IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘එන ඡන්දෙන් එජාපයේ ජය නියතයි‘ - අධ්‍යාපන ඇමැති

ඉදිරි මහ මැතිවරණය අති විශිෂ්ට ලෙස ජයගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් එය වළක්වාලීමට විවිධ කේවට්ටයන් ජනපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාලීමට දැඩි උත්සාහයක නිරතවවන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (23) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

‘පසුගිය රජයේ සිටි සියලු දූෂිතයන් ගැන රටම දන්නවා. ඒක නිසා ගම්වල ජනතාව වැල නොකැඩී එජාප වටා එකතුවෙමින් සිටිනවා‘ යැයිද අධ්‍යාපන ඇමැති කීවේය.

අමාත්‍ය පී.හැරිසන් මහතාද එම අවස්ථාවට එක්විය.

web1 web2



අදහස් (0)

‘එන ඡන්දෙන් එජාපයේ ජය නියතයි‘ - අධ්‍යාපන ඇමැති

සුනෙත් හේමන්ත Tuesday, 23 June 2015 10:59 AM

ගම්වල ජනතාව වැල නොකැඩි එජාපය හා එක්වෙනවා කියල තියෙන්නේ ලේසියෙන්ම අන්දන්න පුළුවන් ගම්වල ජනතාව කියලා හිතාගෙන ඉන්න හින්දද.? (ර)

:       0       0

අනුර Tuesday, 23 June 2015 11:48 AM

හිනා යන කට මොනවා කරන්නත් ජන්දයක් තියන්න ඕනනේ නේද බලෙන් එදගෙන කලට වැඩක් නැනේ (ම)

:       0       0

නාලිනී Wednesday, 24 June 2015 10:02 AM

කොටි පරාජය කරන්නේ කොහොමද? ඔබල දන්නවද මහකොටියක් සගවා සිට කරන හරිය .අත්දැකීමෙන් මම කියන්නේ. (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 12:30 PM

ඇහැරෙන්න ඇහැරෙන්න දැන් එළිවෙලා. මහින්ද ඉන්න කම් දිනනවා බොරු.(බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 23 June 2015 01:04 PM

කුෂි ගේ ආරාධනාව නිසා මේ ලෙස ලියනවා, මම කොහොමත් අනාරාධිතව ලියන්නේ නැහැ, එක දන්නා උදවිය දන්නවා මුල ඉදලා මේ සංවාද මණ්ඩපයේ ඉන්න මත්වරු හා නෝනා වරු. කුෂි නෝනා, ඔබතුමිය ගේ කතාව හරි වැරදියි, මම කිසිම තැනක ගිය ආණ්ඩුව හරියි කියලා නැහැ, මේ ආණ්ඩුව වැරදියි කියලා නැහැ, මම හැමදාම කියන්නේ හරි දේ හරියි කියන්නත් වැරදි වැරදි කියන්නත් අපිට කොන්දක් හා හොද ආත්ම ශකිතියක් තිබිය යුතුයි නේද ? කරුණාකර මට ලියන්න මගේ නමින්ම අපහාස හෝ උපහාස නැතිව , ඕනෙම කෙනක් ලියන්න මා පිළිතුරු දෙමි . අනෙක මෙතන අදහස් දාන උදවිය දේශපාලකයින්ට වඩා ගොඩක් ඉහලින් ඉන්න බවත් මතක තියා ගන්න , ඉතින් අපි දේශපාලකයි කියන හැම දේම අනුමත කල හෝ නොකළයුතු නැහැ නේද කුෂි ? (ර)

:       0       0

මහානාම - කඳාන Wednesday, 24 June 2015 11:24 AM

පෙරේරා මතතාගේ හරබර ප්‍රතිචාර ඉතා අගනේය, ඔබ වන්නවුන් මෙහි සිටීමද පුදුමය. ඔබ තුමාගේ පැතුම් හා සියල්ල අහිංසක, අවංක හා අව්‍යාජ බව මම විවාදයකින් තොරව පිලිගනිමි. යුදමය වශයෙන් පරාජය කලද, මොවුන් ව ප්‍රතිපත්ති මය ලෙස පරාජය කරීමට බැරිවීම අපේ ජාතියේ අඩුපාඩුවක් මිස වෙන කිසිවක් නොවේ. සුළු ජාතින්ට කියා සිදුවූ විශේෂ අඩු පාඩුවක් නැත. තිබෙන අඩුපාඩු අඩු වැඩියෙන් අප කාටත් ඇත උතුරේ සිට දකුණට. (ර)

