IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එපා වුණත් නුඹ සියක් වතාවක් නදිනි මේ කියන්නෙ කාටද දන්නවද?

dfhh

 

එපාවුණත් නුඹ සියක් වතාවක් හිත ඉල්ලනවලූ දහස් වතාවක්
මේ ඇස් දැක්කට නුඹේ මුසාවක්
යටි හිතේ තියෙන්නේ තවත් කතාවක්...

තාරුණ්‍යයේ රිද්මයෙන් ආදරණීයව ගීතයෙන් මුමුණන ‘‘නදිනි’’ පේ‍්‍රමදාසගේ අලූත්ම ආදරණීය ගීතය එයයි. සුපර්ස්ටාර් තරු රෑණෙන් පෑයු ආදරණීය නදිනි මුලින්ම ගැයුවේ ‘‘සපු කුසුමේ සුවඳ පවා’’ ගීතයයි. ඉන්පසුව ‘‘දිලිසෙන දෙනෙත ඔබේ’’ ගීතයෙන් ඇය තවත් ආදරණීයව ආමන්ත‍්‍රණය කළ පසු දැන් මේ දිනවල අපට හමුවන්නේ ‘‘එපා වුණත් නුඹ සියක් වතාවක්’’ ගීතය සමගයි. නදිනි මේ විදියට ගයන්නේ කවුරුන් වෙනුවෙන්ද? ඇය අපට මේ ගැන කියාවි.

 

 
button නදිනි කාටද ‘‘එපා වුණත් නුඹ’’ කියලා කියන්නේ?
ඇත්තටම ඒක අහන්න  ඕනෑ රචිතා වාකිෂ්ඨගෙන්. ඇය තමයි ඒ ගීතය රචනා කළේ. ආදරය එපා වුණත් සියදහස් වරක්, එය ප‍්‍රතික්ෂේප කරන්න බැහැ කියන තේමාව තමයි ප‍්‍රකාශ වන්නේ.

SAN_1439


button ඇයි මේ විදියෙ ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ.
නිශ්චිත හේතුවක් තිබුණේ නැහැ. දිලිසෙන දෙනෙත ඔබේ ගීතය නිර්මාණය වී වසරකට විතර පසුව තව ගීතයක් ගයන්න  ඕනෑ වුණා. තිලිණ රුහුණගේ සංගීත නිර්මාණ ශිල්පියාට මේ ගැන කිව්වාම, ඔහුගේ බිරිඳ වන රචිතා තමයි මෙය රචනා කළේ. ඉතින් හරි ලස්සනට එය නිර්මාණය වූ බව මගේ අදහසයි.

 


button දැන් කොහොමද මේ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර?
‘ගීතය සහ මියුසික් වීඩියෝව’ විකාශය වෙන්න පටන්ගෙන මාසයක්වත් නැහැ. නමුත් ලැබෙන ප‍්‍රතිචාර නම් ඇත්තටම ඉහළයි. ඒ ගැන ඇත්තෙන්ම හරි සතුටුයි.

 


button මෙම ගීතය රූගත කළ විදිය සහ නිර්මාණය වූ විදිය ගැන කිව්වොත්?
‘‘දිලිසෙන දෙනෙත ඔබේ’’ ගීතයෙන් වසරකට පසුව ආදරණීය ගීතයක් කළොත් හොඳයි කියලා හිතුවා. ඉතින් මෙහි රූගත කිරීම් වෙනුවෙන් අපට දින දෙකක් විතර ගත කරන්න සිදුවුණා. රූගත කිරීම් කළේ කළුතරදී. චතුර රත්නායක මල්ලී තමයි අපූරුවට ඒ නිර්මාණ කටයුත්ත කළේ. අලූතින්ම-අලූත් අදහස් ඇතිව නිර්මාණයක් කළ යුතුය යන්න මගේ හැඟීම වුණා. ඇත්තටම ඔහු දක්ෂයෙක්.

 


button කොහොමද අද දවසේ කටයුතු?
පුද්ගලික ජීවිතයේ සහ වෘත්තීය ජීවිතයේ කටයුතු කාර්යබහුලව සිදුවෙනවා. පුතා දැන් සිටින්නේ ඉතාම දඟ වයසේ. ඉතින් එයා ගැන ඇහැ ගහගෙනම ඉන්න  ඕනෑ.

 


button ආදරණීයව ගීත ගයන ඔබට අද ‘‘ආදරය’’ දැනෙන්නේ කොහොමද?
එදා වගේම තමයි. අපි යාළුවෙලා, විවාහවෙලා අවුරුදු 4ක් විතර වෙනවා. එදා විදියටම තමයි අදත් ආදරය හැෙඟන්නේ. මධුර එදා වගේම අදත් මගේ වැඩවලට ලොකු සහයෝගයක් දෙන්නේ. මම හිතන්නේ පුතා නිසා එදාටත් වඩා මධුරගේ ආදරය වැඩිවෙලා.

