සුපර් ස්ටාර් සංකල්පයෙන් බිහි වූ අය අතර තාරුණ්‍යයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඔහු ශිහාන් මිහිරංගය. ජනප්‍රියත්වය සමග ලැබෙන වටිනාකම නිසා සමහරු විවාහ ජීවිතයට එළැඹෙන්නේ නැත. ඒත් බොහෝ යෞවනියන්ගේ, තරුණියන්ගේ සිහින කුමරා වූ ශිහාන් පසුගියදා යුග දිවියට එළැඹියේය. ඔහුගේ සහකාරිය වන්නේ ගෙෂ්නි ක්ලෙමන්ටාය. මේ විවාහය මෙතරම් ඉක්මනට සිදු කළේ ඇයි? ශිහාන් ඔහුගේ විවාහය ගැන අදහස් පළකළේ මෙලෙසිනි. ශිහාන් ඉක්මන් විවාහයක්ද? මගේ තාත්තා සේවය කරන්නේ විදේශයක. අක්කා විවාහයෙන් පසුව පදිංචිය ඔස්ට්‍රේලියාවේ. අම්මට අක්කා ළඟට යන්න ඕන. මේ සියලු දේ නිසා දෙපාර්ශ්වයම යෝජනා කළේ ඉක්මනට විවාහය ගනිමු කියලයි. අම්මට ඔස්ට්‍රේලියා යන්න තිබුණෙ 27 වැනිදා (ජනවාරි). ඊට පෙර දින 10 ක් ඇතුළතදී සියල්ල සංවිධානය කළා. කාලය කෙටි නිසා ලොකු උත්සවයක් ගන්න සංවිධාන කටයුතු කරන්න බැරි වුණා. පල්ලියේ පැවැත්වූ දේව මෙහෙයට සහ චාරිත්‍රවලට දෙපාර්ශ්වයේ ඥාතීන් පමණයි සහභාගී වුණේ. ඇය සුපර් ස්ටාර් සමග වූ හඳුනාගැනීමක්ද? සුපර් ස්ටාර් ගැන හිතලා තියා දන්නෙවත් නැති කාලයක වෙච්ච හඳුනා ගැනීමක්. එය මගේ ප්‍රථම ප්‍රේමයයි. පාසල් යන කාලයේ උසස් පෙළ හමාර කරන්න සිටි අවදියේදී තමයි ඇය හඳුනා ගත්තෙ. මට වඩා එයා අවුරැදු 4 ක් බාලයි. මම ජනප්‍රිය වෙන්නට පෙර ඇතිවූ ප්‍රේමය තමයි වඩා අර්ථවත් වෙන්නෙ. ගෙෂ්නි සහ අපේ පවුල් සාමාන්‍ය පවුල් දෙකක්. එයාගේ අම්මා තාත්තට අමතරව අයියා කෙනෙක් ඉන්නවා. මට දෙමාපියන්ට අමතරව ඉන්නෙ අක්කා. ගෙෂ්නි මොනවද කරන්නෙ? බැංකු ක්ෂේත්‍රයේ රෑකියාව කළා. දැන් මගේ කැමැත්ත මත එයින් ඉවත් වෙලා. ඔබට සුපර් ස්ටර් තරග කිරීමෙන් පසුව ලැබුණු ජනප්‍රියත්වය සමග එක එක අය සමග ඔබ සම්බන්ධයි කියා කතා පට බැඳුනා. එවිට ගෙෂ්නි ඒවා විඳදරා ගත්තෙ කොහොමද? විවාහය කෙරෙන්න ප්‍රධාන ගුණාංගය වුණෙත් එයමයි. ඒ වගේ කතා හැදෙද්දී එයා කවදාවත් මට පීඩනයක් දුන්නෙ නැහැ. මගේ වෘත්තිය හරියට තේරුම්ගෙන හිටියා. ඒ නිසා අපි දෙන්නම තීරණය කළේ අපි විවාහ වෙනකල් එය ප්‍රසිද්ධ කරන්නෙ නැහැ කියලයි. සමහරවිට ප්‍රසිද්ධ කරලා තිබුණා නම්, එළියෙ අය බොරුවට ප්‍රශ්න ඇති කරන්න තිබුණා. කොහොම වුණත් මේ ඉක්මන් විවාහය ඔබගේ ජනප්‍රියත්වයට ප්‍රශ්නයක් නෙවෙයිද? ජනප්‍රියත්වයට කොහෙත්ම බලපාන්නෙ නැහැ. මගේ ගීතවලට ආදරය කළ අයල කරන අය හැමදාම මා එක්ක සිටීවි. ඒත් එතැනින් එහා අදහස් දැරු අය නැති වේවි. ඒක තමයි ස්වභාවය. ඇයි ඔබ ගෙෂ්නිට මේ තරමට ළංවෙන්න හේතුව? නිශ්ශබ්ද චරිතයක්. මාත් වඩාත් සැහැල්ලු චරිතයක්. ලොකු විලාසිතා නැති, පොළොවෙ පයගහලා ඉන්න චරිතයක්. මගේ ගමනට තහංචි නැහැ. මීට වඩා ඇගෙන් බලාපොරොත්තු වෙන්න තරම් වෙන මොනවත් අවශ්‍ය නැහැ. ඇගේ වත්කම හෙව්වද? කොහෙත්ම නැහැ. අපි සාමාන්‍ය පවුල්. කලාව නිසා දැන් මම තරමක් ස්ථාවර වෙලා. පවුල් දෙකේ දෙමාපියන් හම්බකළ දේ තමයි තියෙන්නෙ. ඒ කාලයේ කිසිවක් නැතිව නිකම්ම බෑන්ඩ් ගහපු මට තමයි එයා කැමතිවුණේ. එය උතුම් ගුණාංගයක්. දෙන්න තරහා වෙලා