:       0       0

මහානාම - කඳාන Tuesday, 23 June 2015 01:18 PM

දැන් බලන්න කුෂි අද මොකද වෙන්නේ ? ඔබ තුමිම මගේ නමින්ම ලියන්න , කොටි පරාජය කළාද 2009, දැන් නැවත කොටි අරමුදල් ශක්තිමත් කරන බව ඇමෙරිකාව කියනවා නේද ? නැද්ද ? මේ මොකද උතුරු නැගෙනහිර දන්සල් දාන්නද ? 2009 දී සහමුලින්ම යුදමය වශයෙන් පරාජය කරපු කොටින්ට නැවත පන දෙන්න ඩයස්පෝරාව උත්සහ කරන්නේ නැද්ද ? ඩයස්පෝරාව කරන දේවල් මේ රජය නැසූ කනින් ඉදගෙන අනුමත කරන්නේ නැද්ද ? කරුණාකර මට ලියන්න මගේ නමින්ම අපහාස හෝ උපහාස නැතිව , ඕනෙම කෙනක් ලියන්න මා පිළිතුරු දෙමි . ඉතින් මේ යට කොටින් බෙදුම්වාදයට උඩ ගෙඩි දෙනවා නොකියා වෙන මොනවා කියන්නද ? (බ)

:       0       0

එච්.පෙරේරා Wednesday, 24 June 2015 12:17 PM

මහානාම මහතාණෙනි ඔබගේ පිළිතුරට බෙහෙවින් ස්තුතිවන්ත වන අතරම අපි අතර වුණ සංවාදය සුහදශීලීබවින් යුත් විවාදාත්මක හරබර සංවාදයක් වීමෙන් මම බෙහෙවින් සතුටට පත්වීමි. මා දේශපාලනයකින් තොරව අදහස් උදහස් ප්‍රකාශ කිරීමට කැමතිය. ඇත්තෙන්ම අවාසනාවට අපේ රටේ දේශපාලනය ගැන කතාකිරීම හිරිකිත අපුලත්වයෙන් පිරුණු දෙයක් ගැන කතාකිරීම හා සමානය. එහෙත් පැවතුන රජයත් හා පවතින රජයත් අතර වෙන ක්‍රියාදාමයන් විවේචනය කර හරි වැරදි පෙන්නාදීම අප කාගේත් යුතුකම වන්නේයැයි මාගේ පිළිගැනීමයි. ඔබත් සමග විවාදාත්මක හරබර සංවාදයක යෙදීම මා හට ගෞරවයක් යැයි සිතන අතර තවදුරටත් ඔබ හා විවාදාත්මක හරබර සංවාදයක යෙදීම මා බොහෝ කැමැත්තෙන් සිටිමි. (නි)

:       0       0

සම්පත් වන්නිආරච්ච Tuesday, 23 June 2015 01:49 PM

බම්බුව!(නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 02:06 PM

ඩුබායි තිලක්ට ඉන්දියාවේ හිටිය නම් සෑහෙන ගානක් හොයා ගන්න තිබුනා මෝධී මහත්තයගෙන්. මේ එලි පහලියේ කිසි හිරිකිතයක් නැතුව කැත කරන විධියට..අම්මෝ මෙහෙම ගදක්.(නදී)

:       0       0

සිංහලයා Tuesday, 23 June 2015 07:38 AM

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා , කරදර අහක දමා , පොඩ්ඩක් වෙන්න හිනා (ම)

:       0       0

චන්ද්‍රා Tuesday, 23 June 2015 07:39 AM

පුහ් (බ)

