(සුජිත් හේවාජුලිගේ)
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසයි .
එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් යැයි සැලකිය නොහැකි බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ඇති ලොකුම ගැටළුව මෙය බවත් එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .
මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකි බවද ඔහු සඳහන් කළේය .
ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 85 ක ආරක්ෂාවක් සැලසුණද අස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකෙන්ම ලැබෙන්නේ සියයට 58 ක ආරක්ෂාවක් පමණකැයිද එම පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත .
කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් සැර කොරෝනා වයිරස ප්‍රභේදය වන බී117 ඇල්ෆා සඳහා මෙරට පාවිච්චි කරන සියලුම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බවද ජීවන්දර මහතා සඳහන් කළේය.
මෙරට භාවිතා කෙරෙන එන්නත් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයද මේ දිනවල පරීක්ෂණයක් පවත්වයි.එහි අවසන් වාර්තාව නුදුරේදීම නිකුත්වීමට නියමිතය .
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නත්වල පැටිකිරිය එළියට
Akila Saturday, 26 June 2021 03:55 PM
එතකොට ලංකාවේ හැමතැනම ගහන චීන එන්නත් පරීක්ෂණයට අරන් නැත්ද? නැත්නම් ඒවා ගැන කියලා වැඩක් නැතිද?
sachith Saturday, 26 June 2021 04:09 PM
මෙන්න මේ වගේ විද්‍යාත්මක පරීක්ෂණ මත තීරණ ගන්නවා නම් රටේ අනාගතේ කොරෝනාවලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ලේසියෙන්ම...
asanka Saturday, 26 June 2021 04:13 PM
අපේ උදවිය ඉතින් වෙන අය සොයාගත් එන්නත් වල ගුණ අගුණ කියන්නට හරි සමත්. නමුත්, අපිට අවශ්‍ය එන්නතක් නම් නිෂ්පාදනය කර ගන්නට බැහැ.
බමුණු.Saturday, 26 June 2021 06:53 PM
රටේ දේශපාලකයන් හා ඇතැම් වෛද්‍යවරුන් මෙතුමන්ලාගේ බුද්ධියට නිගරු කළා. වැඩේ කාටවත්ම කරගන්න බැරිවුණාම, මෙතුමන්ලාගේ සේවය ඕනෑවුණා. මේ රටට වටින්නේ නැති වුණාට, ලෝකයේ වසංගත වෛද්‍ය විද්‍යාවේ කටයුතු සඳහා විශිෂ්ඨ ගණයේ සේවයක් මෙතුමන්ලාගෙන් කෙරෙනවා. කොරෝනා ප්‍රභේද ගැනත්, මෙතුමන්ලා සොයාගත්තා. අදාළ පර්යේෂණ පහසුකම් ලබාදී තිබුණා නම්, මෙතුමන්ලාත් එන්නත් නිපදවාවි. එන්නත් කෙසේ වෙතත්, වෛද්‍ය මතය හෝ ගරු නොකරන, හැමදේම තමන් දන්නා යැයි හිතනා දේශපාලකයින් සිටිනා රටකයි අප ඉන්නේ...
sinhalayaSaturday, 26 June 2021 07:56 PM
එන්නත් නිෂ්පාදනය කරන එක ගඩොල් කපනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් එක වගේ එකක් හදා ගන්න අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් ටිකට මොලයක් තියෙයි කියලා හිතන්න අමාරුයි. රටකට ඉදිරි දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන්ද මිනී මරුවන්, මංකොල්ලකාරයන්, උපන්ගෙයි හොරු, වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට පය ගහලා නැති මැටි මෝල්ලු ටිකක් රට කරන පාර්ලිමේන්තුවට යැව්වම... වයිරස් පාලනය කරන්න අමාරු එක හේතුවක් තමයි යම් කිසි කාලයකදී ඒවා වෙනස් ප්‍රභේද වලට පරිවර්තනය වීම. මේ ඔක්කොටම හරියන මැජික් අරිෂ්ඨ වගේ එන්නත් නිපදවන්න කාටවත් බෑ. ඒක තමයි ස්වභාවය. ඒකයි කට කැඩෙනකම් හැමදාම කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරගෙන ජීවත් වෙන්න කියලා.
Nuwan Saturday, 26 June 2021 05:03 PM
අස්ට්‍රාසෙනිකා එකෙන් 58% නම්, චීනාගේ ජරා, හොර එන්නතට ඇපත් නැතිව ඇති නේද? මහත්තයෝ..?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 June 2021 06:05 PM
මුලින්ම ෆයිසර් එන්නත ගෙන්නලා අපේ රටේ ජනතාවට ලබා දුන්නා නම්, මේ වසංගතයට මීට හොඳින් අපට මුහුණ දෙන්නට ඉඩ තිබුණා. ඒත්, ඒ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවිට වාසුදේව නානායක්කාර මහතා එයට තදින්ම විරුද්ධ වුණා වගේ මතකයි. සමහර දෙනා පටු වාසියට ඒ අදහස අනුමත කළා. ඒත්, ඒකෙන් හානිය වුණේ මේ රටේ ජනතාවට. ධම්මික පැණි හා මුට්ටි පූජා පස්සේ ගියා. අන්තිමට ඒ අනුහසින්දෝ කොහෙද.. පවිත්‍රා නෝනාත් ලෙඩේ හදාගෙනමයි නතර වුණේ.
chandima Saturday, 26 June 2021 06:44 PM
පහුගිය දවසක ජාතික පුවත් පතක තිබුණා පොළොන්නරුවේ වී මෝලක වැඩකළ ඉන්දියානු කම්කරුවන් පිරිසකට ඩෙල්ටා රෝගය අාසාදනය වී තිබූ බව... කවුද මේ ඉන්දියානු කම්කරුවන් ගෙන්නන්නේ? හැම වතාවකදීම සිද්ධ වුනේ බොහෝ වෙහෙසී රෝගය පාලනය කළත් ඊළඟට කවුරුහරි ලෙඩ තියෙන විදෙශිකයන් මෙහෙ ගෙන්නාගෙන ආයෙත් වසංගතේ බෝ කරන එක නේද? මෙහෙම මේක කරන්න පුළුවන්ද?
Nihal Saturday, 26 June 2021 07:24 PM
අනුන් හදන දෙයක ගුණ අගුණ කියන්න නම් අපේ අය දක්ෂයි. අලුත් දෙයක් ලෝකයට දායාද කරන්න කිසි අදහසක් නෑ. වෙන රටවල ආචාර්ය මහාචාර්ය උදවිය නිතරම උත්සාහ කරන්නේ ලෝකයට නව නිපැයුම් එක් කරන්න. හැබැයි අපේ අය හදන්නේ එක්කෝ පාර්ලිමේන්තු යන්න... නැත්නම් දේශපාලන පක්ෂයකට කඩේ ගිහින් කීයක්ම හරි හොයාගන්න. ඇත්තටම අපි ලෝකයට බරක් වුණු ජාතියක්...
ගමේ එකාලාSaturday, 26 June 2021 10:14 PM
කතාව සහතික ඇත්ත . මොලේ උඩ ඉන්න බත්කන මෝඩයින්ට ඔය ටික තේරුම් ගන්න අමාරුයි. 69 ලක්ෂයක වහල්ලුන්ට දැන් සැප ඇති...
UPARAJ FERNANDO Saturday, 26 June 2021 10:31 PM
රටක ජනතාවට වෛරසයක් සෑදී තිබෙන අවස්ථාවක පාලකයන් අවංකව කටයුතු කළයුතු බව සිතන්න.
ප්‍රියංක ධීරසිංහ Sunday, 27 June 2021 02:51 AM
තිස්ස විතාරණ වැනි උගතුන් කල යුත්තේ දේදේශපාලනය අතහැර මේ රටට සේවය කිරීම යි .ඔහුව පිලිගන්න මුලු ලෝලෝකයම බලා ඉන්නවා
chandima Sunday, 27 June 2021 04:53 AM
අනුන් හදපු බෙහෙත්වල ඇදකුද හොයන්න නම් මහාචාර්යවරු එමටයි. බෙහෙතක් හොයාගන්න එක්කෙනෙක්වත් නැහැ.
de silva Sunday, 27 June 2021 07:04 AM
ඔබ සේවය කරන වෛද්‍ය පීඨය තිබෙන ශ්‍රී ලංකාවේ දැනට 5%ක් වත් එන්නත් කරණයට ලක්ව නැහැ. එන්නත් ලබාගත්ත පුද්ගලයින් පිළිබඳව පැහැදිලි දත්ත ඇත්තෙත් නැහැ. තත්වය එහෙම තියෙද්දී ඔබතුමා කොහොමද එන්නත් පිළිබඳව ගුණ අගුණ කියන්නේ...!!!
රණසිංහ Sunday, 27 June 2021 07:25 AM
එන්නත් මගින් කරන්නේ මාරාන්තික බව අඩු කිරීම යැයි දැන් නිගමනය කර තිබෙනවා. මෙතුමාගේ වාර්තාව විද්‍යාත්මකව අසම්පූර්ණයි. පරිශීලන මූලාශ්‍ර දක්වා නැහැ. දෙවැන්න විවිධ මාදිලිවල තීව්‍රතා විවිධ එන්නත් සඳහා බලපාන ආකාරය පැහැදිලි කළ යුතුයි. එනම් මුළුමනින්ම නිශේදනය වනවාද? තීව්‍රතාවය අඩුවනවාද යන්න. එය වැදගත්.... නැතිනම් ජනතාව විවිධ නිගමනවලට එළඹෙනවා..