(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි නැමැත්තා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරිය සැකකාර මන්ත්‍රීවරයා සමග දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක රුපියල් 20000/= ක මුදලකට රාත්‍රියක් ගත කළ බවත් ,ඇය සරාගී තැනැත්තියක් බව සඳහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කරමින් සංසරණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තවත් බරපතල තුවාල ලැබු තරුණයකු පුත්තලම මූ
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගල්කිස්ස සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් ඥාති සහ
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම්
කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමු
උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු විභාගයේ සියළු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි
සෙනෙවිරත්න Friday, 03 January 2025 12:23 PM
මොවුන් අම්මලා සහෝදර සහෝදරියන් නැති අය, මොවුන්ගේ හිටපු මහ එකා සම්මත කළ පනතින්ම උපරිම දඬුවම් දෙන්න. අනිත් අයටත් ආදර්ශයක් ගන්න..
අරවින්ද මොනරවිල Friday, 03 January 2025 12:40 PM
ඔය පෝලීම බොහොම දිග වෙයි ඉස්සරහට, තමන්ගේ ආණ්ඩුවක් නැති සොවින් අනුන්ට මඩ ගහන කට්ට්ය පරිස්සමින් !
පිටරටවැසියා Friday, 03 January 2025 12:55 PM
දේශපාලනය පැත්තකින් තබා, "කාන්තා සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ රාජ්‍ය මුදල්- දේපළ අයථා පරිහරණය/අවභාවිතාව" සම්බන්ධ වැරැදි වලට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ..