IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


එන්න මේ වැව් ඉවුරට උණු තේ එකක් රස විඳින්න

2016-04-23-ent-24

මාපාකඩ වැව පිහිටා ඇත්තේ මහියංගනයේය. මහියංගනය නම කියපු ගමන් මතක් වෙන වැව තමයි සොරබොර වැව. බුලතා යෝධයා හැදුවා කියන වර්තමාන වාරි ඉංජිනේරුවන් පවා පුදුමයට පත්කළ මේ සොරබොර වැව හැරුනාම මහියංගනයේ තවත් අපූරු ස්ථාන රැසක්ම තියෙනවා නරඹන්න. ඒ හැමදේම එක්ක ඔබව එක්කගෙන යන්නේ මේ අපූරු සංචාරක ගමනාන්තයන් මැදිකරගෙන ඉතාම සුන්දර ස්ථානයක පිහිටි, මාපාකඩ විලේජ්, සංචාරක හෝටලයට.

මාපාකඩ වැවට තියෙන්නේ ලොකු ඉතිහාසයක්. ඒක සොරබොර වැවේ කතාව තරම්ම අතීතයට යනවාලු. අන්න ඒ මාපාකඩ වැව් තාවුල්ලේ, වැවෙන් හමාගෙන එන සුළඟට මුහුණ දාලා තමයි මාපාකඩ විලේජ් පිහිටලා තියෙන්නේ. ඡායාරූප දුටුගමන් ඔබට පෙනෙන ඒ සුන්දරබවට සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ හෝටලයක අය කරන විශාල මිලක් මෙහිදී අය කරන්නේ නැහැ. රුපියල් පන්දහසක් වගේ මුදලකට වායුසමනය කළ, උණුවතුර, විදුලි පංකා වගේම මාපාකඩ වැවේ සුන්දර දසුනක් නෙත ඉදිරියේ මැවෙන කාමරයක් ඔබට ලබාගන්න පුළුවන්. මහියංගනය අවට තිබෙන නොගිහින්ම බැරි සංචාරක ස්ථාන වෙතට යන්න එන්න මාර්ගෝපදේශකත්වයත් හෝටලයෙන්ම ලබාගන්න පුළුවන් වීම විශේෂයි. ඒ වගේම මාපාකඩ විලේජ් හෝටලයේ ඉඳලා මුලින් කිව්ව සොරබොර වැවට, දඹාන වැදි ගම්මානයට වගේම මාදුරුඔය වනෝද්‍යානයටත් ලොකු දුරක් නැහැ.

ලංකාවේ ප්‍රසිද්ධම දිය ඇලි නරඹලා විඩා වෙලා ඉන්න ඔබට මහියංගනයට ආසන්නයේ තිබෙන රත්න ඇල්ල අපූරු අත්දැකීමක් වේවි. ඒ වගේම මහියංගනය කියන්නේ රටේ එක්තරා කාලයක මහා වැඩ බිමක්. වික්ටෝරියා ව්‍යාපාරයෙන් ඇරඹිලා රන්ටැඹේ, රන්දෙණිගල වගේම ගිරාඳුරුකෝට්ටේ ගොවිජනපද ව්‍යාපාරය දක්වා මහා ගමනක් මේ මහියංගනය කේන්ද්‍රකරගෙන ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. ඒ හින්දාම මහියංගනය නගරය අවට පදිංචිවෙලා ඉන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස්. අතීතයේ නම් මහියංගනය හිමි වුණේ යක්ෂ ගෝත්‍රකයින්ට කියනවානේ. මහියංගනයට පැමිණෙන ඔබ අනිවාර්යයෙන් ගමන් ගන්නා ස්ථානයක් තමයි මහියංගනය රජමහා විහාරය. බුදුන්වහන්සේ මේ දීපයට වැඩම කළ මොහොතේ බුදු බණ අසා සෝවාන් වූ සුමන දේව රාජයා බුදුන්ගෙන් පුජනීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානයේම නිධන් කරලා මහා චෛත්‍යයක් කළා. මියුගුණ සෑය හෙවත් පස්සේ කාලෙක දුටුගැමුණු රජු බුදුන් වහන්සේගේ ග්‍රවී ධාතුව නිදන් කරලා විශාලත්වයට පත්කළ මහියංගනය මහාසෑය ඔබට මුණගැහෙන්නෙත් මේ අභිමානවත් පුරවරයේදී.

මාපාකඩ විලේජ් හෝටලය පිහිටලා තියෙන්නේ මේ හැමදේම මැද කියලා වරක් කිව්වානේ. මාදුරුඔය රක්‍ෂිතයේ සංචාරය කරන්න හිතාගෙන යනවා නම් ඊට ඔබින වඩාත්ම සුදුසුම මඟ පෙන්වන්නා ඔබට සොයලා දෙන්නත් හෝටලයේ කළමනාකාරීත්වය සූදානම්. එකිනෙකට වෙනස් රසවත් ආහාර රුසක්ම හිතේහැටියට ඇණවුම් කරලා ලබාගන්නත් මෙහිදී ඔබට පුළුවන්. මහියංගනයේ ගිහිල්ලා, දවල් දවසේ වටේම ඇවිදලා, හවසට මහියංගනේ ලොකු පන්සලට ගිහිල්ලා ඇවිත් උණුවෙන් තේ එකක් බොන ගමන් මාපාකඩ වැව් ඉවුරේ වාඩිවෙලා ඉද්දි දැනෙන අපූර්වත්වය ඔබට කිසිදාක අමතක වෙන එකක් නම් නෑ. l

 

ප්‍රසාද් - දේශය

 

2016-04-23-ent-18
2016-04-23-ent-19
2016-04-23-ent-20
2016-04-23-ent-21
2016-04-23-ent-22
2016-04-23-ent-23
2016-04-23-ent-25
 



අදහස් (0)

එන්න මේ වැව් ඉවුරට උණු තේ එකක් රස විඳින්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 0 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 331 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 205 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 338 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1044 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2833 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site