IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි

එප්පාවල නගරයේදී වීදී නාට්‍යක්  රඟ දක්වමින්  සිටි පිරිසකට හා අද මාධ්‍යවේදීයකුට ඉකුත් සිකුරාදා  පහරදී  නිදැල්ලේ සිටින උතුරුමැද පළාත් දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලපෑම් කරමින් අද (07) සිවිල් සංවිධාන හා මාධ්‍යවේදී එකමුතුව එප්පාවල නගරයේදී  විරෝධතාවක නිරත විය.

නිදහස් මාධ්‍ය සංසදය හා වීදියේ විරෝධය වීදී නාට්‍ය කණ්ඩායම්  පා ගමනින්  සාමාජිකයෝ එප්පාවල මහජන බැංකුව අසල සිට එප්පාවල තඹුත්තේගම හන්දිය වෙත සටන්පාඨ කියමින් ගමන් කළහ.

මැර පිරිස අත්අඩංගුවට ගන්නේ  නොගන්නේ  මන්දැයි  උද්ඝෝෂකයෝ පොලීසියේ සිට පොලිස් අධිකාරී අනිල් චන්ද්‍රසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සම අධිකාරීවරයා හා මාධ්‍යවේදීන්  අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.

මාධ්‍යවේදීන් පොලිස් අධිකාරීවරයාගෙන්  ඉල්ලා සිටියේ  දේශපාලකයින් හට ගැති කම් නොකර  පොලීසියේ ගෞරවය  ආරක්ෂා කරමින්  මැරයින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මැරයින් අත්අඩංගුවට ගන්නා බවට දුන් පොරොන්දුවත් සමඟ පිරිස පොලීසියෙන් පිටව ගියහ.

පවුල්වාදයට එරෙහිව  වීදියේ විරෝධය  යන තේමාව යටතේ  එප්පාවල නගරයේ ජනතාව දැනුම්වත් කරමින් පැවැත්වු  වීදී නාට්‍යක අවසානයේ  එම ස්ථානයට පැමිණි උතුරුමැද පළාත්  දේශපාලනඥයකුගේ මැර පිරිසක්  නාට්‍ය කණ්ඩායම් සාමාජිකයින්ට හා  ගායක ජයතිලක බණ්ඩාරට පහර දෙද්දී එය විඩියෝගත කළ තිසර සමල් සෝමරත්න මහතාටද පහර දී  ඔහුගේ කැමරාව ඇතුළු ආම්පන්න  විනාශකැර වැනසුහ.

 

 

 

DSC06754 IMG_2114 IMG_2121

ඡායාරූප- මංජුල සේනානායක

 



අදහස් (0)

එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි

කමල් Sunday, 07 December 2014 05:21 PM

මැරයන්ගේ නම් වත් පලකරන්න බැැරි නිදහස් මාධ්‍යය (නදී)

:       0       0

චානක Sunday, 07 December 2014 08:14 AM

වීඩියෝ ඔක්කොම තියෙනවා මොකද අල්ලන්න බැරි (දී)

:       0       0

නන්දන බංඩාර දිසානායක Sunday, 07 December 2014 05:48 PM

පොලිස් කන්ඩයම් කිහිපයක් මැරයන් අත් අඩංගුවට ගැණිමට යොදවා අැතැයි මධ්‍ය ප්‍රකාශක නිවේදනයක් හෙට නිකුත් කරාවි. (නදී)

:       0       0

නන්දන බංඩාර දිසානායක Sunday, 07 December 2014 05:50 PM

පොලිසියේ රාජකාරිය කරන්න බැරිනම් කෝට් එක ගලවලා ගෙදර ගියා නම් හරි. මොකද ජනතාවගේ මුදල් නේ පඩි ලෙස ගන්නේ (නදී)

:       0       0

අරුණ Monday, 08 December 2014 05:16 AM

පොලිසිය ජනපති සමඟයි කියලා පොලිසියේම බැනර් ගහලා තියෙද්දී පොලිසිය කොහොමද මැරයෝ අල්ලන්නේ..... (නි)

:       0       0

සිරාජ් Monday, 08 December 2014 05:19 AM

රටේ නීතියට මොකද වුණේ? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 07 December 2014 06:18 PM

පොලිස් පති තුමෙනි ඔබ නීති ගරුක බව අප දනිමු. ඔබට රාජකාරි කරන්න නොදෙන බවත් අප දනිමි (නදී)

:       0       0

බණ්ඩා Sunday, 07 December 2014 06:29 PM

කාලේ අවසන් වෙනකොට පිස්සු කෙලිනවා (නදී)

