IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එමීර් නියමයෙන් භාණ්ඩ 35 ක් වාණිජ නියෝජිත නීතියෙන් නිදහස් කරයි

වාණිජ නියෝජිතයන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් බලපැවැත්වෙන 2002 අංක 8 දරන නීතිය යටතට වැටෙන භාණ්ඩ 35 ක් එම නීතියෙන් නිදහස් කෙරෙන 2016 අංක 24 දරන කැබිනට් නියෝගයට කටාර් එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල් තානි මහතාගේ අනුමැතිය හිමිවිය. නව නියෝගයට අනුව ඕනෑම වෙළෙන්දෙක්ට මෙම භාණ්ඩ ආනයනය කිරීමේ අවසරය ලැබෙන නිසා ඉදිරියේදී වෙළෙඳපොළ තුළ 
ඉහළ තරගකාරීත්වයක් ඇතිවිය හැකියැයි අපේක්ෂිතය.


2016 අංක 24 දරන කැබිනට් නියෝගයට අනුමැතිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසින් කටාර් රාජ්‍ය තුළ තරගකාරී ව්‍යාපාරික පරිසරයක් ස්ථාපිත වී කටාර් ජාතික දැක්ම 2030 සැළසුමට අනුව රජයේ සංවර්ධන සැළසුමට දායකවීමට පෞද්ගලික අංශය තුළ පෙළඹවීමක් ඇති වනු ඇතැයි ද අගමැති සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලාහ් බින් නාසර් බින් කාලීෆා අල් තානි මහතා පවසයි. 


කැබිනට් නියෝගයට අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික සහ වාණිජ අමාත්‍ය ෂෙයික් අහ්මඞ් බින් ජාසිම් අල් තානි මහතා පවසන්නේ කටාර් පාරිභෝගික වෙළෙඳපොළ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව ඉහත නියෝගයට අනුමැතිය ලබාදුන් බවයි.
මෙම නියෝගය හරහා විශේෂයෙන්ම නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයක් අනුගමනය කරන කටාර් රාජ්‍යය තුළ ඒකාධිකාරය සහ මිල පාලනය කිරීමට එරෙහිව අමාත්‍යාංශය විසින් කරගෙනු යනු ලබන ක්‍රියාමාර්ගවලට මනා පිටිවහලක් ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. එසේම භාණ්ඩ විශාල ප්‍රමාණයක් වෙළෙඳ නියෝජිතයන්ගෙන් නිදහස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රය තුළ දැඩි තරගකාරීත්වයක් ඇතිවී ඉන් භාණ්ඩවල මිලට හිතකර බලපෑමක් ඇතිවන බව ද ඔහු අවධාරණය කළේය.


ඉහත නියෝගය හරහා රටේ සියලු පුරවැසියන් සහ නේවාසිකයන් අතර ප්‍රමුඛතාවයක් සහිත භාණ්ඩ 35 ක් සහ අතිශය වැදගත් පාරිභෝගික සේවා කිහිපයක්ම නිදහස් කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 


මෙලෙස නිදහස් කරන භාණ්ඩ අතර කිරි පිටි, වාෂ්ප කිරි, ව්‍යුත්පන්න කිරි, ළදරු ආහාර සහ කිරිපිටි, පශු සහ පශු ආශ්‍රිත නිෂ්පාදන, මස් සහ මස් ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර, සහල් පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, මාලු, මුහුදු ආහාර සහ නිෂ්පාදන, සියලුම වර්ගයේ තේ, කෝපි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, සීනි, මීපැණි, යුෂ වර්ග, පාන වර්ග, ඛනිජ ජලය, මේස ලුණු, සියලුම වර්ගයේ පේස්ටි්‍ර, විස්කෝතු, චොකලට්, පැණි රස කෑම, අයිස් ක්‍රීම්, අල පෙති, ශීත කළ සහ අසුරන ලද ආහාර, සියලුම වර්ගයේ කජු, තිරිඟු කැබැලි සහ ධාන්‍ය, බෝංචි, ආහාර පිසීමට ගන්නා තෙල්, මේදය, ළදරු ඩයපර්ස්, ඩිටර්ජන්ට් කුඩු, සියලුම වර්ගයේ ටිෂූ, ඇලුමිනියම් ෆොයිල් සහ පෞද්ගලික පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ද වෙයි.



අදහස් (0)

එමීර් නියමයෙන් භාණ්ඩ 35 ක් වාණිජ නියෝජිත නීතියෙන් නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 714 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 536 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1622 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 501 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1368 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site