IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එම්.ජී අධිකරණයට බාරවෙයි

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ඩ්‍රීම් ස්ටාර් ගායක එම්.ජී.ධනුෂ්ක අද (4)  අධිකරණයට බාරවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීන්දු කළේය.

නඩුව යළි කැඳවීම නොවැම්බර් 16 දක්වා කල් තැබිණි.

ජනප්‍රිය ගායක එම්.එස්.ප්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කරමින් මුදල් ඉපැයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.



අදහස් (0)

එම්.ජී අධිකරණයට බාරවෙයි

අජිත් Thursday, 04 August 2016 10:40 AM

එම් ඵස් ගෙන් යැපුණ අයට මුදලක් දිලා සාමදාන වූනානම් නරකද නිකන් ඉදන් කන නිතිඥයයින්ට මුදල් දෙනවට වඩා. (බ)

:       0       0

සාමා Thursday, 04 August 2016 10:36 AM

අපිනම් එම්එස් ගේ සින්දු හොඳට දන්නවා, රස විඳිනවා. ප්‍රශ්නය අයිති අයට පෙනි පෙනී හොරකම් කරන එකයි. එම්එස්ගේ සින්දු කියල තරග දිනුවට කමක් නැහැ. විකුණං කන එක හොද නැහැ. එහෙම කරලා එම්එස්ගේ පවුලේ අයට හිඟා කන්නද කියන්නේ. මේ ජරා වැඩේ වහාම නැවැත්විය යුතුයි. නැතිනම් නිසි වටිනාකමක් දී පවරා ගත යුතුයි (බ)

:       0       0

මලික් Thursday, 04 August 2016 10:46 AM

අනුන්ගේ සින්දු, තරඟයකට හෝ පුද්ගලික සාදයක විනෝදයට කියනවා වගේ නෙවෙයි මේක. දිගින් දිගටම ඒවා ජිවන වෘත්තියක් ලෙස සල්ලි හම්බ කරන්න යොදා ගැනීම තමයි මෙතන තියන වැරැද්ද ! (බ)

:       0       0

චමින්ද Friday, 05 August 2016 12:51 PM

එම් එස් ගේ ගීත අද පරපුර අහල නැතිවීම පුදුමයට කාරණයක් නොවේ හේතුව තමයි ඔවුන්ට ගීත අස්සවන්නේ පනස් ගණනක් වෙන ඇෆ් එම් නාලිකාවල නිවේදක නිවෙදිකවන්ගේ රුචියට අනුව වීමයි. නමුත් වසර විස්සකට පෙර තත්වය හරිම වෙනස් හොඳ රස වින්දනයක් දෙගොල්ලන්ටම තිබුණා. එම් එස් ගේ ගීත ඔහුගේ සහෝදරයා තරම් හොඳින් ඔහුගේ දරුවන් ගායනා නොකරන බව අනිවාර්යෙන්ම පිළිගන්න වෙනවා. ඒ නිසයි ගැඹුරු හඬක් ඇති එම් ජි ධනුෂ්ක වගේ දක්ෂ ගායකයෙක් ගායනා කරන විට එම ගීතවල පැරණි මිහිර යලිත් මතුවෙන්නේ. කොහොම නමුත් දිගින් දිගටම අනුන්ගේ ගීත ගායනා කරමින් හම්බ කිරීම අනුමත කල නොහැකියි (අ)

:       0       0

හේවා Thursday, 04 August 2016 12:46 PM

ආලෝක :: මේ සක්වලේ නෙමේද මෙතෙක් කල් ජීවත් වුනේ (රේ)

:       0       0

හේවා Thursday, 04 August 2016 12:58 PM

ආලෝකට සහ මාදුට ගැලපෙන එකම ගීතය වන්නේ (ලිඳ තුල මැදී වුන මැඩියා ලොව සෙසු තොරතුරු නොදනී ) බොරුද මන් කියන්නේ ? (රේ)

:       0       0

ආලෝක Thursday, 04 August 2016 06:09 AM

අපි එම් එස් ගේ සින්දු දැනගත්තේ එම්ජීගෙන්.ඒවා ජනප්‍රිය කළේ එම්ජී (බ)

:       0       0

සෑම් Thursday, 04 August 2016 01:53 PM

කවුරු කොහොම මෙනව කීවත් තිත්ත අැත්ත තමයි එම්. එස්. ප්‍රනාන්දු මහත්මයගේ ගීත එ් මහතාගේ පුතාලට වඩා සිය ගුණයක් හොදින් එම්.ජී. ධනුෂ්ක ගායනා කරනවා කියන එකයි. (ම)

:       0       0

රාධා Thursday, 04 August 2016 02:31 PM

තව කට්ටියක් කියයි අසාඩ් සංගීත සි රාමචන්ද්‍රන්ට වැඩිය හුවක් දෙන්ඩ කියන සංගීත කණ්ඩායම හොඳයි කියලා (රේ)

:       0       0

මාධු Thursday, 04 August 2016 07:48 AM

එම් එස් ගේ සින්දු වලට වැඩි වටිනාකමක් දුන්නේ එම් ජී. බ(අ)

:       0       0

අබරන් Thursday, 04 August 2016 08:20 AM

ලස්සන ගීතයක් අහනකොට එම ගීතයේ නියම ගායකයා කවුදැයි නොදැනීම ජාතියේ අභාග්‍යයක්.....මේ නොදැනුවත්කම බලපාන්නේ කළා ක්ෂේත්‍රයට පමණක් නොවෙන නිසයි එසේ පැවසුවේ....රටේ මිනිසුන්ගේ නොදැනුවත්කම කොහොම පහල තැනක තිබේද යන්න මෙයින් පෙනෙනවා....(ම)

:       0       0

රොකී Thursday, 04 August 2016 08:39 AM

ආලෝක සහ මධු, කෙප්ප කෙලින්න එපා! මේ පරණ ජනප්‍රිය ගායකයන්ගේ ගීත කෝප්පේ ගහල නමක් හදා ගන්න බලන තරුණ සින්දු කාරයෝ ගොඩක් පහළ වෙලා ඉන්න බව රහසක් නොවෙයි. ඇයි මොවුන්ට තමාගේම නිර්මාණ වලින් ඉදිරියට එන්න බැරි?බුද්ධිමය දේපල සොරා ගන්නවුන්ට දැඩි දඬුවම් ලැබිය යුතුයි. (බ)

:       0       0

රොකී‍ Saturday, 06 August 2016 02:57 AM

සෑම් මහත්තයෝ, ඔබගේ කතාව පුදුමයි. කවුරු කාගේ සින්දු කිවුවත් එ්කේ ප්‍රශ්නයක් නැහැ. අනුන්ගේ සින්දු හොරකම් කරලා මුදල් උපයන්න හොඳ නැහැ! (නි)

:       0       0

සංජීව Thursday, 04 August 2016 09:33 AM

අනුන්ගේ සින්දු කිය කියා රට වටේ යනවා. එක වුනත් කමක් නැහැ නීතියානුකූලව කරනවා නම්. තමාගේ කියල නිර්මාණයක් නැහැ. . දැන් ඉතින් එම්ජීගේ ජීවිතේ හිස් ටින් එකක් වගේ තමයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 87 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 167 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 86 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 94 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 422 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 480 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site