තියෙනවද? ඔව්, ඕන තරම් වෙලා තියෙනවා. මගේ කේන්තිය නිවෙන්නෙ වෙලා යනවා. එයාට ඉක්මනට කරුණාව ඉපදෙනවා. ඇය වෙනුවෙන් ඔබ ගීතයක් ගැයුවා කියලා ආරංචියි. ඩ්‍රීම්ස් ඔෆ් ශිහාන් ගීත එකතුව මම සූදානම් කළේ සුපර් ස්ටාර් තරගයටත් පෙරදියි. ඒත් එය එළිදැක්වුණේ සුපර් ස්ටාර් වලින් පසුවයි. ඒ ගීත එකතුවට ඇතුළත්ක්ලෙමන්ටිනා( කියන ගීතය ගැයුවේ ඇය වෙනුවෙන්) ඔබට ඇයට කියන්නේ? ගෙෂී කියලා. ශෙෂීට ගීත ගයන්න බැරිද? නර්තනයට ඇය දක්ෂයි. ඔබගේ ගීත වලින් එයා කැමතිම? ක්ලෙමන්ටිනා( ගීතයට වෙන්න ඇති) ගෙෂීගෙ ඔබ දකින හොඳම ගුණාංගය? හරිම පිරිසිදුයි. හරිම පිළිවෙලයි. මාත් එහෙමයි. ඒ නිසා දෙන්නගෙ අදහස් ගැලපෙනවා. රිගින්ටෝන් වලට අනුන්ගේ ගීත යොදාගැනීම ගැන ඔබ හිතන්නේ කොහොමද..? ඒක ලෝකයට අලුත් දෙයක් නෙමෙයි. ඉන්දියාව වගේ රටවල එය බහුලව සිදුවන දෙයක්. ඒක එක්තරා ව්‍යාපාරික අංශයක් බවට ප්‍රචාරණය විසින් පත්කරගෙන. එතැනදි මම එය බාර ගන්නෙ වෘත්තීමය ශිල්පියකු ලෙස ලැබෙන වටිනාකම නිසයි. ඒ වටිනාකම සහ ආර්ථිකය අප කාටත් අවශ්‍යයි. ආයතනවලින් ලබාදෙන මුදල් මට විතරක් නෙවෙයි. මුල් ගායනය කළ අයටත් සම සමව ලබාදෙනවා. සමහරු ඒවා දන්නෙ නැතිව තමයි වැරදි වැටහීම් ඇතිකර ගන්නෙ.
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
"එය මගේ ප්‍රථම ප්‍රේමයයි"
chethana Monday, 06 February 2012 05:51 PM
ගොඩක් සතුටුයි..මගේ සුභ පැතුම්!
උදාර Monday, 06 February 2012 06:43 PM
විවාහ ජීවිතයට සුබ පැතුම්
සංජී Monday, 06 February 2012 06:57 PM
සුබ පැතුම්! දෙදෙනාටම ජයවේවා!
ජයලත් Sunday, 19 February 2012 10:00 AM
ආදරය කියන්නේ මෙකට තමයි
මහින්ද පතිරණ Monday, 06 February 2012 10:39 PM
ඒ කාලයේ කිසිවක් නැතිව නිකම්ම බෑන්ඩ් ගහපු මට තමයි එයා කැමතිවුණේ; ඒ කෑල්ල කියවනකොට මගේ උගුර හිරවුණා. ඔබ බුද්ධිමත් හා අවංක කෙනෙක් බව ඔබේ සෑම කතාවක දී ම ඔප්පු කළා. ඔබට සුබ පැතුම් !
රිසාන් Sunday, 27 May 2012 06:25 PM
සමයං
ක්‍රිෂාන්ත Tuesday, 07 February 2012 07:43 AM
උණුසුම් සුබ පැතුම්
ලක්ෂිනා Tuesday, 07 February 2012 02:30 PM
සුබ විවාහ ජීවිතයක් ශිහාන්
ප්‍රසාද් Sunday, 05 February 2012 09:51 PM
ශිහාන් කියන්නේ නිමය කොල්ලෙක්..
ජගත් Monday, 06 February 2012 04:22 AM
ඔබ විශිෂ්ඨයි ශිහාන්. මමත් විවාහ වුණේ පළමු පෙම්වතිය සමගයි..
චමින්ද Monday, 06 February 2012 06:45 AM
උතුම් ගතිගුණ තියන වැදගත් මහත්තයෙක්..
රෝහන Monday, 06 February 2012 09:14 AM
ඔබ තරු අතර සැබෑම තරුවක්. ඒ විතරක් නෙවේ ඔබගේ අවංක නිහතමානි චාම් බව අනික් තරුවලටත් ආදර්ශයක්. ඔබ දෙපලට සදා සැනසිල්ල සතුට ලැබේවා
ප්‍රසංගිකා Monday, 06 February 2012 12:15 PM
සුභපැතුම්. හොද ආදරයක්..
නවෝද Monday, 06 February 2012 02:21 PM
ගොඩක් සතුටුයි. සුභපැතුම්..
පැතුම් Monday, 06 February 2012 03:13 PM
ෂෙහාන් අයියාට මගේ සුබ පැතුම්
නිත්‍යා Wednesday, 09 January 2013 11:53 AM
ඔබ දෙදෙනාගේ ජීවිත ගමනට සුබ පැතුම් (ස)