IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘එයත් හුඟක් වෙනස් වෙලා‘

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කථා විලාශයට ‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා දැන් සිරිසේන මහතාට සහාය දැක්වීම හාස්‍යයක් බව වයඹ පළාත් සභා විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා කියයි.

බලයේ රැඳී සිටීමට ඇති කෑදරකම නිසා ඇට නැති දිව හැරෙන පැත්තට හරවන ජයසේකර කවුදැයි මුළු රටම දන්නා බවත් අලවතුවල මහතා කීය.

 

 



අදහස් (0)

‘එයත් හුඟක් වෙනස් වෙලා‘

ජීවන්ත Wednesday, 14 January 2015 06:24 AM

පළාත් සභා ඡන්දයේදී මේ හැම දේටම උත්තර ලැබේවි (දිල්)

:       0       0

අනුරාධ Wednesday, 14 January 2015 06:25 AM

උගත් කෙනෙක් වෙලත් මෙහෙම හැසිරෙන්න ඇයි (දිල්)

:       0       0

කනිෂ්ක Wednesday, 14 January 2015 06:27 AM

අගමැතිතුමනි , මේ පුද්ගලයා නම් වැද්ද ගන්න එපා. කොයි පක්ෂයකටවත් ගැලපෙන්නේ නැති දේශපාලකයෙකි. මට මතකයි ඉස්සර කාලේ " එන්න එන්න රජ මැදුරෙන් කන්න " කියල මහින්ද මහතාට අපහාසෙට සින්දු කියල අන්තිමේ ඒ දන්සැල ඇතුලටම රිංගා ගත්තා. දැන් මෙන්න ආයෙත් සින්දුවක් කියාගෙන අනිත් පැත්තට ඇවිල්ල. මෙයාව ආපහු අරගත්තොත් හැමෝම අමාරුවේ . (බ)

:       0       0

යසිරු Wednesday, 14 January 2015 06:29 AM

අපි මෙතන අත ගෙවෙනකන් අදහස් ලියල සහයෝගය දුන්නේ මේ වගේ කයිරාටික ඇත්තන් ආපහු භාර ගන්න නෙවෙයි. (බ)

:       0       0

මහේෂ් Wednesday, 14 January 2015 06:30 AM

දැං බලගෙන ගියහම ඡ්න්දෙ දෙන එකේ තේරුමක් නැහැනෙ. (බ)

:       0       0

මලික් Wednesday, 14 January 2015 06:30 AM

දේශපාලනය විහිළුවක් බවට පත් වෙන්නේ මෙන්න මේ වගේ උදවිය නිසා. (බ)

:       0       0

දිනේෂ් Thursday, 15 January 2015 04:23 AM

මෙහෙම ලජ්ජා නැති මිනිස්සු.(හේ)

:       0       0

අනුරංග සෙනවෙිරත්න Wednesday, 14 January 2015 06:40 AM

නිර්වස්ත්‍රව මේ පැත්තට ආවනම් හරි (බ)

:       0       0

සරත් Wednesday, 14 January 2015 06:52 AM

මේක සහතික ඇත්ත. මේවගේ මිනිස්සු සදහටම දෙසපාලනිකව නන්නත්තාර කරවිය යුතුමයි. (බ)

:       0       0

අජිත් Wednesday, 14 January 2015 01:00 PM

අනේ පව් අනේ! එයාව ගන්න කොහොමහරි. හොඳ කථිකයෙක්නේ. (නි)

:       0       0

සමන්ත Wednesday, 14 January 2015 07:18 AM

කලින් පනින්නේ නැතිව හිටියා නම් කියලා දැන් හිතෙනවා ඇති නේද (දිල්)

:       0       0

අනුෂා Wednesday, 14 January 2015 07:19 AM

දක්ෂ කෙනෙක් රටට සේවයක් කරන්න ඉඩ දෙන්න (දිල්)

:       0       0

සුනිල් Wednesday, 14 January 2015 07:22 AM

මෙයා නම් ගන්නම හොද නෑ (දිල්)

:       0       0

දෝන ජයසේකර Thursday, 15 January 2015 03:30 PM

ඔයාල හැමෝටම තේරෙනවා එහෙට මෙහෙට පනින බල තණ්හා මැටි මොල්ලු දෙසපලනයට සුදුසු නොවන බව. එක නව ජනදිපතිට තේරෙන්නේ නැතිනම් එක ලොකු ප්‍රශ්නයක්. බලමු එයාගේ තීරණය මොකද්ද කියල. (අ)

:       0       0

පෙරේරා Wednesday, 14 January 2015 01:30 PM

බල ලෝභයනේ. මෙවන් අය තමයි හැම වැඩේම කරන්නේ (නි)

:       0       0

සෑම් Wednesday, 14 January 2015 07:32 AM

වයඹ බලය විපක්ෂයට හිමිවෙනවා. එතකොට මෙතුමාගේ මහා ඇමති කම නිකම්ම නැතිවෙනවා. පනින්නේ නැතිව හිටියානම් අද පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමති කෙනෙක්. (ර)

:       0       0

වීර Wednesday, 14 January 2015 07:49 AM

ඡන්දය දීලමේ අය පරද්දන එකේ තේරුමක් නැහැ වගේ මෙහෙම ලජ්ජා නැතිව පනිනවා නම්. (අ)

:       0       0

නෙවිල් Wednesday, 14 January 2015 01:49 PM

කාටද ලැජ්ජා? අපිටද? එයාලටද? (නි)

:       0       0

වාසල Wednesday, 14 January 2015 01:53 PM

මමත් එයා ගැන හොඳට දන්නවා.මෙහෙම කට්ටිය ගන්න එපා. (නි)

:       0       0

අබරන් Wednesday, 14 January 2015 07:57 AM

අපේ රටේ විතරක් නොවේ ලෝකයේ හැම රටකම, එකම භාෂාව වුණත් කථා කරන විදිය සහ උච්චාරනය විවිධ බව, උගත් යැයි කියාගන්නා මෝඩයන්ට නොවැටහීම ඉතාම අවාසනාවන්ත කරුනකි.දයාසිරී ජයසේකර නම් වූ පුද්ගලයාද ඈත ගමක උපන්නෙකි, එහෙත් ඔහු තමාගේ අනන්‍යතාවය සඟවා ගැනීමට උත්සාහ ගන්නා අධම ගති ඇත්තෙක් යැයි මට සිතේ. ඔහුගේ එකම හැකියාව වන සිංදුවක් කියාගෙන හිටියා නම් ජනතාව අතරේ ඊට වඩා ජනප්‍රියව සිටීමට අවකාශයක් ඇත. (අ)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 14 January 2015 08:01 AM

මේ මිනිස්සු යන තැන කඩා වැටෙනවා (බ)

:       0       0

සහන් Wednesday, 14 January 2015 02:28 PM

කණගාටුයි කියන්න. ඒත් නොගෙන බැරිවෙයි (නි)

:       0       0

සෑම් Wednesday, 14 January 2015 08:20 AM

තමන්ගේ වාසිය කව්රුත් බලන්නේ (බ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Wednesday, 14 January 2015 08:23 AM

වරප්‍රසාද වෙනුවෙන් අනුන්ට අපහාස කර මඩ ගසමින් වැදගත් ශීලාචාරි පුද්ගලයන් අසරණ කළ මෙවැනි කොටළුවන්ට ආරාධනා කරන්න එපා.මේ අය උපතින් ගෙනා පාදඩ ගතිගුණ වෙනස් කරන්න බැහැ.පිරිසිදු රටක් හදනවා නම් මෙවැනි අපිරිසිදු චරිත මුලිනුපුටා දමන්න.නැත්නම් මේවා අලුත් රජයට පිළිකා වේවි. (බ)

:       0       0

සංජීව Wednesday, 14 January 2015 08:29 AM

මේ හාදය හරිම කපටි දේශපාලකයෙක්.අපි ඡන්දෙ දුන්නේ මොකටද මේ අයට (අ)