:       0       0

එච්.පෙරේරා Tuesday, 23 June 2015 02:20 PM

මම මහානාම නමින්ම ලියමි. ඔව් 2009 මෙරට තුළ පමණක් කොටි පරාජය කළා එය කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක්. නමුත් අපිට ජාත්‍යන්තර කොටි පරාජය කිරීමට නොහැකි වුණා. මහානාම මහත්තයෝ කොටි ඩයස්පෝරාව ශක්තිමත්වීම, හිටපු ජනාධිපති තුමාගේ කාලේ ඉඳන් පැවතුන දෙයක් බව මගේ අදහසයි. කොටි අරමුදල් ශක්තිමත් වෙන්න එක හේතුවක් තමයි යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම. ඒ කොටි තහනම ඉවත් කිරීමත් සමග තහනම් කරපු බැංකු ගිණුම් සක්‍රිය වුනා . යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම සම්බන්ධව පසුගිය ආණ්ඩුව ගත් පියවර කුමක් දැයි මම ඔබෙන් අසමි. එසේ යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුගිය රජයට අවශ්‍යවී තිබුනේනම් යලිත් යුරෝපයේ කොටි තහනම ඇති කිරීමට යුරෝපීය උසාවියට ඇපෑලක් ඉදිරිපත් නොකරේ ඇයි? පවතින රජය විසින් එය දැනටමත් සිදුකර ඇත. එසේනම් පවතින රජය බෙදුම්වාදයට උඩගෙඩි දෙනවායි ඔබ පවසන්නේ කෙසේද? (බ)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 07:47 AM

අනේ ෂෝක් විහිළුව මෙයා! (නි)

:       0       0

ලියොන් Tuesday, 23 June 2015 02:39 PM

අනේ තිලක් - ඩුබායි. ඔයා දැන් යුඑන්පිය අත්හැරියාද ? ඒ වුනත් ඔයා ඔට්ටු දාන්න යන්නේ දියවෙන නැතිවෙන පක්ෂ දෙකකටනේ. ඇත්තටම ඔයා හින්ට් එකටද කිවුවේ. (බ)

:       0       0

සහන් Wednesday, 24 June 2015 01:49 PM

ගාමිණි , හීනෙන් අපිට පෙන්නේ නැහැ ,මොකද අපිට අවතාර පෙන්නේ නැහැ ,(හේ)

:       0       0

සංජය Tuesday, 23 June 2015 07:58 AM

දවල් හීන දකින එකත් මාර ජොලියක් වගේනේ (බ)

:       0       0

සමන්ත Tuesday, 23 June 2015 02:50 PM

හැරිසොන් කෙසේ වෙතත් අකිල කියන දේ හරි ඇති. මොකද එයාට රනිල්ගෙන් ඍජුවම තොරතුරු ගලාගෙන එන නිසා. අනික එයා මේ රටේ බුද්ධිමතුන් බිහිකරන අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කානේ. (බ)

:       0       0

සුදේශ් Tuesday, 23 June 2015 08:00 AM

රැ වැටුනු වලේ දවලුත් වැටෙනවද? (ම)

:       0       0

ලියොන් Tuesday, 23 June 2015 02:55 PM

බයවෙලා. ගමට යන්න බැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 June 2015 08:02 AM

"පසුගිය රජයේ සිටි සියලු දූෂිතයන් හා නව රජයේ කොළ/නිල් දූෂිතයන් ගැන රටම දන්නවා".මෙවර මහ මැතිවරණයදී ජනතාව දිනවන්න ජෙනරාල්ගේ පක්ෂය සහ ජවිපෙ ඉදිරියට ගෙනෙනවා. (නි)

:       0       0

සචිත් ඉන්දික Tuesday, 23 June 2015 08:04 AM

හැමදාම එජාපෙ ඡන්දෙට ඉස්සෙල්ලා දිනුම්. පස්සේ පරාජය (බ)

:       0       0

අතුල Tuesday, 23 June 2015 08:05 AM

ජනාධිපතිවරණය දවස් වලත් මහින්දට කැමති අය ඔය වගේ කතා මේකේ දාලා තිබුනා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 June 2015 08:05 AM

ජනාධිපතිවරණයේදී ගිනි තැබූ අට්ටාලය උඩ ඉඳගෙන සමහරු කිව්වේ"8 වෙනිදා උදෙන්ම ගිහින් හංසයා ඉදිරියේ කතිරේ ගහන්න,"ඉතිරි ටික අපි බලාගන්නම්" කියලා.තවම බලනවා.දැන් සියලුම දුෂිතයන් එකට එකතුවෙලා.හරිම කණගාටුයි. (නි)

