත.

 



අදහස් (14)

එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි

LOST ISLAND Monday, 15 July 2024 01:31 AM

ලංකාවේ අයවැයෙන් ලොකුම කොටසක් වෙන් වෙන්නේ සෞඛ්‍යට. ඒවායින් 50% විතර යන්නේ කොමිස් වලට............කෙහෙළියගේ සිද්ධිය .. නැවු ගත්තු එකා ගැන කියන කතා. රෝහල් අධිකාරි වරුන්ගේ වත්කම්,ඔවුන්ට ලැබෙන පිට රට සවාරි.............වියල්ලම මේ 50% ඇතුලේ. ඉතිරි 50% රෝහල් සේවකයින්ගේ පඩි ටික ගෙව්වහම , බෙහෙත් ගන්න ඉතිරි වෙන්නේ සොච්චමක් එයින් ගෙනෙන බෙහෙත්..................වල තත්වේ............. කෙහෙළිය ඇමැති ගෙන්ම අහගමු !! ලෙඩකට බෙහෙත් ගන්න ගියහම ,දරුවන් එයිටත් වැඩිය ලෙඩ වෙනවා කියන එක දෙමාපියන්ට ඇසෙන්න පුළුවන් දරුණුතම ආරංචියක් , සියලු දරුවන් සුවපත් වේවා !!

:       0       18

Rata Perata Monday, 15 July 2024 03:02 AM

හොර බෙහෙත් ගෙනාපු උන්ට සහ උන්ට සහයෝගය දුන්න උන්ට හොඳක් වෙන්න එපා. කෙහෙළියට සහයෝගයට විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අත් උස්සපු කාලකන්නි එකෙක්ට ඡන්දෙ දෙන්න එපා.

:       1       53

C.K.Lankaputhra Monday, 15 July 2024 04:59 AM

ඒ කියන්නනෙ තවමත් රටේ සෞඛ්‍ය ඇමැති රඹුක්වැල්ල මහත්තයාමද, එහෙම නැත්නම් ඒ ඝනයේම වෙනත් එක්කෙනෙක්ද?

:       3       32

Nalin Monday, 15 July 2024 06:46 AM

කොරෝනා කාලයෙන් පසුව

:       2       10

පැරකුම් Monday, 15 July 2024 07:44 AM

විමර්ෂණ මොකටද අර ඇතුලෙ ඉන්න රඹුක්වැල්ල ඇමැතියගෙන් ඇහුවානම් හරියට කියාවි.

:       1       25

කමල් Monday, 15 July 2024 09:09 AM

රත්තරන් දුවල පුතාලට ඉක්මන් සුව.

:       0       41

ජගත් ලියනගේ Monday, 15 July 2024 09:25 AM

තාම කෙහෙලියල වගේ අය ඉන්නවා වත්ද?

:       0       26

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 09:55 AM

දරුවන්ට විදින්න කලියෙන් කෙහෙලියටයි එයත් එක්ක රිමාන්ඩ් කරලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ මහත් හොරුන් විදලා බැලුවේ නැද්ද ?

:       0       12

පිටිගල මිලානෝ Monday, 15 July 2024 10:21 AM

කෙහෙළියගේ ගෙදර හදපු බඩු තවමත් ඉවර නැහැ වගේ…..

:       0       1

Asanga Monday, 15 July 2024 10:52 AM

කාලකණ්ණින්ට සාප වෙන්න ඕනෑ මේ වගේ අපරාධ කරනවට... කවුද මේ ජීවිතවලට වගකියන්නේ...?

:       0       12

රෝයි ෆෙඩ්රික්ස් Monday, 15 July 2024 11:24 AM

වැහි නැති හෙන වැලිකඩ බන්ධනාගාරය ඇතුළට වදින්නේ නැද්ද?

:       0       9

anuranga Monday, 15 July 2024 12:05 PM

අයාලේ යන රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

:       0       10

නිමල් Monday, 15 July 2024 12:27 PM

අද තිබෙන්නේ රෝහල්. ඒ කියන්නේ ලෙඩ ශාලා. ආරෝග්‍ය ශාලා නොවෙයි.

:       0       10

janahitha Monday, 15 July 2024 01:35 PM

හොරු පන්නමු... හොර බෙහෙත් ගන්න දරුවන් මරණ දොස්තරවරු එල්ලා දමව්...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 59 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 46 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 142 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 331 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 189 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 580 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site