:       0       0

සුමුදු Wednesday, 14 January 2015 08:30 AM

හොද්ද රස කරන්න ගොරකා දැම්මට ගොරකත් එක්ක බත් නොකා ඉමු. (අ)

:       0       0

සමන් Wednesday, 14 January 2015 08:35 AM

ගන්න නම් එපා (බ)

:       0       0

චතුර Wednesday, 14 January 2015 08:40 AM

අනේ අම්මේ මෙවාගේ හරක්. ඡන්දෙ දෙන්නේ මීට වඩා ගොන්නු (අ)

:       0       0

කමල් Wednesday, 14 January 2015 08:49 AM

කරුණාකර පනින අයට බනින්න එපා, මේ වාගේ දුප්පත් අයට ඇමරිකාව, චීනය වාගේ රටවල් වලට පනින්න නුපුළුවන් නිසා රැකෙන්න ක්‍රමයක් හොයාගන්න පනිනවා ඇති (අ)

:       0       0

අසංක Wednesday, 14 January 2015 03:38 PM

මෙයා වාසි පැත්තට හොයිය වගේ.මේ වාගේ අයට ඡන්දෙ දෙන්නෙ ඊටත් වඩා ගොන්නු . (අ)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 14 January 2015 03:40 PM

ගන්න නම් එපා. (අ)

:       0       0

පද්මසිරි Wednesday, 14 January 2015 04:10 PM

අනේ මන්ද මේකද දේශපාලනේ.අපි කාවද විශ්වාස කරන්නේ.උනුත් එකයි මුනුත් එකයි. (අ)

:       0       0

අබ්දුල් Wednesday, 14 January 2015 09:02 AM

අත්තෙන් අත්තට පනින කුරුල්ලා බිම වටිනොතින් චොහොර කුරුල්ල (අ)

:       0       0

ෆ්‍රෑන්ක් කාරියවසම් Wednesday, 14 January 2015 09:04 AM

අනේ සර්වබලධාරී දෙවියන් වහන්ස.! පාපතරයින් පලවා හැර අපේ රට යහමගට යවන්නට පිහිට වනු මැනවි. අපට නායකයෙකුයයි කට පුරා කීමට හැකි අවංක උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙකු බිහි කර දෙනු මැනවි. (අ)

:       0       0

උපාලි Wednesday, 14 January 2015 09:23 AM

ඉදිරි මැතිවරණ වලදී මනාප ගැසීමෙන් වැළකී පක්ෂයට පමණක් ඡන්දය දෙමු (අ)

:       0       0

සමන්ත Wednesday, 14 January 2015 09:25 AM

මොහු එපාප යේ ඉන්න විට පල නොකියා පලා බෙදුවා. මේ නිසා අකමැත්තෙන් ඔහුට සංධානෙට යන්න උනා. ඔහුට සමාව දෙමු. (අ)

:       0       0

ආනන්ද Wednesday, 14 January 2015 09:32 AM

අනේ මන්ද කකුල් දෙකෙන් ඇවිදදට මෙකෙක්ද දන්නෙ නෑ. (අ)

:       0       0

ගුණපාල Wednesday, 14 January 2015 09:48 AM

මේ කට්ටියගේ අදහස් වත් බලල හැදෙන්න දයාසිරි. ඔබ නම් මහා දෙපිට කාට්ටුවෙක්. (අ)

:       0       0

හාසා Wednesday, 14 January 2015 09:58 AM

ටිරෝන්, දය , කනිෂ්ක. සරත් ඔබලා සමග. එකගයි. මේ වගේ දිව හැරෙන පැත්තට කතා කැරෙන අය.ගත්තොත් යහ පාලනය බොරු. (අ)

:       0       0

චානක(ලොස් ඇන්ජලිස්) Wednesday, 14 January 2015 06:12 PM

ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා කවුරු ගත්තත් දෙපත් නයින්ව ගන්න නම් එපා කියලා. (නි)