:       0       0

වජිරා Tuesday, 23 June 2015 03:13 PM

එච්.පෙරේරා, ඔබ දන්නා තරම පැහැදිලි උනා. ඔබේ දැනීම ගැන මට හරි පුදුමයි. ඔබ කියනකං මාත් දැනන් හිටියේ නැහැ කොටි ඩයස්පෝරාව ගැන. (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 June 2015 08:07 AM

"එකම රටක්,හොරු එක යායට". (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 23 June 2015 03:17 PM

පෙරේරා මහතාණෙනි, ප්‍රතිචාරයට බොහොම තුති, ඇත්තෙන්ම ඔබගේ භාෂා විලාශය හා තාර්ක කිරීමේ හැකියාව අගය කරමි. ඔව් ඔබ නිවැරදියි, 2009 දී කොටි තස්තවාදය යුදමය වශයෙන් පරාජය කලාට, ප්‍රතිපත්තිමය වශයෙන් පරාජය කරන්න බැරි වුනා. නමුත් අපි මතක තියා ගත යුතුයි , ලෝකයේ කිසිම රටකට අදටත් බැරි උනා කිසිම ත්‍රස්තවාදී සංවිදානයක් යුදමය වශයෙන් හෝ පරාජය කරන්න. (ර)

:       0       0

යහම්පත් Wednesday, 24 June 2015 02:38 PM

එජාපයේ ජය නියතලු. එහෙමනම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ! (නි)

:       0       0

ඉමාක් Tuesday, 23 June 2015 08:08 AM

අනේ අපොයි අපි මෙච්චර මෝඩද ඔයාලගේ ඔය සුරඟන කතා අහන්න? ඔයාලා මොනවද කළේ? කොළඹ විනාශ කළා. ආරක්ෂාව අනතුරේ දැම්මා.අයියෝ! අපි දැන් මෝඩ නැහැ. (නි)

:       0       0

මොහාන් Tuesday, 23 June 2015 08:09 AM

යු එන් පි එකට බහුතර බලය ලබාගන්න වෙන්නේ නම් නැහැ. ඒත් ජවිපෙ,ජෙනරාල්ගේ පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය , කදුරට පක්ෂ එකතු වුණාම ආසන 130 ක් විතර අරගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවන්. අන්තවාදීන් කොටසක් හැරුනකොට බහුතර පිරිසක් ඡන්දය දෙන්නේ දූෂිතයන් අඩු එජාපයට. ලක්ෂ 57 න් සැළකිය යුතු පිරිසක් මෙවර ජවිපෙ පැත්තට හැරේවි කියලා පෙනෙන්න තිබෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 June 2015 08:10 AM

මේ රජය ජයග්‍රහණය කරලා පත්කළ කෙනෙක් නිසා මට නම් එපාවුණා.රටට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

අනුර Tuesday, 23 June 2015 08:11 AM

මහින්ද මහත්තයා වෙනම ඉල්ලුවොත් ආසන 30 ක් විතර ගනී. පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රී නායකත්වය යටතේ ආසන 50 ක් 60 ක් ගනී. ඒ නිසා ඇමතිතුමාගේ කතාව හරියන්න ඉඩ තිබෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 June 2015 08:13 AM

"අතරමඟදී නතර කරන්න සිද්ධවුණ"ගිනි අවි සහ ගිනිකෙළි "හොඳම ටෙලි නාට්‍යයේ එක නායකයෙක් මැරෙනකොට තවත් නායකයන් ඉදිරියට එනවා වගේ රටේ එක්කෙනෙක් ගෙදර යවනකොට තවත් රැලක්ම බිහිවෙනවා. (නි)

:       0       0

මොහොට්ටි Tuesday, 23 June 2015 08:14 AM

දින 100 ආණ්ඩුව ජනතාවට සහන දීලා තිබෙනවා. බඩු මිලට අමතරව, සමෘද්ධි දෙගුණ කිරීම, මහපොළ දෙගුණ කිරීම, වැඩිහිටි දීමනාව දෙගුණ කිරීම නිසා මිනිස්සු පැහැදිලයි ඉන්නේ. ඒ වගේම තෙල් මිල අඩු නිසා මධ්‍යම පාන්තික ජනතාවත් ඉන්නේ ආණ්ඩුව එක්ක.බොරුවට අන්තවාදීන් කෑ ගැහුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගත් ප්‍රශංසනීය මට්ටමක තියෙනවා. මමත් හිතන්නේ එජාප ආණ්ඩුවක් එනවා. (නි)