:       0       0

ලක්මාල් Sunday, 07 December 2014 09:11 AM

මේවා නීති විරෝධී වැඩ නොවෙයිද (දී)

:       0       0

සරත් Sunday, 07 December 2014 10:15 PM

කෝ ඉතින් අල්ලන්නකෝ (නි)

:       0       0

කේෂාන් Sunday, 07 December 2014 09:16 AM

රෝහලට ඇවිල්ල තර්ජනය කරලා .මේවා අල්ලන්න පොලිසියට බැරිනම් මොකටද පොලිසිය (දී)

:       0       0

වරුණ Monday, 08 December 2014 12:02 AM

මෙහෙම දිගින් දිගටම වුණොත් මිනිසුන් නීතිය අතට ගනීවි (නි)

:       0       0

සරසි Sunday, 07 December 2014 09:24 AM

මැරයන් ආරක්ෂා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා වගේ. (ර)

:       0       0

දයා අලහකෝන් Sunday, 07 December 2014 10:53 AM

අට වැනිදායින් පස්සේ බලමුකෝ (දිල්)

:       0       0

උපාලි Monday, 08 December 2014 01:14 AM

කවුද කියන්නේ මේක මැර ප්‍රහාරයක් කියලා? පළාතේ ඕනෑම කෙනෙකුට සළකන්න හරි පහරදෙන්න හරි පළාතේ ලොක්කන්ට 'ප්‍රජාතාන්ත්‍රික' අයිතියක් තිබෙනවා කියලයි මම නම් විශ්වාස කරන්නේ. පොලීසිය ඒක දන්නවා ඇති. ඒක වෙන්න ඇති අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ. (නි)

:       0       0

සුජීව Sunday, 07 December 2014 12:17 PM

පොලිසිය ආණ්ඩුව වගේ තමයි (නදී)

:       0       0

චන්න Monday, 08 December 2014 01:59 AM

මේ වගේ පුවත් වලට පාඨක ප්‍රතිචාරත් අඩුයි? මැර තර්ජන එයි කියලා බයහිතිලද දන්නෙ නැහැ (නි)

:       0       0

රවී Sunday, 07 December 2014 12:36 PM

මේක හරියට අර ජනාධිපතිතුමාට විරුද්ධව නඩු දාන බැහැ වගේ වැඩක්නේ. මැරයන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න පොලිසියට බලතල නැහැ වගේනේ හැසිරෙන්නේ. (නදී)

:       0       0

රකිත් Monday, 08 December 2014 02:13 AM

ත්‍රස්තවාදය නැතිකළ ආණ්ඩුවට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැරිවීම සැබවින්ම ඛේදවාචකයකි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 December 2014 02:37 AM

අල්ලයි උන්ගේ වලිගෙ. (නදී)

:       0       0

සමන්ති Sunday, 07 December 2014 02:13 PM

මොකක්ද මේ නිදැල්ලේ හැසිරෙනවයි කියන්නේ ? (නදී)

:       0       0

ශාන්ත Monday, 08 December 2014 03:53 AM

ජයවේවා! (නි)

:       0       0

යසපාල Monday, 08 December 2014 03:56 AM

කෝ දැන් රටේ විනය? (නි)

:       0       0

නුවන් Monday, 08 December 2014 04:14 AM

මෙයාලම මෙයාලට ගහගෙන ඇති.අර කලින් ගස් බැඳගත්ත සිදුවීම වගේ (නි)

:       0       0

නිරෝ Sunday, 07 December 2014 03:27 PM

අනේ රටකට ගිය කලක්! මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? (නි)

:       0       0

නිරෝ Sunday, 07 December 2014 03:26 PM

අනේ රටකට ගිය කලක්. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. (නදී)

:       0       0

මාලනී Monday, 08 December 2014 04:26 AM

ඔය අය කවුද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 December 2014 04:14 AM

රටේ නීතියට මොකද උනේ? (නදී)

:       0       0

කෝසල Sunday, 07 December 2014 06:58 AM

පිස්සුද මොකුත් වෙන්නේ නැහැ අදුනා ගන්න බැහැ නේ (බ)

:       0       0

චානක. Monday, 08 December 2014 04:51 AM

ඒ කියන්නේ පොලිසියට රාජකාරිය කරන්න කියලා මහජනයා තමයි කියන්න ඕනෑ? (නි)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Sunday, 07 December 2014 07:35 AM

ඔය කතාව අද විතරයි හෙට වෙනකොට අමතක වේවි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 0 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 73 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 8 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 384 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1346 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 429 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38581 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site