:       0       0

කුමාරණ Wednesday, 14 January 2015 10:27 AM

දේශපාලනය කියන්නේ හිතා ගන්න බැරි පිරිසක් ඉන්න තැනක්. ඉතින් අපිත් මොකට කාලේ කනවද මේ දේවල් වෙනුවෙන් (දිල්)

:       0       0

නිකවැරටිය Thursday, 15 January 2015 07:15 AM

දයාසිරි, ජොනි ආයේ ඔබලාට නැවත ඉඩක් නැත. (නදී)

:       0       0

නුවන් ලක්මාල් Wednesday, 14 January 2015 07:30 PM

මෙහෙම අයට ඡන්දෙ දෙන අයටයි ගහන්න ඕනෑ. (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Wednesday, 14 January 2015 07:45 PM

රටට අවශ්‍ය පිල් මාරුකරන, දෑත් ශක්තිමත් කරන්න පනින ගෙම්බන් නෙමෙයි. ගරු ජනපතිතුමනි,ලංකාවේ ඔය දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් කරන්න.මහජනයාගේ ඡන්දයට නියම වටිනාකමක් නීතියෙන් ගෙනදෙන්න.යමෙක් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් ආයතනයකට තේරී පත්වුණා නම් පනිනකොට හැම නිලයක්ම බලයක්ම වරප්‍රසාදයක්ම අහෝසිවෙන ආකාරයට නීති කෙටුම්පත් සකස් කරන්න. එතකොටයි නියම යහපාලනය ඇති කරන්න පුලුවන්. මහජනයාගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි ඡන්ද බලයෙන් පනින රිළවුන්ගේ මඩි තරකරගන්න ඉඩදෙන්න එපා.හෑම හොරයක්ම හෙළිකරන්න මාධ්‍යයට නියම නිදහස දෙන්න. (නි)

:       0       0

දුම්මලසූරිය Wednesday, 14 January 2015 08:29 PM

මේ වගේ එහාට මෙහාට පනින දේශපාලන ගෙම්බන් ඉන්නාතුරු ශ්‍රී ලංකාවේ දේශපාලනයට අබ සරණ තමයි! මේ වගේ අය කොහෙට ගියත් එහි වාසිය ඔවුන්ටම මිස ජනතාවට නම් කිසිදිනක ලැබෙන එකක් නැහැ. (නි)

:       0       0

නීල් Wednesday, 14 January 2015 10:42 AM

අන්තිම රැස්විමේදී මේක බැන්න බැනිල්ල ඇහුවනම් (බ)

:       0       0

සුමුදු Wednesday, 14 January 2015 10:43 AM

ගරු ජනපතිතුමනි, අගමැති තුමනි, මෙවැනි අවස්ථාවාදී කපටි උදවිය ටත් සමාව දෙන්න. එහෙත් තනතුරු නොදෙන්න. තව මාස තුනකින් ඡන්ද දායකයා බලවත් වන දවසක් එනු ඇත. (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 January 2015 10:53 PM

මෙන්න මේ ප්‍රතිපත්තියක් නැති දේශපාලනයට නම් තිත තියන්නම වෙනවා (නි)

:       0       0

ජයත් Wednesday, 14 January 2015 10:58 AM

යසිරු , මහේෂ් මම ඔයාලත් එක්ක එකඟයි දැන් අපට කරන්න තියෙන්නේ අර බ්‍රෙෂ්ට් කිව්වා වගේ " අලුත් ජනතාවක් තොර පත්කර ගන්න එක තමයි ! (අ)

:       0       0

ද සිල්වා Wednesday, 14 January 2015 11:37 PM

දින සියයේ වැඩේට මේ වගේ අය නොගෙන ඉන්න එක හොඳ බව මගේ අදහසයි. දින සීයට සහයෝගය දුන්නත් වැරදි කර තිබෙනවා නම් දඬුවම් දෙන්න වෙනවා. (නි)

:       0       0

අබේරත්න Thursday, 15 January 2015 12:44 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

රගු Wednesday, 14 January 2015 11:03 AM

ගන්න නම් එපා පුතෝ අනතුරු හැඟවීමක් (අ)