:       0       0

ගාමිණී Tuesday, 23 June 2015 08:21 AM

මෙයාලට නින්ද යන්නෙ නැහැ, රෑට හීනෙන් මහින්ද මහත්තයා පේනවා. දවල්ට ඒවා අමතක කරන්න මහජනතාවට විහිලු කරනවා. දැන් බයවෙලා ඉන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 June 2015 08:20 AM

මොහාන්,ලක්ෂ 57 න් විතරක් නෙමෙයි ලක්ෂ 62 ත් සැළකිය යුතු මොළය තිබෙන පිරිසක් මෙවර ජවිපෙට සහ ජෙනරල්ගේ පක්ෂය පැත්තට එකතු වෙනවා.ඒ රට දිනවීමට. (නි)

:       0       0

දුමින්ද Tuesday, 23 June 2015 08:21 AM

සිහින දැකීම වරදක් නොවේ (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 23 June 2015 04:07 PM

පෙරේරා මහතාණෙනි , ප්‍රතිචාරයට බොහොම තුති , ඇත්තෙන්ම ඔබගේ බාෂා විලාශය හා තර්ක කිරීමේ හැකියාව අගය කරමි . ඔව් ඔබතුමා නිවැරදියි , 2009 දී කොටි තස්තවාදය යුදමය වශයෙන් පරාජය කලාට , ප්‍රතිපත්ති මය වශයෙන් පරාජය කරන්න බැරි වුනා , නමුත් අපි මතක තියා ගත යුතුයි , ලෝකයේ කිසිම රටකට අදටත් බැරි උනා කිසිම තුස්තවාදී සංවිදානයක් යුදමය වශයෙන් හෝ පරාජය කරන්න , තව ගොඩක් දේවල් ලැබේවි සාමය හා සංහිදියාව නාමයෙන් ඒ වෙනුවෙන් අපි දෙන්නේ උකස් කරන්නේ අපේ රටයි පෙරේරා මහතාණනි . තව ගොඩාක් ලියන්න පුළුවන් , ඔබතුමා ගේ ප්‍රතිචාරය අනුව ලියන්නම් .. (බ)

:       0       0

විජේතුංග Tuesday, 23 June 2015 04:17 PM

අපිත් ඉන්නේ මෙහේනේ! අපි බලමුකෝ... (නි)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 08:23 AM

කට්ටිය එජාපෙ න් හැළෙන ඡන්ද එකතුකරන්න පටන් අරගෙන වගේ (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 23 June 2015 08:23 AM

මොහොට්ටි, ඔබතුමාට කියන්න පුලුවන්ද ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් ප්‍රශංසනීය ක්‍රියාමාර්ග මොනවද කියල‍ා?

:       0       0

කිත්සිරි Tuesday, 23 June 2015 08:26 AM

හොඳයි හොඳයි අපි බලමුකෝ! (නි)

:       0       0

සරත් Tuesday, 23 June 2015 08:28 AM

සමහරු නම් කට විතරයි, වැඩ නැහැ (නි)

:       0       0

වීරරත්න Tuesday, 23 June 2015 08:30 AM

ඔව් මේගොල්ලෝ බය වෙලා මහින්ද මහත්මයට පිස්සු විකාර කියවනවා (බ)

:       0       0

නලින් Tuesday, 23 June 2015 08:31 AM

තාම ඔයාල තේරුම් අරගෙන නැහැ.මහින්ද හොරා කීවේ පරද්දන්න ඕනි නීසා. නමුත් රට හැදුවේ මහින්ද .අමතක කරන්න එපා රට තිබුන භයානක තත්වය ගැන.අපිට නිදහසේ ඉන්න පුළුවන් කළේ එතුමාගේ නායකත්වයෙන්. (බ)