 

SAN_1317
button ‘‘ආදරය’’ ගැන ඔබ ගැයූ ගීත ගැන ඔබට හිතෙන්නේ කොහොමද? ආදරය වැඩිම මොන ගීතයටද?
මුලින්ම මම ගැයුවේ ‘‘සපු කුසුමේ සුවඳ පවා’’ ගීතයයි. ඒ ගීතයට මම හැමදාමත් එක ලෙස ආදරය කරාවී. මොකද එය මගේ පළමු ආදර ගීතය නිසා. ඉන්පසුව ගැයූ ආදරය සහ විරහාව තේමා කරගත් දිලිසෙන දෙනෙතට සහ අද මේ එපාවුණත් ගීතයට ආදරෙයි.

 


button වෙනත් අයගේ ගී අතරින් ඔබ කැමති ආදර ගීත මොනවද?
මම කොහොමටත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය සහ චන්ද්‍රලේඛා මහත්මියගේ ගීතවලට ගොඩාක් ආසයි. රූකාන්ත මහත්මයාගේ ගීතවලටත් ආසයි. ඒ අතරින් මගේ ප‍්‍රියතම ආදරණීය ගීතය වන්නේ, රූකාන්ත මහතා ගැයූ ‘‘මම ඇහැව්වා හොරෙන් හදවතින්’’ ගීතයටයි.

 


button ඔබත් එක්ක කරළියට ආ තරු රෑණේ යාළුවෝ හමුවෙනවද?
විවිධ වැඩසටහන්වලදී හමුවෙනවා.

 


button කතාවක් තියෙනවා, ඔබ ඉංග‍්‍රීසි ගීතයක් සමග ලෝක ගායන කරළියට ඒමට අපේක්ෂා කරනවා කියලා. ඒක ඇත්තද?
මගේ ගායන ලීලාව ඉංග‍්‍රීසි හුරුවට සමානයි. සමහර වෙලාවට ඒ නිසාම එක්තරා රාමුවකට කොටුවෙන්නත් පුළුවන්. නමුත් වෙනසකට යන්න  මම ආසයි. බලමු අපිට ලෝකෙට යන්න තියෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න  ඕනෑ.

 


button ‘‘ආදරය’’ නොවෙනස්ව පවත්වාගෙන යන්න නම් ‘‘ආදරය’’ කරන අය මොනවද කළ යුත්තේ? ඔබගේ ආදරණීය රසික පිරිසට ඔබ කියන්නේ මොනවද?
ආදරයට ආදරය කරන්න. විශ්වාසය ඉතා වටිනා දෙයක්. අන්‍යොන්‍ය අවබෝධය අතිශයින් වැදගත්. එය විශේෂයි.

 

Location:- Hayleys Cafe Pixel

sadun-gamage



අදහස් (0)

එපා වුණත් නුඹ සියක් වතාවක් නදිනි මේ කියන්නෙ කාටද දන්නවද?

නදීක Saturday, 27 June 2015 10:53 AM

අම්මෝ හරිම වස පාටයි.(අ)

:       0       0

අනුර Sunday, 28 June 2015 12:29 PM

මෙයා අපේ ගමේනේ. දැන් ඒවා අමතකද නංගි? (බ)

:       0       0

මේධා Sunday, 28 June 2015 04:51 AM

නදිනි කෙට්ටු වෙන්න ගිහින් විකෘති වෙලා වගේ. දැන් මුනේ ලස්සනක් ඇත්තෙම නෑ (බ)

:       0       0

ධනුශීකා Monday, 29 June 2015 05:09 AM

ඔයා ගොඩාක් හොඳයි නදිනි.සින්දුත් ගොඩාක් ලස්සනයි.(ම)

:       0       0

දිනුෂා පතිරණ Sunday, 28 June 2015 05:44 AM

කෙට්ටු උනාම ලස්සනයි කියල හිතන ගොඩක් දෙනාට මේක හොද පාඩමක්. (නදී)

:       0       0

සංක Saturday, 27 June 2015 07:54 AM

නදිනි වයසට ගිහින් වගෙයි ෆොටෝස් වල.(නදී)

:       0       0

කාවින්ද Monday, 29 June 2015 06:30 AM

නදිනි වෙනස් වෙලා නෑ.හිටියා වාගේමයි.කෙට්ටු වෙලා චුට්ටක්.ඒක හොඳයි එය ගොඩක් මහතට හිටියේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 797 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1433 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 408 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 911 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2233 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 340 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site