:       0       0

අබේරත්න Thursday, 15 January 2015 12:52 AM

මිනිසුන් මේ තරම් ගුණමකුද දෙවියනේ! (නි)

:       0       0

පාරමී Friday, 16 January 2015 07:59 AM

රටට අවශ්‍ය පිල් මාරුකරන, දෑත් ශක්තිමත් කරන්න පනින ගෙම්බන් නෙමෙයි. ගරු ජනපතිතුමනි,ලංකාවේ ඔය දේශපාලන ක්‍රම වේදයේ වෙනසක් කරන්න. මහජනයාගේ ඡන්දයට නියම වටිනාකමක් නීතියෙන් ගෙන දෙන්න. යමෙක් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් ආයතනයකට තේරී පත්වුණා නම් පනිනකොට හැම නිලයක්ම බලයක්ම වරප්‍රසාදයක්ම අහෝසි වෙන ආකාරයට නීති කෙටුම්පත් සකස් කරන්න. එතකොටයි නියම යහපාලනය ඇති කරන්න පුලුවන්. මහජනයාගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි ඡන්ද බලයෙන් පනින රිළවුන්ගේ මඩි තරකරගන්න ඉඩදෙන්න එපා. හැම හොරයක්ම හෙළිකරන්න මාධ්‍යයට නියම නිදහස දෙන්න. (නදී)

:       0       0

සමන් Thursday, 15 January 2015 01:09 AM

ඔය කාගෙකාගෙත් ලිපිගොනු පරීක්ෂා කරනවා නම් හොඳයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 14 January 2015 11:33 AM

හැමෝම හිතුවෙ දයාසිරි කොන්දක් තියෙන පිරිමියෙක් කියල...(බ)

:       0       0

පැතුම් Thursday, 15 January 2015 01:27 AM

"සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" (නි)

:       0       0

රෝහිත Thursday, 15 January 2015 02:37 AM

මේ වගේ අය නිසා රටට වෙන්නේ මහා විනාශයක් (නි)

:       0       0

සෑම් Wednesday, 14 January 2015 05:49 AM

100% සත්‍ය බව මගේ හැඟීමයි. (ර)

:       0       0

ටිරෝන් Wednesday, 14 January 2015 05:50 AM

මට තේරෙන්නේ නැහැ මේ උදවිය මොන ජාතියේ කට්ටියද කියලා. (ර)

:       0       0

මාතර සුනිල් Wednesday, 14 January 2015 05:59 AM

ගන්න හොද නෑ මේ වගේ අය නම් (දිල්)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 14 January 2015 06:01 AM

දින 100 වැඩ පිළිවෙළට පාර්ලිමේන්තුවේ බහු තරයට කට්ටිය ගත්තට මේ වගේ ගන්න එපා කියලයි මගේ නම් අදහස. ඕනේ නම් අර ගන්න නමුත් අපිට බනින්න එපා ඒ ළඟ පාර ඡන්දෙ දුන්නේ නැහැ කියලා(දිල්)

:       0       0

අසංක Thursday, 15 January 2015 03:01 AM

එදා හිටන් කිවුවා... දැන් ගිහිල්ලා හිටන්... මේ වගේ හුටන්ලට ඡන්දෙ දෙන අපි දැන් බලාඉඳිමු හිටන්!!!! (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 14 January 2015 06:12 AM

වාසි පැත්තට හෝයියා කියන පිරිසක් තමයි අද ඉන්නේ (දිල්)

:       0       0

සශී Wednesday, 14 January 2015 06:15 AM

අලවතුවල මහත්තයට වගේ තමයි එජාපෙ බහුතරයකට වෙලා තියන දේ (බ)

:       0       0

ටෝනි නිශාන්ත Wednesday, 14 January 2015 12:10 PM

කඩේ යන අය ඔන්න ඉන්නවා (නදී)

:       0       0

හෙසා Wednesday, 14 January 2015 06:17 AM

කාගේත් සහාය අවශයි. ඊක ඇත්ත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 298 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 224 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 589 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 269 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site