:       0       0

ට්‍රයිනි Tuesday, 23 June 2015 08:54 AM

අර ඉඳලා ගිය එක්කනා කිව්වෙත් ඔය කතාම තමා අනේ මන්දා බලේ තියෙනකොට මොලේ නැහැ කියන එක සම්පුර්ණ ඇත්ත (ම)

:       0       0

දිලිප් Tuesday, 23 June 2015 08:59 AM

රට හැදුව තමා. එත් ඒ එතුමාගේ සල්ලිවලින්නම් නෙවේ. මේක තේරුම්ගන්න බැහැනේ බහුතරයකට. සල්ලි ණයට අරගෙන ඒවා ගෙවන්නෙත් අපි. ගත්තු ඒවායින් වැඩි හරියක් ගියේ සාක්කු වලට. ඒවත් ගෙවන්නේ අපිම තමා. යුධ ජය , තනි ජයග්‍රහණයක් නොවේ. එය සාමුහික ප්‍රතිපලයක්. ඔය හැම දෙයක්ම අපි වෙනුවෙන් කරන්න තමා අපි ඔය අයව පත් කරලා යැව්වේ. එයාල ජනතා සේවකයෝ. ඒ බව වත්මන් ජනපති පැහැදිලිවම කිව්වා. මෙය තේරුම් අරගෙන අදහස් පල කරනවානම් තමා හොද. (ර)

:       0       0

දිලිප් Tuesday, 23 June 2015 09:23 AM

ලබන මැතිවරණයටවත් රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වැඩ කළ හැකි උගත් , තරුණ හා හැකියාවන්ගෙන් යුත් පිරිසක් යවන්න උනන්දු වන ආකාරයේ පෙලබිමක් ඇති වුණොත් තමා හොද. ඒ වෙනුවෙන් කතා බහ තමයි අපි කරන්න ඕනේ.(ම)

:       0       0

ප්‍රකාශ් Tuesday, 23 June 2015 09:30 AM

මෙයාට අධ්‍යාපන ඇමතිකමක් කරන්න පුලුවන්ද?ළඟදී තිබුන පත්වීම් ලිපි ප්‍රදානයකදී තරුණයෙකුට දන ගහලා වැඳගෙන හිටියා.භික්ෂුන් වහන්සේ නමකගේ සහ ගිහියෙකු අතර වෙනස හොයාගන්න බැරි මේ වගේ අය කියන කතා කවුද ගණන් ගන්නේ. (බ)

:       0       0

ඉ න් දී Tuesday, 23 June 2015 09:33 AM

ඔව් ඉතින් මෙයා ගිහියන්ටත් වැඳ වැඳ පත්වීම් දෙනකොට එහෙමත් වෙයි තමයි.(ම)

:       0       0

එච්. පෙරේරා Wednesday, 24 June 2015 08:01 AM

මහානාම මහතාණෙනි ඔබගේ පිළිතුරට අවංකවම මා ගොඩක් සතුටට පත්වීමි. අද ලෝකයේ යුධමය වශයෙන් ත්‍රස්තවාදීන්ව පරාජය නැති බව මා පිළිගනිමි. නමුත් අප රටේ ත්‍රස්තවාදීන්ව යුධමය වශයෙන් පරාජය කළමුත් ජාත්‍යන්තර මට්ටමින් කොටි සංවිධානය පරාජය කිරීමට අපට නොහැකිවී ඇති බව ඔබත් මමත් පිළිගන්න කරුණකි. අපිට ජාත්‍යන්තර මට්ටමින් කොටි සංවිධානය පරාජය කිරීමට නොහැකිවී ඇත්තේ ඔවුන්ගේ අරමුදල් හා සංවිධානාත්මක වශයෙන් ශක්තිමත්භාවයයි. අපි ඒ ශක්තිමත්භාවයයි සංවිධානාත්මකකම බිඳ දැමිය හැක්කේ සුළුජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දීමෙන් මිසක් ඩයස්පෝරාවක් කියා කොන් කිරීමෙන් නොවන බව මගේ අදහසයි. මොවුන් අප රටේ උපන් පුරවැසියෝ, ඩයස්පෝරාවක් කියා ප්‍රශ්නවලට විසඳුම් නොදීමෙන් සිදුවන්නේ තවත් මොවුන් ජාත්‍යන්තර මට්ටමෙන් තවත් ශක්ත්මත් වීමයි. විදේශීය රටවල් මොවුන්ව තවත් පිළිගැනීමට සුදානම් වීම හා තවත් ප්‍රභාකරන් කෙනෙක් නැවත ඉපදීමකට ඉඩ සලසා දීමයි. අපි ඩයස්පෝරාව කියන වචනය අසන්නට ලැබුනේ කොටි සංවිධානය කියන වචනයත් එක්කමයි. ඩයස්පෝරාවක් කියන්නේ අප රටින් සරණාගතයන් වශයෙන් විදේශ රටවලට ගොස් පදිංචිවී රැකියාවක් කරන අයටයි. මොවුන් අප රටට ගෙනත් අපේ ආර්ටිකය ශක්තිමත් කළනොහැක්කේ ඇයි? මන්ද මොවුන්ගේ හිතට අප තවමත් සංහිදියාවක් ඉස්ටීරසාර විසඳුමක් විශ්වාසයක් ඇති නොකළ නිසා බව මගේ පිළිගැනීමයි. අපි අද පටන් මොවුන්ගේ හිතට සංහිදියාවක් විශ්වාසයක් ඇති කරන්න ක්‍රියා කරනවානම් (වෙනම රටක් , වෙනම ජාතික කොඩියක්, හා වෙනම පාලනයක් නොදී) මොවුන්ගේ ශක්තිමත්භාවයයි සංවිධානාත්මකකම අහෝසිවී ගොස් වැඩි කලක් යන්නට මත්තෙන් ජාත්‍යන්තර මට්ටමින් නැවත කොටි සංවිධානය පරාජය කිරීමට අපට හැකි බව මගේ අදහසයි. (නදී)

:       0       0

ගයාන් Tuesday, 23 June 2015 10:14 AM

අකිල අධ්‍යාපන ඇමති විදියට ගැලපෙනවා ලගදි කිව්ව විදියට හැම කොට්ඨාශයේම පාසල් 2ක් අරන් සියඵ පැති වලින් දියුණු කරනවා කියන එක ඉතා හොද යෝජනාවක් වචනයට සීමා නොවී ඒක ක්‍රියාත්මක කරන්න. දිනන බව විශ්වාසයි හැබැයි දින්නට පස්සේත් හොදින් වැඩ කරන්න. (ර)

:       0       0

ජගත් Tuesday, 23 June 2015 10:25 AM

එජාපයට ඔය කියන 5/6 ක බලය කීයටවත් ලැබෙන්නේ නැහැ. (ර)

:       0       0

ඉෂාන් Tuesday, 23 June 2015 10:36 AM

ඇමතිවරු, ජනාධිපති, අගමැති පක්ෂ දේශපාලනය නොකළ යුතුයි, ඔවුන් සියලු පුරවැසියන්ගේ නායකයන් බැවින් ස්වාධීනව කටයුතු කල යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පමණක් පක්ෂ දේශපාලනය කිරීම තමයි සුදුසු. (ර)

:       0       0

දුල්මි Tuesday, 23 June 2015 10:37 AM

අධ්‍යාපනය රාජකාරිය හරියට කෙරෙනවාද කියලා බලා ගන්න පුළුවන් විභාගයක් තියන කොට. තව දෙයක් මොකද මේ මෙතන සමහර මහත්තුරු කාන්තා අපි අදහස් ලියන කොට බය වෙලා. (ර)

:       0       0

කුෂී Tuesday, 23 June 2015 10:43 AM

මේ පාඨක තීරයේ පසුගිය ආණ්ඩුවට එහෙයි කියන්නේ නැති හැමෝටම මහානාම යහපාල ඇතුළු කණ්ඩායම කොටි බෙදුම්වාදී ලේබල් ගහ ගහ රට වටේට යනවා . ඉස්සෙල්ලා ඔය ලේබල් ගැහුවේ ප්‍රසිද්ධ දේශපාලකයන්ට . දැන් මෙතන ලියන ස්වාධින මිනිස්සුන්ට. මේ ඉතින් මේ අයගේ දේශපාලන ප්‍රතිපත්තියේ හැටි තමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3160 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2291 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3148 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3042 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1348 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36076 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site